මම යන එන තැන්

Saturday, April 20, 2019

ඒ කාලේ අවුරුදු




කොලබ අයියත් එක්ක අවුරුදු. ගොඩක් කල් ඉදන් මේක ලියන්න හිටියත් කම්මැලිකම නිසාම වගේ ලියන්න බැරි උනා. මෙතෙක් ලියාගෙන ආපු ටික ඉදිරියේදී අනිවාර්යයෙන්ම ලියනවා.

අවුරුදු. ඉස්සර අවුරුද්ද කියල අපිට දැනුනේ කොලබ මාමා ආපුවාම කිව්වොත් හරි. කොලබ මාමාට අනිත් පවුලේ  උදවියට නැති අමුතු පිළිගැනීමක් තිබ්බා. කොලබ මාමා කියන්නේ කාලේ අපේ ගමෙන් කැම්පස් ගියපු එකම කෙනා වෙන්න ඇති. ගෙවල් කොලබ වීමත් හොදට සල්ලි බාගේ තිබ්බ නිසාත් හැමදාම දකින වැඩිහිටියන්ට වඩා කොලබ මාමාට තැනක් තිබ්බා. මාමාට මහජන බැංකුවේ ඉහල තනතුරක් තිබ්බාලු. බැංකුවෙන් දෙන ඩයරියේ පවා මාමාගේ නමත් තිබ්බලු. කොහොමින් කොහොම නමුත් අවුරුද්දට මාමා ගමේ එන්නේ ගමේ බූරු පොලේ බූරු ගහන්න. කොලබ පොෂ් පැලැන්තියේ සෙල්ලම් වලට වඩා ගමේ බූරු පොට් එක ආතල් ඇති. කවදා ගෙදර ආවත් කිස්කෝ ටින් එකක් අරගෙන එන එක මාමාගේ ලක්ෂණයක්.එකට වගකියන්න මම බලාගෙන හිටියත් හැමදාම වගේ එකට අයියා වග කිව්වා. පොරට තඩි බඩක් එක්ක තඩි ඇගක් තියෙන්නේ මගේ පංගුවටත් පොර වග කිව්ව නිසා වෙන්න ඇති. මම මාමිට වැඩිපුරම ආදරේ කරේ ගනුදෙනු කරන වෙලාවට. සමහර අවුරුදු වල ලක්ෂාන් එක්ක ඩිලානුත් උන්ගේ ගෙදර යන්නේ නැතුව නැකත් වෙලාවට අපේ ගෙදර ඉන්නවා ගනුදෙනු කරන්න. පොඩි කාලේ මට අඩුපාඩුවක් නැතිව අදින්න ඇදුම් තිබ්බා. ඒවත් මාමාගෙන් ලැබුණු දායාද. මට විතරක් නෙවෙයි ලක්ෂාන්ට වගේම ඩිලාන්ට එහෙම දායාද හම්බ උනා.

අවුරුදු ලං වෙනකොට ලොකුම අවුරුදු උන හැදෙන්නේ කොලබ මාමීගේ පුතාට. පොරට කිව්වේ කොලබ අයියා. මට දැනුම් තෙරුන් තියෙන හැම අවුරුද්දකම වගේ පොර අපේ ගෙදර අවුරුද්දට ආවා. අපේ සෙට් එකේ පහක් හිටියා. අපේ අයියා, මම, ලක්ෂාන්, ඩිලාන්, කොලබ අයියා. අපි ටික අවුරුද්දට සෙට් උනාම ගම වටේ ඇවිදින එක අපේ පුරුද්දක්.  සල්ලි දාල මොනවා හරි කාල ආතල් එකේ කිතල් ඇල්ල පැත්තේ ගිහින් නාගෙන එන එක අපේ පුරුද්දක් වෙලා තිබුනා. ගොඩක් නාන තැන්  ගැන එහෙම ලොකු දැනුමක් තිබ්බේ ලක්ෂාන්ට  ඩිලාන්ට. දැන් නම් උන්ටික අල්ලගන්නෙත් හරිම අමාරුවෙන්. අපේ උන්ට ඇල්ල ගලේ යන්න පුදුම උවමනාවක් තිබ්බේ. එත් අපේ ගෙවල් වලින් එකට ගොඩක්ම අකමැති. කවදාවත් ඇල්ල ගල දැකලවත් නැති අපේ අම්මිලාට ඇල්ල ගල ගැන තිබ්බෙත් පුදුම බයක්.හොරෙන් ඇල්ල ගලේ ගිහින් කට්ටිය හොදම ගුටි කෑවේත් අවුරුදු දවසක. 


හැම අවුරුද්දකම වගේ මුලින්ම කෑම වේල දෙන්නේ අපේ ගෙදරින්. පරණ අවුරුද්ද දවසේ දවල් කෑම අපේ ගෙදරින්.  එදා අපේ මහා පංචි කෙලිය පටන් ගන්නවා. පංචි ගැහිල්ලත් මරු. හැමදාම ලොකුවට දිනන්නේ හරි පරදින්නේ හරි එකම සෙට් එක. එක්කෝ සුමුදු අයියා,දෙවක අයියා  ඩිලාන්, ලක්ෂාන් ඔය සෙට් එකෙන් එකෙක් අනිවා දිනනවා නැත්තන් පරදිනවා. අපි ඔහේ දහසට විස්සට අල්ල අල්ල ඉදලා රුපියල් දහයක් විස්සක් දිනනවා. රුපියල් දහයක් හොයන්න කාලේ කාපු කට්ටක්. ගුරුවබ අයියා ඉතින් කවදාවත් දිනන්නේ නැ. ඔත්තේ ඔත්තේ කියල ඉදලා ශාලිත අදත් පැරදි බන් කියනවා. දොබකරේ ඉතින් රුපියල් දෙකක් විතර තියාගෙන බොරුවට ඔට්ටු අල්ල අල්ල ඉන්නවා. දොබකරේ  කියන්නේ  කාලේ වන්චාවෙන්ම ජීවත් උන කෙනෙක්. සදුනි අක්කත් හැමදාම වගේ දිනුවා.හරකිත් දිනුවා. මන් ඔට්ටු අල්ලන්න කැමතිම නැත්තෙත් හරකිත් එක්ක. නයනා පුංචි, චූටි පුංචි හැමදාම වගේ ආතල් එකට පංචි ගැහුවා. අපේ තාත්තිත් හැමදාම වගේ පංචි ගැහුවා.දැන් නම් අපි පංචි ගහන්නේ නැති තරම්. ගහන වෙලාවටත් ඉස්සර වගේ කට්ටිය විදිහටම නැ. දෙවක අයියා එන්නෙම නැති තරම්. පොරට හැමවෙලේම මොකක් හරි ලොකු ප්රශ්ණයක් ඔලුවේ තියෙනවා. සදුනි හරකි එන්නෙම නෑ. අපේ මල්ලිලත් වැඩි උනන්දුවක් නෑ. ගුරුඅබ අයියා නම් ඔත්තේ ඔත්තේ කියා කියා තවමත් පරදිනවා. කාලේ පංචි ගහපු ගොඩක් උන් දැන් බෝතල් වටේ කැරකි කැරකි අවුරුදු හොයනවා. සමහරු ලොකු ලොකු හුදු පොළවල් හොයන් යනවා.

ඊළගට කෑම ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ ලොකු අම්මලා ගෙදරින්. කැකිරි වට්ටක්කා වගේ අඩු වියදම් කෑම වේලක් තමයි එහෙ තිබුනේ. අතුරුපසට පැපොල් ගෙඩියක් ගොඩක් දුරට එහෙන් හම්බ උනා. රත්නා පුංචි නම් අවුරුද්දට හැමදාම උයන්නේ මම නම් මේ පාර උයන්නේ නැ සලිත කියාගෙන. ඊට පස්සේ පිළිවලින් ලොකු තාත්තාලා  ගෙදර, මානෙල් පුන්චිලා  ගෙදර, නයනා පුන්චිලා ගෙදර අන්තිමේදී ගුරුඅබ. ගුරුඅබ උයන දවසට අපිට තියෙන්නේ සංචාරක සීන් එකක්. එහෙ ගිහින් කාල එනකොට කාපු ටික ඉවරයි . තරම් දුරක තමයි ගුරුඅබ තිබුනේ.

මේ කතාවේ ඉන්න දොබක්රේ දැන් ඉන්නේ කටාර් වල. මට පොඩි කාලේ වැඩිපුරම කොටසක් ගෙවුනේ දොබකරේ එක්ක කිව්වොත් නිවැරදි. කොලබ අයියා කියන්නෙත් අමතක කරන්න බැරි චරිතයක්. පොරත් දැන් ඇමරිකාවේ පදිංචි.

කොලබ බදුල්ල බස් එකක එනකොට කාලේ සිදුවීම් ඔක්කොම වගේ එක පාර ඔලුවට ආවා. නිසාම මේක ලියලා දාන්න හිතුනා. ආයෙත් හමු වෙමු.

ජය වේවා.

සලිත.
2019/04/21
පෙ 1.08