මම යන එන තැන්

Thursday, October 11, 2018

කැම්පස් එකේ උන් 1



කාලෙකින් ලියන්න හිතුනා. දැන්ම මේක දාන්න සුදුසු කාලයක් නොවන බව දැන දැන දාන්නම හිතුනා. කැම්පස් ජීවිතේ තව මාස දෙකකින් විතර ඉවරයි. ඉතින් ලියමු.කොතනින් කොහොම පටන් ගන්නවද? සරසවිය.තිබුණු පිනකට වගේ මටත් එන්න පුළුවන් උනා කැම්පස්  එකට. ආපු දවසේ ඉදන් මෙහෙ උන දේවල් බොහොමයි. හම්බ උන දේවල් බොහොමයි . මතකයන් වලින් සමහර මතකයන් කවදාවත් අමතක කරන්න බැරි ඒවා. වගේ හිතන්න බැරි මතකයන් ගොඩක් දුන්න එළමකිරි යාළුවො සෙට් එකක්  මට මෙහෙදී මුණ ගැහුනා. මේ වගේ දෙයක් ලියන්න තව කාලයක් තිබ්බත් තවත් මාස දෙකකින් වගේ යන්න තියෙන නිසාත් තව කල් බලන් හිටියොත්  ලියන්න වෙලාවක් නැති වෙන නිසාත් දැන්ම ලියල දන්නා ඕනි කියල හිතුනා.

ඉතින් යාළුවො. කාගෙන් කොහොම පටන් ගන්නද මන්ද ලියන්න දේවල් අපමණයි . මන් මෙහෙට එනකොට ඇත්තෙන්ම මන් දැනගෙන හිටියේ මන් විතරමයි. එත් කාලය ගත වෙනකොට මට මගේම උන් ටිකක් හදා ගන්න  හැකි උනා. ඔක්කොම හොදින් තියා ගන්න ඕනි නිසා යාළුවො ටික මෙහෙම බෙදා ගන්න හිතුවා. ස්ටාෆ් එක අපි බෙදපු විදිහටම බෙදා ගෙන ලියන්නම්.

මුලින්ම පසනා. පොර අමුතුම ජීවියෙක්. හොස්ටල් එකේ උගේ කාමරයේ ලගින්ම හිටියේ චේ.කොටින්ම කිව්වොත් උගේ මල් පෝච්චියේ පවා චේ හිටියා. චේ ගේ ලොකු රුපයක් බිත්තියේ ගහහෙන හිටියා. වාමාංශික අදහස් දරන පසනා නිතරම අනුන්ගේ අපහස වලට ලක් උනේ උගේ කෙහෙම්මල් වාමාංශික අදහස් නිසා. හැමවෙලාවෙම වගේ රෙපාට බැන බැන හිටපු පොර අන්තිම කාලේ මඩ පත්තර පවා ගැහුවා.මාෆියා ගැහුවත් මරන්න ට්රයි කරේ රෙපාව. පසනුයි රෝස මලයි යනුවෙන් මුල් කාලයේ පොරට පදයක් හැදුනා. බණ්ඩාරවෙල ගමනේදී අවසන් ගමන් යන්න හිටපු පොර බේරුනේ පිර පිනකට වගේ . කැම්පස් ආවට පස්සේ ගෙදරින් සතයක්වත් මේ වෙනකන් අරගෙන නැති එක එකා පසන් වෙන්න ඕනි.මොනවා උනත් මොන ලොකු කතා කිව්වත්  උගේ කාමර සගයට පන මෙන් බය එකෙක්.හැමදාම උන්ගේ ගෙදර එන්න කියල පොර කිව්වත්  එක ඉටු කරගන්න තවම බැරි උනා. ඇහැලිගොඩ ඉන්න පොර නංගිට වැඩිපුර ආදරය කරා.  කැම්පස් එනකොට මන් දන්නා පරදි කෙල්ලෙක් හිටියා දැන් නම් ඉන්නවද කියලා හරියට දන්නේ නැ.පසනගේ කතාව ඉවර කරමු.

ලිස්ට් එකේ ඊළගට ඉන්නේ පටා. පටා කිව්වට පොර රසික.උගේ  ගෙවල් මුලින් තෙල්දෙණියේ වෙලා පස්සේ එක නිට්ටබුව උනා තරමක් උස මහත එකෙක් තමයි පටා කියන්නේ. හරියටම කිව්වොත් උගේ හැඩරුව අපේ අයියා වගේමයි. අපේ අම්මා පවා පොරට රැවටුනා අයියා කියලා.පොර ඇවිදින ආකාරය නිසාවෙන් යම් තාක් දුරට අපහසුතාවට ලක් උනා. බස්  ගැන සුවිශේසී දැනුමක් සහිත පොරත් එක්ක පාරක සිටින විට අර බස් එකේ  මේක අවුල් අරක අවුල් කියන උගේ පුරුද්දක් වෙලා තිබ්බා. එහෙම වෙලා නොන්ඩි උන අවස්ථාවන්  නැතිවාම නොවේ. යමක් හෑමේ ඉහල දක්ෂතාවක් පොරට තිබ්බා. පොර කියන රහස් පොරට පමණක් රහසක් වෙන තරමේ කට හඩකට පොර හිමිකම් කිව්වා.පටා නැටුම් තෙල් ගත්තම සැර ආකාරයේ තෙල් ගැසීමට උපන් හපනෙක්. බණ්ඩාරවෙල  ගමනේදී අත්තාගේ @#$@ පුළුස්සා දැමීමට පවා උත්සහ කරා. කැම්පස් ඉන්න සමයේ පොරට කහ  උන හදුනා . ඇගම කහ පාට උනා පහුවදා ගෙදර ගියා. මට කාඩ් එකක් ලබා දීමට අනුන්ට $%#^ දුන්න බුදු බොක්කක් තමයි පටා. කැම්පස් එන සමයේදී මෙන්න තවමත් මා දන්නා පරිදි ලස්සන ප්රේමවන්තයෙක්. මුගේ පුරසාරමත් ඉවර කරමු.

ඊළගට ඉන්නේ ලොඉස්. යන යන හැම තැනකදීම වගේ පොර බෝකක් සෙට් වෙන ලෙඩක් තිබ්බා. නිසා පොරට බොක ලොඉස් කියන නම පට බැදුනා. උගේ ගෙවල් මිනුවන්ගොඩ. බොහෝදුරට තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවන් ඇසුරු කිරීමට පොර පුරුදු වෙලා හිටියා. ගෙදරක ගියොත් බත් නැතුව අතුරුපස පමණක් කිහිප වරක් ආහාරයට ගන්න එක උගේ පුරුද්දක්. මැච් එකක් බලන්න ඉහලම පන්තියක ටිකෙට් එකක් තිබ්බ පොර එක පැත්තකට දාලා අපිත් එක්ක තණකොළ උඩ මැච් එක බලන්න තරම් අපිට හිටවත් එකෙක් උනා.මැච් කතාව කියන්න ඕනි. ලොඉස්ට පොරගේ  ඇදුරුම්කමක්  මත මැච් එකේ  බලන්න ඉහල පන්තිය ටිකෙට් දෙකක් හම්බ වෙලා තිබ්බා. එකක් ලොඉස්ට අනික කාටද කියන ගැටලුව අපි ඔක්කොටම තිබ්බා.ඉතින් ඔට්ටු දාල හරි අමාරුවෙන් එකෙක් තෝරා ගත්තා.එත් අන්තිමේදී උන් දෙන්නත් මැච් එක බැලුවේ අපිත් එක්ක. අන්තිම කාලේදී පොර කටුබැද්ද සමග තිබුණු සම්බන්දතා තව දුරටත් වර්දනය කර ගත්තා.කෙල්ලෙක් නම් මන් දන්නා තරමින් හිටියේ නැ.

ඊට පස්සේ ඉන්නේ සුදාරක. එක උගේ සම උනත් ප්රසිද්ද සරා කියලා. යන යන තැන යම් කිසි මතකක් තියා එන උගේ ගතියක්. සරා මුල් වතාවට දකින්නේ කැම්පස් එන්නත් කලින්. කාලයේ ෆුල් රස්ටා පාට් එකේ හිටපු පොර කැම්පස් ආපු ගමන් හැදුනා. හිනාව උගේ මුනේ  හැම වෙලේම වගේ තිබ්බා.පොරත් එක්ක කතා කරලා බේරෙන්බ එක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් . කොල්ලෙක් අසරණ උන හැම වෙලාවකම වගේ පොර කොල්ලන්ට පිහිට උනා. පොර මට උදව් කරපු අවස්ථාවකුත් මතකයට එනවා. කැම්පස් එකේ දවසක් බෝල ගහ ගහ ඉන්නකොට විදුරු කටුවට මගේ කකුල කැපුනා. ටිකක් ගබුරටම කකුල කැපුනා. ඉතින් වෙලාවේ අසන්කයාගේ බයික්  එකක් අරගෙන මමයි තිවන්කවයාවයි දා ගෙන පොර ඩොකෙක් හොයා ගෙන ගියා. වැරදි තුනයි. හිස් ආවරණ කාටවත්  නැ. තුන් දෙනෙක් බයික් එකේ. එනවන පොරට රියදුරු බලපත්රය නැ. ඔහොම තියා ගෙනත් මාව හෝමාගම නගරය හරහා හොස්පිටල් එකට එක්කන් ගියා.හෝමාගම හරහා එහෙම ගිය එකම සෙට් එක අපි වෙන්න ඇති. කොහොම උනත් පොර හෙනම කම්මැලියා. මීටර් 100 ක් යන්න පොරට විනාඩි 2, 3 ක් යනවා.පසු කාලීනව ඉතාම පින් දහම් කටයුතු වලට වගේම රුක් රූපන වැඩසටහන් වලටත් සහබාගි උනා.පොරට නම් කෙල්ලෝ එක්කෝ ඕනි නැ. 
අදට නතර කරමු. කොච්චර කල් යයිද ඉවර කරන්න. ආයෙත් එනකන් උබටත් මටත් ජය.

පසුවදන

මෙච්චර ඉක්මනින් පොස්ට් කරන්න හිටියේ නැ. එත් ලියනකොට තේරුනා ඔක්කොගෙම එක පාර ලියලා දාන්න ගියොත් පොස්ට් එක ගොඩක් විශාල  වෙනවා වගේම ලියන්න යන කාලයත් වැඩියි. නිසා මේ විදිහට පොස්ට් කරන්න හිතුවා.

ලියපු දේවල් ගැන කාගේ හරි හිතේ කහටක් තියේ නම් මෙන්න සමාව ඉල්ලුවා.

සලිත
2018.10.12
පෙ 2 21

12 comments:

  1. සුපිරි මා මිතුර👌👊

    ReplyDelete
  2. supiri machan... digatama liyamuu..😍❤❤

    ReplyDelete
  3. කටුබැද්දේ මතකය වගේ.
    බොල්ගොඩ ගඟේ ඔරු පැද්දේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අයියේ දැන් අපි ඉන්නේ හෝමාගම. කටුබැද්දේ මාස 6,7 ක් වගේ හිටියා. NDT එක දැන් තියෙන්නේ කැම්පස් එකේ අලුත් කොටසේ. බොල්ගොඩ ගගේ වගේම හැම තැනකම ආදරණීය මතකයන් තියෙනවා.

      Delete
  4. ඈ බං එක එකාගෙ තෝම්බුව මිස නෑනෙ

    ReplyDelete