කලින් කොටස් මිස් උන අය පහලින් රිංගන්න
කැම්පස් එකේ උන් 12
කැම්පස් එකේ උන් 1
කැම්පස් කතා මාලාවේ අවසන් වෙන්නත් ලගයි වගේ. ඒ කාලයේ මතකයන් ඔස්සේ තවමත් අපි ජීවත් වෙමු. වැඩි කතාවක් නැතිවම අද කතාවට බහිමු.
ඊළගට ඉන්නේ දේශාන්. උන්ගේ ගෙවල් කුලියාපිටියේ. අම්මයි තාත්තයි දෙන්නම ගොවිතැන් කරේ. පොරට මල්ලි කෙනෙක් ඉන්නවා. ගොඩක් උන් පොරට කිව්වේ චුටි කියලා. සමහර උන් චුටි මහත්තයා කිව්වා. පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියන පිරුල උගෙන් මනාව ඔප්පු උනා. පොඩි කාලේ ඉදන් බයික් පිස්සෙක් උන දේශාන් කැමතිම FZ බයික් වලට. පොඩි කාලේ ටිකක් කට්ට කාල ඉගෙන ගත්තු එකෙක්. පොඩ් කාලේ ඉදන් ගමේ තිබුණු සමිති
සමාගම් වල එහෙම උගේ ගායන හැකියා, කථික හැකියා එකී නොකී හැකියාවන් පොර පෙන්නුවලු. නිතරම "හුම්ම් " ශබ්දය පිට කරන
එක උගේ ගතියක්. කතාවක් කිව්වත්, බැන්නත්, සින්දුවක් කිව්වත් අන්තිමට "හුම්ම්"
කියන එක උගේ ගතියක්. " උන්ට දෙන්න ඕනි
හුම්ම්" වැනි කතා වලින් උගේ ඒ ගතිය තවත් ඉස්මතු උනා. කාමර වල පිරිසිදුකම අතින්
උන්ගේ කාමරේ දෙවැනි ස්ථානය දිනා ගත්තා. කන කෑම කොලය ඇද යට. බොන බීම බෝතලේ ඇද යට. ගුලි
කරපු කඩදාසිත් මහා ගොඩක් උන්ගේ ඇද යට තිබ්බා. ගණන් හදපු කොළ වෙන්න ඇති. කාමර සගයන් වශයෙන් ගත්තම මුලින් ඉතා සමාකාමීම කිරට පැණි සේ
උගේ සගයත් එක්ක හිටියා. අන්තිම කාලේ මොකක්දෝ හුටබයක් නිසා පොඩි පොඩි ආරවුල් උන් අතර
නොතිබුණා නොවේ.
උගේ වාසනාවට වගේ හැමදාම පොරට හම්බ උනේ රවුටරය ලග කාමරය. ඒ නිසා අලුතින් එන හැම ෆිල්ම් එකම වගේ පොර බලල තිබුනා. දකින දකින කඩෙන් කන්න ඕනි ගතියක් පොරට තිබ්බා. දකින දකින හැම කෑමක්ම කන්න ඕනිකමකුත් තිබ්බා. අනිත් උන්ට කවන්න ඕනිකමකුත් තිබ්බා. ආච්චිගේ කඩේ ලාම්පු තෙල් බත් එකෙන් පස්සේ උගේ කඩ ප්රචාරණ කටයුතුත් නතර උනා. බීම බොන එකත් උගේ ලොකු ආසාවක්. නර්තනයට උපන් හැකියාවක් තිබුණු පොර පළමු වසරේදී තිබුණු සුහද හමුවේදී උගේ නර්තන හැකියාවන් කොල්ලොන්ට පමණක් නෙවෙයි කෙල්ලන්ටත් ගුරු මුෂ්ටිය නැතුව කියා දුන්නා. "මොකද නටන්නේ නැත්තේ එන්න අපිත් එක්ක නටමු". ඔය වගේ දිරිමත් කිරීම් උගේ තිබුනා. ඉදල හිටලා බනිස් අරන් එන්නත් පොර ගියා. උස තැන් වලට පොරට තිබ්බේ පුදුම බයක්. එත් චුටියා ආදර කන්ද උඩටම නැග්ගා. මොනා ගෙනාවත් බෙදාගෙන කන පුරුද්දක් පොරට තිබ්බා. මාසයක් තිස්සේ පාට් ටයිම් කරලා දවසක් පොර කොල්ලොන්ට කන්න අරන් ආවා. කොල්ලොන්ට ඕනෑම උදව්වක් පොර කරා. වෙලාවකට උගේ වැඩ පැත්තකට දාල කොල්ලොන්ට උදව් කරා. කාලයක් ඔක්කොම කොස් වරක් වල ඔක්කොම රුප ඇන්දේ පොර . ක්ෂණික කෝපය පොරට හොදටම තිබ්බා. කාලයත් එක්ක ඒ ගතිගුනත් අඩු වෙලා ගියා. දිනක් තුල වැඩිම බීඩි ගණනක් පුච්චපු වාර්තාවටත් හිමිකම් කියන්නේ පොර. පොරට පුළුවන් වෙලාවට සෙල්ලම් කරන්න එහෙමත් ආවා. ගියපු ගමන් වලටත් පොර ආවා. කොලබ කැම්පස් එකේ මානවිකාවක් එක්ක උගේ සම්බදයක් තිබ්බා දැන් නම් කොහොමද දන්නේ නැහැ.
ඊළගට ඉන්නේ පපී. පපී කිව්වට ඒකිගේ නම එමෂා. උන්ගේ ගෙවල් නාත්තන්ඩියේ. නාත්තන්ඩියේ දුන්කන්නාවේ. උන්ගේ තාත්තා විදුලි බල මණ්ඩලේ සේවකයෙක්. අම්මා ලිපිකාරිණියක්. අක්කා කෙනෙක් ඉන්නවා.
පපී කියන්නෙත් හිත හොද කෙල්ලෙක්. ඕනෑම උදව්වක් කරන එකියක්. ඒකිට අපේ 40 හෙම සම්පුර්ණ නමත් එක්ක අත්සන් මතකයි. සයින් 40 ම ගහල කොල්ලොන්ට 80% හදලා දෙන්න එකී ලොකු උත්සහයක් ගත්තා. කොහොම උනත් එකී හෙනම කම්මැලි කෙල්ලෙක්. කැන්ටිමෙන් කාලා හොස්ටල් එකට යන්නත් එකී කම්මැලි. අහවල් නාට්යයේදී නර්ස් ගේ චරිතය රගපැවෙත් එකී. කැම්පස් එකේ ලොකුම වෙඩිම ගත්තෙත් පපී. එදා මිලාන් පවා ඇඩුවා. ලංකාවේ තවමත් දුවන පරණම බස් දැක්කෙත් උන්ගේ ගෙවල් වල ගියපු දවසේ.
කාලයත් එක්ක කෑම පාලනය නිසා එකී එන්න එන්නම තඩි උනා. ඒ වෙනස හේතුවෙන් පපී නම අයින් වෙලා කොට බතලි කියන නම ඒකිට වැටුනා. ඒකිට බතල වෙන්න කන්න බොන්න කෑම බීම පවා කොල්ලෝ අරන් දුන්නා. කොයි තරම් මහත් උනාද කියනවා නම් කැම්පස් එකෙන් යන්න ලන්වෙනකොට පුපුරන සයිස් එකේ හිටියේ. සාපේක්ෂව එකී අනිත් උන්ට වඩා කොටයි. එකී පුටුවේ ඉදගත්තම ඒකිගේ කකුල් බිම තියන්නවත් බැ , ඒ තරමට එකී කොටයි. මුල් අවුරුද්දේ drawing අදින පැය හතරේම ඒකිට හිටගෙන ඉන්නත් උනා. කොට ගතිය යවා ගන්න අඩි උස සෙරෙප්පු පාවිච්චි කරත් එකත් හරි ගියේ නැහැ.
එකී නොන්ඩි උන තරමක් නොන්ඩි උනේ ප්රේම සම්බන්දය නිසා. එකී යාලු වෙලා හිටියේ නැවක රස්සවා කරන අයියා
කෙනෙක් එක්ක. ඉතින් ඒ නිසා කොල්ලෝ ඒකිව හැමදාම බයිට් කරා. එත් කවදාවත් එකී අඩවන්න බැරි උනා. බෝබුරු ඇල්ල ගමනේදී අනිත් උන් තුන්දෙනාම මැරෙන්න ගියාට කිසිම අවදානමක් නැතිව බේරෙන්න පුළුවන් උනේ ඒකිට විතරයි. හැමදාම එකී කොල්ලෝ එක්ක හිටියා. කන්න කැන්ටිමට ආවාම කැන්ටිමට වෙලා කයිය ගහ ගහ ඉන්න එක ඒකිගේ ගතියක්. රෑට කැන්ටිමේ ඉදන් එක පාර අදුරු තැන් වලින් අතුරුදහන් වෙන එකත් ඒකිගේ ගතියක්. උන්ගේ ගෙදර ලැබුණු සත්කාරත් අමතක නොකර බැහැ. අපි ගියපු හැම ට්රිප් එකකටම වගේ එකිත් ආවා. පපී කුප්පි එහෙම කරලා අපිව ගොඩ දාන්නත් උදව් උනා. කැම්පස් එනකොට 11 වසරේ ඉදන් පටන් ගත්තු ප්රේම සම්බන්දයක් ඒකිට තිබ්බා. තවමත්
දන්නා තරමින් තියෙනවා.
ඊළගට ඉන්නේ කසුන්. උන්ගේ ගෙවල් නුවර තෙල්දෙණියේ. නුවර ඉදන් උන්ගේ ගෙවල් වලට පැයක් දෙකක් බස් එකේ යන්න ඕනි. ඇත්තෙන්ම නුවර කිව්වට මහියංගනය උන්ට නුවරට වඩා කිට්ටුයි.
උන්ගේ තාත්තා පොලිස් නිලදාරියෙක්. අම්මා ගෘහනියක්. මල්ලි කෙනෙක් ඉන්නවා. කම්මැලිකම අඩුවක් නැතිව පොරට තිබ්බා. ලැබෙන හැම අවස්ථාවකම වගේ ගෙදර දුවන එක උගේ ගතියක්.හරි වෙලාවටම වැඩ කරන එක උගේ ගතියක්. උදේ 8 ට කිව්වොත් අඩුම තරමේ 9 වත් වෙනකන් පොර කල් ගන්නවා. වෙන උන්ට ලෑස්ති වෙන්න උපරිම විනාඩි 10 ක් ගියාට පොරට අඩුම තරමින් විනාඩි 45 ක් වත් යනවා. කැන්ටිමට කන්න ගියත් ඔරලෝසුව බැදලා කොන්ඩේ තෙල් ගලා ඇත්තෙන්ම කෙල්ලොන්ටවත් උගේ තරම් කැටයම් තිබ්බේ නැහැ. ඒ දේවල් එහෙම තිබ්බට කවදාවත් වෙලාවට පොර වැඩක් කරේ නැහැ. සි.යි.බි ඉන්න කාලේ හැමදාම අන්තිමේට ඩයරිය ලියන්නෙත් පොර. පොරව හදා ගන්න කරේ ගහපු නැති එක විතරයි.
එක එක අවයවන් වෙන වෙන පිහදාන්න වෙන වෙනම තුවායවල් තිබ්බේ පොරට විතරයි.
කෙල්ලන් සමග ගනුදෙනු කරනකොට උගේ තිබ්බේ වැරදි විදිහක්. කොල්ලෝ වෙනම නානකොට කෙල්ලෝ එක්ක නාපු එකම එකාත් කසුන්. හොදම වැඩේ මු අයිත්කාරයෝ ඉන්න කෙල්ලොත් නාවපු එක. අපිත් එක්ක බැරි උනාට කෙල්ලෝ එක්ක පොර මාෆියා ගහන්නත් ආසයි. අපිට හොරෙන් කෙල්ලෝ එක්ක දකුණු රටේ රවුම් ගහන්නත් පොර දක්ෂයා. එක නම් අවංක ආදරයෙන් කරපු එකෙක් වෙන්න ඕනි. කෙල්ලන්ගෙන් ගුටි කාලා කන්නාඩි දෙකත් එක පාරක් කුඩු කරගත්තා. බයික් එකේ යනකොට කෙල්ලෝ චැට් කර කර ගිහින් අඩු කඩා ගත්තා. අහවල් කාලයේ ජුන්නෝ හදන්නත් පොර සක්රියව දායක උනා.
හෙන පොෂ් කඩවලින් කන්න ඕනි ගතියකුත් පොරට තිබ්බා. චරුකයටත් ඒ උවමනාවම තිබ්බා. ඒ නිසා අපහසුවෙන් හරි ඒ වගේ දේවල් වලටත් සල්ලි වියදම් කරන්න සිද්ද උනා. කැම්පස් ඉන්න කාලේ වැඩි පුරාම පොර කරේ සෙල්ලම් කරන එක. ක්රීඩාව උගේ ඇගේම තිබ්බා. එත් මොරටු යන්න පොරට පින තිබ්බේ නැහැ. කොහොමින් කොහොම ක්රීඩා කරත් එක පාරක්වත් තිබ්බ මැච් වල ජයග්රහණයක් නම් අපිට ගන්න බැරි උනා.සුපුනගේ ලේ පුච්චන එකක් උගේ ගතියක්. කොල්ලො අවුස්ස්සලා එක දිහා බලාගෙන ඉන්න එකත් උගේ ගතියක්. ගෘප් හදන්න කොල්ල දක්ෂයා එත් ඒවගේ අපි නැ. පොරටම ආවේනික
වර්ගීකරණයක් එහෙමත් තිබ්බලු.පළමු අවුරුද්දේ අන්තිම විභාගේ ලන්වෙනකොට වගේ උන්ගේ ආච්චි නැති උනා. කොල්ලෝ ලොකුම ආතල් එකක් ගත්ත මල ගෙයක් තමයි එහෙ මළගෙදර. නුවර පහුවෙලත් ටිකක් දුර යනකන් කොල්ලෝ එදා සින්දු කිව්වා. එතරමට එදා හම්බ උන බඩු හොදයි. මල ගෙදර හරහා සමහර උන් කසුන් එක්ක අලුත් සබදතාවයන් හද ගන්න උත්සහ නොකලා නොවේ. සින්දු කියන්නත් පොර දක්ෂයා. උගේ දක්ෂතා මැනවින් ගේට් එකේදී පෙන්නුවා. කියපු සින්දුව උන්ටවත් ඇහුනද මන්දා. කන බොන උන්ටත් වඩා පොරට වැදුනා වගේ සින්දු කියන උගේ ගතියක්. නර්තනයත් පොර දක්ෂයි. වැඩිම වාර ගණනයක් ගියපු ගෙදර උන්ගේ ගෙදර වෙන්න ඕනි. උන්ගේ ගෙදරින් ලැබුණු සත්කාර ගොඩක් ඉහලයි. උන්ගේ අම්මා උයන කෑම ඇත්තෙන්ම රසයි. මුලින්ම ජාත්යන්තර ක්රිකට් මැච් එකක් පිට්ටනියකට ගිහින් බැලුවෙත් උන්ගේ ගෙදර ගිහින්. නාරම්පනාවේ ගිහින් ගත්ත ආතල් එක නම් කවදාවත් අමතක කරන්න බැහැ. පොරට නම් කැම්පස් එනකොට කෙල්ලෙක් හිටියේ නැ. එත් ටික දවසක් ගිහින් කැම්පස් එකෙන් කෙල්ලෙක් දා ගත්තා. එත් ටික කාලෙකින් ඒ සම්බන්දය නැති උනා. දැන් පොර තනිකඩ සංගමේ ප්රදාන සාමාජිකයෙක්.
අදට ඇති බන් මහන්සි. එකින් එක උන දේවල් පිලිවලට මතක් වෙනකොට හිතට දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ කාලයේ ගෙවපු ඒ සුන්දර කාලය ආයේ කවදාවත් ජීවිතයට එන්නේ නැති බව දැනෙනකොට දැනෙන හැගීමත් වචනයෙන් විස්තර කරන්න බැහැ . තව එක කොටසකින් කතා මාලාව ඉවර වෙනවා. එක ලියනකන් ඔබටත් මටත් ජය.
සලිත
ප ව 12 10
2019-12-11
No comments:
Post a Comment