මම යන එන තැන්

Saturday, November 30, 2019

කැම්පස් එකේ උන් 12



කලින් කොටස් මග හැරුණු අය පහලින් රිංගන්න.

පළමු කොටස

11 වන කොටස


කාලෙකින් ආයෙත් ලියන්න හිතුවා. කොටින්ම කිව්වොත් කම්මැලිකම නිසා මේතාක් කල් ලියන්න බැරි උනා. එත් ගෙවපු සුන්දර කාලය ගැන ආයෙත් මතක් වෙනකොට නොලියත් බැහැ . ආයෙත් කාලේ එන්නෙත් නැ  ඒවගේ සෙට් එකක් ජීවිතයටම හම්බ  නොවේවි. මේ දැන් ගෙවන කාලයේ සමහරුන්ට අම්බ වහක් කොටින්ම කිව්වොත් කට්ටක්. 400 පඩියට ඔක්කොම කවර් කරගෙන ජීවත් වෙන්න වෙලා. උදේට ගිහින් හවසට ඇවිත් සෙනසුරාදත් දවසින් බාගයක් වැඩ කරලා  ඉරිදට හති ඇරලා ආයෙත් සදුදට වැඩට යන්න වෙලා එකත් කුණු කොල්ලයට. අපේ උන් කාගේ කාගේත් තත්වේ ඔහොමයි. අහවල් ඇමතිගේ 2500 තියරියෙන් රෝල ගහගන්න උනුත් ඉන්නවා.  කොහෙවත් ඉන්න එකෙක්ගේ අරමුණු ආදායම් වලට 100 ක් 200ක් උන්ගේ අරමුණු පැත්තක දාලා ජෙනරල්, ඕටි , ඩබල් ඕටි  කර කර යන්ත් සුත් වගේ වැඩ කරනවා. කතාවෙන් කතාව ලියන්න ආපු එකත් අමතක උනා. කාලෙකට කලින් පටන් ගත්තු වැඩක් මගදී නතර කරන්න උනා.   කැම්පස් උන්ගේ කතාව. නතර කරපු තැනින් ආයේ පටන් ගන්නම්.

ඊළගට ඉන්නේ අසංක. උන්ගේ ගෙවල් අනුරාධපුරේ. උන්ගේ තාත්තා විශාමික රජයේ සේවකයෙක්. අමමා ගෘහනියක්. මතක විදිහට අක්කලා දෙන්නෙක් පොරට හිට්යා. අපේ බැච් එකේ උසම එකා අසංක. දෙහිඅත්තකන්දිය, නුවර, අනුරාධපුරය ඔය හැම තැනකම  වගේ පොර උගේ ළමා කාලය ගත කරලා තිබ්බා. කැම්පස් එන්න කලින් ජොබ් එකක් කරලා තිබුණු නිසා උගේ අතේ මුල් කාලේ සල්ලි බාගේ තිබ්බා. හැම ෆීල්ඩ් මීටින් එකක් ගන්න දවසකම වගේ උගේ බයික් එක කැඩෙන එක උගේ මල්ලි කෙනෙක් හොස්පිටල් නතර කරන එක වෙනවමයි. නිසාවෙන් අනිත් උන් බොහෝ කැප කිරීම් නොකෙරුවා නොවේ.  පොරත් එක්ක තිබුණු අනිත් විශේෂිතම දෙය උගේ බයික් එක. පොරට ලයිසනුත් නැ . බයික් එකටත් කිසිම සහතිකයක් නැ . finance එකෙන් උස්සන්නත් එනවා. අන්න වගේ බයික් එකක් තමයි පොරට තිබ්බේ. 

වාසනාව කියන්නේ පොරට ඕනෑම දෙයක් කතා කරලා බේරගන්න හැකියාවක් තිබ්බා. නිසා කවදාවත් දඩ කොලයක් පොරට කන්න වෙලා තිබ්බේ නැහැ. හැමදාම වගේ රෑ කාලය ගුවන් ගත වෙලා ඉන්න පොර පොරටම ආවේනික සංගීතයකට හැමදාම සම වැදිලා හිටියා. සංගීතයට අනිත් උන්ගේමුත් ලැබුනේ ඉමහත් ප්රතිචාරයක්. පොරට දහවල් කාලය ලැබුවේ හවස 5 වගේ. උගේ දවල්  කාලය ඉවර උනේ උදේ 4 විතර. ඉතින්  උගේ සයින් එක හැමදාම ගැහුවේ වෙන එකෙක්.  සුපුනගේ බඩත් එක්ක පොරට තිබ්බේ පුදුම තරහක්. සුපුනගේ ෆෝන් චාජර් එක සොරකම් කිරීමේ  අබුත චෝදනාවටත් පොරට ලක් වෙන්න උනා. දෙවැනි ඉනිම ඇතුළු අනිත් කතා වලින් පොර උගේ  දවස පටන් ගත්තා.  උගේ හොදටම යාලුවෙක් තමයි අපේ ඩිරා. නිතර නිතර ඩිරාගෙන් පොරට කැදවීම් ලැබුනා. නින්දෙන් කකුල් හොල්ලන ලෙඩකුත් පොරට තිබ්බා. වෙරෝනිකාගේ සමාජ මට්ටම් පාඩම පොර ඉගෙන ගත්තා. ඔය යන එන ගමන් වෙලාවක් තිබ්බොත් පොර බෝල ගහන්නත් ආවා. පොර ගොඩක් පාට් ටයිම් කරපු එකෙක්.  දෙන්නේ  #$@% පාඩම කැන්ටිමේ අන්කල්ට පොර කියා දුන්නා. ශාන්ත අයියට ලොකුම පොල්ල තිබ්බෙත් පොර වෙන්න ඕනි. ශාන්ත අයියා වැනි උන් මේ ලොව තව තවත් පහල වේවා. උගෙන් උදව් අපිටත් නොලැබුන නොවේ. කොහොමහරි කැම්පස් ඉවර වෙනකොට පොර විභාග ටික ඔක්කොම ගොඩ දා ගත්තා. උගේ ලව් සීන් ගැන නම් මන් දන්නේ නැ.

ඊලගට ඉන්නේ  හේමන්තයා. උන්ගේ ගෙවල් කුරුණෑගල. කුරුණෑගල කිව්වට කුරුණෑගල ගල්ගමුවේ. ගල්ගමුවේ කිව්වට ගල්ගමුවේ ඇහැටුවැව. ඇහැටුවැව තියෙන දිවුල්ගනේ කියන ගමේ තමයි පොරගේ ගෙවල්. ලංකාවේ සුප්රසිද්ද ගායකයෙක් වෙන කරුනාරත්ත දිවුල්ගනේ හිටියෙත් උන්ගේ ගමෙලු. උන්ගේ තාත්තා විශාමික පොලිස් නිලදාරියෙක්. අම්මා ගෘහනියක්. අයියලා දෙන්නයි. එක අයියා කෙනෙක් හමුදාවේ. අනිත් අයියා මිනුම් දෙපාර්තමේන්තුවේ.  ගම දිවුල්ගනේ උනාට පොර හැසිරුනේ කොලබ එකෙක් වගේ. මුලික අද්යාපනය ගල්බන්ඩාරනායක මහ විද්යාලයෙන් හදාරපු පොර පස්සේ කුරුණෑගල පොෂ් ඉස්කෝලෙකින් උගේ ඉගනීම් කටයුතු කරගත්තා. දකින දකින හැම දෙයකටම වගේ බනින එක පොරගේ ගතියක්. මුල් කාලේ බනිනකොට ටිකක් සිරා ගත්තත් පස්සේ කාලේ උගේ  බැනුම් අපේ උන්  තබයකටවත් මායිම් කරේ නැහැ. අපේ කොල්ලොන්ට, ජුන්නන්ට, සින්නන්ට, කැන්ටිමේ අන්කල්ට ඔය කී නොකී සියලු දෙනාට පොර බනිනවා. උගේ බැනුම් කොයි තරම්ද කියනවා නම් පාරේ යන වාහන වලට කැම්පස් එකේ  ගොඩනැගිලි වලට පවා පොර බනිනවා.පොර දන්නා දෙයක් අහගන්න ගියාමත් උගේ අමුතු රෙස්පෙට් එකක් තිබ්බා. "තමුසේ ඕකවත් දන්නේ නැද්ද, අනේ මන්ද තොපි නම් , ඔබල කොහොමද බන් තැනකට ගිහින් වැඩ කරන්නේ" ඔන්න ඔය වගේ දේවල් ටිකක් අනිවා අහගන්න වෙනවා.

ගොඩක් දේවල් දන්නවා වගේ පෙන්නුවට ඇත්තෙන්ම එහෙමත් පොර නැ. හැබැයි බනිසගේ ෆෝන් එක නම් සුපිරියට හැදුවා.  ජනින්දුගේ ලැප් එකේ display එකත් හරියටම දාල දුන්නා.  සමහරෙක් පොරට teddy bear කිව්වා.  සමහරක් ඉදිරියේ වචන පැටලෙන ගතියකුත් පොරට තිබ්බා. 2.5% ගතිත පාඩමේ කුප්පිය දැම්මෙත් පොර.  ෂොට සහ කුප්පි සම්බන්ද අරගලයේදී උගේ දායකත්වය උපරිමෙන් තිබ්බා.  සලිත සලී බබා උනෙත් මුගේ  වැඩ නිසා. උපන්දින සාද වලදී වැඩිපුරම අනිත් උන්ට වැඩ දුන්නෙත් මූ තමයි.  මැච් එකක් ගහන්න පුළුවන් වෙලාවට ආවා ගියා. බොන්ජුගේ හොදම යාළුවා උනෙත් හේමන්ත.  කෙල්ලන් ඉදිරියේ නොනැමෙන ගතිය අනුරාධපුරේදී පොර හොදටම අපිට පෙන්නුවා.   කැම්පස් ඉන්න කාලේ පාට් එහෙමත් ගොඩක් ඇද්දා. ගියපු හැම ට්රිප් එකටම වගේ පොරත් ආවා.ගේට් එකේදී උගේ නර්තන හැකියාවන් උපරිමෙන් පොර පෙන්නුවා. උගේ ආදර සම්බන්දතා නම් සංකීර්නයි.

ලග ඉන්නේ හෂාන්. උන්ගේ ගෙවල් නුවර කටුගස්තොට. අම්මා තාත්තා නම් මොනාද කරන්නේ කියල මතක නැ. අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි  ඉන්නවද කොහෙද. පොරගේ ඇගේම තිබ්බේ මේස පන්දු. ඉස්කෝලේ යන කාලේ ඉදලම පොර සෙල්ලම් කරාලු. කැම්පස් එකේ ටීම් එකේ එක දිගටම පොර සෙල්ලම් කරනවා. නායක පට්ටම උනත්  ගන්න තිබ්බට එක ගත්තෙත් නැ. ක්රීඩා කරන උන්ගෙන් දැකපු නිහතමානිම එකෙක් තමයි පොර. නිතරම මොරටු දුවන නිසා වැඩිය පොරව සෙට් උනෙත් නැ. එත් ඔක්කොම දේවල් හොදට සමබරව කරගෙන ගියා. මේස පන්දු විතරක් නෙවෙයි පුළු පුළුවන් වෙලාවට ක්රිකට් ගහන්න වගේම බැඩ්මින්ටන් ගහන්නත් ආවා.

ගද කාමර වර්ගීකරණයේ උන්ගේ කාමරේ තුන් වැනි තැන වගේ තිබ්බා. එකට හේතුව චරුකයාගේ සරමද හෂාන්ගේ රෙදිද කියන ප්රශ්නයට තවම විසදුමක් නැ.  පොරගෙන් හරියට නිරවුල්ව  ඉවර වෙනකන් කතාවක් අහගත්ත එකෙක් තවම මට හම්බ වෙලා නැ. එතරමට උගේ කතා සංකීර්ණයි පැටලිලි සහිතයි. බත් එකක්  කිව්වා හැම වෙලාවකම  පොර එතන   කැරම් හන්දිය ලග කාමරේ තිබුණු නිසා වෙන්න ඇති. බත් එකක් කියල හෂාන් දුවගෙන එනවා බලාගෙන ඉදලා සමහර උන් ආතල් නොගත්තා නොවේ. සමහර උන්ට ගහන්න තඩි බාන්න හිතෙනකොට පොරට හිතෙන්නේ මිරිකන්න එක ටික දෙනෙක් දන්නා රහසක්. ඕනෑම සෙල්ෆි එකක පොර ඉන්නේ එකම විදිහට එක පොරටම ආවේනික කලාවක්.හැම වෙලාවකම වගේ හැමෝ එක්ක හිටියට නිතර නිතර ෆෝන් එක ඔබන එක උගේ ගතියක්. හැමෝම පාන් බාගයක් කනකොට පාන් කාලක් කාපු එකම එකාත් මූ තමයි.  උගේ  ටෙනිස්  පවුලත් එක්ක වගේම පොර අපිත් එක්කත්  ගියපු ගියපු හැම ගමනකට වගේ ආවා. පොරට මන් දන්නා තරමින් එනකොට කෙල්ලෙක් හිට්යෙත් නැ තවමත් කෙල්ලෙක් නැතුව ඇති.

අදට ඇති. කොහොමහරි මේක ලියල ඉවර කරන්න ඕනි. නිවාඩුවක් ලැබුණු ඉක්මනින් ඉතිරි ටිකත් ලියන්නම්. එතෙක් ඔබටත් මටත් ජය.

සලිත
2019-11-30
8 50

No comments:

Post a Comment