මම යන එන තැන්

Thursday, June 2, 2016

නුවර කෙල්ලෝ මෙහෙමද???



කතාවක් කියන්න සුජානම. එත් මේ කතාව නිසා කාගේ හරි හිත රිදුනොත් මුලින්ම සමාව අයදිනවා .මේ කතාව ලියන්න මුලික හේතුව මගේ යාලුවෙක්ට සිදුඋන අකරතැබ්බයක්. කතාව පටන් ගන්න කලින් තව කතාවක් කියන්න ඕනි.

මම ඉන්නේ සුන්දර බණ්ඩාරවෙල. ඉතින් ඔය කියන සුන්දර බණ්ඩාරවෙල ඉන්න මල් වගේ කොල්ලෝ සමහර දෙනෙක්  උසස් පෙළ ගොඩ දා ගන්න හිතලා නුවර පන්ති වල යනවා. ගොඩක් maths, science කරන අය නුවර පන්ති වලට යනවා. එත් දැන් නම් එහෙම යන එකෙක් හම්බ වෙන්නේ කලාතුරකින්.දැන් බණ්ඩාරවෙල වාණිජ මට්ටමේ හොද උපකාරක පන්ති තිබෙන නිසා ගොඩක් අය නුවරට යනවා අඩුයි. එත් දැනට අවුරුදු කිහිපයකට උඩදී නම් තරම් හොද උපකාරක පන්ති තිබිලා නැ. කියන්නේ අවුරුදු 13 විතර කලින්.

සලිත කොලුවාට නුවර ගියපු අපේ පවුලේ සාමාජිකයන්ද බොහොමයක් හිටියා. මම දන්නා විදිහට මුලින්ම දේවක අයියා නුවර ගියා. එත් ඔහුට විභාගය ගොඩ දා ගන්න බැරි උනා.දැනට දේවක අයියා පාසලක ගුරුවරයෙක් විදිහට සේවය කරනවා. ඊට පස්සේ පහල ගෙදර චුටි අයියා නුවර ගියා. පොර නම් විභාගයත් එක්ක විවාහයත් ගොඩ දා ගත්තා. චුටි අයියා නම් නාවික හමුදාවේ ඉහලම නිලදාරියෙක්.

නුවර ගිහින් ඉහලම ප්රතිපලක් ගත්තේ උදාර අයියා. එයා නුවර ගිහින් engineer කෙනෙක්ම වෙන්න පුළුවන් උනා. ඊට පස්සේ සුමුදු අයියා ගියා. දවසක් සුමුදු අයියාගෙන් බෙල්ලට පිහිය තියලා තිබ්බ සල්ලි ඔක්කොම ගත්තලු. නුවර ඉදන් බොල. එයාටත් ලොකු ප්රතිපලයක් ගන්න බැරි උනා. ඔහු mobitel ආයතනයේ ස්ථිර  සේවකයෙක්. ඊට පස්සේ පහල ගෙදර දොබකරේ නුවර ගියා. දොබකරේ කිව්වේ ආදරේට. මම පොඩි සන්දියේ වැඩිපුරම කාලයක් ගත කලේ දොබකරේ එක්ක. දොබකරේ කියන්නේ මගේ පහල ගෙදර මයුරි අක්කා. එයා ගැන  නම් පොස්ට් එකක් ලියන්න පුළුවන්. එයත් විභාගය ගොඩ දා ගත්තා. දැනට පිට රටක ලොකු රැකියාවක් කරනවා.


ඊට පස්සේ නුවර ගියේ අපේ අයියා එක්ක පහල ගෙදර ගයාන්  අයියා. දෙන්නම විභාගය ගොඩ දා ගත්තා.අවසානයේ ගයාන් අයියා ඩොකෙක් උනා. අපේ අයියා හෙද සේවයට ගමන් කරා. අයියා හිටපු හැටියට හොදටම ඇති. දන්නා උන් දන්නවා. අයියාට ගොඩ එන්න ගොඩක්ම උදව් කරේ ගයාන් අයියා. සමයේ ......  මාව ගණන් ගත්තේ නැති අයියා දැන් මා ගැන හිතයි. ඇත්තටම පොර හොදය. මා කිසිවිටකත් පොර ගැන සිතන්නේ නැ.එත් පොර පට්ටය හොදය අනර්ගය. සමහරවිට මේක පොරත් කියවයි. කමක් නැ බොල ඇත්තම කිව්වා. අයියා ගැනද පොස්ට් කිහිපයක්ම ලිවිය හැකිය.

දැන් කියන්න ගිය කතාවත් අමතක වෙන්න යනවා. මගේ උසස් පෙළ පන්තියේ මගේ යාලුවෙක් උන  කසුන් මට ලදී හමු උනා. නම් ගම් මනකල්පිතයි. කලින්ම කිව්වා බොලන්.

"සලිත කොහොමද බන් උබල දකින්නවත් නැ"

"උබලනි නුවරට ගිහින් ඉතින් .............................." ලියන්න අමාරුයි බොල කියපු දේවල්

"තොගේ හැකර කට වහගනින්කෝ "

"මොනාද බන් නුවර විස්තර"

"අඩෝ අහපන්කෝ මට කෙල උනානි" ඔන්න ඉතින් බොල පටන් ගන්න යන්නේ.

"කොහොමද බන් නුවර කෙල්ලෝ"

"පට්ට කියන්නේ පට්ට පට පට බන්"

මේ පැත්තේ උන් කියන හැටියට නුවර කියන්නේ ලංකාවේ ලස්සනම කෙල්ලෝ ඉන්න පැත්තක්. මගේ මිතුරු ලහිරු මලයා කියපු හැටියට නුවර කෙල්ලන් කොල්ලන් එකට යන එකම ඉස්කෝලයක්වත් ඇහැට දකින්න නැතිලු. කියන්නේ නුවර තියෙන්නේ girls school හා  boys school විතරලු.ඇත්තටම නුවර ඉන්න කෙල්ලන් හැඩකාර බව සලිත කොලුවාටත් මතකය. වරක් මා නුවර ගිය මොහොතක අදාල බව තහවුරු කරගත්තෙමි.

"දවසක් මගේ phone එකට msg එකක් ආවා බන්"

"ඉතින් උබ මොකෝ කරේ "

"මම ඉතින් msg කරා බන්"

"තෝ ඉතින් කොහොමත් එහෙමනි. මොකද යකෝ මෙහෙත් කැල්ලක් ඉන්නවා නේද තොට"

"උබ නම් කියයි එහෙ ඉන්න ඒවා දැක්කම. උන්ගේ කිසිම ලොකු කමක් නැ. බස් එකේ උනත් ලගටම ඇවිත් වාඩි වෙනවා බන්. විතරක්ද අද දැක්ක එකක් උනත් කතා කරනවා"

මට අයිය කියපු කතාවක් මතකයට එනවා.කියපු හැටියට අයියයි, ගයාන් අයියයි පන්ති ඉවර වෙලා හැමදාම ගෙදර එන්නේ එකම බස් එකේ උනත් ආසන දෙකකලු. දැන් තමයි උන් දෙන්නගේ වැඩ තේරෙන්නේ.

"ඉතින් ඊට පස්සේ මොකෝ උනේ"

"ඉතින් බන් මම එයත් එක්ක බස් එකේ එහෙම කතා කර කර එහෙම ගියා"

"උබ මල් වත්ත පැත්තේ ගියේ නැද්ද"

"හිටපන්කෝ මැදින් add දාන්නේ නැතිව"   

කොල්ලා කියන හැටියට පොර පෙම් රජ දහනක පෙම් සුව විදිමින් නුවර පුරයට වෙලා වලාකුළු බැම්මේ ඉදන් pop corn කමින් පන්ති යන්න තිබ්බ සල්ලි වලින් කෙල්ලත් එක්ක ලොකු මාලිගා ගොඩක් හදලා.ගිය අරමුණ දවසකින් දෙකකින් අමතක වෙලා ගිහින්. වැඩේ කියන්නේ පොර මේ ඔක්කොම දේවල් සති දෙකක් වගේ කුඩා කාලකින් ඉවර කරලා.

ටික කාලෙකින් කෙල්ල වෙනස් උනාලු. පොරට හිතා ගන්න බැරි උනාලු.

"ඔයා මාව අමතක කරන්න" මෙන්න මෙහෙම අවසාන වතාවට කෙල්ල පොරට කිව්වලු.

දැන් ඉතින් ආයෙත් කොල්ලා දත කට මැදගෙන පන්ති ගිහින් විභාගය ගොඩ දා ගන්න හිතා ගෙන හිතා ගෙන දවසක් පන්තියට යන්න ගියාලු.

"උබද h#$@%  කසුන් කියන්නේ "

"ඔව් අයියා"

"තොට මොකද සදුනි එක්ක තියෙන හිතවත්කම"

"එහෙම එකක් නැ"

එහෙම කිව්වා පොරට මතකලු. මුලින්ම කනට ගහල ඊට පස්සේ හිසට, බඩට, කොන්දට වගේ මෙකි නොකී සියලු තැන් වලට පහර පිට පහර 20 ක් විතර ගැහුවලු.පොරට හිතා ගන්න බැරි උනාලු.bike 10  ඇවිත්  පොරව වට කරගෙන ගැහුවලු. පොරට අත දෙන්නවත් එකෙක් හිටියේ නැල්ලු.

පස්සේ ගිහින් බෝඩිමට කිව්වට පස්සේ බෝඩිමේ අයිය පොර නුවර කෙල්ලන් ගැන හොදට කියදීලා. පොරට අනුව නුවර කෙල්ලන් මාසෙන් මාසෙට කොල්ලන් මාරු කරයි. තවද කොල්ලන් සන්තකයටම හින්දවයි. පසුව අලුත් කොල්ලට කියල පරණ කොල්ලට ඇගට පතට දැනෙන ලෙස සලකන්න වග බල ගන්නවලු.

"ඔය පේන ලස්සනට වඩා  භයානක කමක් තියනවා බන්. මෙහෙ කෙල්ලෝ ඊට වැඩ නම් 1000 කින්  හොදයි බන්"

මා නුවර කෙල්ලන් ගැන අහපු පලවෙනි කතාව මේක නෙවෙයි. නිසා ලියන්න හිතුනා. මේ පොස්ට් එක නිසා මාත් එක්ක අහිතක් එහෙම ඇති කරන්න එපා.මට උන් කියපු දේ මම ලිව්වා. හරි වැරදි හෝ අදාළ බව ගැන මම කිසිම දෙයක් දන්නේ නැ.

ලගදීම අලුත් කතාවකින් හමුවෙමු. ඔබට ජය වේවා.

සලිත.
2016-06-02

11:20

22 comments:

  1. Replies
    1. මටත් අදාලම නැ.

      Delete
    2. ඔව්....කෑගල්ලෙ බාලිකාවෙ කොන්වට් කෙල්ලො හලී හොදයි

      Delete
    3. මලයට අත්දැකීම් තියනවා වගේ හැක හැක.

      Delete
  2. හෙහ් හෙහ් ඒකා මොකක් හරි කුපාඩි වැඩක් කරන්න ඇති. මගේ නෑදෑ අය ගොඩක් නුවර ඒ ගොල්ලන්ගෙන් තුන්දෙනෙක් ඉස්සෙල්ලම යාළු වෙච්ච කොල්ලන්ව තමයි බැන්ඳෙත්.

    ReplyDelete
    Replies
    1. සමහරවිට වෙන්න පුළුවන්. අර නුවර ඉන්නවා කියපු අයගෙන් නැද්ද අවුරුදු 19, 20 අය. හැක හැක.

      Delete
  3. අදාල නෑනේ... මල්ලි ගුටි කෑමට නියමිතයි.

    ReplyDelete
    Replies
    1. අක්කා හරියට හරි පේන කියන්නත් දන්නවා නේද

      Delete
    2. ඒවත් 'ලේ පාට' පේන වෙච්ච එකනෙ වැඩේ.

      Delete
  4. හෑ !!! මේ මොන හෙනගෙඩියක්ද බොලේ මේ?? එහෙම පලාතක් ගැන කියා ගැහැණු හෝ පිරිමි වෙන්කර ගොඩවල් වලට ගහන්න ගියා මේකත් ඉන්දියාවේ ප්‍රාන්ත වගේනේ.

    හරිම බොළඳ , පටු තීරණයක්.... නමුත් අදහස් කීමේ අයිතියට ගරු කරනවා

    ReplyDelete
    Replies
    1. මම සෑම විටම උත්සහ කරේ කසුන් කි විදිහට කතාව කියන්න. ඒ හැර මේ මගේ මතය නොවේ.යම් අහිතක් වේ නම් ගැත්තාට අනුකම්පා කර නිදහස් කරනු මැනවි.

      Delete
  5. හැක් හැක් නුවර රාජකාරියේ ඉද්දී මගේ රූමන්ටත් ඕකම උනා. අර මල්දානයක් දෙන ඉස්කෝලේ කෙනෙක්ගෙන්. හැබැයි හැමෝමත් එක වගේ නෙවේ

    ReplyDelete
    Replies
    1. රූමන් කිව්වේ පුසා නේද? හැක හැක. ගොඩක් අය එහෙම නැ .

      Delete
    2. ශලිත මගේ නම් හිත ගියේ නුවරට නෙවේ අනුරාධපුර සෙන්ට්‍රල් එකේ මානවිකාවකට. කාහොමින් හරි මේ නෑදෑයෝ කියන ජාතියක් කරපු පර වැඩක් හින්දා කෙල්ලගේ අම්මා පූසට කැමති නෑ නොවැ.
      මාත් ඉතින් මග බලන් ඉන්නවා බාදා දුරුවේදෝ කියලා
      එයත් බලන් ඉන්නවා කැම්පස් එකේ

      Delete
    3. සියලු බාධා කම්කටලු මැඩගෙන පුසාගේ love එක විවාහයකින්ම කෙලවර වේවා. ගගක් උනත් ලස්සන බාධක හරහා ගලා බහිද්දී.

      Delete
    4. මමත් එහෙම වෙනවානම් කැමතියි ඒත් කවුද දන්නේ මොනවයින් මොනවා වෙයිද කියලා.
      පැතූ පැතුමට ස්තූතියි...

      Delete
  6. ගොඩ කාලෙකට පස්සෙ ආවා ඔයා මොනාද ලියන්නෙ බලන්න. ඔයාගෙ ලියවිල්ල නියමයි, හරිම ලස්සනයි, කියවන්න කියවන්න ආස හිතෙනව. තිබ්බ අඩුපාඩු ඔක්කම දැන් හැදිලා.

    දොඹකරේ ගැන පෝස්ට් එකක් නෙවෙයි හත අටක් ලියන්න කරුනු තියෙනව මං ගාව. මොනා කීවත්, බොලාල අයියා හරිම හිත හොඳ එකා. මම හරිම ආදරෙයි.

    මම අවුරුදු හතක් නුවර හිටිය, බොට ඒව අමතකයි නෙ? ඔයාල අයියයි ගයානුයි නුවර ඉන්න කාලෙ මම නිතර යනව ඒ දෙන්න බලන්න.

    ජය වේවා ඔක්කොටම! ලියවිල්ලනම් එළකිරි කොල්ලො, ලියහන් දිගටම :) මමත් වෙලාව තියෙන හැටියට ඇවිත් කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔයා නුවර හිටියා කියලා අමතක උනා නෙවෙයි. මම ලිව්වේ නුවර පන්ති ගිය අය ගැන. දොබකරේ ගැන නම් ඉතින් ලියන්න කොච්චර දේවල් තියේද? අයියා වටිනවා කියල දැනෙන්නේ දැන්. ආවට තුති.

      Delete
    2. ඔව් මම ඒක දන්නවා, නිකමට වගේ කීවේ. ඒ කාලෙ අපි කරපු කියපු ඔක්කොම එකින් එක මතක් වෙන්න ගත්තා (හර්ෂනී ලිඳට වැටුනු එක එහෙම ).

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මාත් ඔන්න කාලෙකින් මේ පැත්තට ගොඩ වුනා. ලියැවිල්ල නම් හොදයි. ඒක නෙවෙයි, ඔයත් ලගදි දවසක නුවර පැත්තෙ ගියා කියලා ආරංචියි.... :-D ඇත්තද ආ....

    ReplyDelete
    Replies
    1. තකහනියක්ම නුවර යන්න බැරි තත්වයක් තියෙන්නේ. මැර තර්ජන.

      Delete