මම යන එන තැන්

Wednesday, October 17, 2018

කැම්පස් එකේ උන් 3 (බෝඩිම 1 )




බෝඩිම කැම්පස් එකේ අපේ උන් එකට හිටපු බෝඩිම. 16 කින් ඇරබි අපේ බෝඩිම අන්තිම  කාලයේ  සාමාජිකයන් 50 ක් දක්වා වර්දනය උනා. හරියටම කිව්වොත් අපේ බැච් එකෙන් හතෙන් එකක් හිටියේ අපේ බෝඩිමේ. බෝඩිමේ පහසුකම් උපරිම අන්දමින් තිබුනා. 16 ටම වැසිකිලි දෙකයි, නාන කාමර දෙකයි. ඉතා කුඩා කාමරක තට්ටු ඇදන් දෙකයි. හැම අතටම කැරකෙන විදුලි පන්කවයි. දොර ලොක් කරලා තිබුනත් පයින් ගැහුවම ඇරෙන දොරකුයි. එක වර හතරදෙනෙක්ට පොතක් පතක් තියා ගන්න ඉඩක් නොමැති වගේ ඉහල පහසුකම් වලින් අපේ බෝඩිම පිරිපුන් උනා.අහ්හ් තව එකක්, එක කාමරයක විදුලි පංකාවක තිබුනේ තටු දෙකයි. අපි කටුබැද්දේ ඉන්න කාලේ අපිට නේවාසිකාගාර පහසුකම් තිබුනේ නැ. එක කැම්පස් එකේ පවතින ලොකු ගැටළුවක්. බොහෝ දුරට අවසන් වසර වල සිසුන්ට විතරයි හොස්ටල් හම්බ උනේ. NDT අපිට හොස්ටල් හම්බ උනේ දෙවන වසරේදී. පසු කාලීනව අපි දියගම කැම්පස් එකේ අලුත් කොටසට ආවා. දියගම නම් අපිට සම්පුර්ණ කාලෙදිම හොස්ටල් හම්බ උනා.කතාවෙන් කතාව කියන්න ඕනි කතාව කියන්න බැරි වෙනවා.

උපන්දා ඉදන්  ගෙවල් හතර මායිමෙන් එලිය දැකල තිබ්බේ නැති මම කොලබ ගැන අහල තිබුනේ පත්තර වලින්. කොලබ ඇවිත් තිබුනෙත් කිහිප වාරයක් පමණයි.  බෝඩිමක් හොයා ගන්න එක මට තිබුණු ලොකු ගැටළුවක්. කැම්පස් එකට එනකොට මට මම විතරක් හිටපු නිසා යම් කිසි විදිහට අසරණ වෙලා හිටියා කිව්වොත් නිවැරදි. කාලේ මට අහම්බෙන් වගේ හම්බ යාලුවෙක් නිසා මට මගේ බෝඩිම ලැබුනා. බෝඩිම සෙට් කරපු යොහාන් ගැන වෙනම ඉස්සරහදි ලියන්නම්. බෝඩිමේ මුල්ම දවස හරිම අමුතුයි. දන්නා එකෙක්වත් නැහැ. බෝඩිමේ 16 ක් හිටියා. කාමර 4 ක් තිබ්බා. දන්නා දන්නා උන් කාමර වලට සෙට් උනා. මොන කාමරයට යනවද කියල හිතා ගන්න බැරිව මන් හිටියේ. මුලින්ම සදුන්ලා ඉන්න කාමරයට යන්න ගියත් කාමරයට යනකොටම මට සෙට් වෙන්නේ නැති කමක් තිබ්බා.

ඊට පස්සේ මම ගියේ මහේෂ් හිටපු කාමරයට. වෙද්දීත් මට ගන්න වෙන කාමරයක් තිබුනේ නැහැ. මහේෂ් මුල්ම දවසේ හිටියේ අමුතුම විදිහකට. නිකන් හෙන උගත් බුද්දිමත් එකෙක් වගේ. ඔයා, මෙයා, මචෝ, බොක්ක, hu#@$ ඔන්න ඔය විදිහට මන් පොරට කතා කරන ආකාරය කාලයත් එක්ක වෙනස් උනා. බෝඩිමේ කාමර වලට අපේ උන් දා ගත්ත නම් ටිකක් තිබුණා. අපේ කාමරයට කිව්වේ සින්දු කාමරේ කියලා. ඉතින් මන් මුලින්ම කාමර සගයන් ගැන ලියන්න හිතුවා.

මුලින්ම මහේෂ්ම ගමු. මහේෂ් කියන්නේ ටිකක් අඩුවෙන් කතා කරන කොල්ලෙක්. වගේම උගේ  වැඩ කරන වේගය ගොළු බෙල්ලාගේ වේගයට වඩා ටුට්ටක් වැඩි ඇති. එත් පොර කවදාවත් එක පැවරුමක්වත් පරක්කු කරලා නැහැ.    වගේම පොර සතුව ඉතාම වටිනා රාජකීය දෙයක් තිබුනා. ගැන එක්කෝ ඕනි නැ. රත්තරන් පාට ඇදුම් අදින්න ලොකු කැමැත්තක් පොරගේ තිබ්බා. හැමදාම උදේ පහට අවදි වෙන මහේෂ්ට ලක ලෑස්ති වෙලා ඉවර වෙද්දී උදේ හත වෙනවා. තරම් පොර ස්ලෝව්. උදේ පාන්දර අවදි වීම සම්බන්දයෙන් වෙන වෙන කතන්දරත් තිබුනා.මොන විහිලුව කරත්  කිසිම වචනයක් උගේ කටෙන් පිට වෙන්නේ නැ.උගේ ෆෝන් එකේ හම වෙලේම වගේ සින්දු  දාල තිබ්බා. හේතුව නිසාම තමයි අපේ කාමරයට සින්දු කාමරේ කියන නම ලැබුනේ.

පොරගේ ගෙවල් තිබුනේ කුරුණෑගල. කුරුණෑගල වැල්ලව, වරද්දන ගම තමයි පොරගේ ගමේ උනේ. උන්ගේ හත්මුතු පරම්පරාවටම කැම්පස් එකකට ඇවිත් තියෙන්නේ පොරලු. ඉතින් ගමේ ගොඩේ නොදන්නා උන් පහේ විභාගේ ඉදන් හැම විභයක් සමත් වෙන වෙන පාරක් ගානේ මුට කතා කරනවා. කොල්ලත් ඉතින් දන්නා එකා වගේ  මෙහෙම කරන්න එහෙම කරන්න කියලා පම්පෝරි ගහනවා. කැම්පස් එන්න කලින් ලංකාවේ ප්රකට සමාගමක සේවය කරලා තිබුණු මහේෂ් හොද මුදලක් අතැතිව තමයි කැම්පස් ආවේ. කැම්පස් එකේ හම්බ උන හැම එකාම වගේ එන්න කලින් මොනා හරි ජොබ් එකක් කරලා සල්ලි හොයාගෙන තිබුනා. එහෙම කියක්වත් හොයන්නේ නැතිව කාලකන්නි විදිහට ආපු උනුත් හිටියා. එහෙම එකෙක් හමයි මමත්. මහේෂ් තුන් පාරක්ම අපොස උපෙළ විභාගයට මුහුණ දීලා තිබුනා. තේ එක හදල පොවනකම්ම බලන් ඉන්න තරම් පොර කම්මැලියෙක් උනා.එහෙම  ඉදල හුක් පදය අහගත්ත අවස්ථාවමුත් නැතුවම නොවේ . සිදු උන සෑම දෙයක්ම පාහේ vedio කරන එකත් පොරගේ වැඩක්. ඕනෑම වැදගත් වටිනා අවස්ථවක නිකට ඇත ගෑමේ කැත පුරුද්දක් පොරට තිබුනා.

මහේෂ් කියන්නේ පුදුමාකරයේ ඉවසීමක් තිබුණු එකෙක්. කොච්චර ඇනුම් පද කිව්වොත් පොරගේ සුදු පැහැති ඇග රතු පාට උනත් කවදාවත් කටින් වචන පිට කරේ නැ. කාලයකදී පොරට  සැරටම උන හදුනා. ඉතින් අපි හරි හරියට පොරට සත්කාර කරා. කන්න බොන්න ලගට ගෙනත් දුන්නා චතුරය උනත් ඔලුව කහ කහ පොර ගෙන බැලුවා. අන්තිමේදී පොරගේ අන්තිම කාලය ආවා. ඇගම රෝස පාටයි වගේම මාරම රස්නයක් තිබුනේ. අපිට කරගන්න දෙයක් නැති තැන පොර ගැන අපි අපේ අයියලාට පවා කිව්වා. හැමදාම දුකේදී සැපේදී අපිත් හිටපු අයියලා  කට්ටියක්ම අපේ බෝඩිමට මහේෂ් බලන්න ආවා. වෙලාවේ පොරගේ act එක හොදින්ම තිබුනා.  හොදින්ම පොර චරිතයට සාදාරනය ඉටු කරා. අයියලා  පොරගේ දුක සැප බලල අපේ දුක සැප බලන්නත් අමතක කරේ නැ. ඉෂාන්කයාගේ බීම දුන්න තැන ඉදන් උන දෙයක්ම පට්ටම ආතල්. අයියල බෝඩිමට ආවට අපි දුන්න බීම උගුරක්වත් බිව්වේ නැහැ. මේ තරම් සියුමැලිද සින්නන් හිතන්නටවත් බැරි නිසා කියල නොහිතුනමත් නොවේ. එදා පොර මැරුණේ   නැහැ. මැරුණා  නම් මෙහෙම කරුමයකුත් නැහැ .

 පසු කාලීනව කැම්පස් එකේම කෙල්ලෙක්  එක්ක පෙම් පටලැවිල්ලක් පටන් ගත්ත පොර තවමත්  පෙම් රස විදින අපුරු පෙම්වතෙක්. සම්බන්දය ඇතිකරලීමේ මුලික ප්රදාන කාර්යක් ඉටු කරෙත් චතුර. දෙන්න සෙට් වෙනකම්ම අනෙත් එකෙක්වත් ගැන වචනයක්වත් දැනගෙන හිටියේ නැහැ. අඩුම තරමින් බෝඩිමේ එක කාමරේ හිටපු අපිවත් දැනගෙන හිටියේ නැහැ . එක්කම බැච් එකේ භාර දුර පදවියකින්ද පොර පිදුම් ලැබුවා.

ආයෙත් ලියනකන් ඔබටත් මටත් ජය.

පසු වදන

බෝඩිම ගැන ලියනකොට ඇතැම් දේවල් මගහරින්න උනා. තවමත් කැම්පස් එක ඇතුලේ ඉන්න නිසා සමහර දේවල් ලිව්වොත් අදාළ පාර්ශවයන් අපහසුතාවයට ලක්වෙනවා. නිසා නැවතත් බෝඩිම ගැන ලියන එක කල් දන්නා හිතුවා.

සලිත
2018.10.17
10 40

2 comments:

  1. මේ මතක හරි මිහිරියි . දිගටම ලියන්න . අපිත් කැමතියි කියවන්න . සුභ පැතුම් .

    ReplyDelete
    Replies
    1. බොහොම තුති මේ පැත්තට ආවට.

      Delete