මම යන එන තැන්

Saturday, October 27, 2018

කැම්පස් එකේ උන් 5 (ලතා, රෙකා, දිගන්චි, තිවංක)



ඔන්න ආයෙත් කොටසක් ලිව්වා. යම්තාක් දුරට වැඩ සහිත කාලයක් උනත් ලිව්වා. මුල් කොටස් මග හැරුණු අය පහලින් ගිහින් බලන්න.


ඊළගට ඉන්නේ දර්ශන නොහොත් ලතා. උගේ ගෙවල් මාතලේ.  උස මහත කොල්ලෙක්. පොර කෝටිපති හිගන්නෙක්. තාත්තා රජයේ ඉහලම තැනක. අම්මත් රජයේ සේවයේ. එත් පොරට නා ගන්න සබන් කැල්ලක් නැහැ. දත් මදින්න දත් බෙහෙත් නැහැ . අනුන්ගේ කමිස තමන්ගේ වගේ අදින ගතිගුනයකුත් උට තිබුනා. අන්න වගේ ලක්ෂණ පෙන්වපු නිසා පොරට සුදුසුම නම එක. හොද පාඨමාලාවකට යන්න සුදුසු කම් තිබ්බත් පොරගේ වාසනාවකට අපිත් එක්ක ඉන්න පුළුවන්  තිබුනා. රිවස්ටන් යන්න අපේ උන්ගේ ලොකු හීනයක් තිබුනා. හීනයට තවම ලගා වෙන්න බැරි උනා. අම්මගේ බත් එක කන්නේ නැතුව ජීවත් වෙන්න අමාරුම එකෙක් තමයි දර්ශන කියන්නේ. පොර කැම්පස් එකේ ජීවිතය අරන් යන්නේ පාට් ටයිම් එකක් වගේ. දවස් දෙකක් කැම්පස් එකේ හිටියොත් දවස් පහක් ගෙදර ඉන්න පොරක්. ඇත්තෙන්ම කිව්වොත් පොරගේ ගෙදර යෑමේ පුරුද්ද නිසා බකට් එක පවා මිස් උනා.පොරගේ ඇවිදීමේ රටාවන්, කතා බහ, ප්රතිචාර දැක්වීම් ඔක්කොම කෙල්ලන්ගේ දේවල් වලට සමාන නිසා ඇතැම් අවස්ථා වල පොරගේ මාරු වෙන ස්ථානය පිළිබද අපිට ගැටළු මතු නොඋනාම නොවේ. නැටුම් තෙල් ගත්තම බොරුවට රගපාන එක පොරගේ ලක්ෂණයක්. වනිතා කටයුතු අමාත්යංශයේ අධිකාරි දුරයක් පොරට තියෙනවා. නිතරම රෙකා එක්ක ගැටුම් ඇතිකරගන්න එක පොරගේ ආතල් එකක්. කැම්පස් එකේ බෞද්ධ සංගමයේ ගරු ලේකම් තනතුර පොරට තිබුනා. ගොඩක් දුරට මේ බව කැම්පස් එකේ යාළුවන් දැන ගන්නෙත් මුල් වතාවට වෙන්න ඕනි. cricket, badminton කියන ක්රීඩාවන් වලට උගේ ඇල්මක් තිබුනා. ෆෝන් එක එක්ක සුපුනා එක්ක තරගයක් දෙන්න පුළුවන් එකෙක්ට හිටියේ පොර විතරයි. පොර නංගිට ගොඩක් ආදරේ එකෙක්. වගේම තාත්තට ගොඩක් බය එකෙක්. කොහොම උනත් හිත හොද එකා. ඕනම  දෙයක් හිනා වෙලා බාර ගන්නවා.  වගේම කුප්පියක් එහෙම දාල අපිව ගොඩ දාපු හොද පොරක් . කැම්පස් එකට  එනකොට මන් දන්නා තරමින්  වෙද නලාවක් හිමි  කෙල්ලෙක් එක්ක හුටබටයක් තිබුනා. එත් දැන් නම් හුටබටය අහවර කරලා රාජ් සේවයේ ඉන්න කෙල්ලෙක් එක්ක පෙම් සුව විදිනවා.

ඊළගට ඉන්නේ මිලාන් ජයමාල්. පොරගේ ගෙවල් රිකිල්ලකස්කඩ. ටිකක් මිටි පොරක්. මිටි උනාට ගේම ඉල්ලන්නේම පොරට වඩා හුගක් උස මහතා උන්ගෙන්. ලොකු කතා කියල  පොර වරද්දවා ගත්ත අවස්ථා නැතිවාම නොවේ.  දවසක් දුන්නු ලොකු ලයින් එකක් නිසා පැයක් දෙකක් ගස් බැදලා තිබුනා. සින්නන්ට රෙකා උණු පොරට අපිට නීල් මල්ලි උනා. නීල් මල්ලි කියන ලැබුනේ නිල නොවන සංගමයකින්. පොර බොන තැන වල  චොර වෙන එක සාමානය දෙයක්. කෝ බන් මේ රෙද්ද පොඩ්ඩක්වත් වදින්නේ නැ බන්. ඔන්න කියන පොර ඊලග ෂොට් එක දා ගන්න කලින් වැටිලා ඉවරයි. රෙකා මුලින්ම බොන අවස්ථාවක් දැක්කේ බෝඩිමේදී. එදා ෂොට් දෙක දාපු පොර එහෙමම ඇදක් උඩ නිදි. පොර ජීවතුන් අතරද කියලා නවීන් විටින් විට පොරගේ හද ගැස්ම බැලුවාලු.පොර දියගම වික්රමය මෙහෙයුමට සාර්ථකව මුහුණ දුන්නා. හදිසි අවස්ථාවක සිවිලිමෙන් පැනල ජීවිතේ බේරා ගන්නා ආකාරය පොර හොදින් කියා දුන්නා. හායි බ්රෝස්ලා වගේ හැඩ පොෂ් වදන් නිසා පොර බලු උනාමත් නොවේ. දෙවන වසරට එනකොට තමන්ගේ කාමර සගයා පවා පොර මාරු කර ගත්තා. මොනා උනත් පොර ගෙදරට ලොකු බරක් නොවී පාට ටියිම් වැඩ කරලා කොහොම  කොහොම හරි රෝල ගහ ගත්තා. දේශන වලට වැඩිපුරම සහබාගි උන එකෙක් . හැමදාම උදේ පාන්දර ඇවිත් lec යමන් කියන එක පොරගේ හොද ගතිගුණයක් . වගේම ඉගෙන ගන්න හොදට උනන්දු එකෙක්. කැම්පස් එකට එනකොට දන්නා තරමින් කෙල්ලෙක් නැහැ. තවමත් තනිකඩ කොල්ලා . කැම්පස් එකෙන් කොක්කක් ගහන්න උත්සහ කරත් පොරට එකත් කරගන්න බැරි උනා .

ඊළගට ඉන්නේ යොහාන්. පොරගේ ගෙවල් රබුක්කන. ගෙදර හිටපු එකම එකා පොර.පොර නිකන් ඉරට්ටක් වගේ. උසයි කෙට්ටුයි.ගෙදරටම ඉන්නා එකම දරුවා නිසාද කොහෙද පොර හැම නිවාඩුවකට වගේම ගෙදර ගියා. දිගම උපාංගයකට පොර හිමිකම් කිව්වා.  පොර කිව්වේ නම් කෙල්ල බලන්න යනවා කියලා එත් ඉතින් එක්කෝ ඕනි නැහැ.කවදාවත් පොරගේ පර්ස්  එකේ සල්ලි තියෙනවා මම දැකලා නැහැ. මේ බලපන්කො කියලා පර්ස් එක පෙන්වන එක පොරගේ පුරුද්දක්. කැම්පස් ජීවිතයටම සබන් කෑලි 5 ක් වගේ පොර අරන්  එන්න ඇති. පොරගේ ඇතැම් ස්නායු ඉතාම බරපතල ලෙස ක්රියාකාරිත්වය වැඩි වෙලා තිබුනා. එය කොතරම් භයානකද කියනවා නම් දවසක් පොර  බදුල්ලේ මළ ගෙදරක ගිහින් එන ගමන් කෙල්ලෙක් බලන්න බණ්ඩාරවෙලින් බැස්සා. ලෙඩේ නිසාවෙන්ම නිතර නිතර වෙන කැම්පස් ගැන කියව කියව ඉන්න එක පොරගේ පුරුද්දක්. අපේ කැම්පස් එකත් එක්ක වෙන කැම්පස් වල මානවිකාවියන් ගණන  සංසන්දනය කරමින් පොර අපිව දැනුවත් කරන එක   බෝඩිමේ කාලේ ඉදන්ම කරා. තමන්ගේ කාමරේ හැර අනුන්ගේ කාමර වල ජීවත් වෙන එක පොරගේ ගති ගුණයක්. දෙවන වසරට එනකොට තමන්ගේ කාමර සගයා පවා පොර මාරු කර ගත්තා.පොරට රගපාන එක කරන බැරි වැඩක් කියලා තේරුනේ මාෆියා සෙල්ලමේදී. සංගීතයට ප්රිය කරා . අවසානයේ කැම්පස් එකේ සින්දුවක් කියන්නත් පොර වරම් හිමි කර ගත්තා.

පොර මට ජීවිතේට අමතක කරන්න බැරි උදව්වක් කරලා තියෙනවා. මට බෝඩිමක් සෙට් කරෙත් පොරයි, දුලයි. මුලින්ම කැම්පස් එකට ලියාපදිංචි වෙන්න ආපු  දවසේ අහම්බෙන් වගේ නම්බර් එක පොර ගත්තා. කැම්පස් එන කාලේ මට තිබුණු ලොකුම ගැටලුව බෝඩිමක් හොයා ගන්න එක. ඔහොම ඉන්නකොට මට යෝහන්ගෙන් කෝල් එකක් ආවා. අපි බෝඩිමක් බැලුවා උබත් එනවද? දෙපාරක් හිතන්නේ නැතිව කෙලින්ම මන් හා කිව්වා. මොකද මට තනියම බෝඩිමක් හොයා ගන්න හැකියාවක් තිබුනේ නැහැ.   සම්බන්දව පොරටත් දුලාටත් මගේ හදපිරි මෙව්වා එක මේ අවස්ථවේදී පල කරනවා. බෝඩිමේ ගත්තු හැම ආතල් එකකටම පොර ආවා. පොර හිටපු කාමරේට කිව්වේ වැල් කාමරේ කියලා. උන්ගේ කාමරේ  සෙට් එක හැමදාම රෑ 12 විතර මොරටුමුල්ලට ගිහින් කොත්තු කෑවා. බෝඩිමේ තිබුණු කෙසෙල් කැන අතුරුදහන් කිරීමටද මුලිකත්වය පොර ගත්තා. බෝඩිමේ ආතල් එමටයි. ඉස්සරහදි ලියන්නම්කො.
අපි ගියපු හැම ගමනකට වගේම පොරත් සහබාගි උනා.පොර පාසල් කාලේ පස්සෙන් ගිය කෙල්ලත් අපේ කැම්පස් එකටම ආවා. පසුකාලීනව කෙල්ල වෙන කොල්ලෙක්ට සෙට් උනා. ඉතින් අසරණ යොහාන්ට සම්බන්දයෙන් තිබුණු බලාපොරොත්තු අත් හැර ගන්න සිද්ද උනා. කැම්පස් එකට එනකොට පොරගේ තත්වය වගේ. දන්නා තරමින් තවමත් පොරට හරි හමන් කෙල්ලෙක් නැහැ.

ඊළගට ඉන්නේ තිවංක. පොරගේ ගෙවල් අලදෙනියේ. මුල් කාලයේ මන් හිතාගෙන හිටියේ පොර තෙල්දෙණියේ කියලා. මලාට කැන්ටිමට යන්නේ නැති එකෙක්. කාට හරි සල්ලි දීල කෑම එකක් ගෙන්වා ගන්න එක උගේ පුරුද්දක්. යන යන ඕනෑම තැනක ඕනෑම ඉරියව්වකින් නිදා ගැනීමේ අපුරු හැකියාවක් පොරට තිබුනා. නින්දේ ඉන්නකොට අලිඩොන් දාලවත් පොර අවදි කරවන්න බැහැ. බත් එක කන ගමනුත් පොරට නින්ද යනවා. තරමටම හොදට නින්ද යන්න  පොරගේ මනස ගොඩක් සැහැල්ලු ඇති. ලස්සන කට හඩකට  පොර හිමිකම් කිව්වා. ඒ නිසා සින්දු කියපු හැම තැනම වගේ පොර හිටියා. අවසන් කාලයේදී කැම්පස් එකේ සින්වකුත් පොර කිව්වා. ජුබිලිය දවසේ තනියම සින්දු කියමින් පොර නටපු හැටි තවම මතකයි.හැම වෙලාවේම වගේ පොර විහිළුවක් කරලා හිනාවෙලා හිටියා. අපි ගියපු හැම ගමනකට වගේම පොරත් ආවා. අහවල් සංගමයේ සාමාජික දුරයක්ට පොරට තිබුනා. කෑල්ල බලන්න පොර නිතර නිතර කොලබ ගියා. පොර දවසක් කෙල්ලත් එක්ක සම්පත්ලගේ ගෙදරත් ගිහින් තිබුනා . අර්ඩිනෝ වැඩ වලට පොර දක්ෂයා.  අවසන් කාලයේදී සම්බන්දිකාරක වැඩ කටයුත්තකුත් පොර කරා. ආයෙත් ජීවිතේට සම්බන්දිකරන කටයුතු කරන්නේ නැ කියල පොර කිහිප වතාවක් කියල තියෙනවා.

කැම්පස් එකේ විභාග කටයුතු නිසා මේ දවස් වල එක දිගට ලියන්න වෙන්නේ නැහැ. මේ කොටසත් දවස් ගණනක මහන්සියක්. හැකි ඉක්මනින් ඉතිරියත් ලියන්නම්. එතකන් ඔබටත් මටත් ජය.

සලිත.
2018.10.28
පෙ 00 31

4 comments:

  1. ස්තූතියි ඉතිරි කොටස ඉක්මනින්ම ලිව්වට. මගේ රූමිත් ඔන්න ඔය දර්ශන වගේ තමයි. හැබැයි එයා ලගින් නම් හැමදේම තිබුණා. ඒත් මොනවා හරි ඕනෙ වුණාම කාගෙන් හරි ඉල්ලගෙන තමයි පාවිච්චි කලේ.

    ඕං එහෙනම් අපිත් විභාගයට සුභ පැතුවා. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඉතිරි කොටසුත් ඉක්මනින් දාන්නම්. බොහොම තුති සුබ පැතුම් වලට.

      Delete