මම යන එන තැන්

Thursday, November 1, 2018

කැම්පස් එකේ උන් 6




කැම්පස් එකෙන් එලියට යන දවස තව තවත් ලංවෙලා.එත් අපේ උන්ට එකේ ගානක් නැහැ වගේ. විභාගය කුප්පි මේ වගේ දේවල් වලින් ගැන හිතන්නවත් අපේ උන්ට වෙලාවක් නැහැ. ඔක්කොම වගේ ගොඩක් වැඩ කරනවා. තියෙන පීඩනය නිසාද කොහෙද අපේ උන්ට ඉක්මනින් කේන්ති යනවා. ඔන්න ඔහොමයි බොලන් වත්මන් තත්වය. වැඩ ගොඩක් තිබුනත් හැකි විදිහට මේ ටික ලියන්න ඕනි. මුල් කොටස් මිස් උන අය පහලින් ගිහින් බලන්න.


ඊළගට ඉන්න එකා ගැන ලියන එක ප්රශ්නයක්. එකට හේතුව ඊළගට ඉන්නේ කෙල්ලෙක්. උබ උබේ කෙල්ල ගැනවත් ලියන්නේ නැතිව වෙන උන් ගැන ලියනවද කියන ගැටලුවට උත්තරයක් හොයා ගන්න එක මට අමාරු උනා.මෙහෙම එකක් ලියන්න ඉන්නේ එහෙමයි මෙහෙමයි කියලා කිව්වට පස්සේ හා කමක් නැහැ කිව්වත්, මන් ගැනත් ඉක්මනින් ලියපන් කියල හිතෙන එයා  හිතන්න ඇති.

ඔන්න ඉතින් ඊලග ඒකිට යමු. එයා වෙරෝනිකා. ගෙවල් ජා ඇල. අපේ සෙට් එකටම හිටපු ලා බාලතම කෙල්ල එයා. කොල්ලෝ බහුතරයක් ඉන්න අපේ කැම්පස් එකේ ඒකිගේ හද ගන්න එකෙක් දෙන්නෙක් නෙවෙයි ගොඩක් උන් උත්සහ කරා. කටකතා වල හැටියට උත්සහවන්තයන් 27 ක් ලු. අපි නම් ගැන දන්නේ නැහැ. මුලදී ටිකක් අඩුවෙන් අපි එක්ක කතා බහ කරත් කාලය ගත වෙද්දී ගතිගුණ ගොඩක් වෙනස් උනා. ටිකක් පොෂ් කතා බහක් වෙරෝනිකට පිහිටලා තිබුනා සමහරවිට ගිය ඉස්කෝලේ නිසා වෙන්න ඇති. කැම්පස් එකේදී හැම දෙයකටම වහේ එකී සහබාගි උනා. සින්දු කියන්න, නටන්න, ක්රීඩා කටයුතු, ඉගනීම වගේ හැම දෙයකටම සහබාගි උනා. බනිසා එක්ක හිත හිරි වැටුනාදෝ කියන සින්දුව කියපු හැටි  අමතක කරන බැහැ.     වෙරෝනිකා කොල්ලොත් එක්ක තරගයටත්  badminton ගැහුවා. පළමු වසරේ ප්රතිපල වලින් බැච් එකේ ඉහල තැනක් ගන්නත් හැකි උනා.   කොටින්ම කිව්වොත් all rounder කෙනෙක්. නිතරම සිරාවටම. සිරියස්ලි කියන එක ඒකිගේ ශබ්ද කෝෂයේ තිබුනා. මන් දන්නා තරමින් කිසිම දේශපාලන පක්ෂයක ලැදි බවක්  තිබුනේ නැහැ .  සමාජ මට්ටම පිලිබදව දවසක් අපේ කොල්ලෙක්ට පාඩමක් පවා කියල දීල තිබුනා. පළමු වසරේදී බැච් එකම ගොඩ දාන්න එකී ලොකු ගේමක් ගැහුවා. අපිට කුප්පියක් එහෙම දාල අපිට ගොඩ යන්නත් පොඩි සප් එකක් දුන්නා. හොදින්ම දන්නා එකෙක් එකී නිසා හැදුනු බව දන්නවා. ඒවා එක්කෝ ඕනිත් නැහැ අපිත් ගිය ගමන් වලට එකතු උනේම නැහැ ඇහුවම කිව්වේ ගෙදරින් අවුල් කියලා. කැම්පස් එකට එනකොටත් කොල්ලෙක් හිටියේ නැහැ දැනටත් නැහැ . ගෙදරින් හොයල දෙන එකක් බදිනවලු.

ඊළගට ලිස්ට්  ඉන්න කෙනා ගැන ලියන්න එපා කියල කියපු නිසා ලියන්න ආසාවෙන් හිටියත් ලියන්නේ නැහැ. පසු කාලෙකදී හරි ලියන්න බලමු. දැන් ලියන්නේ ලිස්ට් එකේ අනිත් පොර ගැන. පොර සචින්. ගෙවල් කුලියාපිටියේ. ටිකක් අඩුවෙන් කතා කරන පොරක්. හොද ශක්තියක් තිබුණු එකෙක්. මරාට පිට්ටනිය පැත්තට ආපු නැති එකෙක්. ලේසියෙන් කාමරෙන් එලියට බැස්සෙත් නැහැ . ලේසියෙන් වචනයක් පිට කරෙත් නැහැ . පොරට හොද laptop එකක් තිබ්බා. එකෙන් ගේම් ගහන්න පොර පුරුදු වෙලා හිටියා. කුලියාපිටියේ එකෙක්ම පොරගේ කාමර සගයා උනා. දේශන තියෙන දවස් වල ගෙදර ගෙදර දුවන දේශන නැති දවස් වල කැම්පස් එකේ ඉන්න අමුතුම තාලයේ එකෙක් තමයි සචින්. කළු බැනියමක් අදින පොරගේ ලක්ෂණයක්. ගහට පොත්ත වගේ පොරගේ කළු බැනියම පොරත් එක්ක ඇලිලා තිබුනා. පොරගේ කළු බැනියම පොරට පැරණි චිත්රපටි වල ඉන්න චන්ඩියාගේ පෙනුම ගෙනත් දුන්නා. චන්ඩි අයියා, නිෂාර අයියා, සමන්මලී නංගි කියන මේ දේවල් වලින් මුහුණු පොත හරහා අවසන් කාලයේදී පොර සෑහෙන ලෙස පිඩා වින්දා. මම මේ කැම්පස් එකේ හිටපු කාලයටම පොර නානවා දැකල නැහැ. උන්ගේ කාමරය කියන්නේ තිබුණු පිරිසිදුම කාමර වලින් එකක්. බත් එකක් කෑවත් කෑම කොලේ ඇද යට තරම් උන්ගේ කාමරේ පිරිසිදුයි. සුවදවත්ම කාමර වල ඉහල ස්ථානයක උන්ගේ කාමරේ තිබුනා. වාහන ගැන යම් දැනුමක් පොරට තිබුනා. මටත් ගැන කියලා තියෙනවා. කැම්පස් එකට එනකොට කෙල්ලෙක් හිටියද දන්නේ නම් නැහැ. නිල නොවන ආරංචි නම්  සමන්මලී නංගි කියල කෙල්ලෙක් පොරගේ කුඩුවට ඇවිත්ලු.

ඊළගට ඉන්නේ බුද්දිම. උන්ගේ ගෙවල් නාත්තන්ඩියේ. මොකක් හරි කතාවක් යනකොට කතාවට කිසි ලෙසකින් අදාළ නොවන කතාවක් කියන එක පොරගේ ලක්ෂණයක්. මුල් කාලයේ බුද්දිම textile නාත්තන්ඩිය උන පොර පසු කාලීනව නැවත පෙර තත්වයට පත් උනා.  පොරට අනුව ඇතැම් තැන් වලදී පොර කියපු නිසා වෙන්න තිබුණු  වැරදි දේවල් වැළකිලා තිබුනා. මනා ආහාර පිසීමේ හැකියාවක් පොරට තිබේ. අපේ කෙල්ලන්ටත් වඩා හොදින් ආහාර පිසීමට පොරට හැකියාවක් ඇත. මචන් අද නැන්දලා ගෙදර කැවුම් හදනවා එහෙ උදව්වට යනවා බන්. වගේ දේවල් පොරගෙන් අහන්න ලැබුනා. දානේ ගෙවල් වල උයන පිහන දවස් වලට පොරගේ දායකත්වය හොදින්ම තියෙන්න ඇති.ශාලිතලගේ ගෙදර ගමන් අවසන් උනේ බුද්දිමලගේ ගෙදරින්. පොර සංචාරය අතරතුර ගමන  නතර කරලා ගියේ අපිට හොදට උයන්න ඕනි කියලා. ගංවතුර සහනාදාර දෙන්න ගිහිමුත් උන්ගේ ගෙදර මම ගිහින් තියෙනවා. ගමන් වලදී අපිට හොදින් සංග්රහ කරා. ඒවාට මේ අවස්ථාවේදී හදවතේ මෙව්වා එක ප්රකාශ කරනවා.  ඕනෑම ගන්දයක් ඉවසීමට  පොරට උගේ රූමා පුරුදු කරවව්වා. පළමු වසරේ උන්ගේ කාමරේ ලගින් යනකොට ආපු සුවද උපමා කරන්නත් දෙයක් නැහැ. සමහරවිට බුද්දිම textile නාත්තන්ඩිය වෙන්නත් හේතුව කාමරේ ගද වෙන්න ඇති. වගේ ගද කාමරයක මිනිහෙක්ට ජීවත් වෙන්න අමාරුයි.

මුල් කාලයේ අක්ක කෙනෙක් හුරතල් කරා. පොර කිව්වේ නම් මගේ පස්සෙන් එනවා කියලා. එත් ඇත්ත දන්නේ දන්නේ පොරම තමයි. මේ වගේ කරදරයක් ගයනු සයන්නටත් තිබ්බද කොහෙද, රෙපාගේ කාමර සගයා වෙලා පොර රෙපාට අනගි සහයක් උනා කිව්වොත් නිවැරදි. පොර මලල ක්රීඩා කටයුතු වල නිරත උනා. තනියම උනත් පුහුණුවීම් කරා. තවත් එකෙක් දෙන්නෙක් ඇදගෙන යන්න පොර උත්සහ කරා. පසු කාලීනව කටුබැද්දේ තරග පුහුණුවීම් වලට යන මුවාවෙන්  වෙනත් ඉසව්වක් පුහුණු වෙන්න නිතර නිතර කටුබැද්දේ ගියා. ගෙදර ගියාම ලොකු බත් එකක් ගෙන එක පොරගේ ගතියක්. කොල්ලොන්ට කන්න බොන්න දෙන හොද ගතිගුනත් පොරට තිබුනා. පළමු වසරේ මන් පොරගෙන් පාඩමක් ගොඩ දා ගත්තා. නිතරම බ්ලොග් ලියන්න මාව දිරිමත් කරන එකෙක් තමයි බුද්දිම. කැම්පස් එනකොට කෙල්ලෙක් හිටියද කොහෙද. දැන් නම් කෙල්ල වෙනස් වෙලා TCP එකේ කෙල්ලෙක් එක්ක පෙම් පටහිල්ලවක් තියෙනවා. උන්ගේ කුඩුවට මාගේ උණුසුම් සුබ  පැතුම්.

පසු සටහන
විභාගය, කුප්පි වගේ වැඩ නිසා මේ පොස්ට් එක පියවර කිහිපයකින් කොටස් වශයෙන් ලිව්වා. බොහෝ දුරට විභාගය අවසන් කරලා ඉතිරි කොටස් ලියාවි. එතෙක් මටත් ඔබටත් ජය.

සලිත
2018.11.01
2 52

2 comments:

  1. මට නම් Textile and clothing සුන්දර මතක ගොඩක් විසිරිලා අන්තිමට අමිහිරි වෙච්ච තැනක්

    ReplyDelete
    Replies
    1. ඔබගේ බ්ලොග් එක කියවල තියෙනවා.

      Delete