මම යන එන තැන්

Monday, May 20, 2019

කැම්පස් එකේ උන් 11




දැන් කට්ටියම ටිකක් කාර්ය බහුල වෙලා. ඔක්කොම දැන් ඉන්නේ ට්රේනින්. ට්රේනින් අතරතුර පසන්ට, අසංකට ශිරන්ට ඩෙංගු  හැදුනා. ට්රේනින් යන අතරතුර ආයෙත් පරණ මතකයන් හිතට වැඩ දෙනවා. ගෙදර ගිහින් එනකොට හෝමාගම නගරය පහු කරද්දී එන්නෙත් වචනයෙන් කියාගන්න බැරි අමුතුම හැගීමක්. කැම්පස් එකේ ආතල් එක වැඩිපුරම දැනෙන්නේ එකෙන් පිට ඉන්නකොට.දැන් 8-5 ජීවිතයක හිටියට කාලේ හිතුනු වෙලාවට හිතුනු හිතුනු දේවල් කරපු අපි ගැන මතක් වෙනකොටත් නිකන් මොකක්ද වගේ.  අන්තිමේදී බෝඩිමක තනි උන මටත්  මතක් කරන්න තියෙන්නේ මතකයන් විතරයි. කොහොම නමුත් දැන් ජීවිතය ඉවරයි. මතකයන් අලුත් කර ගමු.

මෙතෙක් කතාව මිස් උන මෙතනින් රිංගන්න.



අද ලියන්න තියෙන්නේ කල්හාර ගැන. උන්ගේ ගෙවල් නුවර හාරගම. අම්මා ගුරුවරියක් තාත්තා තැපැල් සේවයේ වැඩ කරන්නේ. මල්ලි කෙනෙක් ඉන්නේ පොරට. කැම්පස් එකෙන් මුලින්ම ෆිට් උන එකෙක් තමයි පොර.  කල්හාර කියන්නේ අනිත් උන් ගැන තබයක තරම්වත් විස්වාසයක් තිබ්බේ නැති එකෙක්. බාත් රූම් එකට ගියත් කාමරේ දොරයි කබඩ් එකේ දොරයි ලොක් කරලා යන තරමට පොරට  අපි ගැන විස්වාසය තිබ්බා. පොරට විස්වාසයක් තිබුන එකම එකා සම්පත්. උන් දෙන්නගේ අසමගියක් තිබ්බේ ෆෑන් එකට විතරයි. හැමදාම උදේට බාත් රූම් එකේ ඉදන් බොක කල්පනාවේ යෙදෙන එක පොරගේ ගතියක්. වැඩක් කරනකොට අන්තිම මොහොතේ කලබල වෙන එකත්  පොරගේ ගතියක්. කොල්ලෝ සින්දු කියනකොට උඩ බලාගෙන එක අතක් උස්සගෙන සින්දු කියන කල්හාර සමහර සින්දු කිව්වේ උගේ හදවතේ හිටපු .....යා  කෙල්ලට.  බුකියත් එක්ක කෙල්ලන් සම්බන්ද කර ගන්න පොරට අමුතු හැකියාවක්  තිබ්බා. වගේම  සැනසවීමේ ලොකු හැකියාවකුත් පොරට තිබ්බා. කැම්පස් එකේ රටේ ලෝකේ වෙන හැම දෙයක් ගැනම පොරට අදහසක් තිබ්බා. එක ගොඩක් උන් දන්නෙත් නැහැ.

උගේ කෑම අනිත් උන් කයි කියලා පොර හැමදාම කන්න ගියේ තනියම. කඩචෝරු කන උගේ පුරුද්දක්. වැඩිපුරම කන බොන ජාති තිබ්බෙත් පොරගේ  කබඩ් එකේ.  එත් පොරගෙන් බිස්කට් එකක්වත් කෑවේ එහෙමත් එකෙක්. හැම දෙයක් ගැනම ඕනවට වඩා හිතන එකත් උගේ ගතියක්.  හැමදාම බෙහෙත් අහුරක් බිව්වෙත්   නිසා වෙන්න ඇති. හදිසි අවස්ථාවක ක්රියා කිරීම පිළිබද වැඩසටහනකටත් පොර සක්රියව දායක උනා. මෙහෙයුම අතරතුර " මට බෝකක් දාන්න යන්න ඕනි දොර ඇරපන්" කියලා මෙහෙයුම අතහරින්න ගියත් රෙකා එකට ඉඩ දුන්නේ නැ . සුපුනගේ ගුණ ගායනා කරන්නත් පොර අමතක කරේ නැහැ.  බැඩ්මින්ටන්, ක්රිකට්  ගහන්න පොර නිතරම  ආවා. නුවර ගියපු ගමනේදී උන්ගේ ගෙදරින් ලැබුණු සත්කාරත් අමතක කරන්න බැ.  ගියපු හැම ට්රිප් එකකට වගේම පොරත් සහබාගි උනා. දන්නා තරමින් එනකොට කෙල්ලෙක් හිටියේ නෑ .  තවම නැතුව ඇති.

ඊළගට ඉන්නේ මෙනුෂ. උන්ගේ ගෙවල් ගාල්ලේ හපුගල. උන්ගේ අම්මා විශාමික හෙද නිලදරිනියක්. තාත්ත නම් ජීවතුන් අතර නැහැ. පොරට අක්කලා තුන් දෙනෙක් ඉන්නවා. එක අක්කා කෙනෙක් ජාතික මට්ටමේ ක්රීඩිකාවක්. ජාතික කණ්ඩායම පවා උන්ගේ අක්කා අවූරුදු ගානක් නියෝජනය කරාලු. පවුලේ පිරිමි දරුවා නිසා පොර ගෙදර වැඩ කටයුතු ඔක්කොටම වගේ යනවා එනවා. කොටින්ම  කිව්වොත් ගෙදරට සතියට ඕනි බදු ටික ගෙන්න පොර කැම්පස් එකේ ඉදන් ගෙදර යනවා. කැම්පස් එන කාලේ නම් පොර අපේ රටේ එකෙක්. කාලයාගේ ඇවෑමෙන් උන් අල්ලපු රටේ උනා. අල්ලපු රටේ උනාට අල්ලපු රටේ උන්ගේ තිබුණු ගතිගුණ පොරට තිබ්බේ අඩුවෙන්.  කොත්තු කන්න වැඩිපුර ආසාවක් තියෙන පොර හොදම කොත්තුව කෑවේ කටුබැද්ද හන්දියේ කඩෙන් . කොත්තු කාලා මුහුණු පොත පාවා රසවත් කරන්න පොරට වරක් හැකියාවක් ලැබුණා. කොත්තුත් කාලා සින්නන්ගෙන් අතුරුපසත් කාපු එකෙක් තමයි පොර.

හාල්මස්සෙක් වගේ හිටියට පොර  ජිම් ගියා. පොර ක්රිකට් ක්රීඩාවට උපන් හපනෙක්. වැඩිම කැමති පන්දු යවන්න. අසනි මැච් එකේදී වාර්තා පිට වාර්තා පොර තිබ්බා. තියපු වාර්තා වලට ආඩම්බරකමෙන් දවසක් දෙකක් යනකන් පොර අපිත් එක්ක හරියට කතා බහක් කරෙත් නැ . බැඩ්මින්ටන් ගහන්නත් පොර නිතර නිතර ආවා. සෙල්ලම් කරන්න ඇවිත් පොර කකුලත් කඩා ගත්තා. නිසා පොරට සතියක් දෙකක් යනකන් කැම්පස් එන්නත් බැරි උනා. ඇත්තෙන්ම කිව්වොත් උගේ කකුලට කෙල උනේ මාත් එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට. නිසාවෙන් පොරට  හිතැති උන් මාත් එක්ක එසමයෙහි  අමනාප වෙලත් හිටියා. ජුන්නන්ගේ අහවල් කාලයේදී කොන්ඩේ මුහුණට එන ලෙඩක් පොරට තිබ්බා. නිසාවෙන් නම් පවා පට බැදුනා.එත් දැන් නම් එහෙම ලෙඩක් නැහැ . පළාතේ තියෙන හොදට සැලෝන් එකෙන් කොන්ඩේ කපන එක උගේ පුරුද්දක්.  අයන් එකට බෝර දාපු ප්රසිද්ද කතාවත් පොරක් එක්ක සම්බන්දයි. නැටුම් තෙල් ගත්තම ආතල් දෙන එක උගේ ගතියක්. වගේ වෙලාවට සංගීත බඩු හොයන එකත් උගේ ගතියක්. ගියපු හැම ට්රිප් එකකට වගේම පොර ආවා. පොර වැඩිපුරම කැමති උනේ බබරකන්ද ගමනට. ඔය ඔක්කොම වැඩ අස්සේ පොර ඉගෙන ගන්න එකත් හොදට කරා. හොදට ලකුණුත් තිබ්බා. උන්ගේ ගෙදර ගියාම ගෙවල් වලින් හොද  සත්කාරත් ලැබුනා. හාල්මස්සා වගේ හිටියට පොරට හිත ගියේ තල්මස්සුන්ට. උගෙන් කෙල්ලන්ට කෙසේ වෙතත්  එක්කෝ ඕනි නැ. කැම්පස් එනකොට නම් පොරට කෙල්ලෙක් හිටියද කොහෙද පස්සේ එක නතර උනා. කැම්පස් එකෙන් යනකන් කෙල්ලෙක් හිටියේ නැහැ. එත් දැන් නම් කොල්ලා ගොඩ යන්න වගේ යන්නේ.

ඊළගට ඉන්නේ  ගයත. උන්ගේ ගෙවල් රාගම. ගෙදර දොර විස්තර නම් ඇත්තෙන්ම අමතකයි. පොර  කැම්පස් එකේ හිටපු හොද කොල්ලෙක්.  ඇක පැත්තට වැඩියෙන් යොමු උන එකෙක්. පොරට ගෙදර වගේ තිබ්බේ බැංකුව.නිවාඩුවක් හම්බ උනොත්  බැංකුවේ අක්කලා ටිකට උදව් කරන්න පොර දුවන්නේ බැංකුවට. බැංකුවේ ආතල් ගැන වැඩිහරියක් දැනගත්තේ උගෙන්. සතියක් නෑර පොරට බැංකුවේ උන්ගෙන් පාටි වලට ආරාදනා හම්බ වෙනවා. නැටුම් තෙල්  හොදටම ගන්න එකෙක් උනත් කැම්පස් එකේ ඉදන් වැඩිපුර වගේ අවස්ථා වලට සෙට් උනේ  නැ. පළමු වසරේදී මෙන්ම දෙවන වසරෙදි අතිශය හිංසනයට පොර උගේ රූමා නිසා ලක් උනා.

සින්දු කියන්න පොරට හොද හැකියාවක් තිබ්බා. දවසක් රෑ වෙනකන් කිව්ව පොරගේ ආදර කතාව නම් අමතක කරන්න බැහැ .පිට්ටනිය පැත්තේ නම් පොර දැක්කෙම නැති තරම්. ජිම් එකටත් ආවේ නැති තරම්. ගියපු ට්රිප් වලටත් පොර ආවේ අඩුවෙන්. ඉන්කෝ එකේදී පොරත් එක්ක ගහපු ගේම අමතක වෙන්නේ නැහැ.  පොර ඇක දැම්මට අපිටත් කුප්පියක් එහෙම දාල අපිවත් ගොඩ දැම්මා. පොර කැම්පස් එනකොට කෙල්ලෙක් හිටියට කියන්න හරියටම දන්නේ නම් නැහැ. කුරුණෑගල පැත්තට සින්න වෙන්න ගියත් අන්තිමේදී උන්ගේ පැත්තේම කෙල්ලෙක් එක්ක පොර සෙට් උනා. උන් දෙන්නටත් මගේ උණුසුම් සුබ පැතුම්.
අදට නතර කරනවා. ආයෙත් ලියනකන් ඔබටත් මටත් ජය.
. ලි
තිබුණු වැඩ කටයුතු නිසා ලියන්න බැරි උනා. එත් පටන් ගත්තු කතාව කොහොම හරි ලියල ඉවර කරනවා.

සලිත .
2019.05.20
10 05.

1 comment:

  1. මේ බැංකුව කියලා අදහස් කලේ කැම්පස් එක ඇතුලේ බ්‍රාන්ච් එකද?
    අක්කලට උදව් කරන්න බැංකුවට යනවා කියන්නේ වූ බැංකුවේ ආතල් හොදටම දන්න එකෙක්

    ReplyDelete