මම යන එන තැන්

Monday, February 25, 2019

කැම්පස් එකේ උන් 10



අපේ සමහර උන් දැන් වැඩට ගිහින්. තවත් ගෙදරට වෙලා ඉන්නේ කිහිපදෙනයි. මටත් වැඩ පටන් ගන්න තව කල් තියෙන නිසා ගෙදරට වෙලා ඉන්න වාසනාවක් තිබුනා. ඉතින් පුළුවන් තරමක් මේ කාලෙදිම මන් ලියනවා. මුල් කොටස් මගහැරුණ අය පහරින් ගිහින් බලන්න.

කැම්පස් එකේ උන් 1 

කැම්පස් එකේ උන්  9

ඊළගට ඉන්නේ හිමයා. ඒකිගේ ගෙවල් තිබුනේ මාතර කනත්තගොඩ. සුල්තානාගොඩ කියලත් කියනවා. ලැබීම බස් එකේ ගිහිල්ලා අත  ගහපු හන්දිය වල්ගම පහු කරලා තමයි උන්ගේ ගමට යන්නේ. උන්ගේ ගමට නම් දැම්මේ මොන නැකතකින්ද කියල හිතා ගන්නවත්  බැ. උන්ගේ අම්මයි තාත්තයි දෙන්නම රජයේ සේවකයෝ. අක්කල දෙන්නෙක් ඉන්නවා. හිමයා කියන්නේ හරිම හිත හොද කෙල්ලෙක්. අන්තිම දවසේ කොල්ලෝගෙන් ඒකිට බත් කටවල්  පවා හම්බ උනේ නිසා වෙන්න ඇති. හැම දේශනයකටම වගේ එකී සහබාගි උනා. එත් ලොකුම අරමුණ සයින් ටික ගහන එක. 40 හේම වගේ අත්සන් ඔක්කොම වගේ ඒකිට මතකයි.ඉල්ලන ඕන උදව්වක් එකී අනිවාර්යයෙන්ම වගේ කරනවා.එකම කොස් වරක් එක තුන් පාරක් විතර ගැහුවෙත් ඒකිගේ තිබුණු හොද කමට. දවසට එක පාරක්වත් අඩන එක ඒකිගේ ගතියක්. අඩනාවටත් වඩා ඒකිව අඩවනවා. මෝඩයි මෝඩයි කිව්වට එකී පළමු වසරේ ප්රතිපල වලින් ඉහල ලෙස සමත් වෙලත් තිබ්බා.

පාසල ගැන ඉමහත් අබිමනයක් ඒකිට තිබ්බා. එත් උන්ගේ ඉස්කෝලේ ගැන අපි එකිගෙන්ම මැන  ගත්තා. දැල් පන්දු ක්රීඩාවට වඩාත් ප්රිය කරපු හිමයා කිහිප වරක්ම අපේ කැම්පස්  නියෝජනය කරමින් තරග වල ඉදිරිපත් උනා. දක්ෂ නර්තන හැකියාවකින් යුත්ත හිමයා ගේට් එකේ නර්තනයෙන් ඇයගේ හැකියවන් ලොවට  පෙන්නුවා. කුඩා කල ඉදන් හිස වම දකුණට සෙලවෙමේ රෝගයක් තිබුනත් කැම්පස් එකේ ඉදන් රෝගය සුවපත් කර ගත්තා. PLC පන්තියේ ඉදන් හිමයාගේ ලැප් එකට දරුණු වයිරස් එකක් ගියා. ලැප් එකේ සම්පුර්ණ පාලනය  වයිරස් එකෙන් සිදු කරා.කැම්පස් ජීවිතය තුල මරණාසන්න අවස්ථා  කිහිපයකින්  එකී බේරුනා. බෝබුරු ඇල්ලේ දවසක් මැරෙන්න ගියා බේරාගත්තේ කසුන්. අවුරුදු  උත්සවේ දවසෙත් අට්ටාලයෙන් බිමට වැටිලා මැරෙන්න ගියා. එකෙන් බේරුනෙත් අමාරුවෙන්හැම වෙලාවකම වගේ කොල්ලොත් එක්ක  එකී හිටියා. බෝල ගහන්න ගියත්  එක දිහා ඇවිල්ල බලන් හිටියා. එහෙම ආවේ නම් රුවන්තිගේ බලකිරීමට වෙන්න ඕනි. සහජීවනය අගය කරපු හිමයා අන්  ආගමිකන් එක්ක බලවත් සම්බන්දතා පවත්වව්වාහිමයා ඇයගේ අනසක තමන්ගේ ෆ්ල්ඩ් එක හැරුනම සිවිල් වගේ ෆ්ල්ඩ් වලටත් පැතිරුවා.අපිත්  එක්ක ගියපු හැම චාරිකාවකටම වගේ එකිත් සහබාගි උනා.ඒකිගේ නිවුන් සහෝදරිය  හරහා උන්ගේ පවුලට සෙට් වෙන්න කිහිප දෙනෙක් උත්සහ කරත් එකට එකී ඉඩ දුන්නේ නැහැ . ඒකිට කොල්ලෙක් එනකොට හිටියෙත් නැහැ. දැමුත්  නැහැ 


ඊළගට ඉන්නේ ශිරාන්.උන්ගේ ගෙවල් මාලබේ. තාත්තා හමුදාවේ. අම්මා නම්  ජොබ් එකක් කරන්නේ නැ. පොරට හිටියේ අක්ක කෙනෙක්. ශිරාන් කියන්නේ පාට් ටයිම් කැම්පස් එකේ වැඩේ කරන ගමන් ෆුල් ටයිම් ක්රිකට් ගහපු එකෙක්. නිසාම පොර වැඩිපුර කැම්පස් එකේ හිටියේ නැහැ. ඕනිම  දේශනයකට හැරෙන්න පොර දේශන  වලට සහබාගි උනේ හරි අඩුවෙන්.පොරට  80% අරන් දෙන්න ගොඩක්ම මහන්සි උනේ හිමයා. පොරට විතරක් නෙවෙයි හිමයා ගොඩක් උන්ට 80% හදා ගන්න උදව් කරාකොස් වරක් වල අන්තිමේට වගේ වැඩ ඉවර කරන්නෙත් පොරශිරානුත් හමුදාව හරහා අපේ පාටමලවට ඇතුළු උන පොරක්. කෑම්ප් එක පාවා දීලා පොර අහවල් කාලයේදී ගොඩක් තැන්  වලදී බේරුනා. වගේම පොරට ගොඩක් දේවල් නිසා මිස් උනා.ලොකු ලොකු පින්කම් ගොඩකට පොර සෙට් වෙලා තියෙනවා. පොරගේ අවයව පවා දැන් දීලයි තියෙන්නේ. වෙරළු හැදෙන කාලෙට පොර වෙරළු අච්චාරු අපිට ගෙනත් දුන්නා. සැර කිසිවක් පානය නොකරන පොර ඉද  හිට පොඩි බියර් එකකට විතරක් සෙට් උනා.

නිතරම වගේ පොර කැම්පස් එකට ආවේ ගියේ කාර් එකකින්. පොර මාවත් කිහිපවරක් හෝමාගමට ගිහින් දාලත් තියෙනවා. කාර්    එකෙන් uber දුවලා පොර සල්ලිත්  කරා. බයික් එකේ සයිඩ් කන්නාඩිය නැති වෙලා ඒක හොයා ගන්න පොරට ඩිරා ලගටත් යන්න උනා. පොර හොස්ටෙල් ඉන්න දවසට ඩුබායි කුමාරි අක්කට නොදෙවෙනි කටහඩකින් සින්දු කිව්වා. ශිරාන් උබ සුපර් ස්ටාර් පලයන් අපි උබට sms ගහන්නම් කියන තරමට පොර ලස්සනට සින්දු කිව්වා.උගේ කකුල් දෙක දර්පනයක් වගේ හැම වෙලේම දිලිසුනා.හැමදාම වගේ මැච් ගහනකොට පොර පිට්ටනියේ හිටියා. අසනී මැච් එකේදී උගේ දක්ෂතා මැනවින් පෙන්වලා පොර අතකුත් කඩා ගත්තා. මැච් එකේදී හෙට්ටියා වගේම මෙනුෂත් හොදින් දස්කම් පෙන්නුවා.අපිත් එක ගිය ට්රිප් වලට පොර සහබාගි උනේ හරිම අඩුවෙන්. පොරට ලස්සන ආදර කතාවක් ඇති. සම්පත්ල ගෙදර ගිහින් රෑ දොළහට කඩුපුල් මලක් පවා පොර කෙල්ලගේ උපන්දිනයට පූජා කරා.

ඊළගට ඉන්නේ සෝමේ. උන්ගේ ගෙවල් කලවානේ. අම්මයි තාත්තයි දෙන්නම ගොවිතැන් කරන්නේ. සහෝදර සහෝදරියන් නම් මතක නැහැ. ගංවතුර නිසා පොත් ගහගෙන ගිහින් එක පාරක් උසස් පෙළ කරන්න බැරි වෙලා ඊලග පාර උසස් පෙළ කරලා බොහොම උත්සාහයෙන් කැම්පස් ආපු එකෙක්. ශිරාන් ෆුල් ටයිම්  ක්රිකට් ගහනවා වගේම සොමේත් ෆුල් ටයිම් කරේ එක එක බිස්නස්. ගංවතුර  ආධාර විකුණා බිස්නස් කරන්න පටන් ගත්තු සෝමේ කවදා හෝ අපේ කැම්පස් එකෙන් බිහිවෙන ඊලග දම්මික පෙරේරා වෙනවා නොඅනුමානයි. සැම දෙයක්ම වගේ පොර දැක්කේ බිස්නස් කෝණයෙන්. කැම්පස් එකේ අපි බොන තේ එකට තේ කොළ සපයන්නෙත් සෝමේ. කැම්පස් එක වටේ තියෙන හැම කඩයකම වගේ  තියෙන්නේ සෝමේ තේ. අන්තිම කාලේ පොර පොත් බිස්නස් එකකුත් කරා. අපිට නම් පොත් දුන්නේ කිසිම ලාබයක් තියා ගෙන  නෙවෙයි. එකට අපේ උපහාරය.

හොස්ටෙල් එකේ අනිත් උන්ගේ කාමර වල තිබුණු දේවල් සෝමේගේ කාමරයට ඇවිදගෙන වගේ යනවා. ගොඩක් නැති වෙන බඩු හම්බ උනේ පොරගේ කාමරේ තිබිලා. කාඩ් එකකට අත්පොඩි ගහපු එකම කාඩ් එක සෝමේ වෙන්න ඕනි. අවුරුදු  උත්සවේ  අපේ නම තියන්න ග්රීස් ගහේ කොඩිය ගැහුවෙත් පොර තමයි. රයිස් කන්න විශාල කැමැත්තක් පොරට තිබුනා. "ඇන්ටි රයිස් එකක් කියද" " මගේ කන් ඇහෙනවා පුතා" සෝමේ කැන්ටිමෙන් බලු උනේ එහෙම. පොරට තිබුනේ අමුතුම කට හඩක්. ඇතැම්විට කටහඩ විදුරු පිපිරවීමට තරම් ප්රමාණවත්. සින්දු කියන වෙලාවට පොරත් එක්ක ජනිඳු විසිල් ගහන්නේ තරගෙට වගේ. නිතරම උඩ බලාගෙන ඇවිදින සෝමෙට ඇත්තේ අමුතුම ඇවිදින ක්රමයක්. පොරගේ කොස් වරක් වල අකුරු වල අකුරුත් නොවන ඉංග්රීසි අකුරුත් නොවන අමුතුම අකුරු ජාතියක් කිව්වොත් හරි. ඕනෑම කොස් වරක් එකක් පැය බාගයක් ඇතුලට පොරට කරන්න පුළුවන්.

"සෝමේ මගේ කොස් වරක් එක උබ ගාව නේද"

"අඩේ k#$% සීන් එක එක කාමරේ බන් මන් එනකොට අනිද්දා වගේ වෙයි"

කාගෙන් හරි බඩුවක් ගත්තම ඔය වගේ සංවාදයක් යන එක සාමානය දෙයක්. පොර නිතරම ගෙදර ගියා. බිස්නස් වැඩ වලට වෙන්න ඕනි. ICC එකේ බඩු වලින් වැඩි ප්රමානයක් තිබුනේ උන්ගේ ගෙදර. සුපුන්ගෙන් කොහොමහරි බයික් එක ඉල්ලගන්න හැකියාවක් තිබුණු එකම එකාත් පොර තමයි. උපන්දින සාද වලදී කණුවක ගැටගහන්න බයානකම පොරත් සෝමේ.

"පුතේ අම්මගේ නම මොකද්ද"
"101011110"

"පුතේ තාත්තගේ නම මොකක්ද්ද"
"සංකල්ප"

ඔය වගේ කරදර කම්කටුලු වලටත් පොරට මුහුණ දෙන්න උනා. කොල්ලොන්ට ෆ්ලෝරා වල පාට් ටයිම් පවා පොර සෙට් කරලා දුන්නා. ඒවගේ සල්ලි තවම පාට් ටයිම් කරපු උන්ට හම්බ උනාද දන්නේ නම් නැහැ. දර්ශනත් එක්ක මුල් කාලයේ වාසය කරපු පොර පසු කාලීනව තනියම කාමරයක් අරගෙන හිටියාසෝමේට කැම්පස් එන්න කලින් නම් කෙල්ලෙක් හිටියද නැද්ද කියන්න හරියටම දන්නේ නැහැ. එත් දැන් පොරට  කෙල්ලෙක් ඉන්නවා. කෙල්ල බලන්න කොලබ ඉදන් බදුල්ලේ බයික් එකේ යන එකම එකා පොර වෙන්න ඇති. පොරගේ සම්බන්දයටත් මන් හදවතින්ම  සුබ පතනවා.

අලුත් කොටසකින් නැවතත් හමු වෙමු. එතෙක් ඔබටත් මටත් ජය.

සලිත
2019.2.25

3 22

5 comments: