මම යන එන තැන්

Wednesday, April 4, 2018

අපායයි චන්දදායකයි


අද මන් කියන්න යන්නේ ටිකක් අමුතු කතාවක්.මේක අපාය  ගැන කතාවක්. සමහර අය හිතාවි මේක ආගම සම්බන්ද කතවාක් කියලා. වැල් වටාරම් නැතිව කෙලින්ම කතාවට බහිමු.

ඔන්න දුවේ පුතේ අපාය කියත තැනේ ප්රධානියා යම පල්ලා. ඔය පොස්ට් එක ගන්නත් ටිකක් අමාරුයි. අපාය කියන තැනට යන්නේ වැරදි කරන කට්ටිය. ඉතින්  එහෙම තැනක ප්රධාන තැන ගන්නවා කියන්නත් පට්ට අමාරු වැඩක්. එත් අර ඉන්දියන් සාගරේ තියෙන මුතු ඇටේ කියන රටේ උන්ට පොස්ට්  ගන්න  වැඩි මහන්සියක් වෙන්නේ නැහැ. උන්ට ජීවත් වෙලා ඉන්න කාලෙම කරන පව් ටික එකතු උන ගමන් ලේසියෙන් පොස්ට් එක ගන්න පුළුවන්.

ඔන්න ඉතින් ඔය මහා තනතුරට ලංකාවේ පොරක් පත් වෙලා හිටියලු. ඉතින් මනුස්සයා තමන්ගේ  රටේ එකෙක් අවොත් පොඩි chance එකක්  දෙනවලු. ඔන්න ඉතින් ලංකා දේශයේ හිටපු ඉතා කුඩා මිනීමරු අපරාධකරුවෙක් අපායට ආවලු. (මිනීමරු උනත් කුඩා වන්නේ අපේ රටේ එවැනි  අපරාධ ඉතා සුළු දේවල් නිසා)

"උබ කොහෙන්ද ආවේ?" යම පල්ලා ඇහුවා.

"ලංකාවෙන් රජතුමනි"

"උබ ලංකාවේද උබ අපාය වටේ සංචාරයක් දාල උබ කැමති දඩුවමක් කියහන්"
යම පල්ලා එහෙම කිව්වේ ලංකාවේ නිසා පොඩි අවස්ථාවක් දීමටය.

ඔන්න ඉතින් අපේ පොරත් අපාය වටේ සංචාරයක් දාන්න පටන් ගත්තලු. ලෝ දිය බොන අය කටු ගස් වල නගින උන් එසේ කී නොකී  නොයෙක් වර්ගයේ වධ හිංසා දැක්කලු. ඔය යන අතර එකෙක් ආතල් එකේ බීඩියක් බිබී හිටියලු. අපේ පොරට එකට ආස හිතුනලු. ඉතින් අපේ පොර දඩුවම ඉල්ලා ගත්තලු. එත් ඇත්තම දඩුවම දවස් 364 ක් අසුචි උඩ ඔලුවෙන් සිටගෙන ඉදීමලු. එක දවසක් රෙස්ට් එකට දෙනවලු. ඉතින් වගේ දවසක අපේ පොර අර මිනිහ දැකල දඩුවම ගත්තලු.මේක හරියටම ගැලපෙන්නේ අපේ රටේ ඉන්නා සුවහසක් මී හරක් ජනතාව උදෙසාය.

දවස් 364 තිබෙන පවතින පාලන ක්රම වලට උන්ගේ වැඩපිලිවල් වලට බැන බැන චන්දෙ දවසට විතරක් අපායේ මිනිහා ආතල් එකක් ගන්න දවසේ වගේ තියෙන ඔක්කොම ගැටළු අමතක කරලා තමන්ට කෙලවන පාලකයෝම  පත් කරති. සැබවින්ම අපේ උන් මෝඩය. පට්ටම මෝඩය.තේරෙන උන් නිහඩය.

හොදම නිදසුන අපේ ගමය. අපේ ගමට ගමේ උන්ට අපේ නගරයේ උන්ට උමා ඔය කියන හොද හෝ නරක ව්යකෘතියෙන් හොදටම කෙලවිණි. අපේ ප්රදේශය යනු ජල උල්පත් ඇරබුන තැන වේ. නමුත් උමා ඔය නිසා වතුර බින්දුවක් නැති විය. කුබුරු දහස් ගණනක් විනාශ උනා. අපේ ගමේ උන්ට ජීවත් වෙන්න ජීවත් වෙන්න ක්රමයක් නැති උනා . උපන්දා ඉදන් කුබුරු කරපු උන්ට කර කියා ගන්න දෙයක් නැති උනා.බදුල්ලේ ඉන්නා දේශපාලන ලොක්කෝ මෙතරම් කාලෙකට බදුල්ලට මොන රෙද්දක්වත් කරලා නොතිබුණු නිසා අපේ උන්ට කුබුරු නැති උන ගමන් කරන්න කිසිම දෙයක් තිබ්බේ නැ.ආදයම් මාර්ග නැති උනා. බදුල්ලටම කිසිම කර්මාන්ත ශාලාවක් නැති නිසා අපේ උන්ට වැඩ කරන්න කිසිම තැනක් තිබ්බේ නැ. කොටින්ම කිව්වොත් ඉන්න ගෙදර පවා කැඩිලා බිදිලා ගියා.

පොලොව පුපුරලා ගියා. සමහර තැන් ගිලා බැස්සා. ගෙවල් සම්පුර්ණයෙන් කැඩුන. ගෙදර තිබ්බ ලිද හිදිලා ගියා.වතුර ලීටර 500 සතියක් පව්ලක් ජීවත් උනා. තමන්ගේ රස්සාව නැති උනා. ඉතින් මේ විදිහට කෙල තිබුණු වෙලාවක අපි වෙනුවෙන් යනුවෙන් අපිම පත් කරපු බුලත් කොලේ උනුත් අලියාගේ උනුත් කොලබට  වෙලා නිව්ස් වලින් අපේ දුක ඇහුව බැලුවා. එකෙක්වත් අපිත් එක්ක එකතු උනේ නැ. අඩුම තරමින් අපිව බලන්නවත් ආවේ නැ. ඉතින් අපිට මුල ඉදන්ම උදව් කරේ ජේවීපී එකේ සමන්ත විද්යාරත්න විතරයි. සමන්තට තිබුනේ අමුතුම @#$!% අමාරුවකි. පොරගේ ගෙවල් දොරවල් වලට කිසිම හානියක් නැතත් අපි වෙනුවෙන් පෙනී හිටියා. අපි වෙනුවෙන් නඩු වලට දිව්වා. ඇත්තෙන්ම ලැබුණු දෙයක් ඇත්නම් දේවල් වලට අපි සමන්තට ස්තුති විය යුතුමයි.

සමයේදී හිටපු ජනාදිපතිතුමාට  අපේ ගමේ උන් දෙහි කැපුවේ නැති තැනක් නොමැති තරම්.දැක්කොත් මරණ හැටියට හිටියේ. එත් ඔහොම ටික කාලයක් ගියා. චන්ද කිහිපයක් තිබ්බා. ඒවගෙන් අපි වෙනුවෙන් නියෝජන කරපු උන්ට තැනක් ලැබුනේ නෑ. හොදම විහිලුව නම් පසුගිය ප්රාදේශීය සභා චන්දෙදි පොහොට්ටුව ජය ගැනීමය. අපේ උන් කවදාවත් පාඩම් ඉගෙන ගන්නේ නැත.

උමා ඔය යනු එක දෙයක් පමණි. රටේ එවැනි වැරදි දේවල් කොතෙක් වෙන්න ඇතිද එත් අපේ රටේ ජනයා අපායේ බීඩි බොන්නා වගේ එක දවසක් එනම් චන්දෙ දවසේදී මෝඩයන් ලෙස හැසිරේ.

වෙනද මෙන් මටත් ඔබටත් ජය. වෙලාවක් ලැබුණු ඉක්මනින් ලියන්නම්කො.

සලිත
2018.4.4

1.00

No comments:

Post a Comment