මම යන එන තැන්

Thursday, August 24, 2017

නිදහසට පෙර හොරෙන් ගිය කළුතර ගමන 1



ඔන්න බොලන් ආයෙත් කාලෙකින් කොටන්න හිතුනා. පසු ගිය කාලයේ විශ්වවිද්ද්යාලයේ වැඩ කටයුතුත් එක්ක ටිකක් විතර මෙව්වා උන නිසා ලියවිල්ලක් ලියන්න පමා උනා. සදහා මුලින්ම සමාව බජනය කරනවා. අද මන් කියන්න යන්නේ හොරෙන් ගිය ට්රිප් එකක්  ගැන.

මුලින්ම මතක්  කරන්න ඕනි අපගේ විශ්වවිද්ද්යාලයේ මුල් අවුරුද්දේ සිසුන්ට නේවාසිකාගාර ලැබුනේ නැහැ. නිසා ඔක්කොම කස්ටිය බෝඩිම් වල ඉදන් කැම්පස්  එකට ගියා ආවා. කැම්පස් එකට ගිය මුල් සන්දියේ දෙදෙනා දෙදෙනා ඇත අල්ලන් යන යුගයක් තිබුනා. ඉතින් ඔය සන්දියේ සමහරුන්ගේ දැඩි නෙති රීති වලට යටත්ව ජීවත් වෙන්න සිදු වෙනවා. කවුරු කොහොම කෙසේ කිව්වත් අපේ තරුණ ජීවිත වල දගකාරකම් කොහෙන් හරි මතු වෙනවා.

බණ්ඩාරවෙල හිටපු මට අහම්බෙන් වගේ රබුක්කන කොල්ලෙක් හරහා බෝඩිමක් හොයා ගන්න පුළුවන් උනා. මගේ ජීවිතේ හොදකට හෝ නරකකට මට වගේ බෝඩිමක් අරයා මට මවල දෙන්න ඇති. අරයා කිව්වේ අපි කාගේත් පිහිටට ආරක්ෂාවට අහස උඩ ඉන්න දෙවියෝ.කැම්පස් එකට ගියපු මුල්ම දවසේ අපේ බෝඩිමේ උන් සියලු දෙනාම වගේ විශාල මෙව්වා එකකටට ලක් උනා. අපේ උන් ගුටි නොකා අති විශාල ලෙස $%%#* %$#^ ^&*% හු$%^# වගේ කතා ඇහුවා. මගේ බෝඩිමේ සගයකුගේ රැවුල පවා ගලවන්න උනා.කොලින්ම කිව්වොත් මිලිමීටර දෙකක වගේ රැවුල් ගස් කාසි දෙකක් මගින් ගලවන්න උනා.

මගේ කාමරයට වැටුනේ අමුතුම තුන්දෙනෙක්. එකෙක් මහාචාර්ය පෙනුමක් තිබ්බා. තව කොටෙක්  හිටියා නිතරම ෆෝන් එක අල්ල අල්ල. අනිකා අමුතුම ජීවියෙක් වගේ පෙනුනා. කොහොමින් කොහොම හරි ටික කලක් යද්දී උන් මතත් වඩා අන්ත එත් මට හොදින් ගැලපෙන දෙන්නෙක් බව වැටහුනා.

මට තියෙන අමුතුම ආකාරයේ අමාරුවක් තමයි ඇවිදින එක. උපන් ගෙයි ගෙම්බෙකු වූ මට ගෙදරින් ලැබුණු නිදහසක්  මන් හැම වෙලේම ඇවිදින්න ආස උනා. එහෙට ගිය මුල් සමයේ සතියට වතාවක් වත් ගල්කිස්සේ යන එක අපේ පුරුද්දක් වෙලා තිබුනා.අපේ බෝඩිමට හම්බ උන අමුතුම ආකාරයේ 16 සෙට් එක එක්ක හැමදාම අතල් එකේ හිටියා. එත් කාලය ගතවත්ම අපගේ අතල් දෙගුණ තුගුන වී අය්යලා අපිට ආතල් දෙන්න දෙන්න පටන් ගත්තා. එක්කම කොස් වරක්, drawing වගේ කරුම අපගේ හිස්  මතට කඩා ගෙන වැටුනා. මල් වැනි අපගේ හැගීම් දැනීම් එන්න එන්නම මෙව්වා වෙලා කොටින්ම කිව්වොත් අතල් එක්ක ගන්න වෙලාවක් තිබුනෙම නැහැ. කාන්තාරයට වහින වැස්ස වගේ සිකුරාදා දිනක පෝය දවසක් වැටිලා තිබුනා. සියලු වැඩ අතහැර ආතල් එකක් ගැනීමට හොදම දවසක් අපිට ලැබුනා. නමුත් කරන දෙයක් අය්යාලට හොරෙන් කල යුතුව තිබුනා. අය්යාලට හොස්ටල් හම්බ වෙලා තිබුනේ නැති නිසා එයාලත් හිටියේ පිට බෝඩිම් වල . නිසා එයාලට හොරෙන් යනවා කියන්නේ කරන පුළුවන් වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.

ඉතින් මේ දවසේ අපේ 16 කල්ලියේ උන්ට අදහසක් ආවා පොඩි ට්රිපක් යන්න.කොහොමින් කොහොම හරි කතා වෙලා අවසන් නිගමනය උනේ ආතල්  එකක් ගන්න අපි  16 විතරක් නෙවෙයි තව 10ක් වත් එක්කන් යන කියන මතය. අනුව අපේ බෝඩිමට නිතර ගිය මිතුරෙකුට අපි කතා කරා.

කරන දෙයක් ආයලට හොරෙන් කල යුතුව තිබුනා. ඉතින් අපි මුලින්ම හිතුවේ සුපුරුදු පරිදි ගල්කිස්සේ යන්න. එත් ගල්කිස්සේ යනවා නම් කටුබැද්දට යන්න වෙනවා. කියන්නේ කැම්පස් එක ඉස්සරහින් යන්න වෙනවා. එතකොට බිල්ලකට අසු වීමට ඇති ඉඩකඩ ගොඩක් වැඩියි. නිසා කළුතර යන්න තීරණය කරා. කළුත ගියොත් පිළියන්දල මොරටුව බස් එකක මොරටුවට ගිහින් කෙලින්ම කෝච්චියේ කළුතරට යන්න අපි සැකසුම් සැකසුවා.එහෙම ගියාම අය්යාලට අහු වෙන්න තියේ ඉඩ කඩ ගොඩක් අඩුයි.

ඉතින් අපි සැකසුම් සකස් කරගත් විදිහට විනාඩි 10 කින් front එකේ shed එක ලගට එන්න කිව්වා. අපිත් ඉක්මනින් සුජනම්  වෙලා එලියට බැස්සා. අදහාගත නොහැකි. ඇති විශාල පිරිසක් අපි එනකන් මග බලන් හිටියා. ඉතිරි කොටස ටික දවසකින් දාන්නම්.එතකං ඉවසලා හිටපන්. එතෙක් මටත් උබටත් ජය.

සලිත.
2017-08-24

.  11 43.     

2 comments:

  1. අනේ ඉතින් ඔයාගෙ කථාව පටන් ගන්නත් කලින් ඉවර වෙලානි, හරියට ලංකාවෙ ටෙලි නාට්‍ය වගේ.

    ReplyDelete