මම යන එන තැන්

Thursday, September 22, 2016

අලුත් විදිහකට විදුලි බිල



ඔන්න බොලන් අදත් මම කොටන්න කියල.වැහි වලාහක දෙවියන් විශාම ගිහින් ඉන්න මොහොතක කොටන්න සුජානම. ජල විදුලිය නිපදවීම අඩු වීම නියගය එක්ක එන එක් ගැටළුවක්

දැනට අවුරුදු  50, 100 අතීතයට ගිය විට විදුලිය කියන්නේ රටේ යම් කිසි පිරිසක් විතරක් භාවිතා කරපු දෙයක්. එත් දැන් විදුලිය යනු මිනිසාට නැතිවම බැරි දෙයක් වෙලා ඉවරයි. අපේ රටේ විවිධාකාරයේ විදුලි උත්පාදන ක්රම පවතිනවා.දවසක් දෙකක් නොව විනාඩි පහක් දහයක් විදුලිය විසන්ධි උනත් අපේ අයට ඉවසන්න බැරි තරම් විදුලිය දැන් වටිනා දෙයක්. මුලික වශයෙන් මිනිසා තමන්ගේ වැඩ පහසු කරගන්න විදුලිය උපකාරී කරගන්නවා. වැඩ පහසු කරගන්න කිව්වම නොකියාම බැරි දෙයක් මතක් උනා. ලගදි   දිනයකදී මට අපේ සීයාගේ දින පොත් වගයක් කියවන්න හම්බ උනා.හැම දිනකම වගේ සීයා දවල් 1 30 වෙද්දී දවසේ වැඩ ඉවර කරලා තිබුනා. එත් කාලේ වී මෝල්,වී ප්රවාහනයට වාහන වගේ දේවල් පවා තිබුනේ නැතත් ඔහු සෑම දිනයකම වැඩ කලින් ඉවර කරලා තිබුනා. හවස් වරුව කඩයේ ගත කරලා. එත් වර්තමානයේ අපිට වැඩ පහසු කරන ක්රම කොපමණ තිබුනත් අපි එදා සීයල විදපු නිදහස විදිනවාද කියන එක ගැටළුවක්.ආයෙත් අද කතාවට එමු. සමහරෙක් තමන්ගේ විනෝදය උදෙසා විදුලිය උපකාරී කරගන්නවා. දැනටමත් ප්රවාහන කටයුතු සදහාද විදුලිය භාවිත වෙනවා. ඉහත කී නොකී සියලු දේවල් වලින් ගම් වන්නේ අපට විදිලිය නැතිවම බැරි දෙයක් බවට පත්ව ඇති බවය.

ලංකාවේ ඉන්න අපිට විදුලිය අපහසුවකින් තොරව ලැබෙනවා. එත් අප අසලම තියෙන රට වල දිගු කාලින විදුලි කප්පාදු සිදුවෙන බව මන් අසා තිබෙනවා.අපේ රටේ ප්රධාන වශයෙන් ඉන්ධන, ජලය සහ ගල් අගුරු භාවිතයෙන් විදුලිය  නිපදවනවා. මේවා  මගින් විදුලිය නිපදවීමේදී විශාල වියදමක් යනවා. ඊට අමතරව නඩත්තු කටයුතු, සේවක වැටුප් වලටත් වියදමක් යනවා. ඉතින් මේ සියලු කටයුතු පාලනය වන්නේ විදුලි බල මණ්ඩලයෙන්.

මේ වියදම්වන වියදම හොයාගන්න විදුලිබල මණ්ඩලයෙන් මාස් පතා බිලක් අය කරනවා. තමන් පාවිච්චි කරන ඒකක ගණනට අනුව විදුලි බිලක් නියම වෙනවා. පසු ගිය කාලයේ එක්තරා ඇමති කෙනෙකුගේ විදුලි බිල රුපියල් 100000 ආසන්න නිසා රටේ ඉතා විශාල කතා බහක් පවා ඇති උනා .නමුත් මේ කාලයේ  විදුලි බල මණ්ඩලය විශාල පාඩුවක් හරහා ගමන් කරන බව විටින් විට අසන්නට ලැබුනා. දැනටත් පාඩු ලබනවද කියලා මම හරියටම දන්නේ නම් නැ.

මෙසේ පාඩු ලැබීමට මුලිකම හේතුව පාරිභෝගිකයන් විසින් කලට වෙලාවට විදුලි බිල්පත් ගෙවීම මග හැරීම බව මට හිතෙනවා. අපේ රට කරවන අය කියන පරිදි විශාල සොරකම් නිසාද මණ්ඩලය පාඩු ලබනවා. එත් සොරකම් කිරීම නතර කිරීම කෙසේවෙතත් පාරිබෝගිකයන්ගෙන් අදාළ බිල ලබා ගන්න හැකියක්වක් තියෙනවා. බිල ගෙවන්නේ නැතිව light කපන්න ආවාම ගුටි කාල ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයන් පිළිබදවද මන් අසා තියෙනවා.

නමුත් මම මේ යෝජනා කරන ක්රමයෙන් විදුලි පාරිබෝගිකයන් අනිවාර්යයෙන්ම බිල ගෙවිය යුතුයි.මෙම ක්රමය කලින් යෝජනා වෙලා තියෙනවද කියන්න මම දන්නේ නම් නැ. reload ක්රමයට විදුලිය දීම මගේ යෝජනාවයි. එනම් අපි දුරකතනට සල්ලි දා ගෙන ඇමතුම් ගන්නවා වගේ විදුලි reload card එකක් දා ගෙන විදුලිය පාවිච්චි කිරීම. මේ සදහා නවතම විදුලි මීටරයක් ඕනි වෙනවා.එම මීටරය ෆොනේ එකක්  වගේම වෙන්න ඕනි. එමගින් විදුලිය මැනීමට අමතරව මුදල් ගිණුමට දැමීම ,ඉතිරි ශේෂය විමසීම[නැතහොත් ඉතිරි එකක ගණන], මේ ආකාරයෙන් තව කොපමණ කාලයක් විදුලිය පාවිච්චි කල හැකිද යන තොරතුරු ඉදිරිපත් වෙන්න ඕනි. ඊට අමතරව විදුලි මිටරයටද සම්බන්ද වෙන්න ඕනි. එමගින් තමන් දාපු මුදල් ඉවර වෙනකොට ඉබේටම විදුලිය ඇන හිටින්න ඕනි. තවත් ඕනි නම් දවසකට දෙකකට පොඩි ණයක් ආකාරයට විදුලිය පරිබෝජනය කරන්න දෙන්න පුළුවන් එත් ඊට වඩා දවසක්වත් මුදල් දැමීමකින් තොරව විදුලිය භාවිත කරන්න නොදිය යුතුය. විදුලිය ඕනිම නිසා ජනයා කෙසේ හෝ විදුලිය ගන්න light reload card මිලදී ගනීවි.

මේ ක්රමය මගින් විදුලි බල මණ්ඩලයට විශාල වාසියක් ලැබේවි. මනු කියවන්නට ගෙවන මුදල් ඉතිරි වෙයි. තවද කලට වෙලාවට මණ්ඩලයට මුදල් ලැබේවි.නමුත් මෙම ක්රමය ක්රියාවට නංවන්න විශාල මුදලක් වැය වේවි නමුත් මුදල වැය කලොත් පාඩුවක් වෙන එකක් නම් නැති වේවි. ඔබේ අදහස කුමක් වේවිද කියන්න මම නම් දන්නේ නැ. මම හුදෙක්ම මගේ  අදහසක් ඉදිරිපත් කරා.

මන් ටිකක් වෙනස් ආකාරයේ පොස්ට් කිහිපයක් ලියන්න හිතුවා. මුලින් saitm ගැන ලිව්වා. එක බලපු ගමන් මගේ යාලුවෙක්  කිව්වේ මේ වගේ ඒවත් ලියපන්. දිගටම මේ වගේ ඒවත් කොටන්න බැ බොල. හැක හැක. ලගදීම හමුවෙමු. එතෙක් මටත් උබටත් ජය වේවා.

සලිත.
2016-09-22

6 31

3 comments:

  1. \\හැම දිනකම වගේ සීයා දවල් 1 30 වෙද්දී දවසේ වැඩ ඉවර කරලා තිබුනා.\\
    අපේ සීයා විතරක් නෙවෙයි සලී අපේ තාත්තත් 2-3 වෙද්දි වැඩ ඉවරයි. ඒකට අපි, 6ටත් වැඩ.

    ReplyDelete
  2. මරු අදහස ලබන පාර ජන්දේ ඉල්ලන්න විදුලි ඇමතිකමට නැත්තං මේ කපේදි ඔක කරන්න හම්බවෙන්නේ නැහැ.දැං එතන ගේවනවත් වැඩිනොවැ වාඩිවෙනවට එනවට තව තව දේවල්වලට light reload card හොදටම හොදයි.

    ReplyDelete
  3. මරු අදහස ලබන පාර ජන්දේ ඉල්ලන්න විදුලි ඇමතිකමට නැත්තං මේ කපේදි ඔක කරන්න හම්බවෙන්නේ නැහැ.දැං එතන ගේවනවත් වැඩිනොවැ වාඩිවෙනවට එනවට තව තව දේවල්වලට light reload card හොදටම හොදයි.

    ReplyDelete