මම යන එන තැන්

Wednesday, June 8, 2016

අසපුවේදී පින් රැස් කරගත්තද? 1



බොලාලට කියන්න කියල කතාවක් ගොතා ගෙන හිටියේ. තකහනියක්ම ගිය සතියේ යම් තරමට දුරකථනය  සමග ගැටුමක්   කරා. නුවර කෙල්ලන් ගෙන ලියපු පොස්ට් එකෙන් යන්තමින් බෙල්ල බේරා ගෙන  තවත් කතාවක් ගොතන්න කියලා සුජානම. මේ කතාව අපේ කඩ්ඩ පන්තියේම කතාවක් .ඔන්න ඉතින් අපි මෙහෙම හිටියට හොද බොදු දරුවෝ. ඉතින් අපිට සසරෙන් එතෙර වෙන්න පින් දහම් රැස් කරන්න කිසිම උවමනාවක් තිබ්බේ නැ.එත් අපේ පෙර පින් බලයෙන් අපිට උගන්වපු සර් පින් දහම් වලට කැමැතියි. නිසා අපිටත් පොඩි පිනකට අත ගහන්න සිදු  උනා.ඔන්න ඉතින්  පින්බර කතාව දිග හරින්න යන්නේ. සාදු කාරයක් එහෙම දෙන්න. සාදු සාදු සා......

කඩ්ඩ පන්තියේ පිස්සු කෙළිමින් සිටි අපිට දවසක් අපේ සර් අමුතු වදනක් කිව්වා. කන් සසල කල වදන් පෙළ නිසා අපගේ පින් සිතුවිලි කෙසේ වෙතත් අපිට තවත් ආතල් එකක් ගන්න පට්ට අවස්ථාවක් ලැබෙන බව මට වෙලාවේම නහයට යාන්තමින් දැනුනා.

"කොල්ලනි අහපල්ලකෝ අඩෝ මේ අහපල්ලා" ඉතින් කියහන් අපේ උන් එහෙම අහන්න බැරි කමක් තිබ්බේ නැ. එච්චර අපේ උන් හොදයි.

"අපේ බණ්ඩාර සර් දානයක් දෙන්න යන්නේ. තොපි දන්නවා නේද   ..... අසපුව එහෙට බණ්ඩාර සර් දානයක් දෙන්න යන්නේ. සර් ඔක්කොම සල්ලි වියදම් කරයි. අපි ඔක්කොම එකට බොක්කෙන්ම හෙල්ප් එක දෙමු"

"අපි ට්රිප් කියක් ගියාද බන් " ලගම හිතපු නවීන් කිව්වේ සර්ට කොලොප්පමට වගේ. සර් එහෙම කිව්ව ගමන් පන්තිය නොසන්සුන්  උනා. සර්ට වැඩේ meter උනා.

"අහපල්ලා යකෝ මේක  බොරුවක් නම් මට හෙන ගහලා හතරට පැලිලා මැරෙන්න ඕනි." ඔන්න සර් ඇත්තක් කිව්වා කියලා අපිට වැටහුනා.

ඉතින් අපිට දැන් ප්රශ්න කෝටියකි. කවද්ද දානේ දෙන්නේ? කොහොමද දෙන්නේ? සිල් ගන්න කෑලි එනවද? අපිට මොනාද එහෙ ගිහින් කරන්න තියෙන්නේ? night එකක් අදින්න පුළුවන් වේවිද? ගල් බොන්න පුළුවන් නැ නැ එහෙම ගැටළුවක් තිබ්බේ නැ. අහ්හ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. කෙල්ලන්ට එන්න පුලුවන්ද? මේ ගැටලුව තිබුනේ කෙල්ලන් ඉන්නා සහ කෙල්ලන්ට ඇහැ දාන කොල්ලන්ට පමණි. මාගේ හිතගත් සුන්දරිය නැ බොලන් එහෙම හිටියේ නැ.

"ඔන්න එහෙනම් වෙසක් පෝයට අපි දානේ දෙන්න ඉන්නේ.කොල්ලෝ තොපි ඔක්කොම පෝයට කලින් දවසට අසපුවට යන්න ඕනි. කෙල්ලන්ට ගෙදරින් එන්න දෙන්නේ නැති බව දන්නවා. තොපි මගේම නංගිලා වගේ තොපි ඔක්කොම පෝය දවසේ උදේ 6 වෙනකොට පාර ලගට වරෙන්. අපේ ....... සර්ගේ  වෑන් එක තියනවා. උබල ඔක්කොම එකෙන් අසපුවට එක්කන් යන්නම්

කෙල්ලන්ට අමුතු ආකාරයේ අනම් මනම් පහසුකම් ඉස්සර ඉදන් වැඩිපුර ලැබෙන බව මට මතකය. නිසා එවැනි දේ වලින් හිත සසල කරගන්නේ නැතුව ඉන්න මම කුඩා අවදියේ  සිට පුරුදු වී සිටියා. මගේ මතකයේ හැටියට මම එවැනි අවස්ථාවකට මුහුණ දුන්නේ කුඩාම අවදියේය. එදා මතකය අවදි නොකරම බැරිය. මට කුඩා කල සිටි හොදම යාලුවෙක් වනුයේ සුපුනි නංගිය. ඇයගේ අම්මා අපේ අම්මාගේ  හොදම යාලුවෙක් උන පින් බල මහිමෙන් අපි දෙන්නටද හොද මිතුරන් වීමට හැකි උනා. පොඩි කාලයේ සුපුනි එක්ක කෙළිලොලින් හිටපු කාලය සිතුවමක් ලෙස දැන් මට දිස්වෙනවා වගේ. අපි දෙන්න කුඩා කල එකටම සිටියෙමු.

 දිනක් අපි යම්කිසි උත්සවයකට යන්න සුජානමින් සිටියෙමු. පාසල හමාර කර සුපුනිලගේ අම්මා උගන්වපු පන්තියට මමත් අම්මාත් ගියා. එහිදී සුපුනි නංගිගේ මෙන්ම මුනේ ආලේප කල දේම  මගේ මුහුණ මත ගෑවත් ඇයගේ තොල් මට ආලේප කල දේ මට හිමි උනේ නැත. තවද ඇයට chocolate ලැබෙන විට මට toffi ලැබීමෙන්ද මම සත් වටහා ගත්තෙමි. කෙල්ලන්ට අනම් මනම් වැඩිපුර ලැබේ. සුපුනි නංගි මෙහෙන් 9 වසරේ ඉදන් කෝට්ටේ පාසලකට මාරුවක් ගත්තා. එදා සිට ඇයව නැවත දැක්කේ නැ. කාල ගණනයට අනුව සුපුනි මේ වසරේ උසස් පෙළ විභාගට මුහුණ දෙනවා. ඇයට උණුසුම් සුබ පැතුම්.

ඊළගට තිබුනේ ගෙදරින් අවසර ගැනීමය. මේ තරම් කාලයක් කෙලපු පිස්සු වැඩ වල තරමට ගෙදරින් කිසිවිටකත්  අවසර නොදෙන බව පැහැදිලිය. එත් කොරන්නට දෙයක් නැත. කෙසේ හෝ ගෙදරින් පැනගත යුතුමය නැත්තන් පන්තියෙන් කොන් වීමට සිදුවීම අරුම පුදුම දෙයක් නොවේ.ගෙදරින් අවසර ගැනීමට අපහසුම වන්නේ සලිත කොලුවාටය. ඔව් බොලන් කොලුවා මම. සියලු බලයන් කකුලට සහ කටට අරගෙන ගෙදරින් අවසර ගන්න ගියෙමි.

"මේ අහන්නකො අපි දානයක් දෙන්න යන්නේ"ඉහත මා දැක්වූ  සියලු ගැටළු මව විසින් මගෙන් ඇහුවා. තාත්තා නම්

"ගිහින් මැරෙන්නේ නැතුව වරෙන්"

අවසානයේ අම්මා මෙහෙම කිව්වා.

"ඔය වගේ පින් වැඩක්වත් කරනවා. ඔය වගේ වැඩක් කරනවකෝ අරහේ මෙහෙ ඇවිදිනකන්" පුදුමයකි එත් ඇත්තකි මට ගමනට එක පාරින් කැමැත්ත හම්බ උනා.ඊට පස්සේ තිබුනේ මිතුරන් දෙදෙනාගෙන් ඇසීම පමණි. උන් දෙන්නට අවසර නිකන්ම ලැබේ. උන්  දෙන්නා කැමති බව අමුතුවෙන් කිවිය යුතු දෙයක් නොවේ. කාලය අපිටත් හොරෙන් ඉක්මනින් ගලා ගෙන ගිහින් වෙසක් පෝය ලගටම ඇවිත්.

"අඩෝ හෙට අපි කොහොමද යන්නේ "what app gruop එකේ තිබුන පණිවිඩය එක.

"පන්ති  ඉවර වෙලා එහෙන්ම යමු බන්"

සැලසුම් කිරීමට කිසිවක් තිබුනේ නැත. අත්යවශය ඇදුම් කිහිපයක්, ෆොනේ charger  වගේ ඕනිම කරන දේවල් කිහිපයක් පමණක් පන්ති අරන් යන මල්ලට දමාගත් මම උදෙන්ම බලාපොරොත්තු රැසක් එක්ක ගෙදරින් පිට උනා.

ඉතුරු කොටස ලගදීම කොටන්නම්. හොදටම මහන්සියි බොල. එහෙනම් මටත් උබලටත් ජය වේවා.

සලිත.
2016-06-08

5:54

10 comments:

  1. දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන මගඩි නැටුමත් නටලා එයි වගේ පේන විදිහටනම්
    ඊලග කෑල්ලත් දාමුකෝ ඉක්මනට

    ReplyDelete
    Replies
    1. එච්චරටම පදිරි උනෙත් නැ බොලන්

      Delete
  2. ගල් හරියන්නෑ බං...විශ්කියක් තමා හොඳ...හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. අදාළ නැ. දන්නේ නැ ඒ පිලිබදව. මලයාට අත්දැකීම් තියෙනවා වගේ.

      Delete
  3. කිරි සප්පයන්ගේ කතා වලට මොකවත් කියන්න හොඳ නැහැ. :)

    ReplyDelete
    Replies
    1. කිරි සප්පයන්ට සමාව දෙනු මැනව. හැක හැක.

      Delete
  4. හෙහ් හෙහ්... ඉතුරු ටිකත් කොටපම් මලේ...
    මේ දවස් වල වෙරි බිසී
    ඒ හිංද වැඩි යමක් කියන්න වෙලාවක් නෑ පෝස්ට් කියෙව්වත්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. දන්නවා සහෝ හොදට විභාගය ලියහන් සුබ පැතුම්.

      Delete
  5. හෑ..... කවුද බොල සුපුනි, හික්ස්.
    මේ කතාව මං දන්නවෝ. මුගේ ඉංගිරිස් පන්තියේ වැඩ ඔක්කොම මං දන්නවා. බොරු කීවොත් බලාගෙනයි.
    හරි හරි ලියමුකො බලන්න. ජය වේවා මලේ.

    ReplyDelete
  6. //ගිහින් මැරෙන්නේ නැතුව වරෙන්//

    මරු ඩැඩා..පන්සල් ගිහිල්ලත් කුප්ප වැඩක් නොකර ආවනං ඇති හැබැයි

    ReplyDelete