මම යන එන තැන්

Wednesday, February 24, 2016

චානකගේ ආදර කතාව 1


ඔන්න මම අද බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ආදර කතාවක් ලියන්න කියලා සුජානම. කොහොම කෙසේ පටන් ගන්නද? ආදර කතාවක්. ආදරය ගැන ගොඩක් අය එක එක දේවල් කියලා තියනවා. ආදරය කියන්නේ  හදවතට දැනෙන දේ වලින් ගොඩක් බලවත් දෙයක්. ඔහේලට කියන්න මටම කියලා තාම ආදර කතාවක් නැති නිසා වෙන කොල්ලෙක්ගේ ආදර කතාවක් ලියන්න හිතුවා. බණ්ඩාරවෙල සුන්දර උදයක කතාව කොටන්න පටන් ගන්න සුජානම.

අපේ ඉස්කෝලේ චානක කියල යාලුවෙක් හිටියා. චානක මාත් එක්ක ඒ කාලේ පටන් ඉතාම හොද යාලුවෙක් උනා. එත් අපි දෙන්නා අතර තිබුන යාළුකම ගොඩක් වැඩි උනේ උසස් පෙළ 2 පාර කරාටත් පස්සේ. චානක ගැන යමක් කිව යුතුය. චානක යනු ඉතාම හොද මිතුරෙක්, fun එකේ ඉන්න කැමැති, ටිකක් විතර ලස්සන ගැන හිතන, සංවේදී, කොල්ලන්ට love වලට බොක්කෙන් උදවි කරනකියන්න ඕනි දෙය මූණටම කියන එළකිරි කොල්ලෙක්.

අපි උසස් පෙළ එහෙම කරලා කඩ්ඩ පොලිෂ් කරගන්න කියල කඩ්ඩ පන්තියක් හෙව්වා.campus යනකොට කඩ්ඩ අනිවා ඕනි නිසා කඩ්ඩ ගොඩ දා ගන්න ඕනිම කියන තැන අපි හිටියා. අපේ නගරයේ නමක් දිනාගෙන තිබුන පන්තියක් අපි තෝරා ගත්තා.

මචන් සලිත අපි මනෝජ් සර්ගේ කඩ්ඩ පන්ති යමුද?”

බැ බන් පොර කොහොමද දන්නේ නැ. අනික බන් පොර සහතිකයක්වත් දෙනවද දන්නේ නැ.

තොට බැරිනං හිටපන් උබේ එකත් එකට යන්නේ

නැ අඩෝ සිරාවටම. ඒ සමයේ මගේ හිත ගත්ත කෙල්ලක් හිටියා දැන් මට ඒ පන්තියට යන්න හිත

උබ මොකෝ කියන්නේ මොකා, පොඩි , චාමර එනවා කිව්වා

හරි මචෝ යමු. කඩ්ඩ කෙසේ වෙතත් කෑල්ල ගොඩ දමා ගැනීමේ උදාර හැගීම මට ආවා.

එහෙනම් සදුදට වරෙන් පන්තියට

පන්තියට ගිය දවසෙම ආයෙත් පන්ති යනවද නැද්ද කියල හිතන්න උනා. ඒ මොකෝ බොල? මගේ මුලික අරමුණ බිද වැටී තිබෙන බව මට පෙනුනා. ඒ මොකෝ බොල කඩ්ඩ අවුල්ද?

සලිත උබ දැක්කද වැඩේ

ඇයි උබ හිතුවද මම පොට්ටයි කියලා

මොකෝ දැන් කරන්නේ

මොනා කරන්නද බන්

මුහුදේ ඉන්නේ එක මාළුවා නෙවෙයි බන්. වෙන එකක් බලමු.

මචෝ මොනා උනත් සර්ගේ කඩ්ඩ ගොඩ දා ගන්න පුළුවන් නේද බන්

එකනම් ඇත්ත පොර හොදයි වගේ

මොන කඩ්ඩ බොල මගේ හිත ගත්ත සුන්දරිය වෙන එකෙකුගේ අතේ එල්ලිලා. මොකක් කරන්නද කරුමේ තමයි.එත් පන්තියෙන් කඩ්ඩ ගොඩ දා ගන්න පුළුවන් කියල හිතුනා. කඩ්ඩ පොලිෂ් කරගන්න හිතාගෙන දිගටම පන්ති ගියා.ඔන්න ඔහොම දිගටම පන්ති ගියා. කාලය අපිටත් හොරා සතියක් දෙකක් ගියා. දවසක් පන්තියේ ඉද්දි චානක මෙහෙම කිව්වා.

අඩෝ උබලා මොකෝ කියන්නේ අරක ගැන

මොකද්ද බොල මොන එකද

අර කනුව ලග ඉන්න කෑල්ල

කවුද බන් උබ අද පෙත්ත ගත්තේ නැද්ද

අහපන්කෝ #$%^@... දකුණු පැත්තෙන් 3 වෙනියට ඉන්න කෙල්ල බන්

අඩෝ අඩෝ අපේ ගමේ බස් එකේ බන් යන්නේ මගින් බහිනවා. චානක පෙන්වපු කෙල්ල අපේ ගමේ බස් එකේ යන එන කෙල්ලෙක්

කියපන්කො විස්තර කොල්ලෙක් එහෙම ඉන්නවද බන් එකට

මම දන්නේ නැ බන් පෙන විදිහට නම් නැ වගේ. කොහොමත් මම ගමේ කෙල්ලන් එක්ක වැඩිය කතා බහට යන්නේ නැ. හේතුව නිකන් චාටර් වෙන්න මම කැමැති නැති නිසා

අඩෝ එක හොදයි වගේ මොකෝ උබලා කියන්නේ

ඔක්කොම කොල්ලන් එකට කැමැති වූ නිසා චානක වැඩේට බැස්සා.

මුලින්ම කෙල්ලෙක් දා ගන්න නම් කෙල්ලට අගවන්න ඕනි. ඊට පස්සේ ටිකක් පස්සෙන් යන්න ඕනි.


ඔන්න ඔය වගේ උපදෙස් සමුදායක් කොල්ලන් 5 දෙනාගෙන් එලියට ආවා.එකග වෙන්න බැරිම තැන සමහර දේවල් වෙනස් කරලා ගැලපෙන ආකාරයට වෙනස් කරන්නත් උනා. ඊට පස්සේ කොල්ලෝ ටික යන්නේ අපේ සැලසුම අත ගහන්න.

ඉතුරු ටිකක් ලගදීම දාන්නම්. දැන් කොටලා ටිකක්  අමාරුයි බොල .

සලිත 
පෙ.ව 10.40
2016-02-22

13 comments:

  1. Adoooo ubath tv eke drama wage ne හොඳම කොටසේදී මතු සම්බන්ධ කරනවානේ. එල එල දිගටම ලියාපන්....

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඒකනම් ඇත්ත

      Delete
    2. ඉවසන්න ලගදීම

      Delete
  2. Adoooo ubath tv eke drama wage ne හොඳම කොටසේදී මතු සම්බන්ධ කරනවානේ. එල එල දිගටම ලියාපන්....

    ReplyDelete
    Replies
    1. දිගටම ලියනවා ආයෙත් එන්න මේ පැත්තේ

      Delete
  3. ලස්සනයි. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ආයෙත් එන්න දිගටම ලියනවා

      Delete
  4. ඉතිරි කොටස ඉක්මනට ලියන්න. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඉවසන්න ලගදීම ඉතුරු කොටස දානවා

      Delete
  5. අදයි මේ පැත්තට ආවේ.... බ්ලොගය හොදයි.... දිගට ම ලියමු... අපේ සින්ඩියටත් දා ගත්තා... ජය

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම තුති ආයෙත් එන්න

      Delete
  6. Hodai hodai.... Ape Wada apima kyawla athal gnnwa...

    ReplyDelete
  7. දෙවනි කොටසත් සූජානම් කරලා තියන්න මචන්...
    මරු මරු දිගටම ලියමු...

    ReplyDelete