මම යන එන තැන්

Tuesday, March 15, 2016

අහිමි පෙම 1



මේ තරම් කාලයක් නිකරුනේ ගෙදරට වෙලා ඉන්න එක කොච්චර අමාරු උනත් අපේ රජය මගින් අපගේ ඉවසීම පුරුදු පුහුණු කරන කාලයක් නිසා එය විදදරා ගෙන ඉන්න සිදුවෙනවා. අපගේ කම්මැලිකම නැති කරගන්න දවසක් දෙකක් බණ්ඩාරවෙලට යන්නේ වෙන කරන්න දෙයක්  ඇත්තේම නැති නිසා. ඔන්න ඔහොම දවසක් නගරයේ කරක් ගහගෙන ඉන්න දවසක බිනර කියලා මගේ පසේ මිතුරෙක් හම්බ උනා.

බිනරත් එක්ක කෙලෙපු පිස්සු එකින් එක මතකයට ආවා. බිනර කියන්නේ ටිකක් විතර උස කාත් එක්කත් හොදින් හිටපු ටිකක් විතර ඉගෙන ගන්නත් පුළුවන් යාලුවෝ වෙනුවෙන් ඕනෑම දෙයකට ඉන්න එළකිරි කොල්ලෙක්.

“මචෝ මක්කද දැන් උබ කරන්නේ”

“මෙහෙම කතාකරන්න බෑ බන්. මම සුපුරුදු විදිහට බිනරගෙන් දත ගලවන්න සෙට් උනා”

“ඔව් බන් කාලෙකින් සෙට් උනේ යමන් උඩට මම දන්නා කඩයක් තියනවා.”

උඩට යනවත් එක්ක අපි ආගිය තොරතුරු අනන් මනං විස්තර කතා කරා. උඩට  යනවාත් එක්කම සුපුරුදු නොවන දසුනක්. වෙන තැන් වල පෙම් කෙලිනවා දැක ඇති නමුත් බස් නැවතුම් පල ලග මෙවැනි දෙයක් දැක්ක පලවෙනි වතාව උනා. කෙල්ල අමුතුම හිනාවත් බිනරට දැම්මා. මට දිරවපු නැති එකම දේ එක. කඩේට ගිහින් වාඩි උන තැනට පෙම් කෙලින අපුරුව හොදටම පෙනුනා.කවද කෙසේ කොහොම අපිට සුන්දර ලෝකයට යන්න හැකි වේද? බිනර මොනවා හරි ගෙන්න කිව්වා.

“ඇයි බන් උබට අරක හිනා උනේ?”

“එක මහා දිගකතාවක් බන්

“පල පල යන්න”

“එකී අපේ පන්තියේ හිතපු කෙල්ලෙක් බන්”

මම පොර නතර කරයි කියලා හිතුවත් මෙන්න මූ දිග කතාවක් කියන්න ගත්තා.වීදුරු කෝප්ප දෙකකට බීමත් එක්ක ice cream තියන රතු පාට කෝප්ප දෙකක් මේසය උඩට ගෙනවිත් තිබ්බා.උගේ කතාව මම බොලාලට කියන්න කියලා සුජානම.

බිනර කියන්නේ මගේ පාසලේ හිතපු එකෙක් නෙවෙයි.පොර මාත් එක්ක සෙට් උනේ උපකාරක පන්තියක ඉදන් හිතුවෙවත් නැති විදිහට අපි දෙන්න ෆිට් උනා. සා.පෙ ප්රතිපල වලට අනුව බිනර නගරයේ ඉහලින්ම නමක් දිනා ගෙන තිබුණු පාසකට ගියා.

අලුත් ඉස්කෝලේ හිතපු තරම් ලස්සන කෙල්ලෙක් හිටියේ නැ. හිටියෙත් math පන්තියේ නිසා කොහොමත් කෙල්ලෝ අඩුයි.එත් හිටපු කෙල්ලන් පන මෙන් රකින්න කොල්ලෝ බැදිලා හිටියා.
කාලයක් යද්දී අපි ඔක්කොම මිතුරන් උනා.එත් තව ටිකක් කල් යනකොට තවත් අලුතින් මිතුරියක් අපේ පන්තියට කරක් ගැහුවා. කෙල්ලගේ කියන්න තරම් අවුලක් තිබ්බේ නැ. එත් ලස්සනක් තිබ්බෙත් නැ.

පහුවද උදේ අපිට හිතා ගන්න බැරි දෙයක් උනා. commerce එකේ කොල්ලෙක් ඇවිත් අර කෙල්ලත් එක්ක පෙම් කෙලිනවා. එකට එකෙක්වත් විරුද්ද උනෙත් නැ. පොර commerce කරන්න ගියෙත් අපේ පන්තියේ ඉදලම නිසා වෙන්න ඇති.කාලයක් යනකොට චලනි අපිත් එක්ක හොදටම ෆිට් උනා. ඒක math පන්ති වල තියෙන ගතියක් ඔක්කොම ෆිට් වෙන්න වැඩි කාලයක් යන්නේ නැ. එත් එක්කම අර love එකකත් නැගලම යනවා .එත් බිනරගේ හිතේ කාලයේ ඉදලම  චලනි ගැන අදහසක් තිබ්බලු. එත් love එකක් තිබ්බ නිසා අදහස කල් දන්නා හිතුවලු.

එත් එක්කම නිවාසාන්තර තරගාවලිය පටන් ගත්තා. එක පටන් ගත්තත් අලුතින් ගිය නිසා පිළිගැනීමක් තිබ්බේ නැ.

“meet එකට මොනාද කරන්නේ ඉන්නේ”

“මොන කරන්නද හලෝ අපි නම් මොකුත් කරන්නේ නැ”

“අපි නම් මැරතන් එකත් දුවන්න ඉන්නේ ඔයාල වැඩක් නැ කොල්ලෝ වෙලත් මොකුත් කරන්නේ නැ

කතාව තව දුරටත් ඇදගෙන යන්න උවමනා උනත් ඇගේ සිහින කුමාරයා  හිටපු නිසා  එක කරන්න බැරි උනා. චලනිගේ හුරතලයත් සුන්දර සිනහවත් තිබුන ගතිගුනත් එක්ක ඕනෑම කොල්ලෙක්ට හිත යන එක නවත්තවා ගන්න බැ. හිනාව මගේම කරගන්න තිබ්බ නම් කියලා හිතපු වාර අනන්තයි. මීට් එකත් එකේ තරග පටන් ගන්නත් සුජානම. එත් අපි එකට කිසිම සහයෝගයක් දෙන්න බැරි උනා. මීට් එක පටන් ගන්න දවසෙම මට හොදම අවස්ථාවක් හම්බ උනා.


ඉතුරු කොටස ලගදීම

සලිත 
2016-03-15

ප.ව  4.30

9 comments:

  1. Elaaaaa හරිම ආදරණීය කතාවක් වගේ දිගටම ලියාපන් ඉක්මනට.....

    ReplyDelete
    Replies
    1. දිගටම ලියනවා දිගටම මේ පැත්තේ එන්න

      Delete
  2. ලස්සන කතාවක් කියලා හිතෙනවා.... ඉදිරියට ම ලියමු සලිත..... 26 එනවානේ.......

    ReplyDelete
    Replies
    1. දිගටම ලියනවා. මම තාම පොඩි කොල්ලෙක් මම එන්න උත්සහ කරන්නම්. දිගටම කතාවත් එක්ක ඉන්න.ආවට තුති.

      Delete
  3. වචන වල අකුරු අඩුයි
    කියවල බලල පබ්ලිෂ් කරහන් මලේ...
    හොද කතාවක් වෙයි වගේ... ඉතුරු ටිකත් දාන කං බලං ඉන්නෙ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මම ඒ ගැන සැලකිලිමත් වෙන්නම් දිගටම එන්න ආවට තුති.

      Delete
  4. ලස්සන කතාවක්...

    ReplyDelete
    Replies
    1. දිගටම ලියමු ජය වේවා.....

      Delete