මම යන එන තැන්

Monday, March 21, 2016

අහිමි පෙම 2

1 කොටසට මෙතනින් 

මීට් එක පටන් ගත්තා.මුලින්ම තිබ්බේ මැරතන් තරග. දැන් නම් පාසල් වල මැරතන් තරග දකින්න හම්බ වෙන්නේ ගොඩක් කලාතුරකින්. මැරතන් තරගය මුල්ම තරගය වෙන නිසා එක ගැන ගොඩක් අය විමසිල්ලෙන් ඉන්නවා.මැරතන් තරග වල ගොඩක් ගැටළු මතු වෙනවා. පොදු කමිටුවට හොරෙන් රෝද තුනක් උඩින් මැරතන් තරගයේ ඉදිරියට එන්න කොල්ලෝ කුරුට්ටෝ උත්සහ කරනවා.දුවන කොල්ලන්ට උදව් කරන්න දෙමාපියන් සහෝදර මිතුරන් සියල්ල සුජානම්  වෙනවා. සලිත කොලුවාට මැරතන් දුවලා අත්දැකීම් නැ. ඔන්න ඔය වගේ මැරතන් තරගයක් අපේ පාසලෙත් තිබ්බා.කාන්තා මැරතන් තරගයට දුවන්න චලනිත් ලැස්ති වෙලා හිටියා.

"අපි මැරතන් දුවන්න ඉන්නේ"

"අපිට නම් ඕවා කරන්න බැ"

"අපිත් කැමැත්තෙන් නෙවෙයි යන්නේ අර අක්කලත් එක්ක මොනවත් කරන්න බෑ"

"අපිට ඔයාලට හෙල්ප් එකක්වත් දෙන්න වෙන්නේ නැ"

"අපිට හෙල්ප් එකට කස්ටිය ඉන්නවා, ඔයා දන්නවනි"

චලනි එයා යාලු වෙලා හිටපු කොල්ලගෙන් ලොකු හෙල්ප් එකක් බලාපොරොත්තු උනා. කොහොමත් එයා යාලු වෙලා හිටපු කොල්ලට ඕනිම දෙයක් කරන්න හැකියාවක් තිබුනා. කොහොමත් කොල්ලා පාසලේ හොද නමක් දිනා ගෙන හිටපු කෙනෙක්. ඔන්න අපේ මීට් එක ඇරබුනා.

මුලින්ම තිබ්බේ පිරිමි තරගය.පිරිමි තරගය ඉතාම උණුසුම් තරගයක් උනා.අපේ නිවාසයේ යාලුවෙක් 3 වෙනි තැනට ආවා. පොඩි එකාගේ ඉදන් ලොකු එකා දක්වා කොඩි වනමින් තම සහෝදරයන්ට හෙල්ප් එකක් දුන්නා. මගේ පන්තියේ යාළුවන් කිහිප දෙනෙක් දුවපු නිසා අයට ලැබුන දේවල් වලට වගකියන්න අපිටත් සිදූ උනා.

ඊට පස්සේ කෙල්ලන්ගේ මැරතන් තරගය. තමාගේ බිරිද,line කරන කෙනාගෙන් ලකුණු දා ගන්න අපේ මිතුරන් මග බලාගෙන හිටියා. අතර චලනිත් මැරතන් තරගයට යන්න සුජානම්. කහ පාටින් ඇය තරගයට මුහුණ දෙන්න බලාගෙන හිටියා. ඇය තරගයට බයක් පෙන්නුවා. අපේ ගණිත පන්තිය නිසා කොල්ලෝ කෙල්ලෝ අතර ඉතාම හොද සුහදත්වයක් තිබුනා. නිසා අපේ පන්තියේ කෙල්ලෙක් දුවන නිසා අපි බොක්කෙන් හෙල්ප් එක දෙන්න සෙට් උනා. එත් චලනිට කොල්ලෙක් හිටපු නිසා අපි චලනිට හැර අනිත් අයට හෙල්ප් කරන්න සුජානම් උනා.

"අපි කාටද බන් හෙල්ප් කරන්නේ"

"අපි අපේ උන් දෙන්නට හෙල්ප් කරමු"

"චලනිට කොල්ල ඉන්නවනි බන්"

"අපි එහෙනම් මධුට හෙල්ප් කරමු"

තරගය ඇරබීමට සියල්ල සුජානම්. අපිට ඇහුනා. එත් එක්කම අපි තරග අරබන තැනට ගියා.කහ පාට මගේ හිතේ තිබ්බේ. තරගය පටන් ගෙන ටික වෙලාවක් ගියා. කොල්ලෝ උන්ගේ ඒවා පස්සෙන් හොයා ගෙන ගියා.

පැය බාගයක් විතර ගියාට පස්සේ කෙල්ලන් එකා දෙන්නා තරග නිමා කරන තැනට ආවා. අපේ පන්තියේ මධුට අපේ සෙට් එකම බොක්කෙන් හෙල්ප් එක දුන්නා. එත් එකෙක්වත් චලනිට හෙල්ප් කරේ නැ. අනිත් කෙල්ලන් කොල්ලන් සමග ලොකු හෙල්ප් එකකින් තරගය නිම කරත් චලනි මුහුණ පුරාම දාඩිය දා ගෙන තනියම තරගය නිම කරා. මට තිබුන ලොකුම ගැටලුව චලනිගේ කොල්ල කොහෙද කියන එක. තරගය එහෙම අවසන් උනා. මධු 8 වෙනියා චලනි 19 වෙනියා වෙලා තිබ්බා.

අපි පන්තියට ගියා දවල් බත් එක එක පාරින් කොල්ලන්ගේ කටවල් ඇතුලට ගියා. එකෙකු මැරතන් එකට ගිහින් ගිලන් රථයේ පැමිණීම උගේ ගරුත්වයට විශාල වශයෙන් හානි වීමට හේතුවක් උනා.ලෝකේ නැති නොන්ඩි ගොඩක් කරන්න අපේ උන් අමතක කරේ නැ. කෙල්ලන් අපි එක්ක තරගෙට කොල්ලන් බලු කරන්න ආවත් එදා කෙල්ලෝ ටික වැඩේට  ආවේ නැ.

"මොකෝ බන් උබල අවුලෙන්"

"එහෙම අවුලක් නැ බන්"

"එහෙනම් කතාවක් නැත්තේ"

"මොකෝ චලනි අවුල"

"අහන්නකො බිනුර"

චලනි ලොකු කතවක් කියන්න ගියා.

ඊලග කොටස ලගදීම බිනුරට චලනි ලබා ගන්න පුළුවන් වේවිද අදට ඉවරයි.

සලිත
2016-03-22

පෙ. 10.32

14 comments:

  1. මොකද බං ගහෙං ගෙඩි එන්නැහෙ ඉවර කලේ...

    චලනිට වෂ ටිකක් කන්න හිතුණද දන්නෑ. ඇයි අප්පා කවුරුවත් බැකප් එකට නෑනෙ.
    හැක්. පව් අප්පා

    ReplyDelete
    Replies
    1. චලනිට උනේ මාර වැඩක්. ඔක්කොම එක පාර කිව්වම අගයක් නැති වෙනවා නේද

      Delete
    2. එහෙනං මං දාන ඒව කොටස් කීයකට විතර දාන්න ඕනද බං. හැක්

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අපිවත් උදව් කරමු.......... පව් අප්පා

    ReplyDelete
    Replies
    1. එහෙම හිතුනු එකත් ලොකු දෙයක්.

      Delete
  4. මට මතක් උනේ අපි උසස් පෙළ කරන කාලෙ තිබ්බ නිවාසාන්තර කීඩා උළෙල. කාන්තා මැරතන් එකේ පළෙවෙනියට ආපු නංගි අපේ නිවාසෙ. කරුමෙ කියන්නෙ ඒ ළමය ගත්ත තැන, එයාට දුන්නෙ නෑ එයාගෙ වයස මදි කියල. බැලින්නම්, එයාගෙ වයස මදි කියල දැන් දැනත් දුවන්න තියෙන ආසාවට එයා තරගෙට සහභාගී වෙලා.

    ReplyDelete
    Replies
    1. මැරතන් වල කොල්ලෝ මාර හොර කරන්නේ. වාහන වල නැගලා තමයි ගොඩක් අය යන්නේ. අක්කටත් මැරතන් දුවල පළපුරුද්දක් තියනවද?

      Delete
  5. ලස්සනයි..දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. දිගටම ලියනවා ආයෙත් එන්න මේ පැත්තේ

      Delete
  6. මේකට බ්ලොගර් පලෝවරය දාන්නේ නැත්තේ ඇයි

    ReplyDelete
  7. මේ පැත්තට එන්නම බැරිවුනා මචෝ.
    බලමු ඊ ලගට මොකද වෙන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. බලමු බලමු දිගටම එන්නකෝ

      Delete