මම යන එන තැන්

Tuesday, March 8, 2016

මග වැරදුන සුද්දා



බොහෝ දෙනෙක් තව ආදර කතාවක් ලියන්න කිව්වා. තවත් අය උබේ ආදර කතාව ලියපන් කිව්වා.තවම මටම ආදර කතාවක් නැ බොල. එත් බොලාලගේ ඉල්ලීම ටිකක් කල් දැම්මා.

 ඇල්ල....අනිවාර්යයෙන් ඔක්කොම වගේ දන්නවා ඇති.

ලොව නිදන නගරය ලෙස ඇල්ල නමක් දිනා ගෙන තියනවා. ලොව නිදන නගරය වීමට හේතුව ගාල්ල,මාතර,හම්බන්තොට වගේ තැන් බලලා මහනුවර,අනුරාධපුරය,පොලොන්නරුව වගේ තැන් බලන්න එන සංචාරකයන් ගිමන් හැරීමට ඇල්ල තෝරාගෙන තිබෙනවා. වගේම මහනුවර, අනුරාධපුරය,පොලොන්නරුව වගේ තැන් බලලා ගාල්ල, මාතර වගේ තැන් බලන්න යන සංචාරකයන් ගිමන් හරින්න ඇල්ල තෝරා ගන්නවා. හවසට ඇල්ල ගියහොත් වැඩිපුර දැක ගත හැකි වන්නේ සංචාරකන්ය.

එත් ඇල්ල බලන්න තැන් ගොඩක් තිබ්බත් ගොඩක් අය ගැන සලකන්නේ අඩුවෙන්ලු. තවද ඇල්ලට එන්නේ හිගන සුද්දන් බවටද මතයක් තියනවා . little adams peak, ella rock ඇල්ල ගල කියලා කියන තැන, රාවණ ඇල්ල සංචාරකයන් ඇල්ලට ආවොත් යන්න අමතක නොකරන තැන කිහිපයක්.ඇල්ල ගලට මම 5 පාරක් විතර ගිහින් තියනවා. ගිය හැම අවස්ථාවකම වගේ සංචාරකයෝ පිරිලා හිටියා. ඇල්ල ගල නිසා කිතල් ඇල්ල පැත්තේ ගොඩක් අය පෝෂණය වෙනවා. ගමේ කොල්ලෝ කුරුට්ටෝ ඉදලා වැඩිහිටි කෙනා දක්වා පිරිස් මගපෙන්වන්නන් ලෙස කටයුතු කරනවා. ඇල්ල ගලේ රාවනා ගේ නිදන් වස්තු තියනවා කියලත් රාවයක් තියනවා.

අපේ පැත්තම සංවර්දනය කිරීමට තරම් සුන්දර තැන තිබ්බත් ස්ථාන වලට නිසි ලෙස ජනප්රියතාවක් නැ. නමුනුකුල කියන්නේ  වගේ තැනක්. කදු නවය ඉලක්ක කරගෙන කොච්චි පාරක් හැදුව නම් ආදරවන්තයන්ම කීයක් යයිද? බණ්ඩාරවෙල 2 km දුරින් දුරට වගේ ගොඩක් සුන්දර තැන් හම්බ වෙනවා එත් ඒවා ගැන දන්නේ මෙහෙ ජීවත් වෙන අය විතරයි.අවුරුදු 5 කට වතාවක් දකින්නට හම්බවෙන බදුල්ල නියෝජනය කරන හරක් එවැනි සුන්දර තැන් ගැන දන්නේ නැති කමත් අපේ ජනතාවගේ ගොන්කම් නිසාත් ලංකාවේ දැනටත් ඌව පළාත කියන්නේ දුෂ්කර තැනක්, නැතුව ඌව දියුණු කිරීමට හැකියාවක් නැතිකම  නොවේ.

මගේ කතාවත් අමතක උනා. එදා සෙනසුරාදා දවසක්. එදා ගෙදර ලගට එනකොට හවස 7 විතර ඇති. අළු පාට අලුත්ම වෑන් එකක් පාරේ තිබ්බා. කාගේද කියල දුර ඉදලම මට තිබ්බේ කුතුහලයක්. එත් එක්කම කෝච්චියක් ආවා. කෝච්චිය දිහාත් බලාගෙන ඉදලා ආයෙත් මම ගෙදර පැත්තට ගියා.

“කාගේද බන් අර වෑන් එක”

“මම දන්නෙත් නැ බන්” කසුන් උත්තර දුන්නේ එහෙම

“වෑන් එක ලගින් යද්දී අපිට කතා කරාකසුන්ට වැඩක් තියනවා කියලා වැඩේ මග හැරියා.

“can you help me?” සුද්දෙක් සුද්දිත් එක්ක මගෙන් උදව් ඉල්ලනවා.

“yes i can”. මමත් ගොනා වගේ හා කිව්වා.

“can i go to ella on this way ?” මට වැඩේ තේරුනේ එතකොට

“you can not go to ella on this way”. කිව්වා හරිද මන්ද එත් උන්ට එක තේරුනා

“please see it”. සුද්දි මට phone එකක් දුන්නා එතකොට මට වැඩේ තේරුනා දෙන්නා GPS MAP එකක් පාවිච්චි කරලා ඇවිත් තියෙන්නේ. මොකක් කියන්නද කියලා හිතාගන්න බැරි උනා. බලපන්කො map එක මම මොනවද කියන්නේ කියලා.

GPS map එකට ලින්ක් එක පහල




ඔය මම ඇදපු එකක් එකේ හැටියට පාරවල් දෙක එකට සම්බන්ද වෙන්නේ නැ එත් GPS MAP එකේ පාරවල් දෙක සම්බන්දයි. දුබුරු පාටින් තියෙන්නේ කෝච්චි යන පාර. රතු පාටින් තියෙන්නේ මට සුද්දා හමුඋන තැන.හරියටම බලන්න ඕනි නම් ලින්ක් එකට ගිහින් බලන්න. හිතල හිතල මම මෙහෙම කිව්වා.

“you can not go to ella on this way. the road is not connected the road. this is the place this road end”. එහෙම කියලා මම map එක පෙන්නලා කිව්වා. එක ඇහුවට පස්සේ

“you said that the road is not connected” සුද්දි ඇහුවා.

“yes yes”

“oh my god...”උන්ගේ මුහුණු ඇබරිලා ගියා.ඔලුවේ අතගහගත්තා.

“can you help us?” මම උත්සහ කරත් පාර කියාදෙන්න  අයට තේරුම් ගන්න බැරි උනා. අන්තිමේදී මම තීරණයක් ගත්තා.

“අම්මී මම එන්න ටිකක් පරක්කු වෙනවා. අද බස් අඩුයිමම ගෙදරට කතා කරලා කිව්වා.ඊට පස්සේ මම ආයෙත් එයාල ලගට ගියා. වෑන් එකේ ජනේලයෙන් මම හොම්බ දාල මෙහෙම කිව්වා.

“i can help you” එහෙම කිව්වත් එක්කම දෙන්නම ගොඩක් සතුටු උනා. ගොඩාක්ම සුද්දි. එයා ඉස්සරහ දොර මට පිරිනැමුවා. මම සුද්දට පාර කියමින් උගේ තොරතුරු එහෙමත් ඇහුවා.

“where are you from?”

“i am form france.” මා දන්නා තරමින් රටේ අයට එච්චර කඩ්ඩ බැ. නිසා නොන්ඩි නොවී යන්න පුළුවන් කියල උදාර පැතුම මට ආවා. මොකද බොල මටත් එච්චර කඩ්ඩ බැ.

“is this your girl friend?”

“yes yes, she also from france.”

“how old are you?”

“25”. යකෝ උන් අවුරුදු 25 වෙනකොට කෑල්ලත් එක්ක රවුමුත් ගහනවා. රවුම් ගහන්න කියලා කෑල්ලක් වත් නැති එක ගැන මටම දුක හිතුනා.

“what is your job?”

“i am working at france army.” බලද්දී පොර හමුදා නිලදාරියක්ලු. උගේ ශරීරය දැක්කම එක නියමට පෙනුනා. සිරාම ඇගක් තිබ්බ පොරක්. එත් වෙලාවේ සුද්දි මොකද්ද කිව්වාඋන්ගේ රටේ බසින් කිව්ව නිසා මට එක තේරුනේ නැ.

“do you have girl friend?” මම අමාරුවේ වැටෙන ලොකුම ගැටලුව මගෙන් ඇහුවා. දීපන්කො උත්තර

“not yet but i have tryied. they do not like me.” ඇත්තම කතාව කියලා දැම්මා බන්. මට තව දෙයක් අහන්න හිතුනා.

“when did you come to sri lanka?”

“before 5 days.”

“what do you think about sri lanka?”

“nice.” කිව්වේ එච්චර විතරයි. කොහොමත් ඔවුන් වැඩිපුර කතා කර කර ඉන්න අකමැති බව මට පෙනුනා. බහින තැනත් එන්න එන්නම ලං උනා.

“what do you think about our road system?” ප්රශ්නයට සුද්දා කට කොනින් හිනා උනා විතරයි. එත් එක්කම මට ආයෙත් මතක් උනේ අර හරක් ටිකම තමයි. බහින තැන හොදටම ලංවුණා.

“can you stop the vehicle? my place is coming. this is the correct road to ella.” ඔවුන් ඔවුන්ගේ හදපිරි අරව එක මට පුද කරා. අතට අත දීල සුහදත්වයත් ප්රකාශ කරා. යන්න කලින් මම ඔවුන්ගේ නම් ඉල්ලා ගත්තා වෙන මොකටවත් නෙවෙයි බොල දෙන්නම facebook ඉන්නවා කියපු නිසා මිතුරුකම දිගටම තියාගන්න කියලා හිතලා.

ගෙදරට ආපු ගමන් කසිකබල් lap දිගහැරගෙන facebook ගිහින් මිතුරන් දෙදෙනා සෙව්වා. උන්ගේ  ගිණුම් වල තොරතුරු දැක්කම මම පුදුම උනා. සුද්දා හමුදාවේ නෙවෙයි බොල වෙන මොකද්ද ජොබ් එකක්. එත් රටනම් හරි. මොකක් හරි වෙන්න කියලා මම requst දෙකක්ම දැම්මා. අද වෙනකන් දෙකම confirm  උනේ නම් නැ. ඇත්තටම වෙලාවේ හැටියට එයාලා මව විශ්වාස කරන්නෙත් බැරි වෙන්න ඇති.

උන හරි වැඩේ ගෙදරට කිව්වට පස්සේ ටිකක් විතර කන් දෙකේ ඇගිලි ගහගෙන ඉන්න උනා බොල. ලගදීම තව ආදර කතාවකින් හම්බ වෙමු. මම ඇදපු map එක ගැන මොකුත් කියන්න එපා හොදේ.

සලිත
.  6.06

2016-03-08

18 comments:

  1. hikzzzzzzzzzzzzz elaaaaaaaaa adara kathawa ikmanata dapan....

    ReplyDelete
    Replies
    1. ආදර කතාව ලග එනවා ආයෙත් මේ පැත්තට එන්නකෝ

      Delete
  2. උඹ පව් බං........ ඒ පිනෙන් හරි ගොඩයයි.... ජය

    ReplyDelete
    Replies
    1. පින් ගොඩක් කරලා තියනවා තාම ගොඩ තමයි ගියේ නැත්තේ

      Delete
  3. ලෙසටම ලියලා, ජය...

    ReplyDelete
    Replies
    1. බොහොම තුති ආයෙත් මේ පැත්තේ එන්නකෝ

      Delete
  4. ප්‍රංශයේදී ප්‍රංශ උන් ඉංග්‍රීසි කතා කරනන් කැමති නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ රටේ දේ රැකගන්න එහෙම කරනවා කියලා තමයි ආරංචි. මේ පැත්තේ ආවට තුති. ආයෙත් එන්නකෝ.

      Delete
  5. හිග සුද්දො කියන්නෙ නිකං යැ නැද්ද බං..
    අප්පෝ උං වෑන් වල යන්න හෙට්ටු කරන තරං හෙහ් බලං ඉන්න ආසාවෙ බෑ..
    අපේ සමහර ඩ්‍රැවාලට ඉංගිරිස් බෑ.. උං කඩ්ඩෙං කොටනව හෝ ගාල ඩ්‍රැවා ඩිපෙන්ඩ් කරව එහෙ මෙහෙ හැරි හැරි
    බලං ඉන්න ආසයි බං... හිහි.

    සුද්දො අපේ රටේ උං විස්වාස කරන්නෙෑ ඇයි බං අපේ උං හදන්නෙම උංට ඇරල මාරු වේන නෙ..
    ඒ හිංද වෙන්න ඇති ආමි කියල කීවෙත්
    හැක් හැක්

    ආයෙත් එන්නංකො
    ආ මේකට ෆලෝවර් ගැජට් එක දාගනිං
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. French ෆ්‍රෙන්ච් කතා කලා කිව්වා නම් වඩා හරි. france කියන්නේ රට. French කියන්නේ භාෂාව.

      Delete
    3. මටත් තේරුණා අර සුද්දි ජොබ් එක ගෙන උත්තර දෙනකොට දෙන්නා French වලින් කතා කරා. සමහරවිට ඒ ගෙන වෙන්න ඇති කතා කරන්න ඇත්තේ. අපේ උන් කොහොම ෂුවර් කරන්නද අපේ පැත්තේ ඔහොම වැඩ දෙකක් තුනක් උනා. විදේශිකයන්ගේ මුදල් හොරකන් කරපු cause. ආයෙත් මේ පැත්තේ ඉන්නකෝ. ආවට බොහොම තුති නිවැරදි කිරීමක් කරා උපදෙසට බොහොම තුති.

      Delete
  6. සුද්දෝ ඔහොමමයි බං.

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් තියනවා වගේ. එත් සමහර අය ඉන්නවා සුපිරි පොරවල්.මේ පැත්තට ආවට බොහොම තුති . ආයෙත් එන්නකෝ.

      Delete
  7. තව තවත් හිගන සුද්දන්ට උපකාර කිරීමේ වරම් ලැබේවා උබට :D

    ReplyDelete
    Replies
    1. නැ බොල පොඩි උදව්වක් උනා මනුස්සකමට ආයෙත් මේ පැත්තට එන්නකෝ

      Delete
  8. බොට ළඟදිම ඉටිකිරිස් කෑල්ලක් සෙට් වේවා!!!

    ReplyDelete
  9. මමත් මේ දවස් වල හොයමින් ඉන්නේ. බලමුකෝ බලමුකෝ. එහෙම කෑල්ලක් හම්බ උනොත් ලියලත් ඉවරයි. ආයෙත් මේ පැත්තට එන්නකෝ.

    ReplyDelete