මම යන එන තැන්

Friday, June 24, 2016

අසපුවේදී පින් රැස් කරගත්තද? 3



ඔන්න ඉතින් ඊලග කොටහත් කොටන්න කියල වෙනද වගේම ලෑස්තිය. මේ දවස් වල ටිකක් විතර වැඩ රාජකාරි වැඩි නිසා ටිකක් විතර පරක්කු උනා. වැඩි කතා ඕනි නැ. මුල් කොටස් කියවන්න බැරි උන සැදැහැවතුන් මෙතනින් රිංගන්න.



අපි ඉතින් පිරිසිදු කිරීම් කටයුතු වලට උර දෙන්න සුජානම් උනා. එත් අපිට ටිකක් ඉදල් හොයා ගන්න අමාරු උනා. එත් ඇත්තම කතාව නම් එතන එළවලු තියන්න තරම්වත් සුදුසු තැනක් නෙවෙයි.

"අයියා ඉදල් තියෙන්නේ"

"මල්ලි දානේ හදන තැනට එහා පැත්තේ"

මම තකහනියක් හනිකට ගියේ ඉක්මනට වැඩේ කොරල දාන්න තිබ්බ මෙව්වා එක නිසා.   ඉදල් වල කුරු හොයාගන්න ටිකක් දුරට අපහසු උනා. එත් ඉතින් ඉදල් මිටෙන් හරි අතු ගාන්න අපි සුදානම් වෙලා  හිටියේ. අපේ කොල්ලෝ සෙට් එක විනාඩි පහෙන්, දහයෙන් වැඩේ අහවර කරා. ඊට පස්සේ අපිට තිබුනේ තරමක ගැටලුවකි.

"අරුන් ටික නම් හොදට නා කියාගෙන එයි බන්"

"අපිත් ආවනි මේ රෙද්දේ වේලි වේලි ඉන්න"

"මේකේ නා ගන්න තැනක් ඇති බන්" එහෙම කියපු අබයා එක්ක ලහිරු පොඩි සංචාරයක් දාල එන්න ගියා.අපි සුපුරුදු පරිදි ජංගම දුරකථනයත් එක්ක ගැටුමක් දා ගත්තා.කොතරම් කිව්වත් අපි තාක්ෂනය සමග අපේ ගොඩක් දේවල් නැති කරගෙන ඇති බව වැටහුනා.

"අඩෝ පොට් එකක් තියනවා. යමන්"

"ඔය ගෙනාපු ඇදුමක් අරගෙන වරෙල්ලා" එකෙකු බැනියම පිටිනි. තවකෙකු ඇදගෙන හිටිය කමිසය දෙකට නමා ගෙන උරහිසට උඩින් දාගෙන අසපුව හරහා නා ගන්න යන ගමන් හිටියේ.

"මල්ලි කෑම වදුරෝ ගෙනියයි. එක්කෙනක් උඩ ඉන්න" පල පල ඩෝ අපි ඔක්කොම එකට ඉන්නේ එකෙක් වත් උඩින් ඉන්නේ නැ.වාසනාවට අපිට පෙනුනේ සිල් ගන්න ඇවිත් හිටපු උපාසක මහතෙක් එතුමා කලින් දවසෙම අසපුවට ඇවිත්.ඔහුට වැඩක් තියෙන බවක් පෙනෙන්න තිබුනේ නැ.

"මාමා උඩ දානෙට ගෙනාපු බඩු ටික තියනවා පොඩ්ඩක් බලා ගන්න පුලුවන්ද"

"බලන්නකෝ පුතා මේ දවස්  වල ඉන්න හොරු නේද?..............................." බර කතාවකි. පොරගේ  කතාව  ලොකු ඇනයක් වෙන්න කලින් අපි ඉක්මන් පියවරක් ගත්තා.

"මාමා වදුරෝ එනවලු පොඩ්ඩක් බලනවද"

මාමා අපි සමුදුන්නා. අපිට නා ගන්න තිබුනේ අමුතුම තැනකි. එක පෙලට තැනු වැසිකිලි පද්දතියකි. එක පැත්තක් පිරිමි සහ අනිත් පැත්ත ගැහැණු කියලා බෙදා තිබුණි. ඒවාට නුදුරින් පිහිටියේ අපිට නා ගැනීමට තිබුණු වතුර මල් දෙකකි. අරමුණ දහදිය පිරුණු ඇග තෙමා ගෙන නිදහස් සිරුරක් ලබා ගැනීමය. අරමුණට අපි පියමන් කළෙමු. පියමන් කරන අතතුර පිරිමි වැසිකිලි වල දොර අරිමින් වසමින් මේක මගේ කියමින් ඒවා වෙන් කරගන්නට අපේ උන් අමතක නොකළේය. වෙන මොකකටවත් නොව අනිත් දවසේ රාජකාරිය කර ගැනීමටය.අපි දැන් වතුර මල් ලගට පැමිණ හමාරය.

එකෙකු අත වත් අමතර කලිසමක් නොතිබුණි. අපිට නා ගන්න වෙන්නේ සිවිල් පිටින්ද? එත් අසපුව කියන්නේ මිනිසුන් නිතරම සැරිසරන තැනක් නිසා එවන් පුද බිමක සිට අනිත් මිනිසුන්ගේ සිල් බිදින්න අපි අකමැති නිසා එවන් ආකාරයට නා ගැනීම අත්හැරියා. සලිත කොලුවට සිවිල් නාගත් අවස්ථාවන්ද මතකට එනවා. අපිට කර කියා ගත හැකි දෙයක් නොතිබිණි. වතුර මල් දෙකක් තිබුණි.

"අඩෝ අර දෙක කාගේද දන්නේ නැනැ බොලන් දෙකක් නෙවෙයි.

"කාගේද දන්නේ නැ ගන්න එක හරිද බන්"

"මෙහෙ වැඩ කරන කෙනෙක්ගේ වෙන්න ඇති"

"ඔන්න ඔහේ ගනින් බන් වේලෙන්න  දාල තියෙන්නේ "

"ඔය තුවාය ගනින් අරගෙන මට දියන්"

"මට ඔය ලොකු එක ඕනි බන්"

මුලින්ම නා ගන්න ගියේ අබයා එක්ක ලහිරු වතුර  හොදින් නා ගෙන දෙන්නා ආවා. නා ගන්න කොට වැඩිම වෙනසක් දැක්කේ නවීන් කොලුවාගේ පොර වැල්ලවායේ නිසා පොරට බණ්ඩාරවෙල වතුරේ සීතල නිසාද කොහෙද යාන්තමින් හොරෙන් ඇබරෙනවා වගේ දැක්කා. අපි හොදින් නා ගත්තා. සීතල සුළග වදිනකොට තිබුන සනීපය ඔබලාට කියන්න බැරිය විදිය යුතුමය. නා ගෙන අවසානයේ නැවත රෙදි ඇදගන්න යනවිට එකම වර්ගයේ j@#$#  තිබුණු නිසා දෙන්නෙක් අපහසුතාවයට පත් උනි.

"යමුද බන් අරහෙට" මෙහෙම කියලා අපි ආයෙත් දානේ හදන තැනට ගියා.

"නිදා ගමු  බන් ටිකක් වෙලා" එහෙම කියල සත්ගුණවත් අපි පස් දෙනා නිදා ගන්න හැදුවා. කියන්න ආසයි අපි සෙට් එක නිදා ගන්න කියලා ගියා. කොල්ලෝ පහක් නිසා කරදරයක් නැතිව නිදා ගන්න හිතා ගත්තා.

"අඩෝ යමුද උඩ බලන්න හරියට ඇවිදින්නත් බැරි උනානි" යෝජනාව මගෙනි එකෙක්වත් සම්මත කරේ නැ. ටිකිරි මොලේ වැඩ කළේය.

"බලහන් මේ ෆොටෝ එක" ගතුනේ නිමේෂයකි කොල්ලෝ පස්  දෙනා  ආවේය" මම උන් නිදා සිටින විට ගත්ත ෆොටෝ එකක රසවින්දනය කියා දුන්නෙමි. එක්කම මම මගේ යෝජනාව නැවත ඉදිරිපත් කලෙමි.එකට නවීන් කොලුවත් එක්ක ලහිරු කොලුවත් එකග උනා. තව බඩු ලොරියක් එනවා කියලා මගේ නහයට කලින්ම දැනුනා.අපි තුන්දෙනා උඩ බලන්න කියල හිතාගෙන උඩට ගියා.

අමුතුම පැත්තකි. ඉතාම නිස්කලංකය. අඩක් නිමවූ වෙහෙරක්ද තිබිණි. දුර ඈත පුංචි වාහන ගොඩක් ගමන් කරනවා පෙනුනි. සැබවින්ම අලංකාර දසුනකි.හිතට දැනුනේ අමුතුම හැගීමකි. අතරේ ලහිරු පොරගේ ජීවිත කතාවෙන් බිදක් හෙලමින් හිටියා.



"අඩෝ සලිත උබල කොහෙද ඉන්නේ "

"අසපුවේ බන් "

"අඩෝ මාත් එන්න කියලා යන්නේ"

"නැ මොකෝ ගෙදර වැඩට උනේ"

"එක අද නැ බන්. මම හාලි ඇල්ලෙන් දැන් එන්නේ. පරක්කු වෙයිද බන්"

"වරෙන් බන් ඇවිත් ..... බැහැල උඩට වරෙන් අපේ කොල්ලොත් තව ආවේ නැ"

අරුමයකි පුදුමයකි ඩෝල කොලුවය. මට හිතෙන හැටියට පොරට ගෙදර ගියාට පස්සේ  එන්න බැරිව ඉන්න නොහැකි වෙන්න ඇති. නිසා ආයෙත් එන්න තීරණය කලා විය යුතුය.තව ටිකක් වෙලා වල් පල් කියවමින් කාලය ගත කරා.

“අරුන් ඇවිත් ඇති බන් අපිත් යමුද පහලට”

“ඔව් බන් අදින්න තියෙන ඒවා ඇදලත් ඉවර ඇති”

“යමන් බන් පට්ට බඩගින්නක් තියෙන්නේ”

අපිට ලොකු බඩගින්නක් තිබුණි. රෑ අදුරේම අපි පොහොය හද දිහා බලාගෙන පහලට ගියෙමු. අප බලාපොරොත්තු උනේ ගිය ගමන් උණුසුම් තේ කෝප්පයකි.

පහලට යන විට අපේ සෙට් එකේ කොල්ලෝ තුන්දෙනෙක් විතර ඇවිත් තිබ්බා. අනිත් උන් තාම මග එන බව අපිට දැනගන්න හම්බ උනා. අපි පහලට යනකොට තවත් කොල්ලෝ ටිකක් මෙන්ම සර්ගේ යාලුවෝ ටිකකුත් ඇවිත් තිබ්බා. අපිට තිබුණු ලොකුම ගැටලුව ඇති විශාල බඩගින්නය. එය දුරු කරදීමට කිසිම  අයෙක් ඉදිරිපත් උනේ නැත.

එක පාරටම ලොකු ලොරියක් ආවේය. ලොරියේ තිබුණු බඩු නොව ලොරිය හුදෙක්ම ඇවිත් තිබුනේ කොල්ලෝ ටික ගෙනත් දැමීමටය. උන් හූ කියාගෙන අසංවරව අසපුවට පැමිණියහ. එය අපේ හැටිය. එකතු වූ විට කට වහගෙන ඉන්න හරිම අපහසුය.එය අපගේ ආතල් එකය.පසුව අපගේ සත්ගුණවත් කොල්ලෝ සෙට් එක වහාම සුදුසු කිට් එකක් දා ගෙන වැඩට බහින්න පටන් ගත්තා.එකෙක්ට වත් බඩගින්නේ හිටපු අපි මතක් වී තිබුනේ නැත. අපිට කියා කොල්ලෝ පාන් ගෙනත් තිබුනත් පාන් වාටියක්වත් මම දැක්කේ නැ.

අපිට ලැබුණු කාර්ය උනේ ලුණු සුද්ද කිරීම. එත් ගෙඩියක් දෙකක් සුද්ද කරනවිට මගේ ඇස මෙව්වා විය. කදුළු ගලා ගෙන ආවා. මම වහාම මගේ කන්නාඩි දෙක දා ගත්තා. ඊට පස්සේ අවුලක් නැතුව සුද්ද කිරීමට හැකි විය. තව සෙට් එකක් ලුණු කැපුවා. සෙට් එකම බොක්කෙන්ම වැඩ ටික කරා. එකෙක් දෙන්නෙක් සින්දුවක් අල්ලන්න අමතක කලේ නැ.

ඔන්න ඉතින් අපි පතාගෙන හිටපු දේ අපිට ලැබුනා. මොකක්ද බෝල කහට වීදුරුවක් බඩගින්නටත් එක්ක මම කහට කෝප්ප දෙකකටම කෙලලා දැම්මා. කන්නත් හම්බ උනි. එත් මොනාද කියලා මතකයේ නැ. ඔය කාලය අතරතුරේ නොයෙක් කතන්දර එක එකා කියවා පාළුව දුරු කර ගත්හ. අපි විශාල ගැටළුවක් තිබුණි.

සර්ගේ යාලුවෙක්ගෙ දුවෙක් හිටියත් පස්සේ එයාව දකින්න හම්බ උනේ නැ. අපේ සෙට් එකම පිලිබදව දැඩි ලෙස කලබල උනා. ගවුමක් කිව්වොත් අපේ උන් එසේය. කාගේ වුවද දරුවෙක් නිසාය. අපේ කොල්ලෝ කිහිපදෙනෙක්ද අතුරුදහන් වී තිබුණි.

"කෝ බන් අරුන්"

"දන්නේ නැ"

"තෝ hu#$% උන් එක්ක එකටම නේද ඉන්නේ #$%^"

"අන්න පහලට ගියා බන් වෙසක් කුඩු අලවන්න"

අර කියපු ගවුමත් වෙසක් කුඩු අලවන්න ගිහින් අපේ උනුත් දෙන්නෙක් විතර එතනට සෙට් වෙලා.අපි ලුණු සුද්ද කරත් උන් කුඩු අලවයි. ඇතැම්විට කුඩු තනනවා විය හැක.

"පුතාල ගිහින් පයක් දෙකක් නිදා ගන්න. හෙට උදෙන්ම එන්න"

වෙලාව 12 පසුවී තිබුණි.අපිට නිදහසක් ලැබුනේ වේලාවේය. ඉතින් ඔය නිදහසේදී කෑල්ලට පොඩ්ඩක් කතා කරන්න අපේ උන් අමතක කලේ නැ.සලිත කොලුවා ඉතින් දුරකථන අතට ගෙන මලක් කඩන්න ගියෙමි එත් මලක් කඩන්න කියල කෙල්ලෙක් හිටියේ නැ බොලන් ඉතින් game එකක් ගහගෙන ආතල් එකෙක් එකේ හිටියා.



 [වමේ සිට දකුණට මුලින්ම නවීන්,ඩෝල,සලිත,ඉබ්බා,තේජාන්,අබයා,සුලක්ෂණ,සචි  ]


[අභය දානය ලැබුණි ]


ඉතුරු ටික ලගදීම කොටන්නම්. ඔබටත්  මටත් ජය වේවා.

සලිත
2016-06-25

පෙ 9 18  

6 comments:

  1. Replies
    1. හැකි ඉක්මනට ලියන්නම්.

      Delete
  2. ආසයි බං ඔය පැත්තෙ ඇවිල්ල යන්ඩ....විභාගෙ ඉවර උනහම පොඩි සංචාරයක් දාන්ඩ ඕනෙ...

    ReplyDelete
    Replies
    1. වරෙන් බොල හොද fun එකක් ගමු.

      Delete
  3. mmmmmmmm හොද පිං වැඩකට දායක වෙලා නේ,

    ReplyDelete