මම යන එන තැන්

Saturday, July 2, 2016

අසපුවේදී පින් රැස් කරගත්තද? [අවසාන කොටස]



ඔන්න ඉතින් අන්තිම කොටහ කොටන්න කියල බැලුවේ. ගිනියම් උන දහවලක ඉදන් කොටන්න පටන් ගත්තේ. මුල් කොටස් කියවන්න බැරි උන අය මෙතනින් රිංගලා බලන්න.




අපිට ලැබුනේ පැය දෙකක කාලයක් පමණි. ලැබුනේ ඇති විශාල ශාලාවකි .ශාලාව  වෙන්කර තිබුනේ තිරයකිනි. තිරයක් මගෙන් විශාල ශාලාව කොටස් දෙකකට වෙන් කර තිබුණි.අපේ උන්ට තිබුණු ලොකුම ගැටලුවට පිළිතුරු ලැබුණි. දුරකථන නැවත ආරෝපණය කරගන්න පහසුකම් ශාලාවේ තිබුණි.ශාලාවේ පසකින් පැදුරු මෙන්ම කොට්ට තිබුණි. කොට්ට අවම වශයෙන් අවුරුද්දක් ඇතුලට පිරිසිදු කර තිබුනේ නැත. කොරන්න දෙයක් තිබුනේ නැත ඒවා භාවිත කරන්න සිදුවිය.

"මල්ලි පොඩි උදව්වක් දෙනවද" කෙල්ලෙක්ගෙ කට හඩක්. මේ රෑ වෙලා කෙල්ලෙක් අපේ උන් උදව්වට ඇගිලි ගනිමින් තිරයෙන් එහා කාමරයට හොම්බ දැම්මා. බලාපොරොත්තු දෑසෙන් එකිනෙකා ඇහැ දාන්න පොර කනවා.

"මල්ලි තව කුඩු ටිකයි අලවමුද?" වෙසක් කුඩු එකක් දෙකක් නෙවෙයි සිය ගණනක්. එතන කුඩු අලවන්න 3 ක්, 4 ක් වගේ හිටියා.අපේ උන් හෙම්බත් වෙලා හිටපු නිසා එකෙක්වත් උදව්වට ගියේ නැ.

අපේ සෙට් එකේ ඉක්මනටම නින්දක් ඕනි දෙන්නෙක් සිටියා. එකෙක් අබයා අනිකා පිඩා අයියා. උන් දෙන්න පැදුරු දෙකක් දිග ඇරගෙන නින්දට යන්න ගියා. අනිත් එකෙක්ටවත් නිදා ගන්න කිසිම උවමනායක් තිබුනේ නැ.මමත් නවීන් එක්ක ඩෝලා game ගැහුවා. අනිත් උන් සින්දු ඇහුවා.

ඔහොම ඉන්න අතරේ අපේ උන්ට පිඩා අයියා තරහ ගස්සවා ආතල් එකක් ගන්න සිත් විය. පිඩා අඩන හිටපු කමිසය ගලවලා ගෙදරින් ගෙනාපු රතු පාට පොරවනය එක්ක නිදා ගන්න ගිහින්. අපේ උන් පොරගේ පොරවනය අරහෙට මෙහෙට ඇද්දා. පොරට යන්නතමින් තරහ ගියා. අපේ උන් second වෙන්නේ නැතුව ආයෙත් පාරක් දෙකක් ඇද්දා.

"මේ හු#$@% තොපිලගේ ju$%#@ කපලා අතට දෙනවා හු#$%@ නිදා ගන්න දීපන් කැ#$%@^ හු#$%^@"  අපේ උන්ට හෙන ආතල් ආයෙත් අරූට වද දෙනවා.

"තොපි හු#$@% එක්ක බැ #$@% දීපිය හු^&%$# මෙහෙට දියන් ඔය රෙද්ද" පිඩා නහුපෙට නැග තිබුණි. තරහ බන් වෙන මොකුත් නෙවෙයි. ඉතින් පිඩා අපි ලගින් වෙන පැත්තකට ගිහින් වෙනම නිදා ගත්තා.

ඊට පස්සේ අපේ උන්ට සිහියක් නැ. ඔහේ කෑ ගහනවා උන්ට මෙවන් ආතල් එකක් ආයේ සෙට් වෙන්නේ නැ කියලා උන් දන්නවා.ඊට පස්සේ මල පැන්නේ අපි නොහිතපු එකෙක්ට. අබයා එත් අබයා කතා කරේ හොදින්.

"අනේ මොනාද බන් ඔය සින්දු අහන උන් එලියට ගිහින් අහපල්ලකෝ. මොන රෙද්දක්ද බන් නිදා ගන්න නැ. ගෙදර ඉන්නකොට බල්ලා කාමරේ ලගට ඇවිත් හූ කියනවා මෙතන මුන්. අඩෝ නවත්තලා නිදා ගනින්කෝ" අපේ උන්ට ගානක් වත් නැ.

තව ටිකකින් දෙන්නෙක් ගොරවන්න ගත්තා. එකෙක් ගොරනවා දැනෙන්නේවත් නැ. එත් අනිත් පොර ගොරවනකොට විශාල හඩක් නිකුත් විය. නැවත හුස්ම පහලට හෙලන විට විසිල් හඩක් ඇසුනි. මේ අතර එසේ ගොරවපු උන්ට පසුව පහරවල් එල්ල උන බව නිල නොවන ආරංචි වලින් දැනගන්න ලැබිණි. මේ ඔක්කොම බාධක යටතේ මම එක කනක් කොට්ටයට තද කරගෙන අනිත් කනට ඇගිල්ල ගහගෙන නිදා ගත්තෙමි.

මම නැගිටින විට උදේ 4 වී තිබුණි. එතකොට ආයේ නැගිටලා හිටියේ ඉබ්බා විතරයි. ඉබ්බත් එක්ක පොඩි චැට් එකක් දා ගෙන හිටියා. ඊට පස්සේ මුණ සෝදන්න ගියා.එතනත් ටික වෙලාවක් ඉදලා දන්නෙම නැතුව උදේ 6 පමණ වී තිබුණි.අපි නැවත කෑම හදපු තැනට ගියෙමු.අපි යනවිට සියලු කරුණු ඉටුවී තිබුණි.අපිට තිබුනේ කෑම බෙදන තැනට රැගෙන යාම පමණි. උදේ දානෙට 400 විතර සිටීවි යයි අපි සිතා ගත්තෙමු.

බත්,පරිප්පු වැනි දානෙට සකසා තිබු සියලු දේ අපි දානේ බෙදන තැනට අරගෙන ගියෙමු. මේ වනවිට පන්තියේ කෙල්ලන්ද පැමිණ තිබුණි.දානේ බෙදන කාර්යය අපි භාර ගත්තා.පෝලිම් තුනක් සෑදීමේ අරමුණින් අපි තැන තුනක සිට දානේ බෙදීම සකසා ගත්තෙමු.මට බෙදීමට තිබුනේ පරිප්පු. සිල් ගත උදවිය දානෙට වැඩම කරා. මමත් ඉතින් මුහුණු දිහා බලමින් සිල් කරුවන්ට පරිප්පු බෙදුවා. සමහර අයට හැදී දෙකක්ද තවත් සමහර අයට හැන්දක් බැගින්ද බෙදුවා.සමහරෙක් "සුවපත් වෙත්වා" කිව්වා. හිතට දැනුනේ අමුතු මෙව්වා එකකි.

බෙදනවා බෙදනවා සිල් කරුවන් ඉවරයක් වුනේ නැ. දානේ ප්රවාහනය කල උන් කිව්වා පරිදි දානේ ඉවර වෙන්න ලගය. බව දැනගත් අපේ සෙට් එකේ උන් ආයෙත් බත් දෙකක් rice cooker වලට දැම්මා. මගේ පරිප්පු භාජනයේත් පරිප්පු ඉවර විය.අනිත් තැන දෙකේද දානේ ඉවර වෙමින් තිබුණි. දවල්ට හදපු පොලොස් මාලුවෙන් ටිකක්ද අපි ආයෙත් පහලට අරන් ආවා.තේජාන් මලයා සිටි තැන බත් ඉවර විය.එත් තාමත් දානේ පෝලිමේ කස්සටිය දානේ කන්න බලා ගෙන ඉන්නවා.අපිට කර කියා ගන්න දෙයක් තිබුනේ නැත. බත් නැතුව මාළු පමණක් බෙදීමටද නොහැක.

"පුතේ දානේ ඉවරද"

"ටිකක් ඉන්න තව විනාඩි 10 කින් බත් එක හරි"

"පුතේ ගොඩක් වෙලා ඉන්න අමාරුයි, අපිට බෙහෙත් බොන්න තියෙනවා"

"ටිකක් ඉන්න ආච්චි තව ටිකකින් බත් එක හරි"

තේජාන් මලයා ඉතාම ඉවසිලිවන්තව උත්තර දුන්නා. එයට හරියන එකම පුද්ගලයා තේජාන්. පොරට තියෙන අහිංසක මුහුණ නිසා කාටවත් හිංසාවක් කරන්න හිතෙන්නේ නැ.ඔතන මම එහෙම හිටියා නම් සිල් ගත්ත අයගෙන් සැහෙන ගුටි කන්න තිබ්බා. එත් ඉතින් ගැලවුම්කාරයා හැටියට තේජාන් හිටපු නිසා වැඩේ හරියට ගියා.

"අඩෝ ආච්චිලා අහනවා දානේ ඉවරද කියලා"

"අපායට යන්නත් කලින් යන්න කියන්නේ මේකට කියහන්'

"තව ටිකකින් හරි බන්"

විනාඩි දහය විනාඩි විස්සක් උනාට පසුව අපි  දානේ සකසා නැවත බෙදුවෙමු. එහෙත් වෙන පැත්තක නම් ගුටි කනවා නියතය. එත් බණ්ඩාරවෙල මිනිසුන් තුල පවතින ඉවසන ගුණය නිසා අපිට එවන් විපතක් සිදු උනේ නැත.

අපි බලාපොරොත්තු උනේ 400 උනාට වෙලාවේ 900 විතර හිටපු නිසා වැඩේ කරගන්න අමාරු උන බව කාගේත් මතය උනා.කෙල්ලන්ට දවල් දානය සකසන්න භාර දී අපි ටික වෙලාවක් නිදහසේ කාලය ගත කළෙමු. වෙලාවේ අපි අසපුවේ පොඩි රවුමක් ගහන්න ගියා. අතරේ පිඩා නැති බව වැටහුනා. පොරට තරහ ගිය නිසා ගෙදර ගිහින් බව කාටත් හිතුනා.

අපේ පන්තියේ කෙල්ලන්ගේ දක්ෂතා බලාගන්න අපි ආයෙත් දානේ හදන තැනට ගියෙමු.කොල්ලෝ ටිකක් වැඩේ මිස් කරලා උන් ගැන අපි සිතා ගත්තෙමු. පන්තියේ කෙල්ලන් පොල් ගානවා, පොලොස් කොටනවා වගේ කී නොකී බොහෝ දේවල් කරා බලන් ඉන්න ආසයි.කෙල්ලන් අපි ඉදිරියේ උන්ගේ දක්ෂතා දැක්කුවා. එත් එකෙක්වත් සෑහීමට පත් උනේ නැ පත් උනා නම් එදාම කොකු කිසිපයක් වදින්න තිබ්බා.

දහවල් දානය කිසිම අවුලක් නැතුව අපිට ගොඩ දා ගන්න හැකි උනා.ඊට පස්සේ අපේ උන් අසපුවේ පිස්සු නැටුවා. විශාල යෝගට් ප්රමාණයක් ඉතිරි වෙලා තිබුණු නිසා මමත් යෝගට් තුනකට වග කිව්වෙමි. තව කපල් යෝගට් කෑමේ තරගයක්ද පැවතුනි. ඊට පස්සේ අපිට දානෙට වග කියන්න සිදු උනා. ක්ප්ල්ලන් කෙල්ලන් වෙනසක් නැතුව බත් බෙදා ගත්තා. කෙල්ලන් කොල්ලොන්ට බත් කැව්වා. මමත් විටක් දෙකක් කෑවා හැක හැක.

ඇස් වලට නිදහසක් ඕනි නිසා අපි දවල් දානෙන් පස්සේ අසපුවෙන් පිට උනා. නැවත බණ්ඩාරවෙලට එන අතරතුර පිස්සු කෙළිමින් අපි ආවා. එත් දන්සල් තිබුනේ නැත. දන්සල් වලට එකතු කරපු ඔක්කොම නාය යාම නිසා අසරණ උන ජනතාවට යවා තිබුණි. ඇත්තටම අසපුවේදී පින් ගොඩක් රැස් කර ගත්තා. එත් මේ සියලු ආතල් තව මාස 2 විතරයි. ඇත්තටම මහා දුකක් දැනෙනවා. කඩ්ඩ පන්තිය තව මාස දෙකකින් ඉවරයි එක්කම ගත්තු ආතල් ඔක්කොටම තිත තියන්න වෙයිද???


[කඩ්ඩ පන්තියේ සෙට් එකෙන් ටික දෙනෙක්] 

තව අලුත් කතාවකින් හමු වෙමු.මට මෙන්ම ඔබටත් ජය.

සලිත
2016-07-02

3 17

12 comments:

  1. කවදා හරි ඉතුරු වෙන්නේ සලිත ඔය වගේ මතක සටහන් විතරයි.
    අපේ බැච් එකේ 265 හිටියා දැන් ආසවට හම්බවෙන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු පිරිසක් ඒත් ඒ කාලේ ගත්තු අනල් වල මතකයනම් නැතිවෙන්නේ නෑ කවදාවත්ම. ඒ මතකයන් තමා අපිව ජීවත් කරවන්නේ

    ReplyDelete
    Replies
    1. මේ මතකන් මට වැදගත්. මේ තරම් කල් උනෙත් එහෙමයි එකට ඉදලා දන්නෙම නැතිව එයාල නැති වෙලා යනවා. එත් මේ සෙට් එක නැති උනාම එක ගොඩක් හිතට දැනේවි.

      Delete
  2. //"මල්ලි පොඩි උදව්වක් දෙනවද" කෙල්ලෙක්ගෙ කට හඩක්. //

    යකෝ අක්ක කෙනෙක් උදව්වක් ඉල්ලද්දි දියන්...අනික ඔය රෑ...පව්නෙ බං අක්කල..

    ReplyDelete
    Replies
    1. බොලා හිටියා නම් උදව්වට යයි නේද? හැක හැක.

      Delete
  3. ඔය කොරල තියෙන්නේ පිං ....

    ReplyDelete