මම යන එන තැන්

Tuesday, September 6, 2016

අනේ හාමුදුරුවනේ



ඔන්න අදත් යමක් කොටන්න කියලා බැලුවේ. ගොඩක් කාලෙකින් මොකක් හරි දෙයක් ලියන්න බැරි උනා. වගේම අනිත් බ්ලොග් කියවන්නත් බැරි උනා. වල් පල් ඇති කෙලින්ම කතාවට බහිමු. මේ කතාව මන් අහපු කතාවක් නිසා ඇතැම් විට බොරුවක් වෙන්නත් පුළුවන්. එත් මන් කතාව කොටන්නම්. මේ කතාව හාමුදුරුවෝ කෙනෙක් ගැන කියවෙන  නිසා ඔය දහමට ලැදි අය ප්රවේශමෙන් කියවන්න. මෙහි එන නම් ගම් මනක්කල්පිතයි.

ඔන්න කතාව අහන්න. මේ කතාව බණ්ඩාරවෙල තුන් රෝද පදවන අය ලබපු අත්දැකීමක්. ඔන්න ඔය තුන් රෝද පදවන සහෝදරයෙක් මේ කතාව කියනවා. එයාගේ නම ලහිරු. ලහිරු කියන්නේ  බදුල්ල බස් ස්ටෑන්ඩ් එක ලග තුන් රෝද වාහනය තියාගෙන සාධාරණව කියක් හරි හම්බ කරපු පොරක්. බණ්ඩාරවෙල තුන් රෝද පාර්ක් 10 විතර තියෙනවා. නගර සභාවට විශාල බදු මුදලක් තුන් රෝද මතත්වරුන්ගෙන් වසරකට ලැබෙනවා. කොහොම කිව්වත් තුන් රෝද අයියලා  ගොඩක්ම හිත හොද පිරිසක්.ලහිරු අයියා රතු පාට පක්ෂයක අදහන පුද්ගලයෙක්.පොරව කතාවට අල්ලා ගත්තොත් පාළුවක් නැතුව මල ගෙදරක උනත් රැයක් දෙකක් ගත කරන පුළුවන්.

"සලිත මෙහෙට වරෙන්කො. ඔය ඔක්කොම වරෙන් පොඩි කතා ටිකක් කියන්නකියපු

පමාව විතරයි කොල්ලෝ කුරුට්ටෝ ලහිරු ලගට ලං උනා. හරියටම කිව්වොත් බන ගෙදරක. ලහිරු අයියා කිසිම දහමක් ගැන වැඩි විශ්වාශයක් තිබ්බේ නැටි කෙනෙක්. නිසා ප්රතික්ෂේප කරන්න ඕනි තැන් කෙලින්ම ප්රතික්ෂේප කරනවා. ඔන්න බොලන්  කතා කරමින් ඉන්නකොට හාමුදුරෝ  ගැන කතා කරන්න පටන් ගත්තා.

"ඔය හාමුදුරුවෝ කියන හැටියට සිල් රකිනවද බන්"

"ඕන සලිත මට හොද කතාවක් මතක් උනා"

අපි පාර්ක් එකේ ඉන්නකොට මාර වැඩ බන් වෙන්නේ. වැඩ නැති දවසට එපා වෙනවා බන්. අපි වෙලාවකට කරන්නේ ඔට්ටු අල්ලන එක. දුරින් වාහනයක් එනකොට එකෙක් කියනවා වාහනේ number එක පටන් ගන්නේ k වලින් කියලා. අනිත් එකා වෙන එකක් කියනවා.ඔහොම හරියට කියපු එකාට අනිත් උන් සල්ලි දෙනවා. ඔන්න ඔහොම දවසක් ඉන්නකොට හාමුදුරෝ කෙනෙක් ඇවිත් මන් දිහා බලන් ඉන්නවා. ඉතින් මමත් හිනා උනා බන්.ඔන්න ලගට ඇවිත් wheel එකට නැග්ගා.

"හාමුදුරුවෝ කොහෙටද වඩින්නේ"

"යමුකෝ යමුකෝ පුතා"

කර කියා ගන්න දෙයක් තිබ්බේ නැ බන්. ඔන්න ඔහේ මමත් පාරට දැම්මා. මන් හිතුවේ දියතලාවට කියලා. නිසා පැත්තට ගියා. ආයෙත් හිතුනා වැලිමඩ පැත්තටද කියලා ඔන්න මන් round the board එක ලගට ගියා.දම් ඉතින් මන් අහන්න ඕනි කොහෙටද යන්නේ කියලා.

"හාමුදුරුවනේ කොහෙටද"

"යමුකෝ පුතා මන් ඔයාට සලකනවානි"

මොන hu%$^# කියනවද කියලා හිතා ගන්න බැරි උනා බන්. මොනා කරන්නද දියතලාව පැත්තට දැම්මා. ඔහොම යනකොට මට ටිකක් වැඩේ තේරුනා. කොල්ලෝ කියපු හැටියට හාමුදුරෝවොන්ට බඩු ඕනි වෙලා. මමත් ඉතින් සද්දයක් නැතුව ගියා.

"පුතා හොද තැනක් බලලා නතර කරන්න" හාමුදුරුවෝ අදහස්  කරපු දේ මට තේරුනා.

මම ඉතින්  ..... තියෙන bar එක නතර කරා. මගේ අතට රුපියල් 1000 දුන්නා බෝතලයක් ගෙන්න කියලා. මන් ගෙනත් දුන්නා ඊට පස්සේ හාමුදුරුවෝ මගේ අතට රුපියල් 500 දුන්නා. ආයෙත් හමු වෙමු කිව්වා. ඊට පස්සේ ආවේ නැ. මම පාර්ක් එකේ ඔක්කොටම කිව්වා. කොල්ලෝ කතා උනා ආයේ ඔහොම වැඩක් උනත් හොද හුවක් දෙමු කියලා. හාමුදුරුවෝ කපටි බන් පාර්ක් එක ලග තියෙන bar එකෙන් ගන්නේ නැතුව ගන්නේ වෙන තැන වලින් බන්.

අපේ පාර්ක් එකේ දෙමල කොල්ලෙක් ඉන්නවා. දවසක් අපි පාර්ක් එකේ ඉන්න කොට හාමුදුරුවෝ කෙනෙක් පොරගේ wheel එකට නැග්ගා. ඊට පස්සේ කොල්ලා පාර්ක් එක ලග bar එකට ගියා. මෙන්න කොල්ලා ගල් බෝතලයක් ගෙනාවා. ඊට පස්සේ බෝතලේ හාමුදුරුවොන්ට දීලා දෙමල කොල්ලා හාමුදුරුවොන්ට වැන්දා. පාර්ක් එකේ ඔක්කොම හූ කිව්වා බන්. හාමුදුරුවෝ ඉක්මනින් මාරු උනා.

ටිකක් විතර කම්මැලි බොලන් මේ දවස් වල නිසා ලියන එක ටිකක් විතර මග හැරෙනවා එත් නතර කරන්නේ නම් නැ. ඔබටත් මටත් ජය වේවා.

සලිත.
2016-09-07.

පෙ : 9 37

11 comments:

  1. පැවිද්දෙක් ගෙන් ලැබෙන අනුසාසනාවකින් තමන්ට යහපතක් වෙනවා නම් ඒ දේ අරගන්න එක හොඳයි. ඒ පුද්ගලයා දේසනා කරන බණ අනුගමනය කරන කෙනෙක් නොවුණොත් ඒකෙ හානිය එයාටයි. යමෙක් පැවිද්දෙකු වෙනවානම් විය යුත්තේ ඔහුගේ විමුක්තිය වෙනුවෙන්. එය මඟහැර ඔහු ලෞකික සැප හොයනවානම් එය ඔහුගේ වැඩක්. ධර්මයෙන් තමන්ට ප්‍රයෝජනයක් නොගෙන එයට සහ එහි සිරිත් විරිත් සහ පිළිවෙත් වලට අයිතියක් ආරූඪ කරගෙන එහි නොහැසිරෙන අයට හූ කියන එකෙන් කාටවත් වෙන සෙතක් නැහැ. සිදුවිය හැකි එකම දෙයනම් එලෙස හූ කියන අයට වෙන පවක් පමණයි.

    ReplyDelete
    Replies
    1. ඉයන්. ඔයාගේ කතාව මම එකෙන්ම පිලිගන්නවා. ජිවිතයට හොඳ යමක් යම්කිසි පුද්ගලයෙකුගෙන් ගන්නවානන් ඒ පුද්ගලයාගේ පෞද්ගලික දේවල් වලින් වැඩක් නැහැ. මම නිරාගමික උනත් මම කාටවත් මරක්කලය තම්බිය කතෝලිකය කියල කෑ ගගහ යන්නෙත් නැහැ. මොකද සමාජය සංස්කෘතිය ආගම කියන්නෙ මේ ඔක්කොම මික්ස් උන මික්ස් ෆ්‍රයිඩ් රියිස් එකක් වගේ. ඔය මික්ස් රයිස් එකේ රස දිරවගන්ට බැරි අය තමයි නම වෙනස් කරලා වෙන වෙන රයිස් හදන්ට ට්‍රයි කරලා මේ සමාජේ කුණු උන කොත්තු රොටියක් කරන්නේ. තේරුනාද මන්ද මම කියපු එක. ජය වේවා..!!

      Delete
    2. ඒත් අදාල පූජකයා නිවරදි නොඋනොත් එයා දේශනා කරන දේවල් මිනිසුන් පිලිගන්න සුදානම් වෙයිද? ඒ නිසා හොද දහමක් ලොවට අහිමි වෙන්න පුලුවන.

      Delete
    3. එතකොට හාමුදුරුවරු කියන්නෙ මිනිස්සුන්ව හොඳ කරන්න නිසා බලෙන් නිශ්චිත ජීවන රටාවකට හුරු විය යුතු ප්‍රාණ ඇපකාරයොද?

      Delete
  2. බෝ ත ලයක් අරං පන්සලට යමං

    ReplyDelete
  3. බෝ ත ලයක් අරං පන්සලට යමං

    ReplyDelete
    Replies
    1. හික් හික් හාමුදුරුවොත් නරක් කරන්න යන්නෙ හිටන්

      Delete
  4. ඔන්නොහෙ පොඩ්ඩක් බිවම මොකද? සිවුරක් දාගත්තත් මනුස්සයක් නේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් හරි. ඒත් සිවුරක් දා ගන්නේ යම්කිසි හික්මීමක් හදා ගන්න. ටුට්ටක් බිව්වා කියලා හික්මීම අතුරුදහන් වෙනවද??

      Delete
    2. // සිවුරක් දා ගන්නේ යම්කිසි හික්මීමක් හදා ගන්න//

      කව්ද කියන්නෙ? අමූලික බොරුවක්

      Delete