ඔන්න මම අදත් යමක් කියන්න කියලා හදන්නේ මේ කතාව නම් කොටස් 2 කින් ලියන්න කියල හිතුවා. මම අද කියන්න කලින් මගේ මුල්ම කතාව කියවූ සියලු දෙනාටම මගේ හද පිරි මෙව්වා එක. අද මම කියන්න යන්නේ ගණිත පන්තිය නොගිහින් සිටීමට ඇතිවූ බලවත් කැමැත්ත පිළිබදවය. පටන් ගන්නේ කොහොමද? හ්ම්ම්ම් ....
මේකටත් සම්බන්ද තව දෙන්නෙක් සිටිනවා. කසුන්, කලීෂ මත එක්ක මේ වැඩේට සෙට් උනා. ඔන්න මම අරබන්න යන්නේ. මම කුඩා අවදියේ සිටම ගණිතය ගොඩ යාමට සිතා ගණිත පන්තියකට ගියෙමි. ඒ සදහා අපේ බහුතරය තෝරා ගත් කිනිගම පිහිටි පන්තියක් තොර ගත්තෙමි. 6 වසර සිට ම එම පන්තියට සහභාගී උනා. ඒ කාලය ගොඩක් සුන්දරයි. හැමදාම පාසල් නිමා වී පන්තිය අසල නැවතුම්පලට වී වල් පල් දෙඩවීමට අපි පුරුදුව හිටියා. ඒ අතරේ පාරේ යන එන කෙල්ලක්ට මොකක් හෝ දෙයක් කීමට සමත්කම් දක්වන යාලුවෙක් දෙන්නෙක්ද අපි අතර හිටියා. එම පන්තියේදී ඇතිවූ හිතවත්කම් තවමත් පවතී.අපි කාලය යනවත් සමගම වැඩිහිටි පන්ති වලට ආවේ අපිටත් හොරෙන් කාලය ගමන් කිරීම නිසාවෙනි. ඔන්න කොල්ලා සුදු කලිසමත් අදින්න තරම් වාසනාවන්ත උන කාලයක තමා අද දෙසා බෑමට යන කතාව සිදුඋනේ.
අපි 10 වසරේ සිටියදී සාපෙළ ගොඩ දමා ගැනීමේ මහත් ඌ ආසාවක හිටියා. පාසලෙන් ලැබුන තරම ඇති උනත් දෙමාපියන් සැනසීම උදෙසා අපිට උපකාරක පන්තිවලට යාමට සිදුවිය. ඒ නිසා අපිට ගෙවීමට තිබු ළමා කාලයට තරමක් දුරට පහරක් වැදින. එත් දැන් ජීවත් වන පාසල් දරුවන් තරම් අපි අවාසනාවන්ත නොවීම ගැන තරමක සතුටක් මෙන්ම උන්ගේ ජීවිත පිලිබදව සෑහෙන්න තරමේ දුකක් පවතී.
එත් අපිට සිදුඋයේ අමුතුම දෙයකි.එනම් අපි ගිය උපකාරක පන්ති එක මත එක වැටීමය. එවැනි මොහොතක අපි පත්වෙන අපහසුතාවය සල්ලි වලට ගන්න බෑ මහත්තයෝ. ඔන්න එවැනි කරදයක මමත්,කසුනුත්,කලීෂත් මුහුණ දෙන්න උනා. එක මත එක වැටුන පන්ති වලට පිලියමක් හොයා ගන්න ගුරුවරයා හමුවට යාමට සිදුවීම අන්තිම අපහසු වැඩකි. ඒ වගේම කෙල්ලන් මුහුණ දෙස බලා හිදීමද කොල්ලෝ අපිව අපහසුතාවයට පත් කරන දෙයක් විය. එත් එයට මුහුණ දීමට සිදුව ඇත.
ඕන දෙයකට මුහුණ දීමට හැකියාවක් ඇති මම සහ කසුන් මේ පිලිබදව අප ගුරුතුමිය දැනුවත් කිරීමට පන්තිය සිට ගෙන පියමන් කරා. කෙල්ලන් අපි දිහා හැරී බලන විට පයට ශක්තිය ගෙන පියමන් කිරීමට පටන් ගත්තෙමි. ගමන් කරන අතරතුර කෙල්ලන්ගේ මුතුකැට වන් අකුරු මට දිස්විය.ඒවා ඒ තරම් ලස්සන විය. එත් උන්ගේ හොටුපෙති මුහුණු නම් ඒ තරම් ලස්සන නැත. එත් කාලයත් සමහ දැන් උන් මුණ ගැසුන විට ඒ කාලේ හිටපු උන්ද යයි සිතේ.දැන් උන් ඒ තරම් ලස්සන වී ඇත. ගුරුතුමියට අපේ අවනඩුව කිව්ව පසු ඇය අපූරු විසදුමක් දුන්නාය.මොකද්ද බෝල ඒ?......අපිට අපේ පන්තිය අවසන් ඌ පසු 9 වසර පන්තියට පැමිණ පිටුපසින් අසුන් ගන්නා ලෙසත් පසුව ඇයට හැකි වෙලාවක අපිට කරුණු කියාදෙන්නම් කියාය. අපිට සිදුවුයේ එයට එකග වීම පමණි.
එත් ටික කාලෙකට විතරක් නිසා අවුලක් නැති නිසා අපිත් එකග උනෙමු. එලෙස දවසක් දෙකක් ගිය පසු ඒ විසදුම අපිට දිරවවේම නැත. එබැවින් අපි දවසක් පන්තිය මගහැරීමට සැලසුම් කළෙමු. අප සතුව ඒ කාලයේ සිටම හොදින් සැලසුම් කිරීමේ හැකියාවක් තිබුණි.අපි දවසක් යන්න එන්න විට අමුතුම කම්මැලිකමක් අපේ හිච්චි හිත වලට ආවා. අනිත් කොටසත් ලගදීම දාන්නම් බොල. දැන් මට කොටලා කොටලා විඩාවට පත්ව ඇත.
සලිත
2016-02-08
පෙ.ව 11.48

ඔහ් God! අපිත් ඉන්නවා නේහ්!
ReplyDeleteහොදා හොදා... හී...
හැබැයි මේක ගැනනම් වදනක් දෙන්නම ඕනෙ...
"එත් කාලයත් සමහ දැන් උන් මුණ ගැසුන විට ඒ කාලේ හිටපු උන්ද යයි සිතේ.දැන් උන් ඒ තරම් ලස්සන වී ඇත."
අවන්කෙම්මද කිව්වෙ ඒක?
බලහන්කො දැන් හැටි බං...??? ;-)
බොලාල ගාව ගන්නේ නැතුව ලියන්න හිතුවත් එහෙම බෑ කියල හිතුනු නිසා බොලාල ගාව ගන්න හිතුවා. සමහර උන් ලස්සන වෙලා නේද ? නැවතත් මේ පැත්තේ එන්නකෝ.
Deleteඅපේ පැත්තෙත් ගිහිල්ලා තිබ්බා. කියවලම කොමෙන්ට් දාන්නම් සහෝ..
ReplyDeleteමමත් වැඩේට බැස්සේ ලගදි. ඒ නිසා වැරදි තිබ්බොත් කියන්න මැලි වෙන්න එපා. කියවලාම බලන්නකෝ . ආයෙත් මේ පැත්තේ එන්න අමතක කරන්න එපා හොදේ.
Deleteරාජමුනි පරම්පරාවෙම එකෙක් නෙව..
ReplyDeleteඋබලට වෙච්චි දේ අපිටත් උනානේ පහල පන්තිවල ඉදලා ඉගනගන්නවයි කියන්නේ නෝන්ඩි වෙන වැඩක්නේ..
බොලාලා පහළ පන්තියට යන්න කැමති ඔනේ නැත්තේ අර හොටු පෙරන කෙල්ලෝ සෙට් එක නැති හින්දා නේ..
හැබැයි පුතෝ පෝස්ට් 5,6ක් දාලා මාරු උනොත් රාජමුනි පරම්පරාවම හොයාගෙන එනවා..
ඔන්න මේ සිංඩියටත් දාගත්තා..
http://karakoppuwa.blogspot.com
ජයවේ දිගටම ලියමු.
ඔබ තුමලාගේ බලාපොරොත්තුව ගොඩ කියලා හිතාගන්නකෝ. ලගදීම 2 කොටසත් ලියන්නම්කො. ආවට බොහොම තුති.
Deleteඅපි එහෙම පොස්ට් පහක් හයක් දාල මාරු වෙන්නෑ. අපි එහෙම පටන් ගත්තු වැඩක් මග දාල යන ජාතියේ අයෙ නෙවෙයි හරිද?
Deleteමේ සලී උබ දිගටම ලියහං හරිද....
සලියෝ දිගටම ලියහන් ඈ..... නැත්තන් විලිලැජ්ජාවේ බෑ...
Deleteදිගටම ලියනවා මේ පැත්තට ආවට බොහොම තුති. ආයෙත් එන්නකෝ.
Deleteමෙත්මා,
Deleteමලයා මේක නැවත්තුවොත් අක්කන්ඩිට හරි ලියන්න වෙයි.
හේමමාලී,
යක්කඩෝ මාර පරම්පරාවක්නේ...
මම අත හැරියත් ම්ලයනං මේක අතහරින්නෙ නෑ, ඒක ෂුවර් මට.
Delete//යක්කඩෝ මාර පරම්පරාවක්නේ...//
ඔය තාම තුන් දෙනයි දැක්කෙ...
හේමමාලි ගේ බ්ලොග් එකේ කොමෙන්ටුවකින් හොයා ගත්තේ. අපුරුමල් ලියන්නේ සහෝදරිද? නම නිසා ඇහුවේ?
ReplyDeleteහොඳ පොස්ට් එකක් සලිත. දිගටම ලියන්න. ජය ශ්රී!
ඔව් ඔව් සහෝදරියක්. දිගටම ලියනවා මේ පැත්තට ආවට බොහොම තුති. ආයෙත් එන්නකෝ.
Deleteමේ මගේ මල්ලි තමයි. අපේ තාත්තියෙ මලයගෙ පුතා
ReplyDelete// එත් උන්ගේ හොටුපෙති මුහුණු නම් ඒ තරම් ලස්සන නැත. //
ReplyDeleteදැන් ඉස්කෝලෙ යළුවෝ කවුරු හරි හම්බ උනොත්, කතාව පටන ගන්නෙම 'ඔයා දැන් හරි ලස්සන වෙලා' කියල. අපිවත් ඒ කාලෙ මෙහෙම වෙන්ඩෑ එයාලට පේන්න ඇත්තෙ. හික් හික්
පරපුරේ තවත් එකෙක් බ්ලොග් ලෝකෙට බැසීම සම්බන්ධව මාගේ චිත්තප්‍රීතිය. දිගටම ලියමු සහෝ, පවුලේ බොග් සංගමයක් හදන්න පුළුවන් වෙයි අපිට....හිහ්, සුභ පැතුම්. ජය වේවා !!!
ReplyDeleteඅපි බ්ලොග් පරපුරක්ම හදමුකෝ. ආයෙත් මේ පැත්තේ එන්නකෝ.
Deleteමාරයි හොදේ ඕගොල්ලොන්ගේ පරම්පරාව, මටනම් අදුරන එවුන් ඉන්නවන්ම් මොකක්වත් ලියන්න හිතෙන්නේ නෑ...
Deleteඅපේ පවුල ගොඩාක් ලොකු පවුලක්. භාගි බ්ලොග් සංගමයක්ම හදන්න පුළුවන් කීවෙ ඒකනේ...
Deleteඅපි හරිම එකමුතුයි, ඒ වගේම එකිනෙකාට ආදරෙයි...