මම යන එන තැන්

Friday, February 19, 2016

santi ගේ පාටිය 2

කොල්ලනේ අපිත් ආවෝ...

තොපි දැන්ද එන්නේ @#$%*”

ඇයි #$%^ දැන්වත් ආවා මදිද

එළකිරි මචෝ ටිකක් ගමු නේද


පිස්සුද යකෝ මම තාම බොන්නේ නැ මම ගත්තොත් උබලව එක්කන් යන්නේ කවුද

පලවෙනි කොටස ඉවර උනේ එහෙම මගහැරුණු අය ගිහින් බලන්න.



මාගේ හොදම යාලුවෙක් උන තිසර මගේ පැත්තට එනවා. තිසරට හොදටම බඩු.

මචන් සලිත කියපන් උබට අර කෑල්ල සෙට් උනාද

නැ බන් උබට වගේ නෙවෙයි බන්, අපිට  කවද්ද කෑලි සෙට් වෙන්නේ

යකෝ උබ ඒකිට හොද වැඩයි බන් උබ සුපිරි පොරක්නි බන් ඔන්න කෙල්ලව අමතක කරපන්.උබ මොකෝ හිතන්නේ මගේ කෑල්ල ගැන

දීපන්කො උත්තර පරිස්සමින් උත්තර දෙන්න ඕනි.තිසර කියන්නේ යමක් කමක් තියන කොල්ලෙක්. ඒ වගේම තිසර private ඉස්කෝලේ ඉදලා අපේ ඉස්කෝලෙට ඇවිල්ලා තිබ්බේ ඒ කෙල්ල නිසා.

නැ ඉතින් අවුලක් නැ උබේ වාසනාවට හම්බ උන කෙල්ලෙක්

උබට ඕනි නම් එක දා ගනින්. ඒකිට මාව ගැලපෙන්නේ නැ බන්. එකී campus යන්න ඉන්නේ බන්.කොහොමත් එහෙට ගියාට පස්සේ මට කෙල බූට් එක සෙට් වෙනවා බන්

එහෙම වෙන්නේ නැ බන් ගිහින් තව ෂොට් එකක් දා ගනින් තිසර කියපු කතාවෙත් ඇත්තක් නැත්තේම නැ.

සලිත වරෙන් බන් නා ගන්න

අපේ කොල්ලන් නා ගන්න අමතර ඇදුම් අරගෙන ගිය කාලයක් මට මතක නැත.උන් නා ගන්නේ අමුතුම විදිහකට කොහොමත් අපි ලජ්ජා බයට හැදුනු උන් නිසා පිරිස ඉන්න තැනක නා ගන්න මැලි වෙනවා. එත් පාලු තැනක නම් නා ගන්න කිසිසේත්ම පසුබට වෙන්නේ නැ.ශරීරයේ එක ඇදුමක් ඉතිරි වෙන්න ඉතිරි සියලුම ඇදුම් පැත්තක තියලා හොදට නා ගන්නවා. ඊට පස්සේ ඇදගෙන ඉන්න ඇදුම වේලෙනකන් ගලක් උඩ නිදාගෙන ඉන්නවා ඇදුම පිටින්ම බොල. හිරුගේ රශ්මියෙන් හා ශරීරයේ උණුසුමෙන් තෙත ඇදුම සුපුරුදු තත්වයට ආවට පස්සේ ඇදගෙන ආපු ඇදුම් ඇදගෙන දන්නේ නෑ වගේ යනවා. එදත් උනේ එහෙමයි එත් මම ගම ලග පොරක් නිසා එදා නා ගත්තේ නෑ.

මගේ හොදම යාලුවෙක් වෙන ධනුෂ්ක මාත් එක්ක කටාවට ආවා.

මචෝ සලිත උබලා අපි ගැන වැරදි විදිහට හිතන්න එපා බන් උබ දන්නවද මල් ගහන උන් එකෙන් මාරම ආතල් එකක් බන් ගන්නේ.උබ හිතනවද  මමත් මල් ගහනවා කියලා බලපන්කො මම සිරාවටම මල් ගහන්නේ නැ බන්.උබලා බොන්නේ නෑ කියලා මම දන්නවා එත් බොන කොල්ලොන්ට උබලා නිගා කරන්න එපා බන් එක හොද නැ බන්

ඊට පස්සේ කතාවල් වීර,කෙල්ලන්,ජාතික,උද්ධමනය,රට යන මග වගේ සුන්දර කොටස් වලට ගෙවුනා.පස්සේ සින්දු කෑලි ගොතමින් අපේ කොල්ලෝ සෙට් එක බොක්කෙන්ම ආතල් එකක් ගත්තා. ඊට පස්සේ අපිට වැදගත්ම වැඩේ සෙට් උනා. ඒ මොකද්ද බොල. වෙන මොකද්ද බොල කොල්ලෝ ටික ගගෙන් එගොඩ කරන එක. කොල්ලොන්ට කෙලින් පාරකවත් යන්න බැරි එකේ ලිස්සන ගල් වල කොහොමද කියලා හිතගනින්කෝ.එක එකා එගොඩ කරා කියහන්කෝ ඊට පස්සේ යන්න හිටියේ අපි ඒ කියන්නේ කටේ නොතිබ්බ උන් බොල. මම යන්න හදනකොටම ලිස්සලා වැටුනා කියහන්කෝ. ඩෙනිම හොදටම තෙත් උනා. දකින උන් හිතන්නේ සලිතට හොදටම බඩු කියලා.බලු වැඩේ.

ඔන්න ඊට පස්සේ ආතල්ම කොටස. අපේ කොල්ලෝ ආතල් දෙන්න ගත්තා.වෙලාව 3.00 කොල්ලෙක් වෙලාව බලලා අහනවා 12.15 කියලා උගේ කටු watch එකේ වෙලාව පෙනෙන හැටි. මචෝ ටිකක් දුවමුද කියලා ඇහුවාම කොල්ලෝ ටික එක තැන දුවනවා. තවත් එකෙක් රුපියල් 20 ක් නැ කියලා ආයෙත් ගගට යන්න හදනවා.තව එකෙක් පේර කොළ හොයනවා කොල්ලට තණකොළ පෙන්නුවත් කන්න යනවා. ඔන්න ඔය වගේ කිව්ව නොකිව්ව කතා ගොඩක් සිද්ද උනා.

ඊට පස්සේ උත්සව ගෙදර යන්න ගියා.කොල්ලෝ උපරීම උත්සාහය හොදින් ඉන්න කියලා. ඔන්න කොල්ලෝ ටික සුද්දෝ වගේ ඉන්න කල්පනාව.කන්න යන්න සුජානම.හොදටම වැඩි පොරක් කන්න බෑ කියනවා ගෙදර උදවිය කන්න කන්න කියලා බල කරත් පොර කන්න අදිමදි කරා.කොල්ලා පෙන්වන්න යන්නේ කොල්ලා කාලා ඉන්නවා කියලා. ඇන්ටි මම කාල ඉන්නේ අනිත් කොල්ලෝ ඔක්කොම කනකොට කොල්ලා විතරක් එහෙම කියනවා. ඇත්තටම කොල්ලා හිතන්නේ පොර කියන එක අනිත් අයට meter නැ කියල.එත් පොරට හොදටම බඩු කියල ඔක්කොටම තේරෙනවා.

තිසර ගෙදර සාමාජිකයෙක් වගේ එන ඔක්කොම පිළිගෙන බත් කන්න කතා කරනවා.වෙලාව 4 කිට්ටු වෙලා නිසා කාටත් පොරත් ගහල කියල මාට්ටු.

santi ගෙදර උදවියගේ ඉතාම හොද ආගන්තුක සත්කාර විදලා ඔන්න අපි සමුදෙන්න සුජානම. දෙමාපියන් දෙදෙනාගේ පාද නැමද අපි යන්න පිටත් උනා. පාරට කිට්ටු කරනකොට නිරෝෂ් නැටි බව අපිට meter උනා අවට බලද්දී කොල්ලා කැලයක් ඇතුලෙන් මතු උනා. මකුණු දැල් හැමතැනම.

සලිත මොකෝ මෙතන කරන්නේ ගෙවල්" ලග කොල්ලෙක් 

මම යන්නෙත් ගෙදර

එහෙනම් නැගපන් bike එකට

මම කොල්ලොන්ට සමු දීල යන්න ගියා.

ටිකක් විතර පරක්කු උනා. මම ටිකක් අසනීපෙන් හිටියේ බොල. දුන්න පොරොන්දු දෙකම කඩ කරා. ආදර කතාවක් බැරි උනා බොල කොටන්න . ලගදීම අලුත් දෙයක් කොටන්නම්.

සලිත
2016-02-19
ප.ව 10.31

21 comments:

  1. අදනේ බැලුවේ ..එහෙනං දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. දිගටම ලියනවා පුළුවන් වෙලාවක මේ පැත්තේ එන්නකෝ

      Delete
  2. උබ බිව්වනම් මේ ආතල් ටික බලන්න වෙන්නේ නෑනේ...
    අපේ කොල්ලෝ දෙන්නෙක් මදන මෝධක කාලා පාරේ එනවලු උන් දෙන්නා හිනා වෙවී වෙවී.. පස්සේ එකෙක් පාර අයිනේ තිබ්බ කලු ගලක් උස්සගෙන ඔලුව උඩ තියාගෙන යනවා. අනිත් එකා පුට් බයිසිකලේ කර උඩ තියාගෙන ගියාලු... ඔන්න ඔය නිසා තමයි මම බොන්නේ නැත්තේ... නැතුව කාටවත් බයේ නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මමත් බයකට එහෙම නෙවෙයි එත් බොන්න බැ. හොදටම ආතල් ගන්නේ බොන්නේ නැති සෙට් එක

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Replies
    1. thanks මචෝ ආයෙත් මේ පැත්තේ එන්න

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඔය කට්ටිය බීල දෙන fun ගැන අහල තියෙනව එමට...

    අපේ කට්තිය සැරයක් ට්‍රිප් එකක් ගිහිල්ල, ජාතික ව්න උද්‍යානයක නැවතුනා. අපි කෙල්ලො කට්ටිය නිදා ගත්තා. කොහොමත් කට්ටියගෙම හිතේ පොඩි බයක් තිබ්බ අලි එයි කියල. අපිත් එක්ක ගිය කොල්ලෙකුට හොදටම වැඩිවෙලා, එකපාරම නැගිටලා ඇඟිල්ලකුත් දික්කරල කියනවලු
    'අර ඉන්නෙ අලියෙක් නේද? දුප්' පරය', එහෙම කියල නිදා ගන්නවලු. ටිකකින් ආයි නැගිටලා 'අන්න අලියක් ඉන්නව, දුප්' පරය' කියල එලවනවලු. ආයි තව ටිකකින් නැගිටලා ආයිත් ඒකම කියල නිදියනවලු...ඒ විදියට එයා මුළු රෑම අලි එලවපු නිසා තමයි අපිට කිසි කරදරයක් නැතිව නිදාගන්න හැකි වෙලා තියෙන්නේ.

    හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. රටක් වටිනා කොල්ලෙක් ඔයාල ඔක්කොම අලින්ගෙන් රැක ගෙන තියනවා

      Delete
  7. Elaaaaa ඔක්කොමත් හොඳයි උඹ ගඟේ පත බෑවුනේ නැත්තං අපට ජොලියක් නෑ....heeeee

    ReplyDelete
  8. ආදර කතාවක් ලියපන් දැන්

    ReplyDelete
  9. ආදර කතාවක් ලියපන් දැන්

    ReplyDelete
    Replies
    1. ආදර කතාවක් ලගදීම එනවා

      Delete
  10. නියමයි දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. දිගටම ලියනවා ආයෙත් මේ පැත්තේ එන්නකෝ

      Delete
  11. හිහ්, මරු.. මදැයි මෙයා යහතින් ගෙදර ආවා. දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. මම ගෙන මොකොද මම බයේ හිටියේ අනිත් උන් කොහොම ගෙදර යන්නේ කියල

      Delete
  12. අනේ බං...මේකේ ෆලොවින් ගැජට්ටුව එල්ලපන්කෝ....

    ReplyDelete
  13. ඇත්ත කතාවක් බොරුවට ලියලද? බොරු කටහ්වක් ඇත්ත වගේ වෙන්න ලියලද?

    ReplyDelete
    Replies
    1. ඔබට හිතෙන විදිහකට හිතන්න කතාව නම් ඇත්ත

      Delete