මම යන එන තැන්

Thursday, March 3, 2016

චානකගේ ආදර කතාව 2



"ඔන්න ඔය වගේ උපදෙස් සමුදායක් කොල්ලන් 5 දෙනාගෙන් එලියට ආවා.එකග වෙන්න බැරිම තැන සමහර දේවල් වෙනස් කරලා ගැලපෙන ආකාරයට වෙනස් කරන්නත් උනා. ඊට පස්සේ කොල්ලෝ ටික යන්නේ අපේ සැලසුම අත ගහන්න"

1 කොටස ඉවර උනේ එහෙම කියවන්න බැරි උන අය පහලින් ගිහින් කියවන්න.


1 කොටසට 


දවසක් දෙකක් අපි කෙල්ල පස්සෙන් ගියා. චානක වැඩේට බොක්කෙන් බැහැලා හිටියා. වර්ණපාල කල විදිහට වැඩේ ගොඩ දාන්න හිතුවත් ලේසි උනේ නැ. නිසා අපි වෙන පැත්තක් හෙව්වා. නංගිට දැන් වැඩේ meter නිසා අපි වැඩේ කරලා දාමු කියලා හිතා ගත්තා. අපි හැමදාම පන්ති ඉවර වෙලා බාලිකා පාසලක් ඉදිරිපිට අර නංගි දිහා බලාගෙන දවසක් දෙකක් නෙවෙයි බොල සතිගානක් බලාගෙන හිටියා.

“මචෝ මට නංගි කැමති නැද්ද කොහෙද බන් මම දිහා බලන්නේවත් නැ”චානක එහෙම කිව්වේ හරිම අවුලෙන් ඇත්තටම ආදරේ කරනකොට එහෙමලු මම දන්නෙත් නැ පොඩි එකෙක් කිව්වේ

“නැ බන් නංගිගේ පලවෙනි එක වෙන්න ඇති

“එත් බන් අපි එකට මොනවා හරි කරන්න ඕනි බන්”

“අපි ගිහින් අහමුද බන් මොකෝ කියන්නේ පොඩි”

“එහෙනම් අපි හෙට අහමු”

“උබලා පිස්සු කෙලින්න එපා බන්” චානක එහෙම කිව්වට පොරටත් ඕනි වෙලා තිබ්බේ එක. අපිට අනිත් දවස වෙනකන් ඉවසුමක් තිබ්බේ නැ.

අනිත් දවසත් පටන් ගත්තා. උදෙන්ම වැඩේට සෙට් උනා.

“මචෝ දැන්ම ඇහුවොත් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්”

“ඔව් බන් දැන්ම ඇහුවොත් හවසට උත්තරයක් ගන්න පුළුවන්

“අන්න අරයා එනවා මචෝ”

නංගි ආවත් කකුල් වලට ශක්තිය නැති නිසා වැඩේ අතහරින්න උනා. කවුරු මොනා කිව්වත් අපේ කොල්ලොන්ට ගිහින් අහන්න බැරි උනා.

“අඩෝ හවසට අනිවා අහමු බන්”

“ඔව් ඔව් බන් උබලගේ කට විතරයි වැඩ නැ”

“මේ අනිවා අහමු බන් මුගේ වැඩේ ගොඩ දැම්මොත් party අනිවා හම්බ වෙනවා”

“පලයන් යන්න බන් උබලට party දෙනවා තමයි”

 එදා දවසේ වෙලාව ගත උනේ අපිටත් හොරෙන් හවස් වෙනකන් හිතා ගන්න බැරි ඉක්මනින් කාලය ගෙවිලා ගියා.

“එහෙනම් ලබන සතියේ උබලා පන්ති වරෙන් අදට ඉවරයි” සර්ගේ කටෙන් ඔය සුන්දර වචන පේලිය පිට උනා. පන්තියේ යහළුවන් මේ අත විසිරිලා ගියා. අතරින් නංගිත් යාළුවොත්  එක්ක පන්තියෙන් එලියට ගියා. වෙනදා වාගේම එයා බස් ස්ටෑන්ඩ් එකේ තනි උනා.

“මොකෝ කියන්නේ චානක අහමු බන් අද තමයි දවස”

“අඩෝ මට බැ බන්”

“උබට බැරිනම් හිටපන් අපි අදනම් අහනවා”

“පොඩි යමන් ගිහින් අහමු”

එහෙම කියලා පොඩි මල්ලි එක්ක නුවන් නංගි ලගට ගියා. චානක හොදටම බය වෙලා හිටපු නිසා උගේ තනියට ඉන්න මමත් මොකත් තීරණය කරා. නංගි වෙනදට වඩා හොදටම කලබල වෙලා. බව ඇයගේ මුනෙන් අපිට හොදටම පෙනුනා.

“නංගි පොඩ්ඩක් ඔයාට කතා කරන්න පුලුවන්ද”

“අනේ අයියා මමත් ඔයාලට කතා කරන්න හිටියේ”

“නංගි ඔයා අපේ චානක දන්නවා නේද” 

වැඩේ ඔහොම නැගලා යනකොට චානකට බලාගෙන ඉන්න බැරි උනා. පොඩියි නුවන් මොනවා කරලා තියනවද කියලා දැනගන්න චානකට තිබුනේ පුදුම ආසාවක්. එක පාරටම චානකට අමුතුම පණක් ආවා. පුරුෂ ශක්තිය කකුල් වලට අරගෙන චානක නංගි ලගට ගියා.එත් එක්කම පොඩියි නුවන් හෙමීට මාරු උනා.

“නංගි මට ඔයාට කතා කරන්න ඕනි”

“අනේ අයියා මෙතනින් යන්නකෝ කවුරුහරි දැක්කොත් මම ඉවරයි

“අනේ නංගි ඔයා මට අදම උත්තරයක් දෙන්න”

“අයියා මට මේ පාර exam ෂුවර් නැ අයියා. මට දැන්ම ඕවා කරන්න බැ. මට හොදට ඉගෙන ගන්න ඕනි අනේ මට ආයේ කරදර කරන්න එපා. දැන් මෙතනින් යන්න අදුරන කෙනෙක් දැක්කොත් මම ඉවරයි.”

චානක අපි ඉන්න පැත්තට ආවා. මම චානක එක්ක අවුරුදු ගානක් එකට හිටියත් චානකෙගේ මුණ මේ තරම් අවුල් දවසක් මම මුල් වතාවට දැක්කේ එදා. චානක බොක්කෙන්ම ආදාරේ කරන බව අපි කාටත් එදා තේරුණා. වැඩේ කොහොම හරි ගොඩ දාන්න ඕනි කියන තැනට අපි ඔක්කොම ආවේ චානකගේ මලානික උන මුණ දැක්කට පස්සේ. එත් උන දේ මොකක් උනත් එක අහන එක උගේ හිතට ලොකු අස්වැසිල්ලක් කියලා මට හිතුනා.

“අඩෝ මොකෝ උනේ වැඩේ ගොඩද”

“නැ බන් එයා මට කැමැති නෑලු එයාට ඉගෙන ගන්න ඕනිලු”

“කොහොමත් කෙල්ලෝ එකපාරම කැමති වෙන්නේ නැ බන් අපි තව පාරක් අහමු බන්”
දවසක් දෙකක් ගියත් චානකගේ හිතේ තිබුන දුක නැති උනේ නැ. හැමදාම වගේ අපි බස් ස්ටෑන්ඩ් එක ලග ඉදලා නංගි දිහා බලන්න අමතක කරේ නැ. කාලයත් එක්ක ඔහොම යද්දී දවසක් මොකා අමුතුම යෝජනාවක් කරා.

“අඩෝ අපි ලියුමක් දීල බලමුද”

“එක පරණ system එකක් බන්”

“මොන මගුලක් වෙන්න කියලා ලියුමකුත් ලියමු බන්”

“එහෙනම් චානක හෙට ලියුමක් ලියාගෙන වරෙන්”

කාලය අපිටත් හොරෙන් ගෙවිලා ගියා. චානක ලියුමකුත් ලියාගෙන ඇවිල්ලා තිබ්බා. අපි හිතුවටත් වඩා චානක නංගි ගැන හිතලා තිබුනා.අපිටත් පුදුම හිතුනා. හිතේ තිබුන ඔක්කොම කොලයට අරගන්න බැරි උනත් චානක හිතේ තිබුන ගොඩාක් දේවල් කොලයකට අරගෙන තිබුනා.

“අපි කොහොමද බන් එයාට මේක දෙන්නේ”

“අපි අතටම දෙමු බන්”

“පිස්සුද බන් එකේ හෙන ලජ්ජා කෙල්ලෙක් ඕක එහෙම දුන්නොත් ගන්න එකක් නැ බන්”

“කොහොම හරි දෙමු බන්”

“මොකද බන් කියන්නේ බෑග් එකට දාමුද” පොඩි කියන කරන දේවල් හිතාගන්න බැරි උනත් විදිහ ඔක්කොම එකග උනා.

“අඩෝ අර සුදු පාට බෑග් එක නංගිගේ නේද බන්”

“නැ බන් අර නිල් පාට එක ඒකිගේ”

“චානක කියපන්කො මොකද්ද බෑග් එක”

“අර රෝස පාට එක බන් අනේ උබලා”

“තොගේ කෑල්ලගේ ඒවා අපිට මතකයි කියලා උබලා හිතුවද”

පොඩි එහෙනම් උබම දාපන්. පොඩි කියන්නේ ඔය වගේ වැඩ වලට උපන් හපන්කම් කියපු කොල්ලෙක්.පොඩි කොහොමහරි බෑග් එකේ පොඩිම පොකෙට් එකට ලියුම දැම්මා.

“මොකටද යකෝ එකට දැම්මේ”

“පොඩියා හොයන්නේ පොඩි ඒවම තමයි”

“උබ බෑග් එක ගත්තට පස්සේ උබේ බෑග් එකේ ඔය වගේ පොකට් බලලා තියනවද කෙල්ලොත් අපි වගේ තමයි බන්

“අනේ ඇති බන් වැඩේ කොහොම හරි ගොඩ යයි

තවත් දවසක් දෙකක් ගත උනා.නංගිගේ හැසීරීම් පොඩ්ඩක් විතර වෙනස් උනා. වැඩේ ගොඩ කියල අපිටත් හිතුනා.

“මේ උබ අදත් ගිහින් අහපන්”

“මොනවා කියයිද දන්නේ නැ බන්”

“වැඩේ අවුල් ගහයිද”

ගිහින් අහපන්කෝ චානක එදා තනියම අහන්න ගියා

“නංගි....”

“අනේ අයියා ඔයා අදත් ආවද ඔයා මට ඇත්තටම කැමතිද”

“ඔව් ඔව් නංගි”

“මට අයියා මේ පාර exam ෂුවර් නම් නැ ඔයාට මම මේ පාර exam කරනකන් ඉන්න  පුලුවන්ද”

“පුළුවන් නංගි මට පුළුවන්”

“එහෙනම් මම ඔයා දුන්න ලියුම මම තියාගෙන ඉන්නවා. exam ඉවර උනාම මම අපි මේක පටන් ගමු.”

චානක එදා ආවේ පුදුම සතුටකින් අපි වැඩේ ගොඩ කියලා දැනගත්තා. අපේ යහළු මිතුරන්ට පවා සලකන්න චානක අමතක කරේ නැ.

අපි තව  දෙන්න ගැන කියන්න ඕනි නැ නේද? දෙන්නට පාඩුවේ ඉන්න දෙමු.



ඔය ඉන්නේ කතාවේ ඉන්න යාලුවෝ ටික දකුණේ ඉදන් වමට 1 වෙනියා පොඩි මල්ලි. 2 වෙනියා ගරු කටයුතු සලිත මහත්මා. 3 වෙනියා මොකා. 4 වෙනියා චානක. 5 වෙනියා නුවන්. පොඩි මල්ලි මේ පාර campus යන්න පුළුවන් උනත් ආයෙත් පාරක් exam එකට සුජානම් වෙනවා. මොකා මේ වෙනකොටත් wayaba campus එකේ. චානක, මම , නුවන් ලබන අවුරුද්දේ campus යන්න ඉන්නේ. කියන්න අමතක උනා 6 වෙනියට ඉන්නේ අපි දිහා හොරෙන් බලාගෙන හිටපු කෙල්ලෙක්.

ලගදීම අලුත් දෙයක් දෙන්න හිතාගෙන ඉන්නවා.බොලාලට කියන්න මමත් ටිකක් ටිකක් විතර කාර්යබහුල උන නිසා ටිකක් විතර පරක්කු උනා. දිගටම මේ පැත්තට එන්නකෝ.

සලිත
පෙ. 10.40

2016-03-04

11 comments:

  1. Replies
    1. අලුතින් අලුතින් ආයෙත් මේ පැත්තට එන්න

      Delete
  2. Niyami kollo..... Twa tika dawasakin watena kathawla mge nama tiyena ekk na bn.... Ptta sad....

    ReplyDelete
    Replies
    1. ඔයා ගැන ලියන්නත් දේවල් තියනවා බොල

      Delete
  3. අම්මට සිරි කොල්ලෝ දිහා බලාන ඉන්න කෙල්ලෝ ගැන ඇහුවමයි....

    ReplyDelete
    Replies
    1. එහෙම දේවලුත් වෙනවා බොල

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Replies
    1. ආයෙත් මේ පැත්තට ඉන්න ආවට බොහොම තුති

      Delete
  6. ලත්තනයි, දිගටම ලියන්ඩෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම තුති දිගටම ලියනවා ආයෙත් එන්නකෝ

      Delete