අවුරුදු කොහොමද ඉතින්? පට්ටම පට්ට කෑම ගොඩකට සෙට් වෙලා, පොඩි උන් එක්ක පංචි ගහලා අතේ තිබුන ගානටත් කෙලවා ගෙන, අවසානයේ කවුරුන් හෝ මතක් උනාම හැදෙන ලෙඩේ අර හෙම්බිරිසාව කියන එකත් හදා ගෙන ආතල් එකේ මම මගේ අවුරුද්ද ගත කරා. ඔබලාටත් එසේම වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් ඉතින් ඔක්කොටම "සුබ අලුත් අවුරුද්දක් වේවා" එසේම වේවා කියන්න.
කතාව කියන්න කලින් දන්නවද ලංකාවේ උසම දිය ඇල්ල, එක නම් ඔක්කොම දන්නවනි. දන්නවද ලංකාවේ පළලින් වැඩිම දිය ඇල්ල කවුරුත් දන්නේ නැ නේද? එහෙනම් දැනගන්න "බෝබුරු ඇල්ල".
[බෝබුරු ඇල්ල ලස්සනද ]
උසස් පෙළ ඉවර වෙලා කඩ්ඩ පොලිෂ් කරගන්න නගරයේ තිබුන කඩ්ඩ පන්තියකට ගිය බව මේ පැත්තේ යන එන අය දන්නා කාරණයක්. ඉතින් ඔය කඩ්ඩ පන්තියේ ඉදන් සෙට් උන බොක්කවල් 4 දෙනා එක්ක ගිය පලවෙනි
චාරිකාව ගැන ලියන්න මේ සුජානම.
සලිත කොලුවා කලින් පාරකුත් ඔය කියන දිය ඇල්ල බලන්න ගිහින් තියනවා. ඒ ගැන පස්සේ ලියන්නම්. උසස් පෙළ resalt එහෙම ඇවිත් නොතිබුන කාලයක් නිසා අපේ සෙට් එකම ඒ කාලය ආතල් එකට මුල් තැන දුන්නා. ඔහොම කාලය ගෙවී ගෙන ගියා. ඔය අතරේ අපේ පන්තියේම වෙන සෙට් එකක් අර දිය ඇල්ල බලන්න ගිහින් ගත්ත ෆොටෝ එහෙම පෙන්නුවම අපේ උන්ගේ නහර වැඩ කරන්න පටන් ගත්තා.
"අපිත් යමුද අරහේ?"
"යමන් බන් නිකන් ඉන්න එකේ" නවීන් යෝජනා කරා මම ස්ථිර කරා.
"කියක් විතර යයිද බන්"
"සල්ලිද වටින්නේ ආතල් එකද බන්"
"උබ කලින් එහෙ ගිහින් තියනවද"
"ඔව් බන් එක පාරක් ගිහින් තියනවා. වැලිමඩ ඉදන් රුපියල් 48 වගේ දුර බන්"
"වැලිමඩ බස් වල යන එක තමයි බන් එපා වෙන්නේ"
ඔන්න ඔහොම අපේ වැඩේ ස්ථිර උනා.වැලිමඩ-බණ්ඩාරවෙල
බස් කියන්නේ ගෙවන ගානට වැඩිම කාලයක් රදවා ගන්න බස් දුවන පාරක්. ඔක්කොම බස් එකයි, විනාඩි 30 ගමන පැය 1 ක් දක්වා අරගෙන යන සුන්දර බස් සේවයක් ඒ පැත්තේ තියනවා.බණ්ඩාරවෙල හරි හැටි මල් කැඩීමට තැනක් නැති නිසා මගේ සමහර මිතුරන් ඔවුන්ගේ සුන්දර ලෝක තනන්න වැලිමඩ බස් තෝරා ගන්නවා.
"මේ සිරාවට අරහේ කවද්ද යන්නේ"
"ලබන සතියේ බදාදා යමුද"
"එදාට බැ බන් ඩොකා ලගට යන්න ඕනි"
"උබට කවදද
පුළුවන්?"
"අගහරුවාදා යමන්"
"එදාට තව දවස් දෙකයි බන්"
"කොහෙන්ද බන් කන්නේ දවල්ට"
"සලිත බත් එකක් ගේනවද?"
"උබට පිස්සුද උබලා අරන් වරෙන් තව සල්ලි කියක් හරි අරන් වරෙන්"
අපේ පොඩි මල්ලි ඩොකෙක් ලග ඒ කාලයේ ජොබ් එකක් කරා ඒ නිසා පොරට බදාදා බැ කිව්වා. සලිත කොලුවට බත් අරන් එන්න බැ කිව්වේ ඒ වගේ වැඩ වලට සලිත කොලුවට ගෙදරින් කිසිම සහයෝගයක් එදත් අදත් හෙටත් නැති බව දන්නා බැවිනි. සුජානම් වෙන්න දවසක් තිබ්බ නිසා බය උනේ නැ. කිසිම ලොබ කමක් නැතුව තාත්තා හදලා දුන්න බැංකු කාඩ් එකෙන් රුපියල් 1000 ගත්තා. අතෙත් තව රුපියල් 500 විතර තිබ්බ නිසා වැඩේට බය වෙන්න දෙයක් තිබ්බේ නැ. තව ඉතින් අවසර ගන්න කියල ගෙදර හැර තව කෙනෙක් එදා හිටපු නැති නිසා අවුලක් තිබ්බෙම නැ.
දැන් කියලත් එහෙම එකෙක් නැ.
මුලින්ම තිබුන සල්ලි වලින් data card එකක් දා ගත්තා. සදුදා දවසම බුකිය හරහා අදහස් හුවමාරු කර ගනිමින් ගමනට සුජානම් උනා. ඔක්කොම තත්වයන් සලකා බලා හරියටම උදේ 8 30 සෙට් වෙන්න තීරණය කරා. එදා රෑ නින්ද ගියේම නැ.
උදෙන්ම නැගිටලා දෙමාපියන්ගේ උණුසුම් මෙව්වා එක පිටින් ගමනට යන්න පටන් ගත්තා. මම හරියටම 8 25 වෙනකොට බස් ස්ටෑන්ඩ් එකට ගියා. මටත් කලින් ඩෝලා ඇවිත් තිබ්බා. සුහදව පොර මාව පිළිගත්තා. 8 30 වෙනකොට මමයි ඩෝලා විතරයි. තවත් බලාගෙන හිටියා. එත් මොකෙක්වත් නැ. 8 50 වෙනකොට නවීනුත් ආවා. 9 ට විතර පොඩි මල්ලිත් ආවා.
"අඩෝ පොඩ්ඩක් ඩොකා හම්බ වෙලා එන්නද"
"ඩොකාට උබව නැතුව බෑ වගේ. යමන් සලිත අපිත් යමු පොඩිත් එක්ක. මේ මොකා ආවොත් call දීපන්"
"උබලා ආවට කමක් නැ මගේ තැනත් නැති කරන්න එපා"
විනාඩි 10 කින් විතර අපි ඩොකා ලග. පොර පොඩි මල්ලිට මොනාද බෙහෙත් වගයක් කාටද දෙන්න කියල කිව්වා. අපි තුන්දෙනා අපේම තැනක් වගේ එතන හැර ඇවිස්සුවා. ඩොකාගේ සල්ලි තියන තැනත් බැලුවා. එත් තිබ්බේ රුපියල් 250 ක්.
"මොනාද බන් බලපන් ඩොකා ලග තියෙන්නේ රුපියල් 250 බන්"
"හරි ඉතින් මුන් ගෑවුන තැන් ඉදලා ඉවරයි බන්"
"උබලා දැක්ක ටික ඔය, ඕකගේ සල්ලි ඔක්කොම තියෙන්නේ bank වල බන්"
පොඩි මල්ලිගෙන් නොමිලේ ලැබුණු අම්ල පෙත්ත සුප්පු කර කර ආතල් එකේ හිටියා. අම්ල පෙති කියන්නේ බඩේ තුවාල තියෙන උන් බොන පෙත්තක්ලු.
"තොපි $%)*) )
&$^# බන් කොහෙද ඉන්නේ"
"ටිකක් ඉවසලා හිටපන් ඉතින්"
"$%#@^ දැන් වෙලාව 9 30 ඉක්මනට වරෙන් 9 45 බස් එකේවත් යන්න"
"මොකා ඇවිත්ද"
"මේ වරෙන් බන්" පොරගෙන් තවත් අහගන්න ඕනෑකමක් නැති නිසා මම කතා වහ ගත්තා.
බස් ස්ටෑන්ඩ් එකට යනකොට
මිතුරන් දෙදෙනාගේ මුහුණු වල සිතියම් වෙලා තිබුන දේ ඉතාම දරුණු දෙයක් බව දුර ඉදලම පෙනුනා.
කතාවක් නැතුවම අපි බස් එකට නැග්ගා. අපි නැගල තියෙන්නේ සාරංග බස් එකට. සාරංග බස් එක
කියන්නේ හවසට මල් ලෝකයක්. අපි ගියපු වෙලාවේ මල් කඩන උන්ගේ වාසනාවට එකේවත් හිටියේ නැ.
වැඩිම කාලයක් ඉන්න ඕනි නිසා අපි ගොඩක් ආතල් බස් එකේ ඉදන් ගත්තා.
[ඉදිරියේ ඉදන් පිටුපසට. මුලින්ම ඩෝලා, දෙවෙනියට මොකා, තුන්වෙනියට පොඩි මල්ලි, අන්තිමට නවීන් ]
ඉතුරු ටික වෙන දවසක ලියන්නම්. ජය වේවා.
සලිත.
2016-04-18
ප ව 3.00
Kathawa samhra than wala waradi... Parakku ube mm newi. Anika amla peththa bonna mamath hitiya.
ReplyDeletePatta mchn.... ඊළඟ කොටස ඉක්මනට ලියාපන්..
ReplyDeleteමට පේන්නෙ උඹේ ට්‍රිපේ සඟයො දෙන්නත් හැරෙන තැපෑලෙන් මෙතෙන්ට කඩං පාත් වෙලා වගේ.. හිහි..
ReplyDeleteඉතුරු ටිකත් ලියන කං මාසයක් වත් ඉන්න වෙයි වගේ....
හනිකට ලියන්නම්. ලගදීම උන් දෙන්නත් බොල්ග් ලෝකයට.
Deleteඑක නම් හොද වැඩක් 😊
Deleteමටත් යන්න හිතෙනව දිය ඇල්ල බලන්න. ලස්සනයි නේ,
ReplyDeleteඉතිරි කොටසත් ඉක්මනින් ලියන්න. :-)
මහා දුරක් නැ. මට පුදුමයි ඔයත් තම ගිහින් නැ කියපු නිසා.
Deleteඅවුරුද්ද ගැන කියද්දිනම් මට ඉරිසියාවේ බෑ. අපි නැතුව, මේ සැරෙත් බොලා ජයටම අවුරුදු කෑව එහෙනම්...
ReplyDeleteඅවුරුදු එන්නේ කන්න බොල. ඒ නිසා කෑවා.
Deleteඔයාගෙ ලියවිල්ල ගොඩක් ලස්සනයි.
ReplyDeleteබොහොම තුති
Deleteආතල් එක වටිනවා එකෙන් ම ............
ReplyDeleteඑහෙම කිව්වේ නැත්තන් අපේ උන් ඔය වගේ ගමන් එක්කන් යනවා බොරු.
Deleteලස්සනයි
ReplyDeleteබොහොම තුති.
Deleteඒක පට්ට trip එකක්.. ❤️❤️
ReplyDelete