මම යන එන තැන්

Friday, April 22, 2016

බෝබුරු ඇල්ල 2



බස් එකට ගොඩ වෙලා කරන පලවෙනි වැඩේ දන්නවනි. එක දන්නෙත් නැද්ද? ගමන පැයක් විතර තියන නිසා සුන්දර ........ ලග වාඩි වෙන එක කාගේත් සිහිනයක්. වෙනුවට අපේ වෙලාවේ තරම කියනවානම් එවැනි එකෙක්වත් හිටියේ නැ. පිටිපස්සේම ආසනය අපිටම වෙන් වෙලා තිබ්බේ.

"වැලිමඩ නගින්න වැලිමඩකොන්දොස්තර ටකරම නාද උනා. නගින උන් නැගල ඉන්නේ යමන්කෝ හුවන්නේ නැතුව මොන කරුමයක්ද එහෙම හිතුනත් කිව්වේ නැ. කියන්න බැරි කමකුත් නැ බොල.

අපේ උන් දැන් ඉතින් කතන්දර කියන්න පටන් ගත්තා. ගමන කෙටි උනත් ගෙවන ගානට වැඩිම කාලයක් බසයේ රදවා ගන්නා බසයක අපි ගමන් කරන බව දන්නා මගේ මිතුරන් කතා ගොඩක් හොයා ගෙන ඇවිත් තිබ්බා. මමත් ඉතින් බ්ලොග් කියවල හොයා ගත්තු වල් පල් ටිකක් කිව්වා.මම leaners එකේ වෑන් එක අරන් යන වේගයෙන් බස් එක ගියේ හිතා ගන්නකො වේගය ගැන.

අපි කෙලින පිස්සු දිහා බස් එකේ උන් බලන් හිටියේ අද දැක්ක වගේ.එකෙක් දෙන්නෙක් අපි දිහා රවා ගෙන හිටියා. මමත් බලාගෙන හිටියේ මොකුත් කියනකන් කිව්වොත් ඉතින් අපේ උනුත් second වෙන්නේ නැ. අපේ උන්ට වැඩ බැරි උනාට කට හොදට පිහිටලා තිබ්බා.

"සල්ලි ගන්න" කොන්දොස්තර අයියා ඉස්සරහ ඉදන් කියනවා ඇහුනා. මම පොරව දැක්කේ වෙලාවේ. කොන්ඩේ වවා ගෙන, වම් කනට සුදු පාට කරාබුවක් දමා, සුදු පාට කැප් එකක් දා ගෙන, නිල් පාට  T shirt එකක් දමා ගෙන සල්ලි එකතු කරපු කොල්ලෙක්. පොරට එච්චර වයසක් නම් පෙන්න තිබ්බේ නැ. අපේ වයසම වගේ. ඔව් බොල අපිත් තාම පොඩි උන්.මල් වගේ ළමයි. මට පොරව දැක්කම දුකක් හිතුනා,අපි වගේ ආතල් ගන්න ඕනි කාලේ වගේ ජොබ් එකක් කරන එකට. දැන් ඉතින් කොල්ලා අපෙන් සල්ලි ගන්න එන ගමන්.

"කොහොමද සල්ලි දෙන්නේ?"

"පොඩි උබ ගනින්. උබ පඩි කාරයෙක් බන්"

"අනේ ඔව් බන් පොඩි"

"වරෙන්කො $%#&  නැමිලා දෙන්නම්"

"මේ තනි තනියෙන් සල්ලි දෙමු බන්" යෝජනාව ඩෝලා ගෙන්

"එහෙම කරමු බන්"

අනිත් 4 දෙනාම රුපියල් 50 කොල දුන්නා. මම ලග මාරු තිබ්බේ නැති නිසා රුපියල් 100 ක් දුන්නා.

මල්ලි 3 නැද්ද? තියනවනම් ගන්න.” වරෙන්කො පස්සේ තොට 3 දෙන්න. පොර කියපු දේ හරියට මට ඇහුනේ නැද්ද? එහෙම වෙන්න විදිහක් නැ. අරුන්ගෙන් නොන්ඩි වෙන්න ගත්තම මගේ කන හරි හැටි වැඩ කරන බව මට බව මට වැටහුනා.

"මොකද්ද බන් කියපු කතාව"

"උබෙන් .... ඉල්ලුවා බන්"

"නැ බන් මොකද්ද උනේ" අපේ උන්ගේ කතාවල් ඉතින් අමුතුවෙන් කියන්නේ ඕනි නැ.

" ගාන 53 යි බන්. පොර උබෙන් රුපියල් 3 ක් ඉල්ලුවේ"

පැය බාගයක් විතර මටම නොන්ඩි කර කර අපේ උන් පාළුව මකා ගත්තා. පස්සේ අපේ උන් සෙල්ෆි ලෝකයක හිර උනා. පැයක් විතර යනකොට හීන් සැරේ අපි වැලිමඩ නගරට ලගා උනා. අපි කිහිප සැරයක්ම උතුම් රියදුරු මහතාගේ දෙමාපිය ඇතුළු පවුලේ සියල්ල මතක් කරා.





        [ඔන්න අපේ සෙට් එක ගත්ත photo ටිකක්. ආයේ හදුන්වලා දෙන්න ඕනි නැ නේද? ]

"කියක් හරි  දීපන්"

" මොකටද බන්"

"මොනවා හරි ගන්න බන් 100 ගානේ එකතු කරමු"

මුදල් එකතු කරගත් පසු මොනවා හරි ගන්න නවීන් එක්ක මම කඩේට ගියා.

"මොනාද බන් ගන්නේ"

"බීම බෝතල් 2,  බත් එකයි ගමු බන්" ඔන්න ඉතින් බීම කිව්වම අපි ගත්තේ fanta 2 ක් බොල. අපි අතරේ සැර ජාති ගන්න එකෙක්වත් නැ.

අපිට තිබ්බ ඊලග ගැටලුව බත් එකක් ගන්න එක. අපිට  වෙලාවේ meter උනේ මොකා බිත්තරයක්වත් කන්නේ නැති අහිංසක එකෙක් බව.

"බත් එකක් කියද  අයියා" කඩේ පොරගෙන් 5 පාරකට වඩා ඇහුවත් උත්තරයක් දුන්නේ නැ. කියහන්කෝ $%#$ තව කඩ තියනවා කියන්න හිතුනට කිව්වේ නැ.

"මල්ලි බිත්තර එක්ක නම්  170"

"බිත්තර නැතුව"

" 150 දෙන්න" වරෙන්කො නාල එහෙම, බණ්ඩාරවෙල බිත්තර එක්කත් 100 යි. බලහන්කො පොර දෙන්නේ වෙන රටකින් බඩු ගෙනල්ල වගේ. සහයෝගයෙන් එකතු කරපු මුදල් නිසා 150 දීල අපි බත් එකක් ගත්තා.

ගන්න ඕනි ඔක්කොම ගත්තට පස්සේ පොඩි  එක්ක ඩෝලා පෙන්න හිටියේ නැ. උන් දෙන්නා හදිසි කාරණාවක් ඉටු කරගන්න ගිහින්. මම දැක්ක බස් එකෙත් උන් දෙන්නා ඇබරි ඇබරි ආවා. ඔන්න ඉතින් කොල්ලෝ 5 දෙනාම ආයෙත් සෙට් උනා. බෝබුරු ඇල්ල බස් නතර කරලා තිබ්බේ අපි හිටපු තැනට 750 M  වගේ දුරින්. බෝබුරු අල්ලට බස් එකක් පැය බාගෙන් බාගේ වගේ බස් තියෙන්නේ.

"අන්න බන් බස් එක අදින්න යන්නේ"

"කෝ බන් "

" අර බලහන් පාරට දාන්න යන්නේ"

බස් එක පාරට අරගෙන. යන්තමින් දුන් දාන ගමන්. කුඩා රෝසා බස් එක අල්ලා ගන්න එක අපේ උන්ගේ එකම බලාපොරොත්තුව.

"දුවපන් බන් බස් එක අල්ලා ගන්න"

මම කිව්වා විතරයි ඔක්කොම දුවන්න පටන් ගත්තා. එකෙක්ටවත් මන් ලග තිබ්බ බඩු ටික මතක් උනේ නැ. උන් ටික වේගයෙන් දුවන්න පටන් ගත්තා. මටත් second වෙන්න බැරි නිසා මමත් දිව්වා බොල බදු මල්ලත් එක්ක. හති දා ගෙන දුවලා දුවලා බස් එක අල්ලා ගත්තා.බස් එකේ ඉදන් හති අරිමින් ඉන්නකොට මාර දෙයක් දෙයක් දැක්කා.

හොදටම දැකලා පුරුදු කොණ්ඩයක්. කාගේද මේක. මට හොදටම පුරුදු කොණ්ඩයක්. යට ගිය දවස මගේ හිත ගිය කෙල්ලෙක් එක පාරටම මගේ හිතට ආවා. මේ ඉන්නේ කෙල්ලමද? එක වෙන්න බැරි වැඩක් කෝකටත් කියලා රියදුරු මහතා හමුවන මුවාවෙන් මම කෙල්ල බලා ගන්න ගියා.  වෙලාවට වෙන කෙල්ලෙක්.

ටික වෙලාවක් ගියා. එත් බස් එක යන්නේ නැ. එක පාරට අම්ම කෙනෙක් බස් එකේ ඉස්සරහට ගිහින් අඩන්න ගත්තා. එතුමියගේ කදුළු ඇත්තම ඒවා. ඇයගේ දරුවට රෝගයක් කිව්වා. සදහා විශාල මුදලක් වැය වෙන බවත් සදහා යම් උදව්වක් කරන්න කියල ඇය ඉල්ලුවා. බස් එකේ හිටපු ඔක්කොම වගේ උදව් කරා. අපිත් මතක හැටියට රුපියල් 150 කින් උදව් කරා. මවකගේ දරු සෙනහස වෙලාවේ කාටත් මතක් වුනා. අතරේ වඩේ,වඩේ සමෝසා කමුද අහමින් ආවත් අපි වඩේ කන්න තිබුණු සල්ලිත් අර අම්මට ලබා දුන්නා.

දැන් අපිට බස් එකේ රියදුරු මහතාගේ අම්ම සිහිවෙන්න ගත්තා. බස් එකට ගිහින් විනාඩි 10 ක් ගියත් පොරට යන්න අදහසක් නැ. මට නම් මාර තරහක් ආවේ. 1 st එකට දාල පලකො මගුලකට ඉන්නවද දන්නේ නැ. යන්තන් විනාඩි 15 විතර ගියාම අපේ පැතුමන් ඉටු උනා. පොරට යන්න ඕනි කියන අදහස ආවා.

දැන් මහන්සි බොල. ඉතුරු කොටස ලගදීම.

සලිත.
2016-04-22

. 1:18    

16 comments:

  1. කොල්ලො වුණාම රස්තියාදු ගහන්නත් එපැයි නේ..? එළ එළ, ලියං යමුකො

    ReplyDelete
    Replies
    1. බැන්දට පස්සේ ඉතින් රවුම් ගන්න බැ. දැන්ම ගහන රවුමක් ගැහුවොත් තමයි. ආයෙත් එන්නකෝ මේ පැත්තේ.

      Delete
    2. බැඳට පස්සෙ ඊට වඩා රවුම් ගහන්න පුළුවන්

      Delete
    3. බැදලම බලන්න වෙනවා. හැක හැක.

      Delete
  2. මං හිතන්නෙ බෝබුරු ඇල්ලට උඹල යන කතාව කියවන්න වෙන්නෙත් ලබල ආත්මෙ තමා මේ යන විදියට.
    හැක්..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ලගදීම යනවා ඉවසලා ඉන්න.ආයෙත් එන්නකෝ.

      Delete
  3. බෝබුරු ඇල්ලට ඇත්තටම ගියද? රුපියල් 150 දීල එක බත් එකක ගත්තේ හතර දෙනාටමද?

    ReplyDelete
    Replies
    1. මම දෙපාරක් ගිහින් තියනවා. දෙන්නෙක් බත් ගෙවල් වලින් ගෙනත් තිබ්බා. ඒ නිසා අවුලක් උනේ නැ.

      Delete
  4. ඇල්ලට යනවද? නැත්නම් ....

    ReplyDelete
    Replies
    1. ඇල්ල බලන්න යනවා ලගදීම. දිගටම මේ පැත්තේ එන්නකෝ.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඔන්න ලිව්ව, දැන් හරි.
    "උඹ මට විතරයි කවියක් ලීවෙ නැත්තෙ" කියල, අඬන්න දෙයක් නෑ. පරක්කුවෙලා හරි ලීව (පහුගිය ටිකේ ගොඩක් වැඩ අදික වෙලා තිබ්බ නිසයි පරක්කු වුනේ). ඔයා මුලින්ම ලියපු ආදර කථාව නියමෙටම හිතට වැදුනා. මම පදනම් කරගත්ත තේමාව ඔයාගෙ එකත් එක්ක පොඩි වෙනසක් පෙන්නුවත් මේ කවි පෙළ ලියන්න අදහස ආවෙ ඔයාගෙ එළකිරි කථාව නිසයි.

    ගිහින් කියවලා බලන්නකො, මොකද්ද මම මේ කියන්නෙ කියල.

    මෙන්න ලින්ක් එක


    ප.ලි. චිත්‍රෙ ඇන්ඳෙත් මමම තමයි, පොඩි එකෙක් එහෙම නෙවයි හුදේ :)

    ReplyDelete
    Replies
    1. මම කවි පෙළ බැලුවා. බොහොම අගෙයි. බොහොම තුති කවි ලිව්වට. ආයෙත් මේ පැත්තේ එන්නකෝ.

      Delete
  7. මෙත්මා ගෙ පෝස්ට් එකෙන් පාර හොයාගත්තෙ. පෝස්ට් එක ගැන. අපිත් ඔහොම ගිය හැටි මතකයි. මට හොඳ හැටි මතකයි. :)

    ReplyDelete
    Replies
    1. කොහොමත් කවදා හරි මතක් කරන්න දේවල් ටිකක් ඉතුරු කරගන්න තමයි මගේ උත්සාහය.ආයෙත් මේ පැත්තේ එන්නකෝ.

      Delete
  8. https://www.youtube.com/watch?v=DRSleOrnaig

    ReplyDelete