මම යන එන තැන්

Saturday, July 16, 2016

රෝහලක ගෙවුණු පළමු රැය 1



කාලෙකින් ආයෙත් කොටන්න හිතුනා. මේ ටිකේ ටිකක් විතර වැඩ අධික කාලයක් උන නිසා ලියන වැඩේ ටිකක් පහු උනා.එත් දැන් මට ලියන වැඩේ අමතක නොකර ඉන්න බැරි නිසා  කොටන්න කියලා බැලුවේ.ඔන්න ඉතින් මේ කතාවට පාදක වෙන්නේ මගේම අත්දැකීමක්. චරිත කිහිපයක් කතාවේ හමුඋනත් නම් ගම මනක්කල්පිතයි. ඔන්න මුලින්ම කිව්වා.

නුවන් අපේ  ගමේ හිටපු මට වැඩිහිටි කොල්ලෙක්. ඇත්තම කිව්වොත් අපේ අයියගේ වයසේ පොරක්. කියන්නේ මට වඩා අවුරුදු 5 විතර වැඩි පොරක්. පොරට තිබ්බේ පල්සර් බයික් එකක්.නුවන් එක්ක ක්රිකට් ගහන්න ගොඩක් දවස් ගිය නිසා මට වඩා වයසින් වැඩි උනත් මාත් එක්ක ගොඩක් ෆිට්. පොර මගේ ලගම නෑයෙක්  නිසා අපි තවත්  ගොඩක් හිතවතුන් උනා.අපි සෙට් එක ක්රිකට් ගහන්න යන්නේ ගමේ ස්කොලේ පිට්ටනියට. එත් පිට්ටනිය ටිකක් දුරින් තියෙන නිසා හැමදාම වගේ බයික් වලින් අපි පිට්ටනියට ගියා. ගොඩක් දුරට නුවන්ගේ බයික් එකේ යන්න අපේ උන් බය වෙන්නේ ජීවිතය ගැන යම් තරමකින් හරි ආසාවක් තියෙන නිසා. නිසා ගොඩක් උන් උත්සහ කරන්නේ සමන්ත අයියගේ බයික් එකට සෙට් වෙන්න.වරක් දෙවරක් පොර බයික් එකෙන් වැටිලා තිබුනත් නුවන් පාඩමක් ඉගෙන ගෙන තිබුනේ නැ.

දවසක් අපේ ගෙදරට කෝල් එකක් ආවා. ගෙදර ෆොනේ එකට මට අදාළ ඇමතුම් එන්නෙම නැති නිසා මම ගෙදර දුරකතනයට උත්තර දෙන්නේ වෙන කෙනෙක් ගෙදර හිටියේ නැත්තන් විතරයි. අම්මා සුපුරුදු පරිදි දුරකතනයට උත්තර දුන්නා. අම්මා ඇවිත් කිව්වේ අමුතු කතාවක්.

"සලිත ආයේ මාව බයික් වල එක්කන් යන්න එපා"

" මොකෝ"

"අර නුවන් අන්න හප්පාගෙන ඉස්පිරිතාලෙලු ඉන්නේ"

කියපු ගමන් යන්න හිතුනත් වෙනකොටත් ගමේ අය ගොඩක් ගිහින් කියලා ආරංචි උනා.ඉතින් මම අනිත් දවසේ යන්න තීරණය කරා. ඉතින් දැන් සලිත කොලුවා ඉස්පිරිතාලේ යන්න කියල සුජානම් උනා.ඩෙනිමක් එක්ක t shirt දා ගෙන මම පියනැගුවා. හවස් යාමේ මම ඉස්පිරිතාලෙට ගියා. පිරිමි වාට්ටුව හොයා ගන්නත් ටිකක් විතර මහන්සි උනා.වාට්ටුවේ එක කෙළවරක නුවන් අයියා හිටියා. විවහා වෙලත් සති දෙකක් විතර ඇති. අලුත් මනමාලිත් නුවන්ලගේ අම්මත් එතන හිටියා.ටික වෙලාවක් අපි කතා කරමින් හිටියා. ඔය කතා බස් අතරේ මගේ කටින් රුවන් වදනක් පිටවුනා.

"අද රෑට මම ඉන්නද?"

"අනේ සලිත ඉන්නවද මාමට හෙට වැල්ලවායේ යන්න ඕනි කිව්වා"

"හරි හරි මම ඉන්නම්" මෙහෙම බයක් සැකක් නැතුව කිව්වේ රෝගීන් නොමැති ඇදවල් නුවන් අයියා ලග තිබුණු නිසාත් ඇද ලග ෆොනේ එක charge කරගන්න ප්ලග් එකකුත් ෆොනේ එකට හරියන charger එකක් එහා පැත්තේ හිටපු කෙනා අත් තිබුණු නිසාය. ඉහත කියපු රුවන් වැකිය හේතුවෙන් මට ජීවිතේ පළමු වතාවට රෝහලක රැයක් ගත කරන්න වාසනාවන්තයෙක් උනා.

"අපි යනවා පුතා.සලිත ඔන්න ඔයාට වගකීම භාර දීල යන්නේ හොදට බලාගන්න. කෑම දෙකක් ඇති එකත් කන්න.  ................................" මෙලෙස ඇති විශාල උපදෙස් සමුදායක් ලැබුනා. ඒවා මේ කනින් අසා අනිත් කනින් පිටකරන්නත් කලින් මේ කනින් අසන්නේ නැතුවම හිටියා. අලුත ගෙනා මනමාලියගේ මුහුණේ තිබුනේ අමුතුම චිත්රයක්. කියන්න වදන් නැති උනත් ඉතාම අසරණ දුක් මුසු මුහුණක් තිබුණි.

" උබට මොනාද උනේ බන් "

"බලපන්කො hu#$%@ වීල් කාරයෙක් හැප්පුවා බන්"

"ඉතින් කොහෙදිද මොකක්ද උනේ කියහන්කෝ"

"අම්පිටිය හන්දියේ ලගදි බන්. අරු අර වන්ගුවේ බස් එකක් ඉස්සර කරගෙන ආවා බන් පොර wrong side ආවේ. මම brake කරත් නතර උනේ නැ බන්"

"උබත් වේගෙන්ද ආවේ"

"ඔව් බන් ටිකක් වේගෙන් ආවේ. එත් වැරැද්ද අරුගේ බන්"

නුවන්ගේ දකුණු කකුල දනියෙන් පහල තිරුවක්ම ඒවත් වී තිබුණි. තව කොන්දටත් අත් දෙකටත් සැලකිය යුතු තුවාල සිදුවී තිබුණි.මම ෆොනේ chager එක තිබුණු පොරව ටිකක් ෆිට් කරගත්තා. chrger එක අරගෙන මගේ ෆොනේ එක charge එකට ගැහුවා.ෆිට් උන පොරට කිසිම ලෙඩක් පෙනෙන්න තිබුනේ නැ.

"මොකෝ අයියා අවුල"

"බලහන්කො මේ අත" වැලිමිට ලග තුවාලයකට බෙහෙත් දාල තිබ්බා.

"මේ අයියගේ ඇත කඩුවකින් කැපිලා" නුවන් අයියා කිව්වේ

"ඔව් බන් මල්ලි වලියක් බේරන්න ගියා බන් බලහන්කො මට උන වැඩේ. කඩුව උස්සල ගහන්න යනකොට මම බේරන්න ගියා වලිය බේරලා එනකොට මම දැක්කේ මගේ අතින් ලේ ගලනවා.කොල්ලෝ ටික මෙහෙට ගෙනාව බන්. මැහුම් 5 ක් ගැහුවා බන්. මේ ෆොටෝ ටික බලහන්කො" තුවාල දරුණු කැපුම් තුවාල වල ඒවාය. වලි බේරන්න ගිහින් තවත් වලි දෙකක් තුනක් ඇතිවූ අවස්ථාවක් මගේ මතකයේ පවතී.

අත කපා ගත් අයියා කියන්නේ වලි ගැන කතා විතරයි. ඔහු රැකියාවෙන් තැපැල් පත් බෙදන්නකු බවත් කිව්වා. ඔය අතරේ නර්ස් කෙනෙකුත් ඩොකෙකුත් ඇවිත් රෝගීන් පරික්ෂා කරා. ඊට පස්සේ ආපු පොර මට දිරවව්වේ නැ.

"කාගේද මේ ෆොනේ එක මල්ලිගේද ගලවන්න"

 "ඩොකාටත් අවුලක් නැත්තන් නුර්ස් අවුලක් නැත්තන් මේ hu#$@#% තියෙන ගාය මොකක්ද මල්ලි උබ ගලවන්න එපා". අත කපා ගෙන ඉන්න පොරට හොදටම අවුල්.මම ගිහින් බැලුවම 93% charge වී තිබුනා. ආයෙත් පාරක් කලින් වගේම අරූ කිව්වා.ඕකට කතා කරන්න ගියොත් රෝහල් වැඩ වර්ජනයක් දක්වා දුර යන්න පුළුවන් නිසා මම ඉවසා දරා ගෙන රෝහල් කම්කරු මහතාගේ වදන් පිළිගෙන හිටියා. එත් මම පොරගේ අම්මාගෙන් පටන් ගෙන මුත්තා පනත්තා දක්වා සිහි කරා. අනිවා අම්මා හිටියානම් කිහිහුමක් යන්න ඇති.

ටික වෙලාවකින් කිහිප දෙනෙක්ම නුවන් අයියා බලන්න ආවා. අය රෝලොස්, බිස්කට්,රබුටන් වැනි කී නොකී ගොඩක් දේවල් ගෙනාවා.ඒවාට ටිකකින් වගකියන්න සලිත කොලුවාත් හිත හදාගෙන හිටියා. අතරින් නුවන් අයියගේ මිතුරෙක් ආවා.

"මොකද බන් කරන්නේ බයික් එකට ගොඩක් damage "

"ඔව් බන් ටිකක්"

"එත් වීල් එකේ අයියා හදල දෙන්නේ නැල්ලු බන්"

"එකනි බන් පොරට full insurance තිබිලත් බැරිලුනි. මම කියන්නේ බයික් එක හදල දෙන්න කියලා විතරයි බන්. පොරට එක බැරි නම් නඩු දාන්න වෙයි බන්" තව ටිකක් වෙලා දෙන්නා කතා කරමින් හිටියා. වෙලාවේම වගේ වීල් එකේ අයියත් ආවා.

"මල්ලියා දැන් කොහොමද" මාර සනීපෙන් ඉන්නේ

"කකුල ටිකක් අවුල් අයියා"

"එකනි මල්ලි බලන්නකෝ නේද උන වැඩේ මාත් අද හවස release කරේ. ඊට පස්සේ කෙලින්ම ආවේ ඔයාව බලන්න. හොද වෙලා එන්නකෝ පස්සේ මොකක් හරි බලමු. මම ලමයිවත් දැක්කේ නැ මල්ලි මම ගිහින් එන්නම්" එහෙම කියලා ආපු වේගෙන්ම වීල් අයියා පිටත් උනා.

ටිකක් හවස් වෙලා තිබ්බා. අතරේ අපිටත් නොදැනීම බඩගින්නත් ආවා. තැපැල් අයියත් අපිත් හොද මිතුරන් උන නිසා සෙට් එකම සහයෝගයෙන් කන්න සුජානම් උනා. මුලින්ම රබුටන් වලින් පටන් ගත්තා. මුල්ම ගෙඩිය කෑවේ මම. පස්සේ අනිත් දෙන්නටත් රබුටන් සුද්ද කරලා දුන්නා.ඔහොම ඉතින් ගෙඩි 15 කට විතර තුන්දෙනා වග කිව්වා.මමත් 6 කට විතර දායක උනා. ඊට පස්සේ රෝලොස් වලට අපි වග කිව්වා. අසරණ රෝගීන් වෙනුවෙන් මෙවැනි දේවල් ගෙනත් දුන් අයට පින් දෙමින් ඒවාට වග කිව්වා.

"මල්ලි මෙතන ආප්ප ටිකක් ඇති  ගනින්"

"හරි අයියා එත් දැන් කන්නත් බෑ වගේ"තැපැල් අයියා තොට නෙවෙයි යකෝ මට කන්න කිව්වා නම් එහෙම සියදෙවී හානි කරගන්න වෙන්නේ වෙලාවට එහෙම කිව්වේ නැ.

"ගනින් කොල්ලෝ ඕකත් එවර කරමු"

මම ඉතින් අසරණ රෝගීන් වෙනුවෙන් ගෙනාපු ආප්ප ටික ගත්තෙමි. ඒවා බිත්තර අප්ප. දැක්කම කටට කෙල ඉනුවා. දැමුත් උනනවා වගේ. එකට කියපු එළකිරි ලුනුමිරිසක් තිබ්බා. මම ඉතින් ආප්පයක් මැදට ලුණු මිරිස් දාල කෑම ටික සැකසුවා. තැපැල් අයියාට අතින් කන්න හැකියාවක් තිබ්බත් නුවන් අයියට අතින් කන්න බැරි තත්වයක් තිබ්බේ. නිසා පොරට කටයි මට කටයි වශයෙන් ආප්ප හතරකට විතර අපි වග කිව්වා.

ඉතිරි කොටස ලගදීම ලියන්නම්. ටිකක් මහන්සි බොල. එහෙනම් උබටත් මටත් ජය වේවා.

සලිත.
2016-07-16

11 22

6 comments:

  1. මිනිස්සු තුවාල වෙලා අමාරුවෙන් හිටියත් මේක කියෙව්වම හිනා ගියා.

    ReplyDelete
    Replies
    1. මමත් ඒ දවස ගත කරේ හරිම සතුටින්.

      Delete
  2. ඉස්සර නන් ඉස්පිරිතාල වලට ගියහම මම හුස්ම හිරකන් ඉන්නෙ බං....ඒ තරමට ගඳයි.....දැන්නන් එහෙම නෑ පිරිසිදුව තියනව...

    ReplyDelete
  3. නියම ලෙඩ්ඩු බලා ගැනිමක් ..හික් හික්..

    ReplyDelete
    Replies
    1. හික් හික් අපි එහෙම තමයි.

      Delete