මම යන එන තැන්

Thursday, September 15, 2016

Saitm ගැන මට හිතෙන දෙය



ඔන්න බොලන් මම අද ටිකක් වැදගත් යමක් ගැන කතා කරන්න කියලා සුජානම. තරමත් වැදගත් යයි කියලා හිතෙන පැත්තක් ගැන කතා කරන්නම්. මේ හුදෙක්ම මට හිතෙන විදිහක්. මේ පිලිබදව මට දැනෙන හැගෙන දෙය කොටලා දාන්න හිතුනා. කිහිපවරක් ලියනවද නැද්ද කියලා හිතලා ලියන්න ඕනි කියලා හිතුනු නිසා මම ලියන්න හිතුවා.අද මම කතා කරන්න යන්නේ පුද්ගලික විශ්වවිද්යාල ගැන. මන් කතා කරන්න යන්නේ පසුගිය සමයේ වැඩි කතාබහට ලක් උන saitm ගැන. එහෙමත් නැත්තන් private medicine degree එක ගැන. පසුගිය සමයේ එයට එරහිව විරෝධතා ගොඩාක් තිබුනා. මට නම් saitm වල හොද මෙන්ම නරක පැති දෙකක් පේනවා. මට හැගෙන හැටියට මන් ලියන්නම්.

සෑම දෙයකම හොද මුලින්ම කතා කරන්න ඕනි. දැනට අපේ රටේ  විශාල ඩොක්ටර්ලගේ  හිගයක් පවතී. ඇතැම් දුෂ්කර ප්රදේශ වල රෝහල් තිබුනත් ඒවගේ ඩොක්ටර්ලා  නැති අවස්ථා විශාලයි. වගේම ඩොක්ටර්  කෙනෙක් නැති කම නිසා විශාල රෝගීන් පිරිසක් මිය යයි. ඇතැම් දියුණු රට වල මිනිසුන් 50 කට එක් ඩොක්ටර් කෙනෙක් වගේ ඉන්නවා. එත් අපේ රටේ එම අනුපාතය විශාල අගයක්. කියන්නේ මොනයම් හේතුවක් නිසා හෝ රජයේ විශ්වවිද්යාල වලින් රටට අවශ් ඩොක්ටර්ලා ප්රමාණය රටට නොලැබෙන බවය. එත් saitm මගින් අඩුවෙන ඩොක්ටර්ලා ප්රමාණය රටට ලබා දුන්නොත් අසරණ රෝගීන් මියයන ප්රමාණය අඩුවේවි.එය saitm නිසා ලැබෙන හොද දෙයකි.

දැනට ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින  රැකියා වලින් එකක් වනුයේ වෛද් සේවය.saitm හරහා ඩොක්ටර්ලා බිහි උනොත් ඇතැම්විට රටේ ඩොක්ටර්ලගේ අත්තිරක්කයක් ඇති වේවි. එහෙම උනොත් ඔවුන්ට විදේශ ගත වීමට හැකිය . එමගින් රටට විශාල කීර්තියක් මෙන්න විශාල විදේශ ආදායමක් උපයා ගන්න හැකි වේවි. වර්තමානයේ අපේ රටට විදේශ ගතවන අයගෙන් වැඩිම ආදායමක් ලබා දෙනුයේ ගෘහ සේවයෙන්. ඩොක්ටර්ලා පිට රට යවලා අපේ රටට ආදායමක් ගන්න හැකි නම් එක රටට විශාල කීර්තියක්. එමෙන්ම හොද කීර්තිමත් පුද්ගලික රෝහල් ඇති කිරීමට පුළුවන් හරහා අඩුම තරමේ බෙහෙත් ගන්න පිට රට යන ඇමැතිලාගේ මුදල්වත් රට තුල ඉතිරි වේවි. තවද ඒවායේ කීර්තිය අනුව පිට රට අයද ලංකාවට පැමිණ ප්රතිකාර කරගනීවි. හරහා රටට විශාල මුදලක් ලැබේවි. එයද saitm හරහා ලැබෙන හොද ප්රතිපලකි.

මා දන්නා පරිදි පුද්ගලිකව එම උපාධිය ලබා ගන්න කෝටි 2 පමණ මුදලක් වැයවේ.මම නිවැරදි මුදල දන්නේ නැත. මම අසා ඇති මුදල එතරම්ය. අප සමාජය ගත කල සෑම දෙනාම කෝටිපතියෝ නෙවෙයි. එනම් තරම් මුදලක් වියදම් කර උපාධිය ලබා ගන්න හැකි කෙනෙක්ට කිසිම අපහසුවකින් තොරව විදේශ ගතවී එම උපාධිය ලබා ගත හැකිය. පමණ මුදලක් වියදම් කල හැකි කෙනෙක් ලංකාවේ saitm තිබුනත් නැතත් පිට රට හරි ගිහින් අදාළ උපාධිය ලබා ගැනීමට යොමුවිය හැකිය. saitm තිබෙන නිසා අපේ රටෙන් පිට රටට යන්න තිබෙන විශාල මුදලක් රට තුල ඉතිරි වෙනවා. මෙන්ම saitm අසල ජීවත් වෙන ජනතාවට හරහා රැකියා අවස්ථා පවා උදාවී පවතී. පිටරටවලින් ආයෝජන අවස්ථා ඉල්ලමින් අඩන රටකට රැකියා 100, 200 හෝ ඊට වැඩි ප්රමාණයක් ලැබීම හොද දෙයකි.මම ලැබී රැකියා ප්රමාණය හරියට දන්නේ නැත එත් එමගින් රැකියාවන් අනිවාර්යයෙන් බිහිවී ඇත. saitm හරහා ලැබෙන අනිත් වාසිය එයයි.

තවත් අතට ඩොක්ටර්ලා යනු උගත්,බුද්දිමත්  යයි සමාජ සම්මත පිරිසකි. එවන් පිරිසක් රටට ලැබීම රටට භාග්යකි. එත් ළමයි පාසලට දා ගන්න බැරි උනා කියලා strike කරන අය කොතරම් උගත්, බුද්දීමත්ද යන්න ගැටලුවකි.ගංවතුර අවස්ථාවේ short ගහගෙන ගිහින් විපතට පත් උන ජනතාව පරික්ෂා කල නියම මහත්වරුන් විශාල පිරිසක්ද සිටි. අතරේ පිස්සු පොරවල් එකෙක් දෙන්නෙකුත් ඉන්නවා. එක් අතකට ඩොක්ටර්ලට තිබෙන දැඩි ඉල්ලුමට අනුව ඔවුන් එවන් ඉල්ලීම් කරනවා ඇති.  saitm හරහා තවත් ඩොක්ටර්ලා බිහිඋනොත් තිබෙන දැඩි ඉල්ලුම අඩුවී එම රැකියාව තවත් එක් රැකියාවක් බවට පත්විය හැකිය.එමගින් සමානාත්මතාවය යම් තාක් දුරට ඇතිවිය හැකිය.කෙසේ නමුත් උගත් පිරිසක් බිහිවීම යනු රටට වාසියකි.

දැන් මට හිතෙන අවාසි කතා කරමු. මුල්ම අවාසිය  දක්ෂයාට සල්ලි නැතිකම නිසා අවස්ථාවන් නොලැබීමයි. s 3ක් අරගෙන ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන්නේ ඊට වඩා හොද ප්රතිපලක් ගත්ත කෙනෙක්ට වෙන ආසාධාරණයක්.අනාගතයේ තමන්ට වඩා දක්ෂතාවය අඩු කෙනෙක් යටතේ ඉන්න සිදුවීම දක්ෂතාවයට ඇති අයට සිදුවෙන ආසාධාරණයක්. කෙනෙක් මෙහෙම තර්ක කරන්න පුළුවන්. දැනට අවුරුදු 10 කලින් s 3ක් ගත්ත අයත් medicine ගියා. එයාලත් ඩොක්ටර්ලා උනා කියන එක. එත් දැන් තියෙන්නේ අවුරුදු 10 කට කලින් තිබුණු රට ලෝකය නොවන බව එවන් තර්ක ඉදිරිපත් කරන අය දැනගත යුතුය.දක්ෂයාට අදාළ තැන නොලැබීම ලැබෙන ලොකුම අවාසියක්.

තවත් විශාල ගැටළුවක් වනුයේ අදාල ආයතනයේ සිසුන්ට සායනික පුහුණුව පිලිබදව ඇති ගැටලුවයි. ඔවුන් අවසානයේ ප්රතිකාර කරනුයේ රෝගියකුටය. එනම් ජීවිතයක් සමගය. පොතේ දැනුම කොහොම තිබුනත් ප්රයෝගික පුහුණුව ඉතා වැදගත්. අදාළ රැකියාවට වඩා  වැදගත් වනුයේ ප්රායෝගික පුහුණුවයි. ගොඩනැගිල්ලක්  නම් නැවත කඩලා හදන්න පුළුවන් එත් මිනිසෙකුගේ ජීවිතය නැති උනොත් නැති උනාම තමයි. අදාල ආයතනයෙන් බිහිවෙන ඩොක්ටර්ලා මගින් රෝගියකුගේ ජීවිතයට බලපෑමක් සිදුවිය හැකිය. තවදුරට කතා කරනවා නම් මුදල් මත රැදෙන වියාපාරයක් නිසා අඩු ලකුණු මට්ටම් වලින් සිසුන් සමත් කරවීමෙන් අපේ රටේ ඩොක්ටර්ලගේ ගුණාත්මකභාවය යම් ගැටළුවක් ඇතිවිය හැකිය.අඩු ලකුණු මට්ටම් වලින් සිසුන් සමත් කරන බව බොහෝ දෙනෙක් කරන චෝදනාවක් නිසා පිලිබදව ලිව්වා. මේ දේවල් නිසා ඩොක්ටර්ලගේ ගුණාත්මකභාවය පිලිබදව ගැටළු මතු වීම තවත් ගැටලුවකි.

මට හැගෙන තවත් ගැටළුවක් පවතී. දැනටමත් private බෙහෙත් ගන්න ගියාම රුපියල් 200 ක් 250 ක් අය කරනවා. දැනට මෙවන් ගානක් අය කරනුයේ රජයේ නිදහස් අධ්යාපණය ලබා සිටින ඩොක්ටර්ලාය. නමුත් පුද්ගලික විශ්වවිද්යාල වලින් එන අය ඔවුන්ගේ ඉගැනුම් කටයුතු වලට ලොකු මුදලක් වැය කර තිබේ. නිසා ඔවුන්ගෙන් බෙහෙත් ගන්න ගියොත් ඔවුන්ගේ අයකිරීම් විශාල විය හැකිය.එමනිසා රජයේ විශ්වවිද්යාල වලින් බිහිවෙන ඩොක්ටර්ලා පවා වැඩි අය කිරීම් සිදුකල හැකිය.එමනිසා රටේ සල්ලි තියෙන පිරිසකට විතරක් වෙන්වුන සේවයක් බවට එම සේවය පත්විය හැකිය. නිසා අහිංසක පිරිස තවත් අසරණ විය හැකිය.එයද මට පෙනෙන අවාසියකි.

මේ මට හිතෙන හැටිය. මට වඩා වෙනස්ව හිතන අය තවත් සිටිය හැකිය. එත් මම මාගේ අදහස මගේ බ්ලොග් එකේ පලකෙලෙමි.මේ සම්බන්දව මගේ අදහස ඉදිරියේදී  වෙනස් වීමට පවා හැකිය. නමුත් දැන් පවතින අදහස මෙයයි.

ටිකක් වැදගත් යමක් කොටන්න හිතුනා. මෙය මාගේ වැදගත් දෙයක් ලියූ පළමු අවස්ථාවයි. එබැවින් වැරදි තිබිය හැකිය. ඒවාට සමාවන්න.ආයෙත් තවත් ලිපියකින් හමුවෙමු. එතෙක් මටත් ඔබටත්  ජය වේවා.

සලිත.
2016-09-16.

පෙ 9 28

9 comments:

  1. නියමට ලියලා අන්තිමට පොඩි පහේ ගොන් කථාවකුත් දාල. ප්‍රයිවට් ගිය වුණ් ගේ වියදම හොයාගන්න පෞද්ගලික චැනල් ගාස්තු වැඩිකිරීම ගොන් තර්කයක්. දැනටමත් බංගලාදේශය, ඉන්දියාව, චීනය, මැලේසියාවට මැද පෙරදිග වහළුන් හොයන ඩොලර් දන්දී ඉගෙන ගෙන මෙහෙ වැඩ කරන දොස්තරලා ගාණ වැඩි කරලාද? ද්සොතරලාට ඔහොම හොයන්න පුළුවන් වෙලා තියෙන්නේ සැපයුමේ අඩුව නිසයි. පෞද්ගලික විද්‍යාල වලින් හෝ වෙනයම් ක්‍රමයකින් සැපයුම වැඩි වුණොත් ඒ තත්ත්වය වෙනස් වෙනවා. ඒවගේම රජයේ සෞඛ්‍ය සේවය නොමිලේම තව දුරටත් තියේවි.

    ReplyDelete
    Replies
    1. දැනට අපේ රටේ පවතින උපකාරක පන්ති සලකා බලන්න කොතරම් ගුරුවරු හිටියත් ඔවුන් අය කරන මුදල අඩුවී තිබේද? බොහොමයක් අය එකම අය කිරීම සිදුකරයි. තවද tri wheel කොපමණ ගණනක් තිබුනත් අය කරන මුදලේ අඩුවක් නොමැත. එලෙස ගතහොත් සැපයුම වැඩි උනාට අය කිරීම් කෙසේ වෙයිද කියලා කියන්න අමාරුයි.

      Delete
  2. SAITM charge only 9,000,000 for med degree. Also institution has given lot of scholarships for extraordinary and poor students. 20,000,000 is wrong.

    ReplyDelete
  3. SAITM charge only 9,000,000 for med degree. Also institution has given lot of scholarships for extraordinary and poor students. 20,000,000 is wrong.

    ReplyDelete
    Replies
    1. I have mentioned that i do not know what the fee is. Thanks for your idea.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අවංකවම කියනවනම් මම නිදහස් අධ්‍යාපනයට කැමතියි. මම ඉගෙන ගත්තේ එහෙම. නමුත් වෙන අයෙකුට තැනක් දෙනවට මගේ විරුධ්ධත්වයක් නැහැ. අපි අපොස කරලා ලකුණ දෙක මිස් වෙච්ච නිසා වෙන රටවලට යන්නේ. ඒත් ගෙවල් වලින් ඉංජිනියරින් ම කරන්න කියන නිසා. නැත්නම් මට කොළඹ විශ්ව විද්‍යාලයට යන්න පුළුවන් කම තිබ්බ. එහෙම රජයේ ශිෂ්‍යත්ව වලින් ගිහින් ආවත් ලංකාවේ දරුණු කැපිල්ලක් තියෙන්නේ. එනිසා මේ කුහක කමට මම කැමතියි ලංකාවේ ඉවර කරන අයගේ.

    ReplyDelete
    Replies
    1. හැමෝම නෙමේ කියල කියන්නත් ඕනේ.

      Delete
    2. සල්ලි තියෙන උදවිය කෙසේ හෝ තමන්ට අවශ්‍ය නම් පිටරට හරි ගිහින් උපාධිය ලබා ගන්නවා. ඒ නිසා ලංකාවේ අදාළ පහසුකම් තිබුනොත් ඔවුන් පිට රට ගිහින් වියදම් කරන මුදල් අපේ රට තුලම ඉතිරි වෙනවා. එය ලොකු වාසියක්. කැම්පස් කැම්පස් අතරත් ලොකු කැපිල්ලක් තියෙනවා.

      Delete