මම යන එන තැන්

Tuesday, January 8, 2019

කැම්පස් එකේ උන් 7




කැම්පස් එකේ අන්තිම විභාගය  ඉවර වෙලා අපේ උන් ඉතින් දැන් කැම්පස්  එකට ආයුබෝවන් කියන වෙලාවත් ඇවිත්. සමහරු  දැනටමත්  ආයුබෝවන් කියල ගෙවල් වලට ගිහින් ඉවරයි.  දුක සතුට  සපිරුණු මේ පින් මෙන් යන්නට සිදුවීම වචනයෙන් කියා ගන්න බැරි තරම් හිතට අවුලක්. එත් ඉතින් හැමදාම මේ තැන්  වල ඉන්න අපි පින් කරලා නැහැ . මේ කාලයේදී සිදුවූ අපුරු  සිදුවීම් ගොන්නකි. ලබා දුන් සියලු දේවල් වලට 76,77,78 කණ්ඩායම් වලට මගේ හදපිරි මෙව්වා එක. ඉතින් මටත් නතර කරපු තැනින් පටන් ගන්න හිතුනා. ආයෙත් කවද කොහොම ලියන්න වෙයිද කියන්න මමවත් දන්නේ නැහැ. ඉතින් පටන් ගමු.

කලින් කොටස් කියවන්න ඕනි අය  පහලින් රිංගන්න 





ඊළගට ඉන්නේ අමුතුම එකෙක්. පොර තමයි චලන. ගෙවල් මාතර වැලිගම. උස මහත කොල්ලෙක්. පළමු වසරේ යම් කාලයක් පොර හොදින් හිටියා. එත් මාස 6,7 ක් වගේ යනකොට අමුතු රෝගයක් පොරට හැදුනා. හරියටම කිව්වොත් රෙප් කම ලැබුන දවසේ ඉදන් පොරට අමුතු ලෙඩක් වැලදුනා. උගේ අහවල් ප්රදේශයට සිංහරාජ වනාන්තරයේදී දරුණු ගනයේ කටු සහිත සතෙක් රිංගුවා. ඉතින් සතාගේ කටු ඇනෙන ඇනෙන වෙලාවට පොරට අවුල්. කරුමයකට වගේ අපේ රෙපා උන නිසා දරුණු ගනයේ සතාගේ කටු වර සැර අපිටත් වැදුනා. ඉතින්  මොනා කිව්වත් හොද කොල්ලා. කැපවීමෙන් හැම වැඩක්ම කරා. ඒවාට අපි ගාව ගත්තු එක තමයි වැරදි. මල ගෙදරක් කිසි විටක පොර මිස් කරේ නැහැ. අපේ බැච් එකේ වේවා, ජුන්නගේ බට්ච් එකේ වේවා, සින්නො, සුපර් සින්නො ඉදන් පොසිල සින්නොගේ මල ගෙවල් වල පවා පොර ගියා. කොටින්ම කියනවා නම් මෙහෙට එන්න කලින් පස්සෙන් ගිය කෙල්ලෙක්ගෙ සීයා කෙනෙක්ගේත් මල ගෙදර පොර ගියා. ඉතින් ඔහොම මල ගෙවල් වල යනකොට එනකොට අපේ උන්ගේ අහිංසක මුදල් පසුම්බි වලින් කොලයක් දෙකක් එහාට මෙහාට උනා.

ජුන්නොන්ගේ පු@#$ කටුවක් ඇනුනත් අපේ එකාගේ කටු දෙකක් විතර ඇනුනා. මහා රෑ 2,3 උනත් ඉසපිරිතාල ගානේ පොර බඩගෑවා.  පොරගෙන් සිදු උන කෙනහිලිකම් වලට උපරිම හඩක් නැගුවේ පසනා. හරි ගියේ නැති අන්තිම මොහොතේ කැලා පත්තර පවා ගැහුවා. දැනට සිටි කාලයටම 5 පාරකට වඩා අඩු වාර ගණනක් ස්නානය පමණක් පොර ස්නානය කරලා ඇති. පොර රෙදි සෝදන දවසට පැය ගණනක් නාන කාමරයේ  හිටියා.කොල්ලොන්ට පාට් ටයිම් වැඩ හොයල දෙන්න පොර ගොඩක් මහන්සි උනා. පොරට බැන බැන හරි කොල්ලෝ කියක් හරි එකෙන් හොයා ගත්තා. කාලයකදී පොරට සහනාදාර රෙපා කිව්වා. අපි කැම්පස් ඉන්න කාලයේ ලොකු ගංවතුරක් ආවා. ඉතින් අපිත් අසරණ උණු අයට සරණක් වෙන්න ඕනි කියල හිතුවා. වැඩේ සර්ව සම්පුර්ණ කරගන්න නායකත්වය අරන් වැඩ කරේ චලන. නිසා පොරට නම වැටුනා. පිවිතුරු  අමද්යප සංගමයේ ප්රධාන තනතුරක් පොරට තිබුනා. දුස්රා එකේදී ඔසු පැන් අරන් එන්න පොර දුන්නු ගේම අමතක වෙන්නේ නැහැ. වගේම උගේ උපන්දිනය දවසේ දුන්න මල් දන්සලත් අමතක කරන්න බැහැ.

හැම වෙලාවකම වගේ පොර කෙලින් තීරණ ගත්තා. වගේම පොර ගත්ත කිසිම තීරණයක් ආයේ වෙනස් කරේ නැ.  වගේම කියන්න තියෙන දේ පොර  මුනටම කිව්වා. ඩිරාට බාර් වාහන හරි වෙලාව සම්බන්දයෙන් තිබුණු ගැටුලුවට පොර හරි උත්තරක් දුන්නා. වගේම මම කාටවත් බය නැ වගේ නිර්භීත ප්රකාශ ජුන්නන් ඉස්සරහ ඉදන් පවා කිව්වා.නිතරම බබරේ එක්ක ඇර ගන්න එක පොරගේ ගතියක්. අන්තිම කාලයේ කිසිම සම්බන්දයක් පොර බබරේ එක්ක තිබ්බේ නැහැ.කොහොම උනත් පොරත් හෙන ගොනා. උගේ නිර්භීත කම කොතෙක්ද කියනවා නම් වෙන එකෙක් අතින් අනතුරට ලක් උන වාහනයක් මම තමයි drive කරේ කියන්න තරම් ඉහල තත්වයක තිබුනා. කොහොම උනත් පොර හොද එකා. අපි වෙනුවෙන් අතින් සල්ලි විශාල ප්රමානයක් අනම් මනම් වලට දාල ඇති. ඇත්තම කතාව නම් පොරට බැච් එකේ උන් ගොඩක් ආදරේ කරා. එත් පොරට අර ලෙඩේ තවම හොද කර ගන්න බැරි උනා. දැන් නම් සතා අහවල් ප්රදේශයේ ඉදන් මහා අන්ට්රය, කුඩා අන්ට්රය  හරහා ආමාශයට ඇවිත්.  උගේ කෙල්ලෝ  ගැන නම් මම දන්නේ නැහැ. එත් විභාග කාලයේදී සිවිල් එකේ ඉදන්  පාඩම් කරන්න ගිහින් අනම්  මනම් කතන්දර පැතිරුනා . වගේ ඇත්ත නැත්ත දන්නේ  පොරම තමයි .

ඊළගට ඉන්නේ උදිත. උගේ ගෙවල් වේයන්ගොඩ. මතක විදිහට පොරගේ තාත්තා හමුදාවේ කෙනෙක්. අම්මා ගෘහනියක්. මල්ලි කෙනෙක් ඉන්නවා.තාක්ෂණයේ දියුණුව නිසාවෙන් කැම්පස් එන්නත් කලින් උදිත ගැන දන ගන්න ලැබුනා. පොරට කජු ලෙල්ලක හැඩති අවයවක් තිබුනා පාසල් කාලයේ මිතුරන් පවා ඒකට සාක්ෂි දරාවි.  අපේ කණ්ඩායමේ පොටෝ  ගහන ප්රධාන සාමාජිකයෙක් විදිහට පොර කටයුතු කරා. කැම්පස් එකේ හැම උත්සව අවස්ථාවක් වගේ ආවරණ කරන එක උගේ  වගකීමක් උනා. නිසාවෙන් පොරට සමහර අවස්ථා මහැරුනා කිව්වොත් නිවැරදි.උගේ ප්රධානතම විනෝදාංශය ඇවිදින එක ලංකාවේ තියෙන හැම ලස්සන තැනකටම වගේ පොර ගිහින්  ඇති.

පිට්ටනියට මැච් එකක් දෙකක් ගහන්නත් මුල් කාලයේ පොර ආවා. එත් ටිකක් කල් යනකොට පොර  සෙල්ලම් කරන එක නතර කරා. අවසන් කාලයේදී පිට්ටනියට පොර ආවෙත් නැති තරම්. කෙල්ලව අවුරුදු  උත්සවය දවසේ කැම්පස් එකට එක්කගෙන ආපු වරදට  දැඩි දඩුවම් විදින්නට පොරට සිදු උනා.ඇත්තෙන්ම කිව්වොත් දැඩි මඩ  ප්රහාර වලට ලක් වෙන්න පොරට සිදු  උනා. අන්තිම කාලයේ අපේ ක්ලබ්  එකේ සභාපති උනා.  එත් ඇත්තම සභාපති චලන පොඩි පොඩි ගැටළු වගයක් නිසා පොරට එකෙන් ඉවත් වෙන්න සිදු උනා. කලබ් එකෙන් ලොකු ලොකු වැඩ ගොඩක් පොර කැපවීමෙන් කරා. ගියපු හැම චාරිකාවකට වගේම පොර සහබාගි උනා. නැටුම් තෙල් ගත්තම උගේ  පියවි  සිහියේ තරම ක්ලබ්  එකේ පාටිය දවසේ පොර ඔප්පු කරා.  කැම්පස් ඉන්න කාලයේදී විශාල වශයෙන් දාර්මික කටයුතු වලට පොර සහබාගි උනා. පරිසරයට බෙහෙවින් ආලය කරපු පොර ගස් විශාල ප්රමාණයක් හිටවන්න ඇති. ගලක කෙටු අකුරක් නිසා කොල්ලන්ගේ  යම් කිසි පැසසුම් වලට පොර ලක් වෙන්න උනා . අවසන් කාලයේ 25% ක් සම්බන්ද  ගණිත ගැටළුවක් සම්බන්දවද පොරගේ ලොකු තර්කයක් හරහා කොල්ලන් අතර පොර  ප්රසිද්ද උනා.අපේ  කොල්ලොන්ට මෙන්න ජුන්නටත් කුප්පි  දාලා අපිව වගේම ජුන්නොත් ගොඩ දාන්න පොර ලොකු ගේමක් ගැහුවා. පොරට ඉතින් එනකොට තිබුණු ආදරයම තවමත් හිමියි.

ඊළගට ඉන්නේ ෂෙමිර.  උන්ගේ ගෙවල් කැලණියේ. තාත්තා මෝටර් රථ කාර්මිකයෙක්. අම්මා ගෘහනියක් මල්ලි කෙනෙක් ඉන්නවා. පොර මුල් අවුරුද්දේ  කොල්ලෝ එක්ක කතා බහක් තිබුනේ නැහැ. කාමරේට වෙලා පාඩම් කරපු එකෙක් . එත් පළමු වසරෙන් පස්සේ පොර ගොඩක් කොල්ලොත් එක්ක ෆිට් උනා. කොච්චර වෙනසක්ද  කියනවා නම් හිතා ගන්නත් බැරි තරම් ලොකු වෙනසක් පොරගේ උනා. උගේ කාමරේ හැමදාම හොදට පිළිවෙලට තිබුනා. ජුන්නගේ නොමද ආදරයට ලක් උන පොරට නයිටි අයියා යන සොදුරු නාමය ජුන්නගෙන් ලැබිණි .ඉතිහාසය සම්බන්ද දවස්, වර්ෂ උඩු යටිකුරු කරන්න ගිහින් පොර වරක්  අපහසුතාවයට ලක් උනා. තෙර්මෝ කුප්පි වලින් අපිව වගේම ජුන්නවත් ගොඩ දාන්න  පොර ලොකු උත්සහයක්  ගත්තා. උගේ උගැන්වීමේ රටාව ඉතා ආකර්ශනීයයි.  කැම්පස්  එන්න කලින් කරාටි ඇතුළු ක්රීඩා කිහිපයක් කරලා තිබ්බත් පිට්ටනියේ පොරව දැක්කේ නැතිම තරම්.එත් පොරගේ සිරුරේ හැඩය ඉතාම හොදින් පිහිටලා තිබුනා .  ඉදල හිටලා නැටුම් තෙල් වලට පොර නැබුරුවක් දක්වනවා. වගේ දවස් වලට දෙන ආතල් වලත් සීමාවක් නැහැ. හුන්නස්ගිරියේ කන්ද  කිහිපවරක්ම පොර තරණය කරලා තියෙනවා.

අපි ගියපු මළගෙවල් වලින් හොදම මළගෙවල් වලින් එකක් තමයි උන්ගේ ආච්චිගේ මළගෙදර. එක අමතක කරන්නම් බැ . අපිට උන්ගේ මළගෙදර ආරංචි උනේ හවස් වරුවේ ඉතින් අපේ රෙපාගේ  අහවල් ප්රදේශයේ සත්වයාගේ ඉක්මන්  කෝපය  නිසා ඉක්මනින්ම මල ගෙදර යන්න ඕනි උනා. ඉතින් අපිත් මළගෙදර යන්න සුදු පාටින් සැරසිලා ලක ලැස්ති වෙලා ගෙන්නලා තිබුණු බස් එකට නැග්ගා. දම් රැජින, මොනර කිරිල්ලි එකී කී නොකී බස් වලට නොදෙවෙනි බස් එකක් ඇවිත් තිබුනා. හැම තැනම ආලෝකයෙන් පිරිලා තිබුනා. හරියට එකත් නිකන් DJ එකක් තියෙන තැනක් වගේ. ඉතින් අපේ සැදැහැවත් පිරිස රිසි සේ සංගීතය වින්දනය කරමින් මළගෙදරට ගියා. මලගේදරදී අපිට ඉහලම ආගන්තුක සත්කාර  ලැබුනා. ඔන්න එකට මගේ හදපිරි මෙව්වා එක. දන්නා තරමින් පොරට මෙහෙට එනකොට කෙල්ලෙක් හිටියේ නැහැ. තවම  පොරට කෙල්ලෙක් නැහැ . 

නැවත අලුත් කොටසකින් හමුවනතුරු උබටත් මටත් ජය වේවා.

සලිත
පෙ 1 45
2019/01/19

6 comments:

  1. ආදරනීයයි... වසන්තය නිමා උනා... දිගටම කරපං අපේ මතකයන් අලුත් කරපං උඹට ජය...

    ReplyDelete
  2. කාගෙත් ඒවා ලියන එකේ ඔන්න මම හිතුවා මේ බ්ලොග් එක ලියන පොර ගැන වචන ටිකක් කියන්න.. මම මෙහෙම පටන් ගන්නම්..

    මේ කථා නායකයගේ නම සලිත.. ඉන්නෙ නම් බණ්ඩාරවෙල තාත්තා ගොවිතැන අම්ම නම් ගෘහනියක්.. ඔන්න උබේ වචන වලින්ම මම කිව්වා.. අවුලක් නෑනේ... මූ ගැන කියන්න නම් ගොඩක් දේවල් අපේ උන්ට ඇති. කොහේ හරි කොතන හරි ගොං කතාවක් කියනවනම් හෝ ගොං වැඩක් කරනවනම් සලිත කියන නම අනිවාර්‍යෙන් ගෑවිලා තියනවා ඒ මොකුත් නෙවේ මුගේ වැඩේ ෆෝන් එක ඔබ ඔබ ඉදලා අදාල නැති ගොං උත්තර දෙන එක. මේ බ්ලොග් එක ලියනකන් මම හිතුවේ නෑ මේව ලියන්නේ මූ කියල.. ඉතින් මුගෙ අහවල් ප්‍රදේශෙත් ඉත්තෑවෙක් දුවනවා ඒ වෙන මොකටවත් නෙවේ මෙයාගෙ ප්‍රියම්බිකාව බලන්න යන්න. මම දන්න විදිහට පන උනත් දෙන්න පුලුවන් කමක් මූට තියනවා... ආ... අමතක උනා එයගෙ එක්කෙනා මෙයාට කියන්නේ "ශලී බබා" කියලලූ.. අනේ මම නම් දන් නෑ ඔන්න රට්ටු කියන ඒවා තමා... එයා ඉන්නෙ ඔය අනුරාධපුරේ පැත්තේ තියන පිටිසර විශ්ව විද්‍යාලයක කියලා තමා අපිටනම් ශලී බබා කිව්වේ විස්තර නම් කෝමද දන්නේ නෑ... කැම්පස් ආව මුල් කාලෙ නම් මම හිතුවේ මූ හෙන දාර්ශනිකයෙක් කියලා ටිකක් කල් ආශ්‍රය කරනකොට තමා දන්නේ මනුස්සයගෙ හැටි. ආපු මුල් කාලේ ගයනු සයන්නයි නිකන් සයන්නයි අතර මතභේධාත්මක තත්වයකදී පොරගේ දායකත්වය ඉතාම ඉහලින් සින්නන්ට ලැබුනා.. සින්නෝ තෑගිත් දුන්නා.. පොරට තියනවා ඉතාම ලස්සන ඇගක් මම දන්නේ නෑ දෙවියෝ කොහොම මැව්වද කියලා. එක්කෝ දෙයියෝ මූව මවනකොට මවලා තියෙන්නේ කෑල්ල කෑල්ල... මොකද මූ ඇවිදින්නේ , අනේ මංද දන්නෝ දන්නවා... ඔන්න ඔය නිසා "එකලස්" කියන ආදරනීය නමත් වැටුනා කියලා තම පොතේ තියෙන්නෙ..

    කෝම කෝම හරි ෆොටෝ කේස් එකකට කොල්ලෝ අතර ගොඩක් ප්‍රසිද්ද උන චරිතයක් වගේම අපේ සුපුනා(ස්පූන්) ගේ අතිජාත මිත්‍රයා උනේද අපේ කතා නායකයාම තමා... ඇත්තටම මුගේ විනෝදාන්ශෙ තමා කාමරේ බැල්කනියට ගිහින් මල් කඩන එක. මම හිතන්නේ GPS ඒකට අගනා සහයක් දුන්නා. මොනා උනත් හිත හොද කොල්ලෙක් විදිහට බඹර ලන්තේ ප්‍රසිද්දයි... මදුවිත කටේ තියන් නැති අවංක ආදරේකට හිමිකම් කියන කොල්ලෙක්.. හ්ම්ම් මට නම් මේවා ලියන්න බෑ උඹට වගේ ඔන්න මම පුලුවන් විදිහට උඹ ගැන ලිව්වා...

    එහෙනම් මටත් ජය ඔබටත් වගෙ මටත් ජය...
    (UD)

    ReplyDelete
  3. උබත් උගෙ කජු ලෙල්ල දෑක්කද lol

    ReplyDelete