මම යන එන තැන්

Friday, September 25, 2020

වැඩපලේ චාරිකා 2

 


මුල් කොටස මිස් උන අය මෙතනින් රිංගන්න 


වැඩපලේ චාරිකා 1 


මල්ලි හොද සින්දු ටිකක් සෙට් කරගන්න ඕනි. ඔව් අයියා මන් ලිස්ට් හදන්නම්. බිනර වගකීම කෙලින්ම ගත්තා. මල්ලි උබ ඒවාට විචාර ටිකක් ලියන් වරෙන්කො. මෙව්වා නම් මට දාපිය දාපිය කියලා දා ගත්තු තොප්පි. බ්ලොග් එක ගැන අසංක අයියට කිව්වේ අපරාදේ කියලා හිතෙන්නේ වේලාවට. අසංක අයියා ටිකක් අඩුවෙන් කතා කරන හැමවෙලේම මීටරෙන්  ඉන්න අයියා කෙනෙක්. ඕනිම වැඩක් අසංක අයියා විනාඩි 10 න් ගොඩ දානවා. අනම් මනම් වලින් කතාවත් අමතක වෙනවා. විචාර කියවන්න සෙට් උනේ චාමර අයියට. චාමර අයියට හොදට කතා කරන්න පුළුවන්. චාමර අයියට හොදට වගේ වැඩ පුළුවන්. කොටින්ම කිව්වොත් සෙල්ලම් ගෙදර පවා හිටපු නළුවෙක්. තිබුණු වැඩ කන්දරාවේ හැටියට මට විචාර ලියන්නත් බැරි උනා. කොටින්ම කිව්වොත් වගේ  දෙයකට මගේ දශමයකවත් දක්ෂතාවක් නැහැ. ගමනේ අන්තිම මොහොතේ අනුර අයියට මල ගෙදරක් කියල එන්න බැ  කිව්වා. අලුත් පිරිසක් එක්ක යන්න තියෙන ගමනක් නිසා කෙසේ කොහොම වෙයිද කියන තැති ගැම්මෙන් තමයි මම කලින් දවසේ නින්දට ගියේ. සුපුරුදු පරිදි  6 00, 6 05, 6 10, 6 15 ආදී වශයෙන්  එලාම් තියා ගත්තේ මගේ නින්ද ගැන මටම තිබුණු අවිශ්වාසය නිසා.

 

උදේ පාන්දරින් යන්න ගමන ලෑස්ති වෙලා මන් එලියට බැස්සා. ගේට්ටුව ලගට යනකොට මල ගෙදරක් තිබ්බ පොරත් මෙන්න ගේට්ටුව ලග. මල ගෙදර සීන් එකේ හිටපු පොර මේ කොහෙද? මුන් ට්රිප් මිස් කරන්න ගහන බොරු මට හිතුනෙම එහෙම. අයියා අද වැඩද? නැ මල්ලි ට්රිප් එකක් යනවා ඔයා ගෙදර යනවද මමත් ට්රිප් එක යන්න ඉන්නේ. තොරතුරු සන්නිවේදයේ දුර්වලතය තමයි ඉතින්. දෙන්නම එකම ට්රිප් එක ගියාට යන සාමාජිකයන් කවුද කියලවත් දෙන්නේ නැහැ. කතිකා කර ගත්තු විදිහට කාර් දෙකක් ආවා. කතිකා කර ගත්ත විදිහටම ඒවාට කට්ටිය ගොඩ උනා. අවිශ්කව මගින් ගන්න හිටියේ. අනුව අවිශ්ක අනිත් කාර් එකට නැග්ගා. අසංක අයියත් මගින් ගන්න හිටියේ. අසංක අයියා එන්න හිටියේ අනිත් කාර් එකේ. මුලින්ම අසංක අයියා ඉන්න තැනට ගියේ අපි. චාමර උබ අරකට පලයන් උබේ එකෙනි එනවා කිව්වේ. පලයන් #$$%&.  වැඩේ වෙන්නේ නැති තැන මල්ලි උබ අරකට පලයන්කෝ.  ජේස්ටත්වයට ගරු  කිරීම කියන හැගීම උඩ මම අනිත් කාර් එකට යන්න තීරණය කරා.

 

අසංක අයියත් ගත්තට පස්සේ ආයේ ගමන පටන් ගත්තා. කාර් එකේ ඉන්න දෙන්නෙක්  මට දැක්කෙත් එදාමයි. නිසා වැඩි කතාවක් නැතිව යන්න තීරණය කරා. ඔහොම යනකොට උදේට කන්න කඩයකට යන්න ඕනි උනා.පාරේ දෙපැත්තේ කඩවල් පීර පීර  ගිහින් එක කඩයක් ලග නතර කරා. ඉදි ආප්ප, කිරි බත්, බත්, පාන් එකී කී නොකී ගොඩක් දේවල් එතන කන්න තිබුනා. තැනත් සුපිරි. කන්න කලින් ගණන් අහන්න එකෙක්ට  ඔලුව තිබුනා. නිසා බිනර බේරුනා. ලොකු ලොකු වාහන වලින් ගිහින් ගණන් අහලා සල්ලි නැති කමට ආපහු හැරිලා එන්නත් උනා. කැම්පස් කාලේ නම් අනන්තවත් එහෙම වෙලා තියෙනවා. හාෆ් කොත්තුව දෙන්නෙකුත්  කාලා තියෙනවා. ලගම තිබුණු වෙන  කඩයකින් අපි කෑම ගත්තා. ආයෙත් ගමන පටන් ගත්තා.

 

ගමන අතරතුර භාතිය සන්තුෂ්, උමාරියා සින්හවංශ, රූකාන්ත ගුණතිලක වගේ ගායකයින් ඇවිත් අපේ ගමන් මහන්සිය නිවා දැම්මා. කට්ටිය කතා උනෙම බයික් ගැන. ඒවගේ පිස්ටන් මෙහෙමයි, ඉන්ජිම මෙහෙමයි අනම් මනම් ලොකු කයියක්.  mechanical කරපු සෙට් එකක් මැද  electrical කරපු මම අසරණ උනා. අර අර බයික් එක දැක්කද ඕක තිබ්බේ කළුතර දැන් මෙහෙට ගෙනල්ලා. ඕක විකුණුවේ හතර  හමාරට දැන් පොර එක දෙන්නේ පහයි විස්සටලු. ඔහොම පාරේ දකින දකින වාහන ගැන කතා වෙන්න ගත්තා. පොර කලින් බුද්ධි අංශේ වැඩ කරන්න ඇත්තේ. ඔය තරම් විස්තර බුද්ධි අංශේ අයවත් දන්නේ නැතුව ඇති. ඔය එක්ක නොදැනීම  නුවරට කිට්ටු උනා.

 

ඉතිරි විස්තරේ වෙලාවක් හම්බ උන ගමන් ලියන්නම්. එතකන් ඔබටත් මටත් ජය.

 

ලි

 

මෙහි එන නම් ගම් චරිත සියල්ල මනක්කල්පිතයි.

 

සලිත

2020.09.22

9 41


2 comments:

  1. මනක්කල්පිත චරිත එක්ක ට්‍රිප් යනකොට ඔහොම වෙනවා :)

    ReplyDelete
    Replies
    1. මගේ මුල්ම ගමන නිසා එහෙම උනේ

      Delete