මුල කොටස් මග හැරුණු අය පහලින් රිංගන්න.
ගමන අතරතුර මේ මල්ලි ඉල්ලගෙන කාපන් බන් අඩන්න ඕනි කිරි එරෙන්න. මන් එච්චර බොලද විදිහට ගමනට සෙට් වෙලා හිටියේ. මම කොහොමත් කතා බහ කරන්නේ අඩුවෙන්. කතාවෙන් කතාව නුවරට ගියා. නුවරට ගියාම දැනෙන හැගීම හරිම අමුතුයි. වැව රවුම දළදා මාලිගාව හිතට ගේන්නේ අමුතු හැගීමක්. වාහන නතර කරන්න තැනක් හොයාගන්නත් ටිකක් අමාරු උනා. පාරේ තිබුණු පුංචි ඉඩක වාහන නතර කරලා මාලිගාව බලන්න යන්න පිටත් උනා. වැව රවුමේ දකින දකින තැන ජෝඩු. දවසක සසියත් එක්ක යන්න ඕන. නිදහස් පරිසරයත් එක්ක කෙල්ලත් එක්ක කයියක් ගහන්න නියම තැනක් එතන. නිදහස් කතාබහින් පිට පනින්න ඕනීම නම් ඒවටත් පහසුකම් නගරය ඇතුලෙම තියෙනවලු.
අඩේ අර මාලු. සුරතල් මසුන් ගැන අමතර දැනුමක් එතනින් මගේ ජීවිතේට හම්බ උනා. එකම තැනින් ගන්න එපා අපෙමුත් ගන්න කට්ටියම එකතු වෙලා ලොකු එකක් ගන්න එන්න මහත්තයා එන්න. මල් පොරයෙන් මල් වට්ටි දෙකකුත් අරගෙන අපි මාලිගාව ඇතුලතම අපි ගියා. හැම ආගමික ස්ථානයක් ලග මල් පොරයක් නම් තියෙනවා. දළදා මාලිගාවේ ඉදන් ආගමික කටයුතු හමාර කරා. පඩිය වැඩි වේවා ඉන්ක්රිමන්ට් ලැබේවා මම දියුණු වේවා අනිත් උන්ද දියුණු වේවා ඔය මන් හිතපු පටපු දේවල් වල සමරිය.
ඊට පස්සේ අපි ගියේ කෞතුකාගාරයට. අපිට තිබුනේ කොහොම තත්වයක්ද දැන් අපි ඉන්න කොහොම තැනකද කියලා හිතුනේ එතනට ගියාම. හරියට බලනවා නම් දවසක් දෙකක් එතන බලන්න දේවල් තියෙනවා. ගමනේ අන්තිම අසංක අයියට ශරීර බර නිදහස් කර ගන්න උවමනාවක් ආවා. එත් එක්කම උවමනාව තිබුනත් එක අමතක වෙලා තිබුණු අනිත් අයටත්
උවමනාව ඇති උනා. මුලින් මුලින් ගිය අය කාර්යය නිසි පරිදි කරගෙන ආවා. ඔන්න ඔතන එකෙක් කකුලේ ඇගිලි
ඉස්සිලා වැඩේ කරනවා බලනකොට හේතුව උස මදිකම. පස්සේ පස්සේ කට්ටිය හොද හොද විදි ක්‍රම ඒ සදහා යෝජනා කරා. සංසාරයේ කිසිම ආත්මයක කොට එකෙක් වෙලා නොඉපදෙවා. ඊට පස්සේ අපි ගම්පොල අපේ නවාතැනට යන්න පිටත් උනා. ඔය යන අතරමගත් එක එක ගායකයන් ඇවිත් අපිට උනා. අනිත් කතාවලුත් එහෙමම උනා. යන අතර මගදී පේරාදෙණිය කැම්පස් එක ලගමුත් ගියා. පෙරේ ගියපු කෙනෙකුත් හිටියා. එයා යන ගමන් කැම්පස් එකේ විස්තරේ කියන් ගියා. ඇත්තෙන්ම ඒ වගේ පරිසරයක ඉගෙන ගන්න ලැබීමක් එක්තරා විදිහක වාසනාවක්.
" හන්තානට පායන සඳ අපට නැත
ජපුරේ වගේ එකට තුනක් අපට නැත
කොලබ වගේ හැඩ පොස් බඩු අපට නැත
බීල ගත්තු ආතල් නම් ඒමට ඇත"
අපගේ වාසනාවන්ත බව ගැන කියවෙන කවියක්.
නවාතැන් පළේදී ඇතිවිය හැකි දුක් දොම්නස් දුරු කරන්න කියලා වැස්සේ තෙමීගෙන ගිහින් භක්තියෙන් වීදුරු පැණි බීම බෝතල් කිහිපයකුත් අර ගත්තා. ගූගල් මැප් දෙවියාට, දේවියට පින් සිද්ද වෙන්න අපි අතරමන් නොවී තැන හොයා ගත්තා. තරංග අයියා එතනට ඇවිත් තිබුනා. නවාතැන තිබ්බේ ලස්සන කන්දක. හොටෙල් එකට ගියාම පට්ට වීව් එකක් තිබ්බේ. දවසම ඇවිදලා අපි කට්ටියම හිටියේ මහන්සියෙන්
බඩගින්නෙන්. අරන් ගියපු බැග් කාමර වලට දාල අපි ඉක්මනින් කන්න සෙට් උනා. හුග කාලෙකින් ගෙදර විදිහට කෑම වේලක් මට කන්න හම්බ උනා. ගෙදර තියෙන්නේ ගොඩක් ලග නිසා මම ගෙදර යන්නේ මාසයට වතාවයි. සති අන්තේ නිවාඩු තිබුනත් සිකුරාදා හවස කියන්නේ මට මුස්පේන්තු හවසක්. ඒක කොහොමද බලන්න බිත්ති හතරක් ඇතුලේ කොටු ඕනි. එත් ඒ ජිවිතයට දැන් හුරු වෙලා. ඒවා ගැන ලියනවා නම් පොස්ට් එකක් දෙකකුත් මදි වෙයි. කතාවෙන් කතාව කතාවත් අමතක වෙනවා.
කෑම කන අතරේ අසිත අයියත් අපි ඉන්න තැනට ආවා. අසිත අයියා එක්ක එයාගේ බිරිදත් ඇවිත් තිබුනා පුංචි මහිතත් ආවේ ඒ වාහනයෙමයි. මහිත නුවර පැත්තේ ඇවිත්ම තිබුනේ නැහැ. වංගු සහිත පාරවල් පොරට අලුත්ම අද්දැකීමක්.
කට්ටිය කෑම කාලා පූල් එකට සෙට් වෙන්න ගියා. බිනරගේ ගිටාර් එකේ සංගීතයට කට්ටිය සින්දු කිව්වා.
වලාකුළු බර උන අහසත් එක්ක පූල් එකක් ලග සින්දු කියන එක අමුතුම ආතල් එකක්. ඒ ආතල් එක වැඩි කරන්න වයින් එකයි බියර් එකයි එලටම ගැලපුනා. එකා දෙන්නා පූල් එකට බැස්සා. දැන් ඔක්කොම පූල් එකේ. මහිත හැරෙන්න අනිත් ඔක්කොම පූල් බැස්සා. "ඒ මල්ලි අර ලයිට් කණු වලින්" ලස්සන කදු පන්තිය උනාට එක මැදින් CEB කරන්ට් ලයින් එකක්. electrial මම තනි උනා.
electricity board ට්රේනින් හිටපු නිසා වැඩේ ගොඩ දා ගත්තා. කට්ටිය එක එක දක්ෂකම් පෙන්වන්න ගත්තා.පිහිනුම් තරග පීනන්න බැරි උන් ඇවිදින තරග ඒවත් තිබ්බා. වතුරේ පා වෙන එකත් කට්ටියගේ ආතල් එකක්. එකෙක්ගේ
වතුරේ පා වෙනකොට බඩ විතරක් වතුරෙන් උඩ. තවත් පොරක් වතුරේ පා වෙනකොට බඩට අමතරව තව දෙයක් පා උනා. සංකෝචන නියම පරාදයි. උඩුකුරු තෙරපුම් නියම ඒවා එක්කෝ ඕනි නෑ . වයසින් කොච්චර මුහුකුරා ගියත් අපි ඔක්කොම තවම පොඩි උන් කියල වැටහෙන්න මට වැඩි වෙලාවක් ගියේ නැහැ . ටික වෙලාවකින් ආපු වැස්සෙන් කට්ටියගේ පූල් ආතල් ඉවර උනා. සමහර උන්ගේ ඇස් නම් තිබ්බේ කිතුල් ගහට. එත් එක බොද උන සිහිනයක්.
ඉතුරු ටික විවේකයක් ලැබුණු ගමන් ලියන්නම්.
මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිතයි.
සලිත
2020.09.30
ප ව 8 11
+++++++
ReplyDeletethank you
Delete