මම යන එන තැන්

Saturday, October 24, 2020

වැඩ පලේ චාරිකා අවසන් කොටස

 


කලින් කොටස් මග හැරුණු අය පහරින් රිංගන්න


වැඩ පලේ චාරිකා 3 


පූල් ආතල් එක එහෙමම ඉවර උනා. ඊට පස්සේ කට්ටියම නවාතැන් පලේ කාමර වලට ගොඩ වැදුනා. සමහරු පොඩි පොඩි කල්ලි හදා ගෙන පොඩි පොඩි සාකච්ඡා. වැස්සත් එක්ක ආපු සීතල හැගීම තව තවත් මෙව්වා කරගන්න සමහර උන් දුම් බිව්වා. කතාවෙන් කතාව බියර් එකේ පවර් එක ලොස් වෙනවා කියල තේරුනාම කට්ටිය ආයෙත් බෝතල් කිහිපයකට වට උනේ බිනරයාගේ වාෂ්ප දුම් ඌරු  මස් බයිට් එකත් එක්ක. එක උගේම නිපැයුමක්. කෙමින් කෙමින් බෝතලය දෙක කැඩුනා. එක්ක ගිටාර් පාරක් එක්ක සින්දු ටිකක් ලස්සනට සෙට් උනා. ගූගල් දෙවියන්ට පින් සිද්ද වෙන්න සින්දු වල පද පේලි හොයාගෙන ලස්සනට වැඩේ කෙරුනා. වැඩේ යන අතරතුර හම්බ උන සොසේජස් බයිට් එකත් සුපිරියටම සෙට් උනා. එක්කම සින්දු සෙට් එකත් හොදට ගියා. පාසල් ජීවිතය විරහව ආදරය ඔය වගේ කී නොකී ආකාරයේ  හැම තැනක්ම වගේ ඒ සින්දු සෙට් එකෙන් ආවරණය උනා කිව්වොත් නිවැරදි. කට  වල තිබුණු මිහිරිබව නිසාවෙන් අල්ලපු ගෙදරින් පොඩි උදල්ලල්කුත්  අපිට දැම්මා.  මන් හිටපු පාටි වලින් දේශපාලය ගැන කතා නොකරපු එකම තැන මෙතන වෙන්න ඕනි. ඇති තරම් සින්දු කියලා එදා නින්දට යනකොට රැ 1 විතර උනා. අන්තිම වෙනකන් ඉතුරු උනේ කිහිප දෙනයි. අනිත් උන්ට වැඩි වෙලා  මගදී හැලිලා ගිහින්. කැරකෙන සිවිලිමක් දිහා බලාගෙන එදා රැ නින්දට ගියා. පහුවදා උදේ නැගිටිනකොට උදේ 9 30 විතර ඇති. කට්ටියක් උදෙන්ම ඌරු  මස් එක්ක රොටි කන්න ගියා. කම්මැලිකම නිසාම ගොඩක් උන් ඒ ගමනට සෙට් උනේ නැහැ. ගිය උන්ටත් අමතර කැලරි දහනයක් උනා මිසක උන් කාපු රොටියක් නැහැ.

 

උදේ කෑමට හදල තිබුනේ ඉදි ආප්ප. ඒවා ඉක්මනින් අතුරුදහන් උන නිසා හොටෙල් එකේ අයට තවත් කෑම හදන්න උනා. ටිකෙන් ටික වෙලාව ගත උනා. අපේ උන්ට යන්න කිසිම හිතක් නැහැ. ඉදල ඉදල දවල් දවල් 11 වගේ එතනින් පිටත් උනා. ඊළගට කට්ටිය යන්න ගියේ ගගකින් නා ගන්න. ගමනට නම් ගූගල්  දෙවියන්ට පිහිට වෙන්න බැරි උනා. අපි ඉතින් පුරුදු විදිහට ගමේ ඉන්න අයගෙන් අහල බලලා තැන හොයා ගත්තා. හරිම නිස්කලංක පරිසරයක්. පොට් එක තිබුනේ කොත්මලේ පවර් ප්ලාන්ට් එක කිට්ටුව. පාරේ වාහන ටික නතර කරලා කට්ටිය ගග පැත්තට ගියා.  ගග තිබුනේ බෑවුමක. මුලික ස්ථානීය පරීක්ෂණයකින් පස්සේ එතන නා ගන්න කතිකා කර ගත්තා. නා ගන්න නම් සුපිරිම තැනක් එතන. වැඩිය මිනිස්සුත් නැති සුපිරි තැනක්.

 

එතනම තිබුණු පොඩි කඩයකින් කට්ටිය රොටි එක්ක තේ එකකුත් බීල ගග පැත්තට ගියා.කට්ටියම බිම බදාගෙන ගගට බැස්සා. සුපිරි සීතල වතුර. ටික වෙලාවක් වතුරේ ඉන්නකොට හැංගිලා තිබුණු බියර් බෝතල් ටිකකුත් එලියට ආවා. සීතල වතුර වැහිබර කාලගුණය ඔක්කොම එක එකක් එලටම ගැලපුනා. ඔය අස්සේ චාමර අයියා ගලක් දිදේ රුටලා පස්ස සුමට කරගත්තා. ටික වෙලාවක් යද්දී  වැස්සක් කඩා පාත් උනා. එක්කම කට්ටියක් ගගෙන් උඩට ගියා. එත් අපිට යන්න හිත දුන්නෙම නැහැ. කට්ටිය වැස්සේම සින්දු කියන්න ගත්තා. වැස්ස කිව්වට මේක සුපිරි පිනි වැස්සක්. පොඩි වෙරි ගතියක් තිබුණු නිසාම සින්දු කිව්වා නෙවෙයි සින්දු පැලුවා. දුම දාන උන්ට ලොකු ප්රශ්නයක් ආවා ගින්දර හොයා ගන්න විදිහක් නැතිව. යාන්තමින් එක ගිනි කුරක් පත්තු උනා. එකෙන් එකෙක් එකක් පත්තු කර ගත්තා.කට්ටියම සින්දු ආතල්  එකේ හිටපු නිසා දුම පස්සේ දිව්වේ නැහැ . නිසා එකක් පත්තු කරපු  පොරට දුම් කොච්චියක්ම අදින්න උනා.ඔය එක්ක වැස්ස ටිකක් අඩු උනා. නිසා කොල්ලෝ ටික ආයෙත් වතුරට බැස්සා. දැන් කට්ටිය සින්දු කියන්නේ වතුරේ ඉදන්. කොහොමත් පැය තුනක් හතරක් වගේ සින්දු කිව්වා. වෙලාව යන නිසාවෙන් කට්ටිය සින්දු කියන එක නතර කරා. අන්තිමට කියපු සින්දුව නම් නොකියත් බැහැ .

 

" අපි කියනවා දෙවියන්ට අපේ .... ආයතනය රැක දෙන්න

අපි කියනවා දෙවියන්ට අපේ කොල්ලෝ ටික රැක දෙන්න

අපි කියනවා දෙවියන්ට තව තව ආතල් සෙට් කරලා දෙන්න

අපි කියනවා දෙවියන්ට.......................................

.........................................

අපි කියනවා දෙවියන්ට අපේ පඩි ටික වැඩි කරලා දෙන්න"

 

ඔය අන්තිම පදය කට්ටිය අහස දිහා බලාගෙන හරිම හැගුම්බරව තුන් පාරක් විතර කිව්වා. ඉතින් දෙවියන් දිහා බලාවි.  ඔතනින් ආතල් ඉවර කරලා දවල්ටත්  අතන තිබුණු පොඩි කඩයෙන්ම කට්ටිය කෑම කාලා ආයෙත් කොලබ එන්න පිටත් උනා. එන ගමන් කට්ටිය ඊලග චාරිකාව විල්පත්තුවට කතිකා කර ගත්තා. රටේ තියෙන තත්ත්වෙත් මුදල්  පසුම්බියේ තත්ත්වෙත් එක්ක තවම නම් ගමන යන්න බැරි උනා. සියල්ල හොදින් විසදී රටත් යහපත් වෙලා කොරෝනත් තුරන් වෙලා අපිට සුපිරි පඩි හම්බ වෙලා ඊලග ගමන ගැන ඉක්මනින්ම ලියන්න හැකි වේවා.  ඔයාලත් එහෙමම හිතන්න එතකොට ඉක්මන් ප්රතිපලයක් දෙවියන් අපිට අරන් දේවි. එහෙනම් ආයෙත් ලියනකන් ඔබටත් මටත් ජය වේවා.

 

මෙහි එන නම් ගම් චරිත සියල්ල මනක්කල්පිතයි.

 

සලිත

24.10.2020

10 12


2 comments:

  1. උරු මස් එක්ක රොටි කන එක ලනක්වේ සීන් එක්ක වගේ , අපි ඉස්සර කෑවේ ලුණු මිරිස් එක්ක , මම කැමති හරක් මස් එක්ක කන්න

    ReplyDelete
    Replies
    1. එක ට්‍රෙන්ඩ් එකක්

      Delete