මම යන එන තැන්

Sunday, April 10, 2016

අහිමි පෙම 4 {අවසාන කොටස}



3 කොටසට මෙතනින්

කෙල්ලෝ රණ්ඩු උනත්, උනේ කෙල්ලෝ ඔක්කොම එක පැත්තක් අරගෙන චලනිට බනිනවා . වෙලාවේ කොල්ලෝ ටික ගැටුම බේරුවා. එත් බිනුරගේ හිතට අවුල්. බිනුර ඔක්කොම දේවල් තනියම කරපු එකෙක්. නිසා පොර කාටවත් එක කිව්වේ නැ. ඉස්කෝලේ ඉවර වෙන නාදය ඇහෙනකන් බිනුර බලාගෙන හිටියේ.

"චලනි මොකෝ අද අවුල"

"බලන්නකෝ බිනුර ඔක්කොම මට බනිනවා" එයාගේ කදුළු බින්දු එකක් දෙකක් වැටුනා.

" මොකටද "

"අර ලැබ් එකේ පුටුවක කතාවක් හලෝ එකට එයාල මට බනින්න ඕනිදපැත්තකින් විනයට අදිපති ගුරුපියනන් එනවා බිනුර දැක්කා.

"චලනි බඩා එනවා ඔය කදුළු පිහදාගෙන යමු"

"හරි බිනුර ඔයා යන්න ඔය මගෙන් මෙහෙම අහපු එකක් ලොකු දෙයක් මට"

බිනුර බඩා බැන බැන එදා ගෙදර ගියේ හරිම දුකින්. කාලයේ  බිනුර ටිකක් පන්තියේ පිටි පස්සට ගියා. 1 වෙනියා ගත්ත කොල්ල 2 වෙනියා දක්වා පිටි පස්සට ගියා.එත් පොර වැඩේ අතහැරියේ නැ.පොර එත් අහන්න කල් දැම්මා උසස් පෙළ නිසා. දවසින් දවස කල් ගියා ඔක්කොටම හොරෙන්. ඉස්කෝලේ එන ළමයින් ගණන දවසින් දවස අඩු උනා. බිනුරට අහන්න ගියේ  චලනිට නොන්ඩි නොවන විදිහට අහන්න. ඒකට දවසක් එනකන් බිනුර බලාගෙන හිටියා.

"බිනුර ඔයා දිගටම ඉස්කෝලේ එනවා නේද"

"ඔයා දිගටම එනවද?"

"ඔව් මම නම් දිගටම එනවා"

"මමත් දිගටම එන්න ඉන්නේ

බිනුර එහෙම කිව්වට පස්සේ පුදුම සතුටින් ඉදලා තියෙන්නේ. කොහොමත්  දිගටම ළමයි ඉස්කෝලේ    එන්නේ නැති නිසා බිනුර හිතාගෙන තියෙන්නේ තව ටික කාලයක් ගියාම ගැන අහන්න. එහෙම හිතා ගෙන කාලයක් ගියා. එත් බිනුර උසස් පෙළ නිසා තවත් වැඩේ කල් දැම්මා. අන්තිමට බිනුර අහන්න දවසක් දා ගත්තා. උසස් පෙළ අවසන් වෙන දවස.

"චලනි පොඩ්ඩක් ඔයාට කතා කරන්න පුලුවන්ද"

"අනේ කියන්න හලෝ"

"ඔයාට boy friend කෙනෙක් ඉන්නවද?"

"බිනුර....."

"ඔයා මට කැමතිද?"

"පිස්සුද ඔයාට"

බිනුරට ලැබුන උත්තරය එක.ටික කාලයක් ගියාට පස්සේ චලනි ආයේ බිනුරගේ මුණ දිහාවත් බැලුවේ නැ.

"බිනුර අපිට බලාගෙන ඉන්න බැ. අපිත් ආව බීම බොන්න"

"චලනි මේ ඉන්නේ සලිත. මගේ හොද යාලුවෙක්"

එදා හොදට බිනුර කතා කරත් බිනුරගේ හිතේ තාම චලනි ගැන අදහසක් ඇති.

බිනුරගේ අහිමි පෙම කොටස් 4 කින් ලිව්වා. කතාවත්  එක්ක දිගටම හිටපු අයට තුති.

/////සිත සසල කල රුවට පෙම් බැන්ද වරදින්

හිත ඈත ගව් ගණන් දුරගිහින් රහසින්

යලි නොයෙන සොදුරු සමනලිය වෙනුවෙන්

මතක පොත දිග හරිමි අද මෙමා තනියෙන්/////

සලිත.
2016-04-10

. 3:20 

6 comments:

  1. ලස්සනයි. කොටස් ඔක්කොම කියෙව්වා . තවත් ලස්සන කතාවක් ඉක්මනටම ලියන්න ....

    ReplyDelete
    Replies
    1. බොහොම තුති. ලගදීම ලියන්නම්කො.

      Delete
  2. මට පෝස්ට් කීපයක්ම මගඇරිලා වගේ.... ජය වේවා මලේ !!!

    ReplyDelete
  3. ලස්සන කථාවක්....

    ReplyDelete
  4. කතාව කියවන් යද්දි මට නිකන් කතානායකය පැටලුණා වගේ... අකුරු වල අඩුපාඩු ටික හදාගන්න සලිත. දිගටම ලියන්න. සුබ පැතුම්

    ReplyDelete
  5. තව එකක් ලියපන් මචෝ

    ReplyDelete