මම යන එන තැන්

Wednesday, March 2, 2022

මතක 2

 



විඩාපත් නෙතු පියන් සනහා
මුදු සුළං රැලි නැගඑන
පපුතුරෙන් නික්මෙන සුසුම් රැල්
බිඳෙන රැළි හා දැවටෙන
ගිනියමේ ලොව දවාලූ හිරු
මොහොතෙදී සැගවී යන
අහස් තලයේ පාට තැවරෙන
විටයි හවසත් ලස්සන...

කවි සිතුවිල්ල කල්හාර සිරිවර්දනගෙන්

2022 02 09
ප.ව 2 50

Wednesday, February 9, 2022

මතක

 


දෑත් පටලා දෑස් මානේ
සිනහවන් මුව කැන්දන
විඩාබර වූ හිතේ දැවටෙන
සිහිල් පවනැල්ලක් උන
චණ්ඩ දියරැලි මතින් දියඹේ
ඇදෙන්නට වීරිය උන
සදුට තරුසේ තනිය මැකුවේ
නුඹයි තුරුලේ හිදගෙන.....

කවි සිතුවිල්ල කල්හාර සිරිවර්දනගෙන්

2022 02 09
ප.ව 4 05



Friday, January 15, 2021

සමනලවැව Dam එක

 



ගිය සතියේ පොස්ට් එකෙන් ජල විදුලි බලාගාර වර්ග කිහිපයක් ගැන සාකච්ඡා කරා. අද ඉදන් ජල විදුලි බලාගාර වල කොටසින් කොටස විස්තර කරන්නම්. අපි මුලින්ම මුලික කොටස් ටික අදුරා ගනිමු.




 

ඉහල රුපයේ කොටස් සියල්ල හොදින් පෙන්වලා තියෙනවා. ආයෙත් අමුතුවෙන් ටිකේ නම් කියන්න ඕනි වෙන්නේ නැහැ. මුල්ම කොටස හැටියට reservior එකයි dam එකයි විස්තර කරන්නම්. මේ විදිහට reservior එකක් ඕනි වෙන්නේ ඇයි? සාමාන්යයෙන් අවුරුද්දේ හැම කාලෙම වගේ වර්ෂාව නැහැ. මුලික වශයෙන් අවුරුද්ද පුරා විදුලිය සපයන්න ඕනි ජලය රැස් කරගන්න එක තමයි reservior එකකින් බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට reservior එකක් හදන්න කලින් ගොඩක් නිර්ණායක පිලිබදව සලකා බලන්න ඕනි ඒවා එකින් එක පහලින් දක්වන්නම්.

 

1. ජලය හොදින්ම පවතින ප්රදේශයක් වෙන්න ඕනි. කියන්නේ හොද පෝෂක ප්රදේශයක් වෙන්න ඕනි. ලංකාවේ නම් සමනලවැව මේ අවශ්යතාවය හොදින්ම සපුරාලන බලාගාරයක්. හේතුව ලංකාවට එන ප්රධාන මෝසම් වැහි දෙකෙන්ම සමනලවැව පෝෂණය වීම.

 

2. ඉතා විශාල ජල පරිමාවක් ගබඩා කිරීමට හැකියක්වක් තියෙන්න ඕනි. ඊට අමතරව හොද head එකක් තියෙන්නත් ඕනි .ජල විදුලිය නිපදවන්න යොදා ගන්නේ ජලයේ විභව ශක්තිය. හරිම පරිවර්තනය නම් විභව ශක්තිය චාලක ශක්තිය බවට පත් වෙලා චාලක ශක්තිය විද්යුත් ශක්තිය බවට පරිවර්තනය වීම. ඉතින් ජලයේ විභව ශක්තිය හොද මට්ටමක තියෙන්න නම් හොද head එකක් ඕනි.

 

3. භුමියේ පිහිටීම භුමියේ පාෂණ වල සංයුතිය ඔය වගේ දේවල් පිලිබදවත් සලකා බලන්න ඕනි. reservior එකේ stability එක ඔය කාරණාව මත රදා පවතිනවා කිව්වොත් සාදාරනයි. මීට අමතවරව dam එක පිලිබදවත් හරි තීරණයක් ගන්න මෙන්න ඉහත දක්වපු කරුණු වැදගත් වෙනවා.

 

4. reservior එකේ ඉදන් power house එකට තියෙන දුර ගැනත් සලකා බලන්න ඕනි. ඊට අමතරව reservior එක ලග තියෙන යටිතල පහසුකම් පිලිබදවත් සලකා බලන්න ඕනි.

 

ඔය වගේ කියපු නොකියපු ගොඩක් සාධක පිලිබදව මෙහිදී සලකා බලනවා. ප්රධාන වශයෙන් reservior වර්ග දෙකක් තියෙනවා. එකක් ස්වභාවිකව පවතින ඒවා. කදු මුදුන් වල පවතින ස්වභාවිකව හැදුනු  ජලාශ මේ සදහා උදාහරණ ලෙස ගන්න පුළුවන්. ඊලග වර්ගය කෘතිමව හදන reservior. කෘතිමව reservior එකක් හදන කොට එක්කම dam එකකුත් එනවා. සාමාන්යයෙන් මෙහෙදී ගලන ගගක් හරස් කරලා dam එකක් බැදලා වතුර එකතු කරගන්න එක මුලික වශයෙන් සිදු කරනවා. dam එකක් හදනකොට ගග ඇත්තෙන්ම ගලන පැත්තෙන් හරවලා යවන්න සිද්ද වෙනවා. සරලව කියනවා නම් dam එක හදන area එක හරහා වතුර ගලන එක dam එකේ ඉදිකිරීම් කටයුතු වලට  බාධාවක් නිසා ගගේ වතුර dam එක හදන area එක bypass කරලා යවනවා. මේකට වෙනම උමන් මාර්ගයකුත් හදනවා. මෙන්න මේ උමන් මාර්ගයට diversion tunnel කියලා කියනවා. ජල විදුලි බලාගාරයක වටිනාම සහ වියදම් අධිකම කොටස ලෙස මේ dam එක සලකන්න පුළුවන්.




dam එක හදන්න කොන්ක්රීට්,පස් හෝ ගල් යොදා ගන්න පුළුවන්. ගොඩ නැගීමේ ද්රව් පාරිසරික තත්වයන් මට රදා පවතිනවා. මෙහෙම හදන dam වර්ග කිහිපයක් තියෙනවා.

 

1. Solid Gravity Dam

2. Arch Dam

3. Butteress Dam

 

Spillgates කියන්නේ dam එකක තියෙන වැදගත් කොටසක්. සාමානය භාවිතයේදී සොරොව්ව කියන්නෙත් මේකටම තමයි. ජලාශයේ වතුර වැඩි වෙන අවස්ථාවක අමතර වතුර ඉවත් කරන්න spillgates භාවිතා කරනවා. automated වගේම manual spillgates ලෝකයේ පවතිනවා. මේවට අමතරව මඩ සොරෝව්වකුත් සාමන්යයෙන් dam එකක තියෙනවා. ඕනෑම ජලාශයක එකතුවෙන වතුරේ මඩ අංශු පවතිනවා. කාලයත් එක්ක මේ මඩ අංශු ජලාශ පතුලේ තැම්පත් වෙනවා. ඉතින් හේතුව නිසා ජලාශයේ ජල පරිමාවට මේ හේතුවෙන් යම් කිසි සැලකිය යුතු බලපෑමක් ඇති වෙනවා. ඉතින් මේ එකතු වෙන මඩ ඉවත් කරන්න මඩ සොරෝව්වකුත් සාමන්යයෙන් dam එකක පවතිනවා. ඊට අමතරව dam වල වාරිමාර්ග සොරෝව්වකුත් තියෙනවා(irrigation gate). කෘෂි කර්මාන්තයට අවශ් ජලය සැපයීම මෙහි මුලික අරමුණ වෙනවා. dam එකෙන් බලාගාරයට අවශ් ජලය සපයන ස්ථානයට main intake කියල කියනවා. එතන mesh එකක් තියෙනවා.  ජලාශයේ තියෙන ලී කොටන් වගේ අනවශ් දේවල් power house එකට යන එක වලක්වන එක තමයි මෙෂ් එකේ කාර්යභාරය. ඊට අමතරව එතනම trash rack එකකුත් තියෙනවා. එකේ මෙෂ් එකේ එකතු වෙන අනවශ් කොටස් ඉවතට ගන්න trash rack එක භාවිතා කරනවා.

 

ඔය එක්කම ලංකාවේ තියෙන යම් තරමකට රටේ කතා බහ උන dam එකක් ගැනත් කියන්න යන්නේ. සමනලවැව dam එක. එකට හේතුව සමනලවැව බලාගාරයේ dam එකේ දකුණු ඉවුරේ ජල කාන්දුවක් පැවතීම. ආරම්බයේ ජලය පුරවපු දවසේ ඉදන්ම මේ කියන කාන්දුව තිබුනනු. මේ කාන්දුව තියෙන්නේ නම් dam එකේ නෙවෙයි. මේක තියෙන්නේ දකුණු ඉවුරේ. කලින් කලට මේ සම්බන්දව යම් යම් පරීක්ෂණ කටයුතු සිදු කරත් තවමත් හරියට ගැලපෙන විසදුමක් මේකට දෙන්න බැරි වෙලා තියෙනවා. දැනට තත්පරයට ඝන මීටර 2.5 පමණ ජල ධාරිතාවයක් මේ කාන්දුව ඔස්සේ කාන්දු වෙනවා. දැනට මේ කාන්දු වෙන වතුර කෘෂි කාර්මික කටයුතු වලට පාවිච්චි කරනවා. දකුණු ඉවුරේ පවතින හුණු ගල් තට්ටුව මේකට හේතු වශයෙන් දැනට උපකල්පනය කරනවා. කෙසේ වෙතත් මේ කාන්දුව නිසා ජලාශයේ වතුර පුරවන උපරිම සීමාව සීමා කරලා තියෙනවා. එක වතාවක් ජලාශය උපරිම වශයෙන් පුරවලා තිබුණු ජල කාන්දුව දෙගුණ වෙලා තියෙනවා. හේතුව නිසාම යම් සීමාවක් වෙනකන් විතරයි ජලය පුරවන්නේ. වියකෘතියෙන් අසරණ උන ජනතාව සමන් දෙවියන්ට කරපු කන්නලව්වේ හේතු වශයෙන් මේ කාන්දුව ඇති උනා කියලත් ලස්සන කතාවක් ජන වහරේ තියෙනවා.

 දන්නා පරිදි කොටපු අතර වැරදි තිබුනොත් නිවැරදි කරන්න දන්නා දෙයක් තිබුනොත් එකතු කරන්න.ඊලග කොටසෙන් තවත් විස්තර කියන්නම්.

 

සලිත

2021.01.15

3 15