මම යන එන තැන්

Monday, December 14, 2020

බුලත් විටක මහිම

 

මාගේ කෙටිල්ලට කලක් වෙලාවක් නැහැ. හිතුනු හිතුනු විට කොටනවා. අද මන් කොටන්න ඉන්නේ විට ගැන. විට කිව්වේ බුලත් විට. දැහැත් විට කියන්නෙත් බුලත් විටට. ඔය කොයි කාටත් විටත් එක්ක මතකයක් නැති වෙන්න විදිහක් නැහැ. සුද්දන්ගේ බබල් ගම් එන්න කලින් අපේ උන් හප හපා හිටියේ බුලත් විට. සමහරවිට සුද්දෝ අපෙන් කොපි කරා වෙන්නත් පුළුවන්. අපේ උන් හප හපා ඉන්නවා දැකලා සුද්දෝ  හප හපා ඉන්න දෙයක් දෙයක් හැදුවා වෙන්න පුළුවන්. සුද්දෝ බින්දුව කියන සංකල්පය හොයා ගත්තෙත් පෙරදිගෙන් කියනවනි. කාලේ විට නම් සුපිරිලු. එකේ කරාබු නැටි සාදික්කා වගේ ගුණ දේවලුත් තිබුනලු. එත් ඉතින් කාලෙත් එක්ක විට පරිනාමනය වෙලා දැන් ඉතින් බාබුල් මාවා තුල් වගේ දියුණු තත්වයකට අපේ විට ඇවිත් තියෙනවා.දැන් තියෙන නොර්මල් විටට බුලත් කොළ පුවක් දුන්කොල හුණු මුලික වශයෙන් ඇතුලත් වෙනවා. කොච්චර බබල් ගම් හැදුවත් තවමත් විටට තියෙන්නේ පුදුම ඉල්ලුමක්. පහුගිය කාලේ පුවක් ගෙඩියක් රුපියල් විස්සට ගියත් විට කාපු මිනිස්සු හිටියා. කෙසේ හෝ වේවා පරදේශක්කාර නිෂ්පනදයක් නොවන බුලත් විට දිගු කලක් මෙරට තුල පවතීවා.

 

විටත් එක්ක මගේ මතකය පුංචිම කාලෙට යනවා. අපේ තාත්තා ගෙදර බාලයා නිසා අපි ඉන්නේ තාත්තගේ මහ ගෙදර. නිසාම සීයා වගේම ආච්චිත් වැඩි වශයෙන් ආශය කරන්න අපිට වාසනාව ලැබුනා. සීයා වැඩිපුරම කැමති මටලු. තව පොඩ්ඩක් කල් සීයා හිටියා නම් උන්දැගේ සියලු දේපල මට. එහෙම උනා නම් ගමෙන් බාගයක් මට. සීයට එහෙම ලියන්න තිබුනා. එහෙම ලියලා තිබුනා නම් ගොවිසෙත ප්රතිපල එනකන් මම බලන් ඉන්න ඕනි නැහැ. කතාවෙන් කතාව මුලික කතාව අමතක වෙනවා. විට ගැන මගේ මුල්ම මතකය ආච්චි සීයා එක්ක බැදිලා තියෙනවා. දෙන්නට බුලත් ඇහිදින්න පුවක් ගෙන්න හුණු අරන් එන්න මන් අනන්තවත් අරහෙට මෙහෙට ගිහින් ඇති. දෙන්නා බුලත් කෑවේ තරගෙට. උන්දැලා නින්දෙමුත් විට හැපුවද  කියලා මට සැකයි. තරමට දෙන්න විට කෑවා. හැබැයි මැරෙනකම කිසිම කිසිම දතේ අමාරුවක් දෙන්නට තිබුනේ නැහැ. එත් අපේ ගමේ වයසක උදවියගෙන් කිහිප දෙනෙක් මුක පිලිකා වලින් නැති වෙලත් තියෙනවා. එකට හේතුව විටද එහෙමත් නැති නම් වෙන හේතුවක්ද කියන්න මම නම් දන්නේ නැහැ. අවදියේදී මමත් ඉදල හිටලා විටක් දෙකක් කාලා තියෙනවා. විටට ඇතුලත් උනේ බුලත් එක්ක පුවක් විතරයි. කාලේ විට කනකොට කෙල රතු පාට වෙනකන් ඉවසිල්ලක් තිබුනේ නැහැ. ගැම්ම එන්නේ කෙල රතු පාට උනාම. වත්තේ තිබ්බ බුලත් වැලෙන් කොලයක් කඩා ගෙන වත්තෙන්ම අහුලගත්ත පුවක් ගෙඩියකුත් එක්ක පුංචිම කාලේ අපි විට කෑවා.

 

විට එක්ක අමිහිරි මතකයක් මුලින්ම සිද්ද උනේ 8 හෝ 9 වසරේදී වෙන්න ඕනි. ආච්චි හැමදාම විට කනකොට හුණු ටුට්ටක් ගා ගන්නවා. පුංචි කොල්ල විච්ච මටත් හුණු ටුට්ටක් දා ගන්න හිතුනා. සිතුවිල්ල හුණු වලින් නතර උනේ නම් නැහැ. හුනුත් එක්ක දුම් කොට ටිකකුත් තිබුනා නම් විට සම්පුර්ණයි. කරන වැඩක් හරියට කරන්න ඕනි නිසාම දුම් කොළ ටුට්ටකුත් දා ගත්තා. පුංචි කාලේ වගේ හොඳ ගතිගුනත් නොතිබුනා නොවෙයි. හදා ගත්තු විට කන ගමන් පොඩි සංචාරයකුත් දැම්මා. වෙනදට වඩා ඉක්මනින් කෙල රතු පාට උනා. වැඩේ හරියට කරනවා නම් ප්රතිපල ඉක්මන් මෙච්චර කල් වැරදි විදිහට වැඩේ කරලා තියෙන්නේ. එහෙම හිතන්වත් එක්කම කන් දෙක දෙපැත්තෙන් රත් වෙලා ගියා. එක්කම ගස් කොලන්  ඔක්කොම කැරකෙන්න ගත්තා. ඇයි මේ ගස් කැරකෙන්නේ? එන පොට හොද නැති නිසා විට කටෙන් විසික් කරා නෙවෙයි විට කටෙන් විසි උනා. එහෙමම වත්තේ ඇල උනා. අහසේත් වලාකුළු කැරකෙන්න ගත්තා. එන පොට හොඳ නැති නිසා ඇස දෙක පියා ගත්තා. ඊට පස්සේ මට ඇහැරුනේ හරියටම පැයකින් විතර. ජීවිතයේදී මුලින්ම මත් උනේ එදා කිව්වොත් නිවැරදි. හාමුරුවරුවන්ට දැහැත් විට දෙනකොට හුණු දුම්කොළ අයින් කරන්න කියල කට්ටිය කියන්නෙත් ඔය නිසා වෙන්න ඕනි. බයානක අත්දැකීමෙන් පස්සේ බොහෝ කාලයක් යනකන් මම විටක් කෑවේ නැහැ.

 

ඔය අතරින් පතර සෙට් උන මල ගෙවල් වල විටක් දෙකක් කෑවේ නැත්තෙත් නැහැ.  ඔය අතරේ ඉතින් යහළු හිත මිතුරන් විටෙන් ඔබ්බට ගිහින් බාබුල්,තුල් ඔය වගේ කිව්ව නොකිව්ව ගොඩක් දේවල් වලටත් හුරු උනා. එත් අහිංසක මම ඔය වගේ දේවල් වලට ඇබ්බැහි උනේ නම් නැහැ. ආයෙත් විට කන්න සෙට් උනේ කැම්පස් එකේ ඉදන්. කැම්පස් එකේ නම් සමහරුන්ගේ විට කටෙමයි. එහෙම හිටපු සමහර උන් කොහොම රස්සා කරනවද කියලත් හිතෙනවා. කැම්පස් එකේදී ඉන්න හැම එකාම වගේ විට කන කාලෙකුත් එනවා. කට්ටියම එහෙම විටට සෙට් උනේ විභාගේ කාලේ. කිසිම වැඩක් උනන්දුවෙන් කරන්නේ නැතිව විභාගේ ලං උනාම කුප්පි දා ගෙන කොල්ලෝ උපරිම අයුරින් ගේමට බහිනවා. එහෙම ගේමට බැස්සම රෑට නිදා ගන්නේ නැති තරම්. නින්ද නැති කර ගන්න කාලේදි කොල්ලෝ ගොඩක් විට කෑවා. මමත් කෑවා. ඔලුව දෙපැත්ත රත් වී ගෙන එනකොට හපන එක නතර කරේ නැත්තන් ඉතින් බඩුම තමයි. ලිමිට් එකේ ඉදන් වැඩේ ගොඩ දොම්මොත් නිදි මරණ එක අවුලක්ම නැහැ. ලිමිට් ඕවර් ගිහින් කෙල උන අවස්ථාත් නැතිවාම නොවේ.

 

ඔහොම ගිහින් ගිහින් ආයේ විටක ලගදීම ආතල් එක ආවේ කලින් වැඩ කරපු තැනේදී. එතන අපි එන්න ලං වෙලා පොඩි පාටියක් දැම්මා. එහෙම එකක් දෙන එක සිරිත. අන්තිම පාටිය නිසා පොඩ්ඩක් හොද විදිහට වැඩේ කරන්න අපි කතිකා කර ගත්තා. නිසාම පුංචි හොටෙල් එකකුත් වැඩේට සෙට් කර ගත්තා. පාර්ටියේ නිල පානය වශයෙන් ටයිගර් බියර් බීම යොදා ගත්තා. 6 කට බොන්න ටයිගර් බියර් බෝතල් 9 ක් තිබුනා. කොහොමින් කොහොම හරි වැඩේ හොදට ගියා. ලාවට සිංදුවකුත් කියලා පොඩියට ආතල් එකකුත් ගත්තා. වැඩේ ඉවර වෙද්දී කොහොමත් යක්කු ගස් නගින වෙලාවම උනා. වැඩේ කියන්නේ වැඩ කොටස ඉවර උනාට පස්සේ අපේ ලොක්කට පොඩ්ඩක් විතර ඩෝප්. නිසා ලොක්කගේ වාහනේ ගන්න උනෙත් වෙන කෙනෙක්ට. කාලේ කොරෝනා වල මුල් අවදිය. නිසාම බීලා මට්ටු උනොත් පොලිසියෙන් බර කරදර. විතරක් නෙවෙයි නිරෝදායනට උනත් යවන්න පුළුවන්.ඕනි දෙයක් උනාවේ. කාර් එකට පස් දෙනෙක් නැග්ගා. එහෙනම් කොල්ලෝ අපි ගියා කියලා වාහනේ ගත්තා. ඔය යන අතරමගදී ඉතින් කට්ටිය එක එක කයියවල්. ටයිගර් නිසා කට්ටියටම හොදට වැදිලා.

 

"මල්ලි පොඩ්ඩක් ඉස්සරහින් නතර කරපන් විටක් කන්න ඕනි"

එහෙම කිව්වේ අපේ බොස්. රුපියල් පනහකුත් අමාරුවෙන් හොයා ගෙන විටක් ගත්තා. මටත් පොඩ්ඩක් කන්න හිතුනා. එත් කවලම් බයානකයි කියල හිතුනු නිසා වැඩේ පැත්තකට දැම්මා. ඔය එක්ක අපේ බොස් ගේ කතා විලාශය ටිකක් වෙනස් උනා.

"මල්ලි නතර කරහන්" ඔන්න ඉතින් කාර් එක පාරේ අයිනකින් නතර කරා. බඩට උහුලා ගන්න බැරි ටික දැන් බොස් කටින් අයින් කරා. කට හෝදා ගන්න වතුර එකකුත් දුන්නා. පෙර අත්දැකීම් වලට අනුව විටට මත් උනාම කට සේදුවාම වෙරි බහිනවා.කාර්ය ඉවර වෙලා ආයෙත් ගමන පටන් ගත්තා. වාහනයත් ටිකක් වේගයෙන් ගියා. 

 

"අඩේ නතර කරන්න කිව්වා නේද" හතරමන් හන්දියක හිටපු පොලිසියෙන් අපේ වාහනේ නතර කරන්න කිව්වා. වාහනේ එලවපු පොරත් බීල හිටියේ. කට්ටිය බැලුම් පුම්බනවා මට මැවිලා පෙනුනා. පොලිසිය අය වාහනේ පැත්තට ආවා. එක්කම බොස්ට නතර කරපු තැනින් දාන්න අමතක උන බඩේ වැඩිපුර තිබුණු ටිකක් ආයෙත් එලියට දැම්මා.

 

"අඩේ මෙන්න දානවා. කාර් එක ගන්න දෙයක් නැ. මුන් හොදටම බීලා" අද නම් ඉතින් බඩුම තමයි කියලා හිතා ගත්තා. මට  නම් මැවිලා පෙනුනේ පොලිසියේ බැංකුව.

 

"මහත්තුරු ඔක්කොම පොඩ්ඩක් එලියට බැස්ස නම්" අසරණ අපි වාහනයෙන් බැස්සා.

"උබල බීල නේද ඉන්නේ මොනාද ගැහුවේ ගල් " කියන්න දෙයක් නැහැ. එක එකා එක එක දේවල් කියන්න කල්පනා කරනවා. අතේ තියෙන්නේ දාහයි එකෙන් shape කර ගන්න පුළුවන් වෙයිද 

 

" අපි බීල නෑ අපේ බොස්ට ටිකක් වැඩි එයාව ගිහින් දාන්න යන්නේ" කාර් එක එලවපු පොර එහෙම කිව්වා.

 

"ඩික්කිය පොඩ්ඩක් අරින්න" ඩික්කිය අරින්නේ කොහොමද? එකෙක් දෙන්නෙක් ඩික්කියට ඇත තිබ්බත් ඇරුනේ නැහැ. සමබරතාව බිදෙයි කියන බයට මම නම් අඩියක්වත් හෙල්ලෙන්න හිතුවේ නැහැ. කොහොම හරි ඩික්කියත් අරුනා. වෙලාවට කිසිම දෙයක් එකේ තිබුනේ නැහැ.

 

"මහත්තයෝ වේගේ වැඩියි හෙමින් යන්න" එහෙම කියපු ගමන් රුදිර සංසරණය වැඩි වෙලා ආයෙත් වෙරි වගේ.කිව්ව පමාව විතරයි සේරම කාර් එකේ. කොහොමනමුත් එදා අපි අනුනවයෙන් බේරුනා. ඇත්තෙන්ම බේරුවා. කොහොමත් එතන හිටියේ ට්රැෆික් රාළහාමිලා නෙවෙයි. උන් හිටියනම් තාමත් ගුටි කනවා. කොහොම නමුත් අපිව බේරපු  රාලහමිලාට හදපිරි මෙව්වා එක මේ ලිපියෙන් පිරිනමනවා.

 

එදා වැඩේ අවුල් ගියෙත් විටක් නිසා. විට ගැන තිබුණු බයනාකම දරුණුම මතකයත් ඕක. විට ගැන හදිස්සියේ ලියන්න හිතුනෙත් ඔය සිද්දිය මතක් වෙලා. වෙලාවක් ලැබුණු ගමන් ආයෙත් ලියන්නම් එතෙක් ඔබටත් මටත් ජය වේවා. සිරිසාර බුලත් විට කාල බලන්.

 

සලිත

2020.12.13

8 30.