මම යන එන තැන්

Wednesday, March 30, 2016

අහිමි පෙම 3




2 කොටසට මෙතනින්

“බිනුර බලන්නකෝ”

“ඒ  මොකෝ අවුලෙන් ඔයා”

“බලන්න හලෝ ඔයාලා මට හෙල්ප් එකට ඔයාල ආවේ නැ. මම ඔයාලත් එක්ක තරහයි.”

“අපි ඉතින් ආවේ නැත්තේ ඔයාට හෙල්ප් කරන්න කස්ටිය හිටියනි”

වෙලා තියෙන්නේ අමුතු දෙයක්. එක චලනිටවත් හිතා ගන්න බැරි දෙයක්ලු. එදා අර චලනි එක්ක යාලු වෙලා හිටපු කොල්ලා මැරතන් එක පැත්ත පලාතේ ගිහින් නැ. කොල්ලගේ තැන නැති වේවි කියන බයට. වෙලාවේ ඇගේ හිතේ තිබුන දුකත් තරහත් හොදින්ම මුහුණ මත සිතියම් ගත වෙලා තිබ්බා.කොහොම උනත් චලනි බොක්කෙන්ම සම්බන්දය කරන බව හොදටම අපේ පන්තියේ සගයන්ට තේරුම් ගියා.එදා දවස මැරතන් එක තුලදීම ගිල දැම්මා.

තවත් දවසක් උදා උනා. එදා බිනුරට පාසල් යන්න ටිකක් විතර පරක්කු උනා. ඉස්කෝලෙට යනකොටම ටිකක් විතර අමුතු කතා බහක්. අරහෙන් මෙහෙන් අහුලා ගත්ත කෑලි වලින් ගත්ත නිගමනය චලනිගේ සම්බන්දයට කෙලවී ඇති බවය.වැඩිදුර තොරතුරු වලට අනුව අර කොල්ලා වෙන පාසලක කෙල්ලෙක් එක්ක පෙම් කෙලින්න පටන් ගෙන, බිනුර එදා පන්තියට ගියේ දහසක් දේ හිත තියාගෙනඑත් පන්තියට ගිය ගමන් දැක්ක දසුනට බිනරගේ හදවත පොළොවෙන් යටට ගිලා බැස්සා. හිතා ගන්න බැරි විදිහට චලනිගේ මොන සිතියම් වෙලා. තරම් අමිහිරි දසුනක් කොහොමත් බිනර බලාපොරොත්තු උනේ නැ. සතුටු වෙන්න ඕනි උනත් බොක්කෙන් කරන කරන අයට වේදනාව හොදින්ම විදිනවා. බිනුර කියන්නේ ටිකක් විහිලු චරිතයක් උනත් පොර කරන විහිලු වලට චලනි හිනා උනේ කිසිම කැමැත්තකින් නෙවෙයි. එක හොදින්නම බිනුරට තේරුනා. දවස් කිහිපයක් යනතුරු මුණ විදිහටම තිබ්බා කිසිම වෙනක් නැතුව. බිනුරට අදහස දාන්න පස්මහ බැලුම් බලමින් හිටියේ. එත් එක්කම වගේ වාර විභාගයක් ලග ලග එන බව අපිට ගුරුවරුන් දැනුම් දුන්නා.

"ඔන්න exam එකත් ලග නේද?"

"ඔව් ඔයාලට නම් අවුලක් නැ. ගිය පාරත් පන්තියේ 1 නේද?"

බිනුර කියන්නේ ටිකක් දක්ෂ එකෙක්. පොර පන්තියේ පළවෙනියා වෙලා තියනවා. මේ ලියන මොහොතේ ඇය පසෙකින් ඇවිත් කනට කොදුරනවා වගේ.ඇගේ සුරතල් බව මගේම කරගන්න තිබ්බා නම්...... ඇය ඉදිරියේ හීන ලොවක් මැවුනා. වෙලාවේ පරිසරයේ වෙන කිසිම දෙයක් දැනුනේම නැති තරම්.

"බිනුර ලැබ් එකට එන්න කිව්වා"

"මොනාටද"

"physics වලට බන් උබල දෙන්න කතාවට වැටුනම දෙන්නටම මොනවත් මතක නැ"

වල් කොල්ලෙක් අපි දෙන්නට අකුල් හෙලුවා. බිනුර නෙවෙයි සැලුනේ. ලැබ් එකට යනකන් දෙන්නා එකිනෙකා අදහස් හුවමාරු කරගන්න අමතක කරේ නැ. විනයට බර ගුරුවරුන් හමුඋනත් බිනුර අවුලක් නැතුව දිගටම කතා කර කර ගියා. canteen එකේ හිටපු අපගේ ගුරුවරයාත් දෙන්නා කතා කර කර ගියා දැක්කා. එත් දේවල් ගණන් ගන්න තරම් එතුමා මෝඩයෙක් උනේ නැ.

ලැබ් එකට ගියාට පස්සේ සර් පටන් ගත්තේ අමුතුම කතාවක්. සර් ලොකු කතාවක් කිව්වා. සර් මට නොකියා කිව්වේ කෙල්ල පස්සෙන් යන්න එපා කියලා. සමහරවිට සර් දැනෙන්න ඇති බිනුර චලනිට line කියලා.බිනුර යම් තරමකට දක්ෂ එකෙක් නිසා සර් කියන්න ඕනි දෙය විදිහට කියපු එක පොරගේ අනාගතය දිහා බලලා සර් ගත්ත නිවැරදිම තීරණයක්. දැන් සමහර ගුරුවරුන් එවැනි කටයුතු වලදී අදාල දරුවන් දෙදෙනාගේ අනාගතයම කෙලවා දමන තැන් සලිත කොලුවා දැක තිබෙනවා අතින් අර ගුරුතුමා රත්තරන් වටිනවා.

දින, සති, මාස ගණන් වලින් කාලය ගෙවිලා ගියා.බිනුරගේ අදහස තවදුරත් චලනි ගැන හිතන්න උනා . දෙදෙනා අතර සම්බන්දයක් නැති උනත් දෙන්නට දෙන්නව නැතිවම බැරි උනා. chemistry ලැබ් එකේ ඉදන් බිනුර චලනිගේ මුනා දිහා බලා ගෙන හිටපු වාර අනන්තයි. එක පරීක්ෂණයක කාලය මනින්න තිබ්බත් චලනි දිහා බලාගෙන ඉදලා පරීක්ෂණය අසාර්ථක උන වෙලාවකුත් තිබ්බා.

තවත් දවසක් උදා උනා. බිනුර හැමදාම හැම දෙයක්ම කල් දැම්මා. චලනිටත් බිනුරටත් විභාගය තිබ්බ නිසා බිනුර තමන්ගේ අදහස අහන දවස කල් දැම්මා. බිනුර මේ ඔක්කොම දේවල් හොරෙන් කරන්න හිත ගෙන හිටියා. අඩුම තරමින් තමන්ගේ ලග ඉන්න යාලුවෙක්වත් ගැන දැනගෙන හිටියේ නැ.

දවසක් පන්තියේ කෙල්ලෝ ලොකු වලියක්. ඉන්නෙත් ටික දෙනා නිසා විසදන්න අපේ පන්තියේ කොල්ලෝ මග බලාගෙන. එත් එක්කම චලනි කදුළු පිරුණු මුහුණින් කවදාවත් නැති අසරනකමකින් බිනුර ලගට දුවගෙන ආවා.
ඉතුරු කොටස ලගදීම.

[ආදරය බීඩියක් වැනිය උරා බොන්නා මෝඩයකි]

ආදරය නමැති බීඩිය අත මත ඇත

අත මත තියෙන බීඩිය කටේ තියා ගැනීම අපහසු නැත

එත් ගින්දර, ගින්දර මිරිගුව ලගය

දැන් බීපන්කෝ බීඩිය

සලිත
2016-03-30

. 11.07