මම යන එන තැන්

Sunday, February 19, 2023

බෝතල් කැට බවට පත් කරමු

 


ඉතාම කෙටියෙන් කෙටි පොස්ටුවක් අලවන්න හිතුනා. මේක අලුත් ක්‍රමයක් විදිහට පෙන්වා දෙන්න හිතුනා. ක්‍රමය ගැන සරලව කියනවා නම් බෝතල් කැට බවට පත් කිරීම. එහෙනම් පැහැදිලි කිරීමකට යමු.

 

වෙලදපොලේ තියෙන සියලුම දියර වර්ග කැට වශයෙන් නිෂ්පාදනයට යොමු කරමු යන්න මගේ යෝජනාව. දැනට  වෙලදපොලේ තියෙන දියරම නිෂ්පාදන ගත්තොත් නිෂ්පාදන වලින් බහුතරයක වැඩිපුරම සන්ගටකයක් විදිහට තියෙන්නේ වතුර. උදාහරණයක් විදිහට ගත්තොත් වැසිකිලි සෝදන හාර්පික් එකේ ඉදන් රෙදි සෝදන සන්ලයිට් කෙයාර් වලත් වැඩිපුරම තියෙන්නේ සන්ගටයක් විදිහට වතුර. ලංකාවේ කඩවල සුපර් මාර්කට් එකේ තියෙන දියර නිෂ්පාදන ගැන හිතලා බලන්න. සියට 90% ක් වගේ නිෂ්පාදන වල වැඩිපුර ප්‍රතිශතයක් ලෙස තියෙන්නේ වතුර.

 

ඉතින් මගේ යෝජනාවේදී දියර වශයෙන් භාණ්ඩ විකුණන සමාගම් දියර වෙනුවට අලෙවි කරන්නේ කැට. උදාහරණක් විදිහට වෙනදට වැසිකිලි සෝදන හර්පික් බෝතලය වෙනුවට හාර්පික් කැටයක් එන්නේ. කැටයේ කැටය දියකරගන්න ඕනි වතුර ප්‍රමාණය සදහන් කරලා තියෙනවා. ඔය කැටයක් උපරිම සබන් කැට භාගයක් වගේ විතර වෙයි. අනික ගෙදර ඉන්න ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්.   දැන් ලංකාවේ හැම තැනකම වතුර තියෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම එහෙමයි. එහෙම පහසුකම් තියෙන නිසා ලේසියෙන්ම වැඩේ කරන්නත් පුළුවන්. එම ක්‍රමයේ මම දකින වාසි පහලින් දැක්වේ.

 

1. බෝතල් (ප්ලාස්ටික්/විදුරු) වලට යන වියදම් වීම.

 

2. බෝතල් නිපදවීමට යන යන්ත්‍ර සුත්‍ර වලට යන වියදම් අඩු වීම.

 

3. කර්මාන්තකරුවාගේ විදුලිය සදහා යන වියදම අඩු වීම.

 

4. කැට වශයෙන් තියෙන විට ප්‍රවාහනයේ පහසුව. ඉන්දන වියදම් අඩු වීම. අතුරු ප්‍රතිපලයක් ලෙස මාර්ග තදබදය අඩු වීම. ප්‍රවාහනයේදී කර්මාන්තකරුවා සහ පරිබෝගියා යන දෙදෙනාටම වාසිසහගතය.

 

5. වියාපාරික ස්ථාන වල ඉඩ ඉතිරි වීම. දැනට කඩවල් වල තියෙන ඉඩ ප්‍රමාණයෙන් සැලකිය යුතු ඉඩක් මේ සදහා වැයවේ.

 

5. පරිසර හානිය අවම වීම. ප්ලාස්ටික් භාවිතය අවම වීම.

 

6. අවසානයේ පාරිබෝගිකයාට ඉතාම අඩු මුදලක් යටතේ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබීම. 

 

කොහොමනමුත් මේ ආකාරයට වෙලදපොලේ තිබෙන සියලුම නිෂ්පාදන නම් හරවා ගන්න බැරි වෙයි. අඩුම තරමින් 50% ක් වත් මේ ආකාරයට වෙනස් කරන්න පුළුවන් වෙයි. ඔබේ අදහසුත් පහලින් කොටන්න.

 

නැවතත් වෙනත් ලිපියකින් හමුවෙමු. එතකන් ඔබටත් මටත් ජය.

 

සලිත

2023.02.19

09 26