මම යන එන තැන්

Wednesday, February 24, 2016

චානකගේ ආදර කතාව 1


ඔන්න මම අද බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ආදර කතාවක් ලියන්න කියලා සුජානම. කොහොම කෙසේ පටන් ගන්නද? ආදර කතාවක්. ආදරය ගැන ගොඩක් අය එක එක දේවල් කියලා තියනවා. ආදරය කියන්නේ  හදවතට දැනෙන දේ වලින් ගොඩක් බලවත් දෙයක්. ඔහේලට කියන්න මටම කියලා තාම ආදර කතාවක් නැති නිසා වෙන කොල්ලෙක්ගේ ආදර කතාවක් ලියන්න හිතුවා. බණ්ඩාරවෙල සුන්දර උදයක කතාව කොටන්න පටන් ගන්න සුජානම.

අපේ ඉස්කෝලේ චානක කියල යාලුවෙක් හිටියා. චානක මාත් එක්ක ඒ කාලේ පටන් ඉතාම හොද යාලුවෙක් උනා. එත් අපි දෙන්නා අතර තිබුන යාළුකම ගොඩක් වැඩි උනේ උසස් පෙළ 2 පාර කරාටත් පස්සේ. චානක ගැන යමක් කිව යුතුය. චානක යනු ඉතාම හොද මිතුරෙක්, fun එකේ ඉන්න කැමැති, ටිකක් විතර ලස්සන ගැන හිතන, සංවේදී, කොල්ලන්ට love වලට බොක්කෙන් උදවි කරනකියන්න ඕනි දෙය මූණටම කියන එළකිරි කොල්ලෙක්.

අපි උසස් පෙළ එහෙම කරලා කඩ්ඩ පොලිෂ් කරගන්න කියල කඩ්ඩ පන්තියක් හෙව්වා.campus යනකොට කඩ්ඩ අනිවා ඕනි නිසා කඩ්ඩ ගොඩ දා ගන්න ඕනිම කියන තැන අපි හිටියා. අපේ නගරයේ නමක් දිනාගෙන තිබුන පන්තියක් අපි තෝරා ගත්තා.

මචන් සලිත අපි මනෝජ් සර්ගේ කඩ්ඩ පන්ති යමුද?”

බැ බන් පොර කොහොමද දන්නේ නැ. අනික බන් පොර සහතිකයක්වත් දෙනවද දන්නේ නැ.

තොට බැරිනං හිටපන් උබේ එකත් එකට යන්නේ

නැ අඩෝ සිරාවටම. ඒ සමයේ මගේ හිත ගත්ත කෙල්ලක් හිටියා දැන් මට ඒ පන්තියට යන්න හිත

උබ මොකෝ කියන්නේ මොකා, පොඩි , චාමර එනවා කිව්වා

හරි මචෝ යමු. කඩ්ඩ කෙසේ වෙතත් කෑල්ල ගොඩ දමා ගැනීමේ උදාර හැගීම මට ආවා.

එහෙනම් සදුදට වරෙන් පන්තියට

පන්තියට ගිය දවසෙම ආයෙත් පන්ති යනවද නැද්ද කියල හිතන්න උනා. ඒ මොකෝ බොල? මගේ මුලික අරමුණ බිද වැටී තිබෙන බව මට පෙනුනා. ඒ මොකෝ බොල කඩ්ඩ අවුල්ද?

සලිත උබ දැක්කද වැඩේ

ඇයි උබ හිතුවද මම පොට්ටයි කියලා

මොකෝ දැන් කරන්නේ

මොනා කරන්නද බන්

මුහුදේ ඉන්නේ එක මාළුවා නෙවෙයි බන්. වෙන එකක් බලමු.

මචෝ මොනා උනත් සර්ගේ කඩ්ඩ ගොඩ දා ගන්න පුළුවන් නේද බන්

එකනම් ඇත්ත පොර හොදයි වගේ

මොන කඩ්ඩ බොල මගේ හිත ගත්ත සුන්දරිය වෙන එකෙකුගේ අතේ එල්ලිලා. මොකක් කරන්නද කරුමේ තමයි.එත් පන්තියෙන් කඩ්ඩ ගොඩ දා ගන්න පුළුවන් කියල හිතුනා. කඩ්ඩ පොලිෂ් කරගන්න හිතාගෙන දිගටම පන්ති ගියා.ඔන්න ඔහොම දිගටම පන්ති ගියා. කාලය අපිටත් හොරා සතියක් දෙකක් ගියා. දවසක් පන්තියේ ඉද්දි චානක මෙහෙම කිව්වා.

අඩෝ උබලා මොකෝ කියන්නේ අරක ගැන

මොකද්ද බොල මොන එකද

අර කනුව ලග ඉන්න කෑල්ල

කවුද බන් උබ අද පෙත්ත ගත්තේ නැද්ද

අහපන්කෝ #$%^@... දකුණු පැත්තෙන් 3 වෙනියට ඉන්න කෙල්ල බන්

අඩෝ අඩෝ අපේ ගමේ බස් එකේ බන් යන්නේ මගින් බහිනවා. චානක පෙන්වපු කෙල්ල අපේ ගමේ බස් එකේ යන එන කෙල්ලෙක්

කියපන්කො විස්තර කොල්ලෙක් එහෙම ඉන්නවද බන් එකට

මම දන්නේ නැ බන් පෙන විදිහට නම් නැ වගේ. කොහොමත් මම ගමේ කෙල්ලන් එක්ක වැඩිය කතා බහට යන්නේ නැ. හේතුව නිකන් චාටර් වෙන්න මම කැමැති නැති නිසා

අඩෝ එක හොදයි වගේ මොකෝ උබලා කියන්නේ

ඔක්කොම කොල්ලන් එකට කැමැති වූ නිසා චානක වැඩේට බැස්සා.

මුලින්ම කෙල්ලෙක් දා ගන්න නම් කෙල්ලට අගවන්න ඕනි. ඊට පස්සේ ටිකක් පස්සෙන් යන්න ඕනි.


ඔන්න ඔය වගේ උපදෙස් සමුදායක් කොල්ලන් 5 දෙනාගෙන් එලියට ආවා.එකග වෙන්න බැරිම තැන සමහර දේවල් වෙනස් කරලා ගැලපෙන ආකාරයට වෙනස් කරන්නත් උනා. ඊට පස්සේ කොල්ලෝ ටික යන්නේ අපේ සැලසුම අත ගහන්න.

ඉතුරු ටිකක් ලගදීම දාන්නම්. දැන් කොටලා ටිකක්  අමාරුයි බොල .

සලිත 
පෙ.ව 10.40
2016-02-22

Friday, February 19, 2016

santi ගේ පාටිය 2

කොල්ලනේ අපිත් ආවෝ...

තොපි දැන්ද එන්නේ @#$%*”

ඇයි #$%^ දැන්වත් ආවා මදිද

එළකිරි මචෝ ටිකක් ගමු නේද


පිස්සුද යකෝ මම තාම බොන්නේ නැ මම ගත්තොත් උබලව එක්කන් යන්නේ කවුද

පලවෙනි කොටස ඉවර උනේ එහෙම මගහැරුණු අය ගිහින් බලන්න.



මාගේ හොදම යාලුවෙක් උන තිසර මගේ පැත්තට එනවා. තිසරට හොදටම බඩු.

මචන් සලිත කියපන් උබට අර කෑල්ල සෙට් උනාද

නැ බන් උබට වගේ නෙවෙයි බන්, අපිට  කවද්ද කෑලි සෙට් වෙන්නේ

යකෝ උබ ඒකිට හොද වැඩයි බන් උබ සුපිරි පොරක්නි බන් ඔන්න කෙල්ලව අමතක කරපන්.උබ මොකෝ හිතන්නේ මගේ කෑල්ල ගැන

දීපන්කො උත්තර පරිස්සමින් උත්තර දෙන්න ඕනි.තිසර කියන්නේ යමක් කමක් තියන කොල්ලෙක්. ඒ වගේම තිසර private ඉස්කෝලේ ඉදලා අපේ ඉස්කෝලෙට ඇවිල්ලා තිබ්බේ ඒ කෙල්ල නිසා.

නැ ඉතින් අවුලක් නැ උබේ වාසනාවට හම්බ උන කෙල්ලෙක්

උබට ඕනි නම් එක දා ගනින්. ඒකිට මාව ගැලපෙන්නේ නැ බන්. එකී campus යන්න ඉන්නේ බන්.කොහොමත් එහෙට ගියාට පස්සේ මට කෙල බූට් එක සෙට් වෙනවා බන්

එහෙම වෙන්නේ නැ බන් ගිහින් තව ෂොට් එකක් දා ගනින් තිසර කියපු කතාවෙත් ඇත්තක් නැත්තේම නැ.

සලිත වරෙන් බන් නා ගන්න

අපේ කොල්ලන් නා ගන්න අමතර ඇදුම් අරගෙන ගිය කාලයක් මට මතක නැත.උන් නා ගන්නේ අමුතුම විදිහකට කොහොමත් අපි ලජ්ජා බයට හැදුනු උන් නිසා පිරිස ඉන්න තැනක නා ගන්න මැලි වෙනවා. එත් පාලු තැනක නම් නා ගන්න කිසිසේත්ම පසුබට වෙන්නේ නැ.ශරීරයේ එක ඇදුමක් ඉතිරි වෙන්න ඉතිරි සියලුම ඇදුම් පැත්තක තියලා හොදට නා ගන්නවා. ඊට පස්සේ ඇදගෙන ඉන්න ඇදුම වේලෙනකන් ගලක් උඩ නිදාගෙන ඉන්නවා ඇදුම පිටින්ම බොල. හිරුගේ රශ්මියෙන් හා ශරීරයේ උණුසුමෙන් තෙත ඇදුම සුපුරුදු තත්වයට ආවට පස්සේ ඇදගෙන ආපු ඇදුම් ඇදගෙන දන්නේ නෑ වගේ යනවා. එදත් උනේ එහෙමයි එත් මම ගම ලග පොරක් නිසා එදා නා ගත්තේ නෑ.

මගේ හොදම යාලුවෙක් වෙන ධනුෂ්ක මාත් එක්ක කටාවට ආවා.

මචෝ සලිත උබලා අපි ගැන වැරදි විදිහට හිතන්න එපා බන් උබ දන්නවද මල් ගහන උන් එකෙන් මාරම ආතල් එකක් බන් ගන්නේ.උබ හිතනවද  මමත් මල් ගහනවා කියලා බලපන්කො මම සිරාවටම මල් ගහන්නේ නැ බන්.උබලා බොන්නේ නෑ කියලා මම දන්නවා එත් බොන කොල්ලොන්ට උබලා නිගා කරන්න එපා බන් එක හොද නැ බන්

ඊට පස්සේ කතාවල් වීර,කෙල්ලන්,ජාතික,උද්ධමනය,රට යන මග වගේ සුන්දර කොටස් වලට ගෙවුනා.පස්සේ සින්දු කෑලි ගොතමින් අපේ කොල්ලෝ සෙට් එක බොක්කෙන්ම ආතල් එකක් ගත්තා. ඊට පස්සේ අපිට වැදගත්ම වැඩේ සෙට් උනා. ඒ මොකද්ද බොල. වෙන මොකද්ද බොල කොල්ලෝ ටික ගගෙන් එගොඩ කරන එක. කොල්ලොන්ට කෙලින් පාරකවත් යන්න බැරි එකේ ලිස්සන ගල් වල කොහොමද කියලා හිතගනින්කෝ.එක එකා එගොඩ කරා කියහන්කෝ ඊට පස්සේ යන්න හිටියේ අපි ඒ කියන්නේ කටේ නොතිබ්බ උන් බොල. මම යන්න හදනකොටම ලිස්සලා වැටුනා කියහන්කෝ. ඩෙනිම හොදටම තෙත් උනා. දකින උන් හිතන්නේ සලිතට හොදටම බඩු කියලා.බලු වැඩේ.

ඔන්න ඊට පස්සේ ආතල්ම කොටස. අපේ කොල්ලෝ ආතල් දෙන්න ගත්තා.වෙලාව 3.00 කොල්ලෙක් වෙලාව බලලා අහනවා 12.15 කියලා උගේ කටු watch එකේ වෙලාව පෙනෙන හැටි. මචෝ ටිකක් දුවමුද කියලා ඇහුවාම කොල්ලෝ ටික එක තැන දුවනවා. තවත් එකෙක් රුපියල් 20 ක් නැ කියලා ආයෙත් ගගට යන්න හදනවා.තව එකෙක් පේර කොළ හොයනවා කොල්ලට තණකොළ පෙන්නුවත් කන්න යනවා. ඔන්න ඔය වගේ කිව්ව නොකිව්ව කතා ගොඩක් සිද්ද උනා.

ඊට පස්සේ උත්සව ගෙදර යන්න ගියා.කොල්ලෝ උපරීම උත්සාහය හොදින් ඉන්න කියලා. ඔන්න කොල්ලෝ ටික සුද්දෝ වගේ ඉන්න කල්පනාව.කන්න යන්න සුජානම.හොදටම වැඩි පොරක් කන්න බෑ කියනවා ගෙදර උදවිය කන්න කන්න කියලා බල කරත් පොර කන්න අදිමදි කරා.කොල්ලා පෙන්වන්න යන්නේ කොල්ලා කාලා ඉන්නවා කියලා. ඇන්ටි මම කාල ඉන්නේ අනිත් කොල්ලෝ ඔක්කොම කනකොට කොල්ලා විතරක් එහෙම කියනවා. ඇත්තටම කොල්ලා හිතන්නේ පොර කියන එක අනිත් අයට meter නැ කියල.එත් පොරට හොදටම බඩු කියල ඔක්කොටම තේරෙනවා.

තිසර ගෙදර සාමාජිකයෙක් වගේ එන ඔක්කොම පිළිගෙන බත් කන්න කතා කරනවා.වෙලාව 4 කිට්ටු වෙලා නිසා කාටත් පොරත් ගහල කියල මාට්ටු.

santi ගෙදර උදවියගේ ඉතාම හොද ආගන්තුක සත්කාර විදලා ඔන්න අපි සමුදෙන්න සුජානම. දෙමාපියන් දෙදෙනාගේ පාද නැමද අපි යන්න පිටත් උනා. පාරට කිට්ටු කරනකොට නිරෝෂ් නැටි බව අපිට meter උනා අවට බලද්දී කොල්ලා කැලයක් ඇතුලෙන් මතු උනා. මකුණු දැල් හැමතැනම.

සලිත මොකෝ මෙතන කරන්නේ ගෙවල්" ලග කොල්ලෙක් 

මම යන්නෙත් ගෙදර

එහෙනම් නැගපන් bike එකට

මම කොල්ලොන්ට සමු දීල යන්න ගියා.

ටිකක් විතර පරක්කු උනා. මම ටිකක් අසනීපෙන් හිටියේ බොල. දුන්න පොරොන්දු දෙකම කඩ කරා. ආදර කතාවක් බැරි උනා බොල කොටන්න . ලගදීම අලුත් දෙයක් කොටන්නම්.

සලිත
2016-02-19
ප.ව 10.31

Saturday, February 13, 2016

santi ගේ පාටිය 1



මම අද කියන්න යන්නේ මිතුරෙකු අපිට දුන්න පාටියක්  ගැන. ඉතින් පටන් ගමු. මේ කතාවට සම්බන්ද වෙන්නේ මම දෙවනියට ගිය පාසලේ සෙට් එක. එම පාසලට එකතු වෙලා හිටියේ අලුතින්ම අපු සෙට් එකක්. අලුතින් ඉස්කෝලෙට ගියාට අපිට බුදු fit වෙන්න ගියේ හිතන්නවත් බැරි තරම් අඩු කාලයක්. ඔන්න මම චරිතයක් අදාල කර ගන්නවා නමින් santi . හිතා ගන්නකො ආදර නමින්ම පොර මොන වගේද කියලා. ඉස්කෝලේ මගේ ලගින්ම අවුරුදු 2 ක් එකට හිටිය යාලුවෙක්.කොටින්ම කියනවා නම් කරන්න ඕනි වැඩ ඔක්කොම කරන එකෙක්. කාත් එක්කත් හොදින් එන්න එළකිරි කොල්ලෙක්. ඔන්න මමත් දෙවැනි පාර උසස් පෙලට ලියලා ගෙදර ඉන්න දවසක

මචන් සලිත මොකෝ කරන්නේ 21”

“21 කියන්නේ කවද්ද බන්

ලබන සදුදා වරෙන් අපේ ගෙදර මම ගානේ උබලට පටියක් දෙනවා" අනිවා engineer යන්න හිටපු එකෙක් නිසා ඒ ගැන කොල්ලෝ පාටි ඉල්ලුවේ කලින් ඉදලම

මචෝ ඇයි පොඩි නංගිවත්

ඔව් ඔව් බන් වරෙන් ඔන්න 21 අපේ ගෙදර කොල්ලෝ ඔක්කොම එනවා කිව්වා. වරෙන් ආතල් එකක් අරන් යමු.අමතක කරන්න එහෙම එපා හොදේ.

මට සදුදා අති විශාල වැඩ කොටසක් තිබ්බේ නැතත් 12 වෙනකන් පොඩි වැඩක් තිබ්බා. බලාපන්කෝ උන වැඩේ ? මුහුණු පොතේ ඉන්න කොට bio පන්තියේ හිටපු කොල්ලෙක් මට මෙහෙම කිව්වා.

මචන් සලිත 21 වරෙන් ඉස්කෝලේ පැත්තේ අපේ section එකේ පලවෙනි get එක 21 තියෙන්නේ

අඩෝ 21 සදුදා නේද?”

ඔව් ඔව් බන් ඔන්න maths එකේ සෙට් එකත් එක්ක වරෙන් අනිත් උන්ටත් කියහන්

ඔන්න මම තීරණයක් ගන්න බැරි තැනකට ආවා. කොහොමත් santi කියන්නේ මගේ හොදම යාලුවෙක් නිසා  santi ගේ ඉල්ලීම ගැන සලකා බැලුවා.21 ලංවුණා මගේ පන්ටිත් අහවර කරලා 12 පස්සේ යන්න උනේ  තනියම නෙවෙයි බොල මගේ මිත්‍ර නවීන් එක්ක.අපිට කලින් අපේ කොල්ලෝ ටිකක් ගෙදරට ගිහින් තිබ්බා.

කොහෙද @#$%$ ඉන්නේ

අපි මේ එන ගමන් බන්

ඉක්මන් කරලා වරෙන් #$@&^”

හරි හරි බන් අපි එන ගමන්

හිස් අතින් යන එක කෝකටත් හොද නැටි නිසා අපි වෙන එකෙකුට call එකක් ගත්තා.

මචෝ කොහෙද ඉන්නේ

ගෙදර බන් උබල එන්නේ නැද්ද

එනවා බන් උබල මොන හරි අරගෙනද ගියේ

ඔව් ඔව් බන් උබලා මොකුත් ගෙන්න එපා අපි ගග පැත්තට යනවා එකමනට වරෙන්.”

santi ලා ගමට යන බස් එක එනකන් හිටියත් එක තිබ්බේ නැ. ගමනේ බාගයක් දුරට යන්න බස් එකක් තිබ්බා. එකේ ටික දුරක් ගිහින් ඉතුරු ටික තුන් රෝද වාහනයක යන්න ගියා. ගෙවල් ලගට යනකොට වෙලාව 1 යි. අතිජාත මිත්තර නිරෝෂ් ට call එකක් ගත්තා.

මචෝ මම සලිත උබලා කොහෙද ඉන්නේ

අනේ දන්නේ නැ බන් පාරක් පහලට ඇවිල්ලා ගගක් ලගට ආවා. උබ දන්නේ නැද්ද බන් මේ පැත්ත ගැන උබේ ගෙවලුත් මේ පැත්තේ නේද?”

“santi ට දීපන් phone එක

...........

අඩෝ උබ කොහෙද ඉන්නේ santi”

දැන්ද යකෝ එන්නේ වරෙන් බඩු ඉවර උනොත් sorry තමා station එක ලග බට්ටිත්තා වලේ ඉන්නේ වරෙන්

ගමේ අයගෙත් සහයෝගය සමග අපිට බට්ටිත්තා වල හොයා ගන්න වැඩි වෙලාවක් ගියේ නැ.වල නම් නියම තැන. කාටවත් පේන්නෙත් නැ. ඇත එක්කම ගග මැද ගල් තලාව. අපේ උන්ට සෙට් වෙන්න කියාපු තැන.සින්දු කිව්වත් කාටවත් මට්ටු නොවන තරමට තැන සුපිරි.

අපිත් හෙමීට තැනට ලං කරා. වතුර පාරත් එක්ක සින්දු කියන හඩත් හූ හඩත් නැටුම් තෙල් සුවදත් දැනුනා.එක්වරම මට දැනුන හැගීම කොහොම කියන්නද? අවුරුද්දකින් දැකපු නැති අපේ සුපිරි සෙට් එකේ මුහුණු ටික මගේ සිහිය අතීතයට අරන් ගියේ මටත් හොරෙන්. කට්ටියක් නැටුම් තෙල් සුවදත් පිරිසක් ජල පහරේ සුවයත් අනිත් උන් සින්දු ගායනා කරමින් හිටියා. මගෙත් එක්ක හිටපු උන් ගොඩක්ම හිටියේ නැටුම් තෙල් ලග.

කොල්ලනේ අපිත් ආවෝ...

තොපි දැන්ද එන්නේ @#$%*”

ඇයි #$%^ දැන්වත් ආවා මදිද

එළකිරි මචෝ ටිකක් ගමු නේද

පිස්සුද යකෝ මම තාම බොන්නේ නැ මම ගත්තොත් උබලව එක්කන් යන්නේ කවුද


සෑම දෙනාටම වචනයක් 2 ක් කතාකරන්න මම සෑම තැනකටම ගියා. අදට නතර කරන්නම්. කොටන එක කියවන එක වගේ නෙවෙයි කියල දන්නවනි. ඉවසන්න ලගදීම ඉතුරු ටික දානවා.

සලිත
2016-02-14
පෙ.ව 11.32

Wednesday, February 10, 2016

පන්ති වලින් කට්ටි පැන ගෙදරට අසුවුනෙමි 2

1 වන කොටසට මෙතනින් 


මිතුරන් බලාපොරොත්තු උන විදිහට මම 2 වෙනි කොටසට අත තියන්න කියල සුජානම. අමතක අය මතක් කරගන්නකො. මෙන්න මේ විදිහට තමා අවසන් කොටස ඉවර උනේ.

<එත්  ටික කාලෙකට විතරක් නිසා අවුලක් නැති නිසා අපිත් එකග උනෙමු. එලෙස දවසක් දෙකක් ගිය පසු ඒ විසදුම අපිට දිරවවේම නැත. එබැවින් අපි දවසක් පන්තිය මගහැරීමට සැලසුම් කළෙමු. අප සතුව ඒ කාලයේ සිටම හොදින් සැලසුම් කිරීමේ හැකියාවක් තිබුණි.අපි දවසක් යන්න එන්න විට අමුතුම කම්මැලිකමක් අපේ හිච්චි හිත වලට ආවා.>

අහසින් වැහි කදුළු පොලොව සිප ගන්නා සුන්දර මොහොතක කතාව මුල පිරීමට සිදුව ඇත.අපේ ගමේ ඈයෝ වැහි කදුළු දිහා ඉන්න තැනට දැන් වැටිලා ඉන්නවා.

මොකද  උතුමා බණ්ඩාරවෙල නේද?

එවැනි ගැටළු  වලට ලගදීම හොද  post  එකක් දාන්නම්.

ඔන්න කතාවට බහිමු. 

අඩෝ අද නම් මාර කම්මැලි බන් අද නම් බෑ බන් පන්ති යන්න

මටත් එහෙම තමා බන් අර පොඩි උන් එක්ක ඉන්න ගියාම එපා වෙනවා බන්

එලෙස කසුනුත් කලීෂත් දුන්න ගැම්මට මට එකග වීමට උනා. ඊට පස්සේ ඇති බයංකාර තීරණයට අපි එලබුනා. මොකද්ද බොල ඒ? පන්ති cut කිරීම බොල. අපේ හිච්චි හිතට plan එකක් ආවේ තුන්දෙනාගේ සංශෝදන එකතු කරමින්.

අපි දැන් පන්ති  යන්නේ කොහෙද කියපන්කො.

කොහේ යන්නද බන් බස් ස්ටෑන්ඩ්  එකට වෙලාම ඉමු.

එතකොට #$%*& ගමේ බස්  එද්දී කොහෙටද යන්නේ ?”

ඇයි යකෝ අපේ ගමේ එද්දී දෙපැත්තෙන්ම බලාගන්න පුලුවන්නි බන්

එහෙනම් බස් එකක් එනකොට ලලිත්ගේ කඩේට  එකට යමු බන්

අපේ ස්ටෑන්ඩ් එක කන්දක් උඩ තියන නිසා දෙපැත්තෙන්ම එන බස් පහසුවෙන්ම බලා ගන්න පුළුවන්. දුන් දා ගෙන එන බස් එකක් කන්ද උඩ තියන බස් ස්ටෑන්ඩ් එකට එන්න විනාඩි 5 වත් ඒ කාලයේ වැයකරා. දැන් නම් පාරවල් හොදට හදලා තියන නිසාත් හොද බස් තියන නිසාත් විනාඩි 2 කින් වැඩේ  සිදුවෙනවා. ලලිත්ගේ කඩය යනු කවුරුත් දන්නා අදුරන කඩයකි.දන්නෝ දනිති .කඩය ලගම පාසල් 2 ක් තිබු නිසා ඒ කාලයේ සිටම ලලිත්ගේ කඩය නැගලම යනවා. Plan එකේ හැටියට මොකුත්ම කරගන්න බැරි උනා කියහන්කෝ. සිදුඋනේ අමුතුම දෙයක් ඒ මොකද්ද බොල?

සලිත මොකෝ මෙතන කරන්නේ?” අපේ ඉස්කෝලේ මොහාන්  සර්

සර් ගණන් පන්ති ඉවර වෙලා ගෙදර යන්න ඉන්නේ

වෙලා තියනවානම් වරෙන් ඉස්කෝලේ පැත්තේ යන්න වැඩක් තියනවා කරන්න

හරි හරි යමු

මම එක පාරින් කැමැති උනා. මොහාන් සර් ගෙන යමක් කිව යුතුය. එතුමා මගේ හදවතේ එන්න ගුරුවරුන් අතර ඉහලම තැනක් ගෙන සිටින ගුරුවරයකි. ඒ කාලයේ ඉස්කෝලේ ඔක්කොම බය සර් කෙනෙක්ට හිටියේ මොහාන් සර් විතරයි.කාලයක් මොහාන් සර් ලග ඉගෙන ගත්තට පස්සේ සර් මගේ බුදු fit එකක් උනා. #$%^& දීලා එහෙම නෙවෙයි. ඔන්න කතාවට යමු.

මම ඉස්කෝලේ යනවා උබලා කෙලවා ගන්නේ නැතුව වෙලාවට ගෙදර පලයන්

 මම ඉස්කෝලේ යන ගමන් සර් එක්ක නිකන්ම වගේ කතාවට ගියා.සර් එක්ක කතා කරන්න අනිත් උන් බය උනත් මම නම් එකට පොඩ්ඩක්වත් බය උනේ නැ.කතාවට ගියාට පස්සේ meter උනේ මේක මාර ගේමක් දෙන්න තියන වැඩක්. එත් එකෙන් ඉස්කෝලෙට වැඩක් වෙනවා එත් එක මාර ගේමක් තියන වැඩක්.  කියපන්කො #$#% දෙන්නේ නැතුව. අපි ගියේ නැටුම් කාමරේ කඩන්න බොල. ඔන්න ඉතින් හොරා කියන්න යනවා. අහපන්කෝ කතාව

සලිත බලපන්කො මුන්ගේ තියන සිහිය, තරග වලට ගිහින් තියෙන්නේ උප්පැන්න සහතික ටික කබඩ් එකට දාල. මෙහෙමත් උන්, නැටුම් කාමරේ කඩලා සහතික ටික අරගෙන අද මට Colombo යන්නත් තියනවා බන්.

හරි සර් කඩන්නේ කොහොමද? ඉබ්බෝ දාල නේද තියෙන්නේ?”

යමන්කෝ උබට මන් ඉබ්බෝ කොහොමද කියලා පෙන්නන්න

English film එකක් වගේ ඔන්න මාත් යනවා නැටුම් කාමරය කඩන්න. මද සුළගත් එක්ක ගැටෙමින් හෙමින් හෙමින් නැටුම් කාමරය ලගටම ගියා. සර් යකඩ පොල්ලක් අරගෙන එක පාරක් ඉබ්බාට ගැහුවා විතරයි ඉබ්බා බිම. නැටුම් කාමරේ ආරක්ෂාව ගෙන හිත ගනින්කෝ ඉතින්. කෙල්ලන්ට උරුම උන කාමරට යාමට මම වාසනාවන්ත උනා. ඉස්කෝලේ වෙලාවේ අපිට තහනම් කලාපයක් උන නැටුම් කාමරය තුල තියන ලෝකය බල ගන්න මගේ මිතුරන් වුවද අසාවෙන් හිටියා.අඩිය අඩිය තියලා කාමරයට ගියා කිසීම වෙනසක් නැ කියහන්කෝ. සර් යකඩ පොල්ලෙන් කබඩ් එකට 2 ක් විතර ගැහුවා එකත් අරුනා. file එකක් ගත්තා.

මේ තියෙන්නේ බඩු. වැඩේ ගොඩ සලිත

සර් දැන් තරග වලට ගිහින් තියෙන්නේ කොයි වසරේ අයද

උබටත් ඕනනේ නැති  #@$%^ නැ ඊට පස්සේ  සර් මොකද්දෝ කර නැටුම් කාමරේ දොර වහල දැම්මා. දැන් එහෙනම් යමු නේද සලිත

හරි සර් එහෙනම් යමු

ඒ ගිය පාර දිගේ අයෙත් සුදු ඇදුම ඇදගෙන යන්න තිබ්බා නම්.....කාටත් හොරෙන් කාලය ඉක්මන් වෙලා. ආයෙත් ගිහින් එන්න තිබ්බානම් වැරදි හදා ගන්න නෙවෙයි ඒ සොදුරු කාලය විදලා එන්න. පාසල් පාරේ ගිය ආ හැටි පැත්තකට සිට මගේ දිහා හොරෙන් බලාගෙන එත් එක්කම හිටපු යාළුවන් ගුරුවරුන් මගේ හිතේ දැන් හොල්මන් කරනවා.

ඔන්න මොහාන් සර් එක්ක මම ස්ටෑන්ඩ් එක පැත්තට ආයෙත් යන්න ගත්තා.වෙලාව නම් පට්ට පන්ති ඉවර වෙන වෙලාව හරියටම හරි. ගෙදරට අහු උනොත් කියන්නේ මොකද්ද, අරුන් ගෙදරට අහු වෙලාද, නැත්තන් උන් දෙන්න්නා මටත් හොර පන්ති ගියාද, හිතේ 1000 ක් ගැටළු හිරකරගෙන මම මම යන්න ගියා.

සලිත එහෙනම් මම යනවා උබත් ගෙදර පලයන් ගොඩක් thanks උදව් වලට දැන් ආයේ Colombo යන්නත් ඕනි බන්

මොන thanks ද සර් අපෙන් ඕව ඉස්කෝලෙට වෙන්න ඕනි දෙවල්නි

අපේ ගමේ බස් එකක් එන හඩත් එක්ක මමත් බස් ගොඩ උනා.ගෙදරට යනකන් උනේ මොකද්ද කියලවත් හිතාගන්න බැරි උන ඉක්මනින් වෙලාව ගිහින්.කිසිම අමුත්තක් තිබ්බේ නැති වැඩේ ගොඩ කියලා මට දැනුනා. teacher call එකක් වත් දුන්නොත් මගේ හිත ආයෙත් බය උනා.ඔන්න බොලන් රැ කෑම කාල ඉවර උන ගමන් දුරකථනය නද උන කියහන්කෝ වීරයා වගේ මමම ගියා ගන්න.

ඔය සලිත පුතාලා ගෙදරින්ද කතා කරන්නේ

 ඔව් ඔව් අලුත් හඩක් අදුරගන්න බැ.

කවුද ඔය කතාකරන්නේ

සලිත තමා

පුතාලා අද පන්ති ගියේ නෑ නේද?”

නෑ අපි ගියා

අම්මට phone එක දෙන්නකෝ

අම්මි call එකක්

මට ගානක්වත් තිබ්බේ නැ ඒ වෙන මොකටවත් නෙවෙයි බොල කසුන් ලගේ අම්මා කථානොකරපු එකට අපේ ගෙදර number එක කලීෂ ගේ ගෙදර අය දන්නේ නෑ. කතා කලෙත් කසුන් ගේ අම්මා නෙවෙයි. ඒනිසා ගණන් ගන්න දෙයක් තිබ්බෙම නෑ. අම්මිත් කාටද call ගොඩක් අරගෙන ඇවිත් කිව්වා

උබත් අද පන්ති ගියේ නෑ නේද?”

පිස්සුද මම ගියා

කසුනුත් කිව්වා ගියේ නෑ කියලා

මට එක විශ්වාස කරන්න උනා කසුන්ලා ගෙදරින් මොකක් හරි මාට්ටු උනොත් එක කොහොමහරි අහගන්නවා. අන්තිමට මට පිළිගන්න උනා. බලු cause එක. කොහෙද ගියේ මොහාන් සර් එක්ක

මට ඔක්කොම වමාරන්න උනා. ඔක්කොම කිව්වට පස්සේ වැඩිපුර  අවුලක් දැම්මෙත් නැ. අම්මා දන්නවා මම වැරදි දෙයක් කරන්නේ නැති බව, එත් මිතුරන් දෙදෙනාටම නම් හොදට වදින්න ඇති.පස්සේ දවසේ අපි වීරයන් ලෙස ආයෙත් ගණිත පන්තියට ගියා.teacher සිද්දිය දෙස බෑවට පස්සේ කෙල්ලන්ගේ උසුළු විසුළු වලටත් කොල්ලන්ගේ අමාරු ගැටළු වලටත් මුහුණ දීමට උනා. මහත් අපහසුතාවයෙන් ඔක්කොටම මුහුන දුන්නා. වැඩේ කෙල වෙලා තිබ්බේ කලීෂ ගේ ගෙදරින්. දිනය දාන වැඩකින් අහු වෙලා තියෙන්නේ.

මම නම් දිගටම ගණිත පන්තියට ගියා. කලීෂ දිගටම වගේ පන්ති ආව. කසුන් වැඩි කාලයක් පන්ති ආවේ නැ.කසුන් town එකේ පන්තියකට ගියා.අපි තුන්දෙනා දැනටත් ඉතාම හොද මිතුරන්. කලීෂ උසස් පෙළ ගණිත අංශයෙන්ම සමත්ව දැන් හොද course එකක් කරනවා. කසුනුත් technical වලින් උසස් පෙළ කරලා මම වගේම blog එකක් කරනවා. සලිත වන මා හොදින් ඉන්නවා බොල. දැන් නම්
පන්ති cut කරන්නෙම නෑ බොල . දැන් පන්ති ගිය කාලය ඉවරයි.

යාලුවෝ මොකෝ කියන්නේ valentine ලග නිසා ආදර කතාවක් ලියන්නද නැත්තන් ටිකක් වැදගත් දෙයක් ගැන ලියන්නද එළවලු ගැන ලොකු විස්තරයක් ලියන්න හිතාගෙන ඉන්නේ මොකෝ කියන්නේ ඔබේ කැමැත්තට වැඩේ කරන්නම්.


 කෝඩුකාරයෙක් වෙන මට වැරදි ඇත්නම් කියාදීම මිතුරන් සැමගේ වගකීමක්. මොකක් කිව්වත් කමක් නැ බොල මම හිතේ අහිතක් නැ.