මම යන එන තැන්

Saturday, February 13, 2016

santi ගේ පාටිය 1



මම අද කියන්න යන්නේ මිතුරෙකු අපිට දුන්න පාටියක්  ගැන. ඉතින් පටන් ගමු. මේ කතාවට සම්බන්ද වෙන්නේ මම දෙවනියට ගිය පාසලේ සෙට් එක. එම පාසලට එකතු වෙලා හිටියේ අලුතින්ම අපු සෙට් එකක්. අලුතින් ඉස්කෝලෙට ගියාට අපිට බුදු fit වෙන්න ගියේ හිතන්නවත් බැරි තරම් අඩු කාලයක්. ඔන්න මම චරිතයක් අදාල කර ගන්නවා නමින් santi . හිතා ගන්නකො ආදර නමින්ම පොර මොන වගේද කියලා. ඉස්කෝලේ මගේ ලගින්ම අවුරුදු 2 ක් එකට හිටිය යාලුවෙක්.කොටින්ම කියනවා නම් කරන්න ඕනි වැඩ ඔක්කොම කරන එකෙක්. කාත් එක්කත් හොදින් එන්න එළකිරි කොල්ලෙක්. ඔන්න මමත් දෙවැනි පාර උසස් පෙලට ලියලා ගෙදර ඉන්න දවසක

මචන් සලිත මොකෝ කරන්නේ 21”

“21 කියන්නේ කවද්ද බන්

ලබන සදුදා වරෙන් අපේ ගෙදර මම ගානේ උබලට පටියක් දෙනවා" අනිවා engineer යන්න හිටපු එකෙක් නිසා ඒ ගැන කොල්ලෝ පාටි ඉල්ලුවේ කලින් ඉදලම

මචෝ ඇයි පොඩි නංගිවත්

ඔව් ඔව් බන් වරෙන් ඔන්න 21 අපේ ගෙදර කොල්ලෝ ඔක්කොම එනවා කිව්වා. වරෙන් ආතල් එකක් අරන් යමු.අමතක කරන්න එහෙම එපා හොදේ.

මට සදුදා අති විශාල වැඩ කොටසක් තිබ්බේ නැතත් 12 වෙනකන් පොඩි වැඩක් තිබ්බා. බලාපන්කෝ උන වැඩේ ? මුහුණු පොතේ ඉන්න කොට bio පන්තියේ හිටපු කොල්ලෙක් මට මෙහෙම කිව්වා.

මචන් සලිත 21 වරෙන් ඉස්කෝලේ පැත්තේ අපේ section එකේ පලවෙනි get එක 21 තියෙන්නේ

අඩෝ 21 සදුදා නේද?”

ඔව් ඔව් බන් ඔන්න maths එකේ සෙට් එකත් එක්ක වරෙන් අනිත් උන්ටත් කියහන්

ඔන්න මම තීරණයක් ගන්න බැරි තැනකට ආවා. කොහොමත් santi කියන්නේ මගේ හොදම යාලුවෙක් නිසා  santi ගේ ඉල්ලීම ගැන සලකා බැලුවා.21 ලංවුණා මගේ පන්ටිත් අහවර කරලා 12 පස්සේ යන්න උනේ  තනියම නෙවෙයි බොල මගේ මිත්‍ර නවීන් එක්ක.අපිට කලින් අපේ කොල්ලෝ ටිකක් ගෙදරට ගිහින් තිබ්බා.

කොහෙද @#$%$ ඉන්නේ

අපි මේ එන ගමන් බන්

ඉක්මන් කරලා වරෙන් #$@&^”

හරි හරි බන් අපි එන ගමන්

හිස් අතින් යන එක කෝකටත් හොද නැටි නිසා අපි වෙන එකෙකුට call එකක් ගත්තා.

මචෝ කොහෙද ඉන්නේ

ගෙදර බන් උබල එන්නේ නැද්ද

එනවා බන් උබල මොන හරි අරගෙනද ගියේ

ඔව් ඔව් බන් උබලා මොකුත් ගෙන්න එපා අපි ගග පැත්තට යනවා එකමනට වරෙන්.”

santi ලා ගමට යන බස් එක එනකන් හිටියත් එක තිබ්බේ නැ. ගමනේ බාගයක් දුරට යන්න බස් එකක් තිබ්බා. එකේ ටික දුරක් ගිහින් ඉතුරු ටික තුන් රෝද වාහනයක යන්න ගියා. ගෙවල් ලගට යනකොට වෙලාව 1 යි. අතිජාත මිත්තර නිරෝෂ් ට call එකක් ගත්තා.

මචෝ මම සලිත උබලා කොහෙද ඉන්නේ

අනේ දන්නේ නැ බන් පාරක් පහලට ඇවිල්ලා ගගක් ලගට ආවා. උබ දන්නේ නැද්ද බන් මේ පැත්ත ගැන උබේ ගෙවලුත් මේ පැත්තේ නේද?”

“santi ට දීපන් phone එක

...........

අඩෝ උබ කොහෙද ඉන්නේ santi”

දැන්ද යකෝ එන්නේ වරෙන් බඩු ඉවර උනොත් sorry තමා station එක ලග බට්ටිත්තා වලේ ඉන්නේ වරෙන්

ගමේ අයගෙත් සහයෝගය සමග අපිට බට්ටිත්තා වල හොයා ගන්න වැඩි වෙලාවක් ගියේ නැ.වල නම් නියම තැන. කාටවත් පේන්නෙත් නැ. ඇත එක්කම ගග මැද ගල් තලාව. අපේ උන්ට සෙට් වෙන්න කියාපු තැන.සින්දු කිව්වත් කාටවත් මට්ටු නොවන තරමට තැන සුපිරි.

අපිත් හෙමීට තැනට ලං කරා. වතුර පාරත් එක්ක සින්දු කියන හඩත් හූ හඩත් නැටුම් තෙල් සුවදත් දැනුනා.එක්වරම මට දැනුන හැගීම කොහොම කියන්නද? අවුරුද්දකින් දැකපු නැති අපේ සුපිරි සෙට් එකේ මුහුණු ටික මගේ සිහිය අතීතයට අරන් ගියේ මටත් හොරෙන්. කට්ටියක් නැටුම් තෙල් සුවදත් පිරිසක් ජල පහරේ සුවයත් අනිත් උන් සින්දු ගායනා කරමින් හිටියා. මගෙත් එක්ක හිටපු උන් ගොඩක්ම හිටියේ නැටුම් තෙල් ලග.

කොල්ලනේ අපිත් ආවෝ...

තොපි දැන්ද එන්නේ @#$%*”

ඇයි #$%^ දැන්වත් ආවා මදිද

එළකිරි මචෝ ටිකක් ගමු නේද

පිස්සුද යකෝ මම තාම බොන්නේ නැ මම ගත්තොත් උබලව එක්කන් යන්නේ කවුද


සෑම දෙනාටම වචනයක් 2 ක් කතාකරන්න මම සෑම තැනකටම ගියා. අදට නතර කරන්නම්. කොටන එක කියවන එක වගේ නෙවෙයි කියල දන්නවනි. ඉවසන්න ලගදීම ඉතුරු ටික දානවා.

සලිත
2016-02-14
පෙ.ව 11.32

8 comments:

  1. //“එළකිරි මචෝ ටිකක් ගමු නේද”//

    පිස්සුද මචන්.. මේ බ්ලොග් එක අක්කලා දෙන්නත් කියවනවා.. උඹ හදන්නේ මාව ගෙදරට මාට්ටු කරලා දෙන්නද?

    හැක හැක හැක.. හරි හරි අපි කියන්නේ නෑ සුට්ටක් ගනින් ඉතින් හැබැයි බිලා ඔය වතුර වලවල් වල බහින එකනම් අනුමත කරන්න බෑ..

    ReplyDelete
    Replies
    1. නැ නැ තාම නම් බොන්නේ නැ.අක්කලා දෙන්නත් එක දන්නවා. වතුර ලග බොන්න යන්නේ කොල්ලෝ කියන විදිහට මත් උන ගතිය අඩු කරගන්න පුළුවන්ලු drink ගත්තට පස්සේ වතුර ටිකක් මුණේ ගා ගත්තම.

      Delete
    2. //තාම බොන්නෑ// කියන්නෙ හරියට ලගදීම බොන්න බලාපොරොත්තුවෙන් ඉන්නව වගේනෙ කොල්ලො.

      ඔය ඉන්නව වගේම දිගටම හිටහං, බිව්ව කියල මනුස්සයෙකුට වෙන සෙතක් නෑ....

      Delete
    3. බොන්නේ නැ කියලා හිතාගෙන ඉන්නවා බලමුකෝ

      Delete
  2. මේ කොහෙද බන්.. අපේ පැත්ත මතක් උනා..
    මරු මරු දෙවනි කොටසත් දාමු..

    ReplyDelete
    Replies
    1. මේ වැඩේ උනේ බණ්ඩාරවෙල කිතල් ඇල්ල. ටිකක් අසනීපෙන් ඉන්නේ ඒ නිසා පරක්කු වේවි.

      Delete
  3. ඊළඟ පෝස්ටුවෙන් මලයාගේ කල්කිරියාව සහසුද්දෙන් දැන ගන්නට බලාපොරොත්තු වෙමි.හිහ්....
    ජය වේවා !!!

    ReplyDelete