මම යන එන තැන්

Saturday, October 13, 2018

කැම්පස් එකේ උන් 2




කාලෙකින් ලියපු පොස්ට් එකට හොද ප්‍රතිචාරයක් ලැබුනා. ඒ නිසා ඉක්මනින්ම අනිත් කොටසත් දාන්න හිතුනා. කැම්පස් එකේ සුන්දර මතකයන් මෙහෙම එකතු කරන එකත් ලෙහෙසි වැඩක් නෙවෙයි. මුල් කොටස මිස්ස් උන අය පහලින් ගිහින් බලන්න.


පම්පෝරි නැතුව අද පටන් ගමු.
ඊළගට ඉන්නේ කළු මහත්තයා. කළු මහත්තය කිව්වට පොර ජනිඳු. උපතින්ම පොරට ලැබිලා තියෙන්නේ අමුතුම කටක්. කටෙන් නොන්ඩි නොවුන එකෙක් නැති තරම්. උගේ ගෙවල් තිබුනේ ඇබිලිපිටියේ. උඩවලව සංචාරයක් යන්න අපි උත්සහ කරත් එක කරගන්න බැරි උනා.පොර  කැම්පස් එකේ ගොඩක් දුරට පෝස්ටර් වැඩ වලදී මුල් තැනක් ගත්තා. වගේම හැම පොදු වැඩකදීම බැහැල වැඩ කරා. අතරතුර වැඩ නොකරන අපි වගේ උන්ටත් ලොකු ලොකු හින්ට් පාස් කරා. හැම වෙලේම සුන්දර හිනාවක් උගේ මුහුණේ තිබ්බා. මුල් කාලයේ වැඩිපුර සුදු පැහැයට ආදරය කරපු ජනිඳු පසු කාලීනව වෙනත් වර්ණ වලටත්  යොමු උනා.බිව්වම පොර හැම එකාගෙන්ම සමාව බජනය කරනවා. අපුරුම නර්තන හැකියාවකින් යුත් ජනිදුවා නයි නැටුමට වඩාත් ප්රිය කරා. බැච් මිටීමක් නිසා දවසක් පොර ඇබිලිපිටියට ගිහින් ගෙදර යන්නේ නැතුව ආයේ  කැම්පස් එකට ආවා. තරම් ලොකු සතෙක් උගේ #$@ දිව්වා. රාජගිරිය ප්රදේශයට දැඩි ලෙස ආසාවක් දක්වපු ජනිඳු නිතර නිතර රාජගිරියේ ගියා. ජනිඳු ගෙදර ගියේ බොහොම අඩුවෙන්. ගෙවල් ලග උන් ගෙවල් සති අන්තයේ ගෙවල් වල යන එක අනිවාර්යයි. අපිට ලැබෙන පොදු වැඩ ගොඩක් ගොඩ දාන්න පොරගේ උදව්ව හොදින්ම ලැබුනා. අවසන් කාලයේදී බිත්තියක් එක්ක නටපු නැටිල්ලකින් බැච් එකේ ප්රසිද්ද චරිතයක් බවට පත් උනා. පොර අවුරුදු ගණනක ලස්සන සුන්දර ප්රේමයකට හිමිකම් කියනවා. රාජගිරියේ නිතරම දුවන්න මුලික හේතුව උනෙත් පාසල් ප්රේමය.

ඊළගට ඉන්නේ නවීන්.නවීන්ගේ ගෙවල් පාදුක්කේ. නවීන් කියන්නේ මගේ බෝඩිමේ සගයෙක්. බෝඩිමේ කතා වලදී ලියන්නේ නැතුව මෙතනම මු ගැනත් ලියන්න හිතුවා. නවීන් ලස්සන බඩකට වගේම හැඩති pu#$%  හිමිකම් කිව්වා.පොරට හොදින් තැනට සුදුසු නුවන පිහිටලා තිබුනා. ලැප් එක පොරගේ ජීවිතේම වෙලා තිබුනා. ඉදල හිටලා මැච් එකක් එහෙමත් ගහන්න ආවා. නවීන් මට මුලින්ම මුණ ගැහුනේ කැම්පස් එකේ ලියාපදිංචි වෙන්න ආපු දවසේ. ඔක්කොම වගේ ලස්සනට කලිසම් ඇදල shirt ඇදල, shirt යට කරලා සපත්තු දාල ගොඩක් පිලිවලට එදා ඇවිත් හිටියා. එත් නවීන් සාමාන් විදිහට ඇවිත් හිටියේ. එදා හැම එකාම ඉක්මනින් ලියාපදිංචි වෙලා ගෙදර ඉක්මනින් ගෙදර දුවන්න මග බලාගෙන  හිටියේ . එත් නවීන් අපි ඔක්කොටම චාන්ස්  එකක් දීල පොර ලියාපදිංචි උනේ අන්තිමට.මුල් කාලයේ පොර ගෙදර ඉදන් කැම්පස් ආවේ. එත් කල් යද්දී අපේ බෝඩිමට පොර ආවා. බෝඩිමේ උපන්දින අරවා මෙව්වා සියලු දේට පොර දායක උනා.ගෙදරට යන්න පැය බාගයක්වත් යන්නේ නැති උනාට පොර ගෙදර ගියේ හරිම අඩුවෙන්. වගේම ගොඩක් වෙලාවට කාමරය ඇතුලටම වෙලාම පොර ජීවත් උනා. එකෙන් වැඩිපුර බැට කාවේ පොරගේ රූමා උන පටා.

මට ලැප් එකක් ගන්න පොර උදව් කරා. ලැප් එකට software දානකන් අපි දෙන්න මුහුද පැත්තට ගියා. කදුකරයේ හිටපු මම මුහුද බලන්න  මුල් කාලයේ ගොඩක් කැමැත්තක් දැක්වුවා.මුහුද දිහා බලාගෙන මිරිස් දාපු කිලෝ පේර කැල්ලක් කන ගමන් පොර පොරගේ කතාව කියන්න ගත්තා. ලස්සන එක පාර්ශවීය ආදරයක්. මන් හිතන විදිහට පොර තවමත් මානවිකාව ගැන හිතමින් ඇති.එක සාමාන් කෙටි පණිවිඩයක් කොයි තරම් දුරට කොල්ලෙක්ගේ හිත අරන් යනවද කියල මට එදා හිතුනා. මට කතාව කිව්වා වගේම පොර විදිහටම තවත්  කිහිප දෙනෙක්ටම කතාව විදිහටම කියලා තිබුනා. උන්ගේ  ගෙදර මම එක පාරක් ගිහින් තියෙනවා. පොරට එහෙදි උන්ගේ ගමේ පන්සලට පවා ගියා. පොරට හොද it දැනුමක් තිබුනා. වගේම හොදට වැඩ කරපු කොල්ලෙක්. පොරත් ගොඩ ගිහින් අපිවත් ගොඩ දාල ජුන්නොත් ගොඩ දාන්න තරම් පොර හොද එකෙක් උනා.කුප්පි වලදී වැඩි බරක් පොර ඇද්දා.

 නවීන් ගැන කියන්න දේවල් ගොඩක් තියෙනවා විශයෙන් බෝඩිමේ උන දේවල් ඒවා පස්සේ ලියන්නම්. නවීන් නම් තවම තනිකඩයෙක් .

ඊළගට ඉන්නෙත් කළු කොල්ලෙක්. පොරගේ ගෙවල් මතුගම. නම චාරුක. වාත කාලේ හැම  වැඩකටම ආවත් කාඩ්  එකක් නැති උන අහිංසක එකෙක්.හොදට තිබුණු පෙනුම පසු කාලීනව යක්ෂ ගෝත්රික පෙනුමක් දක්වා වර්දනය උණු නිසා ඉබේම වගේ යකා කියන කාඩ් එක පොරට ලැබුනා.කැරලි ගැසුණු දිගු කොන්දයකක් පොරට තිබුනා. කැම්පස්  තනිකඩ සංගමයේ ප්රබල සාමාජිකයෙක්. කැම්පස් එකේ තනිකඩ සංගමේ ගොඩක් උන් හිටියට ඇතැම් උන්ට පෙර වැරදි තිබුනා. එත් මුට එහෙම කිසිම පෙර වැරද්දක්වත් තිබුනේ නැ. උගේ මුලික දර්ශනය උනේ "කෙල්ලන්ට පදිරි නැ". පොරට ජනිඳුට නොදෙවෙනි කටක් තිබුනා. එත් කට උබට කෙල්ලෙක් ඉන්නවද කියන ප්රශ්නය උඩ නිහඩ උනා. මතුගම හරහා කලවානේ  ගමනේදී චරුකගෙන් ඉහල සත්කාරයක් හිමි උනා. කන්න බොන්න වගේම ඉන්න හිටින්න හොදට තිබුනා.මතුගම තියෙන ලොකු පන්සලක ගියා. නගරයේ ලොකු සල්ලිකාරයෙක් හදපු බුදු පිළිමයක් පන්සලේ තියෙනවා. බුදු පිළිමය මතුගම නගරයටම පෙනෙනවා කිව්වොත් නිවැරදි. ජීවිතේ ප්රථම වතාවට තිරික්කලයක ගමනක් යන්න ලැබුනේ මතුගම ඉදන්.එදා නම් මට දැනුන හැගීම අමුතුයි.  ලස්සන වෙල් යායක් මැදින් දොළ පාරකින් නා ගත්ත අවස්ථාව මගේ මතකට එන්නේ ඉබේම වගේ. එත් දොළ පාරින් නාපු  අත්දැකීම ගන්න පුළුවන් උනේ මටත් මෙනුෂටත් චරුකටත් පමණයි. පොර එහෙදි ගම ගෙන හෙන පම්පොරියක් ගැහුවා. ගමේ ඉතිහාසය ඉදන් සියලු දේ කිව්වා. එත් පොරගේ ගමේ උන් කොතරම් දියුණුද කියනවා නම් හද සමග සම්බන්දතා පවා ඇති කරගන්න උගේ ගමේ ඉස්සර හිටපු උන් උත්සහ කරලා තිබුනා.

ගොඩක් වෙලාවට හින්ට් පාස් කරන්න දක්ෂයෙක්. කාලය ගත වෙනකොට  රෙපාගේ ගරු භාණ්ඩාගාරික තනතුර ලබා ගත්තා. තනතුරේ රාජකාරිය නිසා ඇතැම් අවස්ථාවන් වල අපහසුතාවයන් වලට ලක් උනත් ඉතා  කැපවීමෙන් තවමත් රාජකාරි කටයුතු කරනවා. පොර කවදාවත් plain tea, tea බොන්නේ නැ. ඒවත් එක්ක උපන් තරහක් පොරට තිබුනා. නිසා නොන්ඩි උන අවස්ථාවන් නොතිබුනාත් නොවේ. බැච් එකේ මානවිකාවකට හිත ගිහින් ඇති බවට කට කතාවක්  ගියත් ගැන හරි විස්තරයක් නම් දන්නේ නැ. පොර නම් තවම තනිකඩයෙක්.

 අදට ඉවර කරමු. අනිත් කොටස ලියනකන් ඔබටත් මටත් ජය .

පසු වදන

එක දිගට ලියාගෙන යනකොට ඇතැම් වැදගත් අවස්ථා මග හැරෙන්න ඉඩත් තියෙනවා. මන් මතක් වෙන සියලුම දේ ලියනවා .බෝඩිමේ මතකයන් මේ ටික ලියල ඉවර උනාම ලියන්න ඉන්නවා.

සලිත
2018.10.14
පෙ 2 01

12 comments:

  1. නොකී කතා ගොඩක් තියෙනවා කියලා පේනවා
    දිගටම ලියමු ජයවේවා

    ReplyDelete
    Replies
    1. කියන්න කතා මහා ගොඩක් තියෙනවා. ලියා ගන්න පුළුවන් වෙයිද කියන ගැටලුව තමයි තියෙන්නේ.

      Delete
  2. කතා කතාව කෝ යකෝ .... ? අනිත් දවසෙ කතාව මුලින් දාල මේ ටික Appendix එකට දාපං අපිට නැතුව ඉන්න :)

    ReplyDelete