1 වන කොටසට මෙතනින්
පන්ති cut
කරන්නෙම
නෑ බොල . දැන් පන්ති ගිය කාලය ඉවරයි.
මිතුරන් බලාපොරොත්තු උන විදිහට මම 2 වෙනි කොටසට අත තියන්න කියල සුජානම. අමතක අය
මතක් කරගන්නකො. මෙන්න මේ විදිහට තමා අවසන් කොටස ඉවර උනේ.
<එත් ටික කාලෙකට විතරක් නිසා
අවුලක් නැති නිසා අපිත් එකග උනෙමු. එලෙස දවසක් දෙකක් ගිය පසු ඒ විසදුම අපිට
දිරවවේම නැත. එබැවින් අපි දවසක් පන්තිය මගහැරීමට සැලසුම් කළෙමු. අප සතුව ඒ කාලයේ
සිටම හොදින් සැලසුම් කිරීමේ හැකියාවක් තිබුණි.අපි දවසක් යන්න එන්න විට අමුතුම කම්මැලිකමක්
අපේ හිච්චි හිත වලට ආවා.>
අහසින් වැහි කදුළු පොලොව සිප ගන්නා සුන්දර මොහොතක කතාව මුල පිරීමට
සිදුව ඇත.අපේ ගමේ ඈයෝ වැහි කදුළු දිහා ඉන්න තැනට දැන් වැටිලා ඉන්නවා.
මොකද උතුමා
බණ්ඩාරවෙල
නේද?
එවැනි ගැටළු වලට ලගදීම
හොද post එකක් දාන්නම්.
ඔන්න කතාවට බහිමු.
“අඩෝ අද නම් මාර කම්මැලි බන් අද නම් බෑ බන් පන්ති යන්න”
“මටත් එහෙම තමා බන් අර පොඩි උන් එක්ක ඉන්න ගියාම එපා වෙනවා බන්”
එලෙස කසුනුත් කලීෂත් දුන්න ගැම්මට මට එකග වීමට උනා. ඊට පස්සේ ඇති
බයංකාර තීරණයට අපි එලබුනා. මොකද්ද බොල ඒ? පන්ති cut කිරීම බොල. අපේ හිච්චි හිතට plan එකක් ආවේ තුන්දෙනාගේ සංශෝදන එකතු
කරමින්.
“අපි දැන් පන්ති යන්නේ කොහෙද
කියපන්කො.”
“කොහේ යන්නද බන් බස් ස්ටෑන්ඩ්
එකට වෙලාම ඉමු.”
“එතකොට #$%*&
ගමේ බස් එද්දී කොහෙටද යන්නේ ?”
“ඇයි යකෝ අපේ ගමේ එද්දී දෙපැත්තෙන්ම බලාගන්න පුලුවන්නි බන්”
“එහෙනම් බස් එකක් එනකොට ලලිත්ගේ කඩේට එකට යමු බන්”
අපේ ස්ටෑන්ඩ් එක කන්දක් උඩ තියන නිසා දෙපැත්තෙන්ම එන බස් පහසුවෙන්ම බලා ගන්න පුළුවන්. දුන් දා ගෙන එන බස් එකක් කන්ද උඩ තියන බස් ස්ටෑන්ඩ් එකට එන්න
විනාඩි 5 වත් ඒ කාලයේ වැයකරා. දැන් නම් පාරවල්
හොදට හදලා තියන නිසාත් හොද බස් තියන නිසාත් විනාඩි 2 කින් වැඩේ
සිදුවෙනවා.
ලලිත්ගේ
කඩය යනු කවුරුත් දන්නා අදුරන කඩයකි.දන්නෝ දනිති .කඩය ලගම පාසල් 2 ක් තිබු නිසා ඒ
කාලයේ සිටම ලලිත්ගේ කඩය නැගලම යනවා. Plan එකේ හැටියට මොකුත්ම කරගන්න බැරි උනා
කියහන්කෝ. සිදුඋනේ අමුතුම දෙයක් ඒ මොකද්ද බොල?
“සලිත මොකෝ මෙතන කරන්නේ?” අපේ ඉස්කෝලේ මොහාන් සර්
“සර් ගණන් පන්ති ඉවර වෙලා ගෙදර යන්න ඉන්නේ”
“වෙලා තියනවානම් වරෙන් ඉස්කෝලේ පැත්තේ යන්න වැඩක් තියනවා කරන්න”
“හරි හරි යමු”
මම එක පාරින් කැමැති උනා. මොහාන් සර් ගෙන යමක් කිව යුතුය. එතුමා මගේ
හදවතේ එන්න ගුරුවරුන් අතර ඉහලම තැනක් ගෙන සිටින ගුරුවරයකි. ඒ කාලයේ ඉස්කෝලේ ඔක්කොම
බය සර් කෙනෙක්ට හිටියේ මොහාන් සර් විතරයි.කාලයක් මොහාන් සර් ලග ඉගෙන ගත්තට පස්සේ
සර් මගේ බුදු fit එකක් උනා. #$%^& දීලා එහෙම නෙවෙයි. ඔන්න කතාවට යමු.
“මම ඉස්කෝලේ යනවා උබලා කෙලවා ගන්නේ නැතුව වෙලාවට ගෙදර පලයන්”
මම ඉස්කෝලේ යන ගමන් සර් එක්ක නිකන්ම
වගේ කතාවට ගියා.සර් එක්ක කතා කරන්න අනිත් උන් බය උනත් මම නම් එකට පොඩ්ඩක්වත් බය
උනේ නැ.කතාවට ගියාට පස්සේ meter උනේ මේක මාර ගේමක් දෙන්න තියන වැඩක්.
එත් එකෙන් ඉස්කෝලෙට වැඩක් වෙනවා එත් එක මාර ගේමක් තියන වැඩක්. කියපන්කො #$#% දෙන්නේ නැතුව. අපි ගියේ නැටුම් කාමරේ කඩන්න බොල. ඔන්න ඉතින් හොරා කියන්න යනවා. අහපන්කෝ කතාව
“සලිත බලපන්කො මුන්ගේ තියන සිහිය, තරග වලට ගිහින් තියෙන්නේ උප්පැන්න
සහතික ටික කබඩ් එකට දාල. මෙහෙමත් උන්, නැටුම් කාමරේ කඩලා සහතික ටික අරගෙන අද මට
Colombo යන්නත් තියනවා බන්.”
“හරි සර් කඩන්නේ කොහොමද? ඉබ්බෝ දාල නේද තියෙන්නේ?”
“යමන්කෝ උබට මන් ඉබ්බෝ කොහොමද කියලා පෙන්නන්න”
English film එකක් වගේ ඔන්න මාත් යනවා නැටුම් කාමරය කඩන්න.
මද සුළගත් එක්ක ගැටෙමින් හෙමින් හෙමින් නැටුම් කාමරය ලගටම ගියා. සර් යකඩ පොල්ලක්
අරගෙන එක පාරක් ඉබ්බාට ගැහුවා විතරයි ඉබ්බා බිම. නැටුම් කාමරේ ආරක්ෂාව ගෙන හිත
ගනින්කෝ ඉතින්. කෙල්ලන්ට උරුම උන කාමරට යාමට මම වාසනාවන්ත උනා. ඉස්කෝලේ වෙලාවේ
අපිට තහනම් කලාපයක් උන නැටුම් කාමරය තුල තියන ලෝකය බල ගන්න මගේ මිතුරන් වුවද
අසාවෙන් හිටියා.අඩිය අඩිය තියලා කාමරයට ගියා කිසීම වෙනසක් නැ කියහන්කෝ. සර් යකඩ
පොල්ලෙන් කබඩ් එකට 2 ක් විතර ගැහුවා එකත් අරුනා. file එකක් ගත්තා.
“මේ තියෙන්නේ බඩු. වැඩේ ගොඩ සලිත”
“සර් දැන් තරග වලට ගිහින් තියෙන්නේ කොයි වසරේ අයද”
“උබටත් ඕනනේ නැති #@$%^
නැ” ඊට පස්සේ සර් මොකද්දෝ කර නැටුම් කාමරේ දොර වහල දැම්මා.
“ දැන් එහෙනම් යමු නේද සලිත”
“හරි සර් එහෙනම් යමු”
ඒ ගිය පාර දිගේ අයෙත් සුදු ඇදුම ඇදගෙන යන්න තිබ්බා නම්.....කාටත්
හොරෙන් කාලය ඉක්මන් වෙලා. ආයෙත් ගිහින් එන්න තිබ්බානම් වැරදි හදා ගන්න නෙවෙයි ඒ
සොදුරු කාලය විදලා එන්න. පාසල් පාරේ ගිය ආ හැටි පැත්තකට සිට මගේ දිහා හොරෙන්
බලාගෙන එත් එක්කම හිටපු යාළුවන් ගුරුවරුන් මගේ හිතේ දැන් හොල්මන් කරනවා.
ඔන්න මොහාන් සර් එක්ක මම ස්ටෑන්ඩ් එක පැත්තට ආයෙත් යන්න ගත්තා.වෙලාව
නම් පට්ට පන්ති ඉවර වෙන වෙලාව හරියටම හරි. ගෙදරට අහු උනොත් කියන්නේ මොකද්ද,
අරුන්
ගෙදරට අහු වෙලාද, නැත්තන් උන් දෙන්න්නා මටත් හොර පන්ති
ගියාද, හිතේ 1000 ක් ගැටළු හිරකරගෙන මම මම යන්න ගියා.
“සලිත එහෙනම් මම යනවා උබත් ගෙදර පලයන් ගොඩක් thanks
උදව්
වලට දැන් ආයේ Colombo යන්නත් ඕනි බන්”
“මොන thanks ද සර් අපෙන් ඕව ඉස්කෝලෙට වෙන්න ඕනි
දෙවල්නි”
අපේ ගමේ බස් එකක් එන හඩත් එක්ක මමත් බස් ගොඩ උනා.ගෙදරට යනකන් උනේ
මොකද්ද කියලවත් හිතාගන්න බැරි උන ඉක්මනින් වෙලාව ගිහින්.කිසිම අමුත්තක් තිබ්බේ
නැති වැඩේ ගොඩ කියලා මට දැනුනා. teacher call එකක් වත් දුන්නොත් මගේ හිත ආයෙත් බය
උනා.ඔන්න බොලන් රැ කෑම කාල ඉවර උන ගමන් දුරකථනය නද උන කියහන්කෝ වීරයා වගේ මමම ගියා
ගන්න.
“ඔය සලිත පුතාලා ගෙදරින්ද කතා කරන්නේ”
“ඔව් ඔව්” අලුත් හඩක් අදුරගන්න බැ.
“කවුද ඔය කතාකරන්නේ”
“සලිත තමා”
“පුතාලා අද පන්ති ගියේ නෑ නේද?”
“නෑ අපි ගියා”
“අම්මට phone එක දෙන්නකෝ”
“අම්මි call එකක්”
මට ගානක්වත් තිබ්බේ නැ ඒ වෙන මොකටවත් නෙවෙයි බොල කසුන් ලගේ අම්මා
කථානොකරපු එකට අපේ ගෙදර number එක කලීෂ ගේ ගෙදර අය දන්නේ නෑ. කතා
කලෙත් කසුන් ගේ අම්මා නෙවෙයි. ඒනිසා ගණන් ගන්න දෙයක් තිබ්බෙම නෑ. අම්මිත් කාටද call
ගොඩක්
අරගෙන ඇවිත් කිව්වා
“උබත් අද පන්ති ගියේ නෑ නේද?”
“පිස්සුද මම ගියා”
“කසුනුත් කිව්වා ගියේ නෑ කියලා”
මට එක විශ්වාස කරන්න උනා කසුන්ලා ගෙදරින් මොකක් හරි මාට්ටු උනොත් එක
කොහොමහරි අහගන්නවා. අන්තිමට මට පිළිගන්න උනා. බලු cause එක.
කොහෙද
ගියේ මොහාන් සර් එක්ක
මට ඔක්කොම වමාරන්න උනා. ඔක්කොම කිව්වට පස්සේ වැඩිපුර අවුලක් දැම්මෙත් නැ. අම්මා දන්නවා මම වැරදි
දෙයක් කරන්නේ නැති බව, එත් මිතුරන් දෙදෙනාටම නම් හොදට වදින්න
ඇති.පස්සේ දවසේ අපි වීරයන් ලෙස ආයෙත් ගණිත පන්තියට ගියා.teacher
සිද්දිය
දෙස බෑවට පස්සේ කෙල්ලන්ගේ උසුළු විසුළු වලටත් කොල්ලන්ගේ අමාරු ගැටළු වලටත් මුහුණ
දීමට උනා. මහත් අපහසුතාවයෙන් ඔක්කොටම මුහුන දුන්නා. වැඩේ කෙල වෙලා තිබ්බේ කලීෂ ගේ
ගෙදරින්. දිනය දාන වැඩකින් අහු වෙලා තියෙන්නේ.
මම නම් දිගටම ගණිත පන්තියට ගියා. කලීෂ දිගටම වගේ පන්ති ආව. කසුන්
වැඩි කාලයක් පන්ති ආවේ නැ.කසුන් town එකේ පන්තියකට ගියා.අපි තුන්දෙනා දැනටත්
ඉතාම හොද මිතුරන්. කලීෂ උසස් පෙළ ගණිත අංශයෙන්ම සමත්ව දැන් හොද course
එකක්
කරනවා. කසුනුත් technical වලින් උසස් පෙළ කරලා මම වගේම blog
එකක්
කරනවා. සලිත වන මා හොදින් ඉන්නවා බොල. දැන් නම්
යාලුවෝ මොකෝ කියන්නේ valentine ලග නිසා ආදර කතාවක් ලියන්නද නැත්තන්
ටිකක් වැදගත් දෙයක් ගැන ලියන්නද එළවලු ගැන ලොකු විස්තරයක් ලියන්න හිතාගෙන ඉන්නේ
මොකෝ කියන්නේ ඔබේ කැමැත්තට වැඩේ කරන්නම්.
කෝඩුකාරයෙක් වෙන මට වැරදි
ඇත්නම් කියාදීම මිතුරන් සැමගේ වගකීමක්. මොකක් කිව්වත් කමක් නැ බොල මම හිතේ අහිතක්
නැ.
එලමතමා....
ReplyDeleteSimply.. my kind of.. :)
ReplyDelete#මොන thenks ද සර් අපෙන් ඕවා ඉස්කෝලෙට වෙන්න ඕනි දේවල්නි#
ReplyDeleteයකෝ උබලා මොනවද කලේ thenks කියන්න. කරගන්න ඕන ටික සර් කලානේ..
ඔය පැත්තේ භාෂාව ටිකක් වෙනස් නේ.. නි. යන්නෙන් වෙනස් වෙනස් වෙන්නේ..
මං හිතුවේ නැටුම් කාමරේ බිමට සමතලා කරන්නෙයි කියලා.
ජය වේවා!
සමතලා කරා නම් අද මෙහෙම ජීවත් වෙන්න බැරි වේවි.
DeleteOyage adara kathawa liyanna Salitha... Ada unu eka...
ReplyDeleteආදර කතාවක් උනා නම් ලියන්න තිබ්බා. එහෙම සිදු උනේ නැනි මචෝ.
Deleteමට මැවිල පේනව ඔයාල අම්මි බනින විදිය. හික් හික්
ReplyDeleteමට එදා වැඩිය බැන්නේ නැ
Deleteඅපේ ඉස්කෝලෙ විස්තරේ අහනකොට ඒකාල මැවිල පේන්න ගත්ත. අපි කොච්චර ආසවෙන්ද ඉස්සර නැටුම් කාමරේට යන්නෙ, නටන්න.
ReplyDeleteඅනික ලලිත් අයියගෙ කඩේ එහොන දැන් ගොඩක් දියුණු ඇති නේද?
කඩේ නම් දැන් ගොඩක් හොදට තියනවා
Deleteසිරාවට ලියල තියෙනව. කියවන්න කියවන්න ආසයි.
ReplyDeleteආදර කතා අහන්ඩ තමයි අපේ නම් වැඩි මනාපෙ....
ලගදීම ලියනවා
Delete