ඊලග කොටහ කොටහන් කොටහන් කියලා ගොඩක් අය කිව්වා. මමත් ඉතින් හිටහන් හිටහන් කියලා වැඩේ පොඩ්ඩක් කල් දැම්මා. අවසානයේ මරණීය තර්ජන පවා ආවා. ඉතින් අකල් මරණ වලට අකමැති මම කොටන්න කියල සුජානම. මුල් කොටස කියවා ගන්න බැරි උන අය මෙතනින් රිංගන්න .
ඔන්න ඉතින් සලිත කොලුවා දහසක් දේ හිතේ තියාගෙන පන්තිය වෙත පියමන් කරා. බස් එකේ
පිටුපස ඉදන් දවස ගෙවන ආකාරය ගැන සිහින මවමින් ගියා. පන්ති ඉවර වෙලා පොඩි වතුර පාරක් ලගට ගිහින් පොඩ්ඩක් නා කියා ගෙන ආතල් එකේ අසපුවට යන්න හිතා ගෙන ගියා.
"අඩෝ අද ආතල් එකක් ගමු"
"අනිවා බන් පට්ට ආතල් එකක් ගමු"
"උබලා පන්ති ඉවර උන ගමන් අරහේ යනවනි"
"නැ බන් ගෙදර ගිහින් එමු කියල කස්සටිය කතා උනා බන්"
"මොන
h%^$&^* කියන්නේ"
"උබ දැක්කේ නැද්ද what wala අන්තිම msg ටික" එදා රෑ 9 වෙද්දී නිදා ගත්තා. උදේ නැගිටලා බලනකොට පණිවිඩ 150 විතර තිබ්බා. එකින් එක කියවන්න තරම් කැක්කුමක් තිබුනේ නැති නිසා මට පණිවිඩය ඇවිත් තිබුනේ නැ. එත් කරන්න දෙයක් තිබ්බෙත් නැ ආයේ ගෙදරට ගිහින් බලු වෙන්නත් බැරිය. මගේම කියල සුන්දරියක්වත් හිටියා නම් .......... කාලය ගත කරන්න තිබුනා.
"සලිත අයියා අපි කොහොමද හෙට එන්න ඕනි" මගෙන් ඇහුවේ බින්නා.
"උබල ඕනි විදිහකට වරෙන් බන්. අර නාකි උන්ගේ සිල් බිදෙන්නේ නැති විදිහකට"
"නැ අයියා මේ දවස් වල හුලග තියනවනි " සිරාවට වෙසක් කාලයට හුලග
ටිකක් වැඩියි. ඒ නිසා කෙල්ලන්ට අදින ඇදුම ගැන සැලකිලිමත් විය යුතුමයි. ටික වෙලාවකින් බින්නා සර් එක්ක කතා කර කර ඉන්නවා දැක්කා. ඇදුම ගැන වෙන්න ඕනි.
"දැන් අසපුවට යන්න ලැස්ති වෙලා ආපු උන් ඉන්නවද" කොල්ලෝ තිහක් හතළිහක් විතර හිටියත් සූ ගලා තුන්දෙනෙක් හිටියා. එකෙක් නවීන් අනිකා අබයා ඉතුරු එකා මම බොල. අලුත් පන්තියෙත් ළමයි දෙන්නෙක් ඉදලා.
"කොල්ලනි උබලට වැඩක් තියෙනවා අසපුවට ගිහින් ගෙන බඩු ටික බාපල්ලා උබලා දවල්ට කෑවද"
"ඔව් සර් කෑම අවුලක් නැ අපි කෑවා"
"එහෙනම් උබලා 3 වෙද්දී එහෙට පලයල්ලා අනිත් කොල්ලෝ ටික හවස 6 වෙද්දී වරෙන් මම 6 30 වෙද්දී එනවා කෙල්ලෝ ටික හරියට හෙට උදේ 7 වෙද්දීවත් වරෙල්ලා"
මෙහෙම ඉන්නකොට මගේ මිතුරු ඩෝලා අමුතු කතාවක් කිව්වා.
"අඩෝ මට එන්න වෙන්නේ නැ බන්. අපේ ගෙදර අද පොඩි වැඩක්. උබල පලයන් මම පුළුවන් උනොත් හෙට එන්නම්" අපි තුන්දෙනා එකටම සිටියෙමු. එත් දැන් අසපුවේ යාමට සිදුවී ඇත්තේ එකෙක් නැතිවය. පොර නැති වීම මට මෙන්ම නවීන් කොලුවටත් දැනුනා විය යුතුමය.
දැන් අපිට පන්ති ඉවර වුනි.අලුත් පන්තියේ කොල්ලෝ දෙන්නෙක්ද සෙට් උනි නම් වලින් එකෙක් ලහිරු අනිකා චාමර.
"බඩගිනි නේද බන්"
"මේ h%^$*&
සර්ට කිව්වනි අපි කාල ඉන්නේ කියලා. නැත්තන් කීයක් හරි ගන්න තිබ්බා. දැන් ඉතින් අතින් දීල කාපන්කෝ"
"මේකා වගේ හරකෙක්" ඔව් බොල බැන්නේ මට අලුත් කොල්ලෝ දෙන්නා හැරෙන්න නවීන් එක්ක අබයා මට හොදට දෙහි කැපුවා.
"හරි හරි බන් rice එකක්වත් දාගමු බන්"
"ඔව් එකක් කමු අහවල් කඩෙන් කමු" ඔක්කොම එකග විය.
කඩයට ගිය ගමන් කන්න හම්බ වුයේ නැත. එයටත් ටිකක් ඉවසන්න විය. අපි කන්න ගිය බත් එක මිලෙන් අඩුම එක විය. සල්ලි නැති දුප්පත් අපිට හිමි එකම බත් එක උයේ මිලෙන් අඩුම එකය. බත් එක අතට ලැබුණි. බත් එක කන ගමන් වීර කතා, ආදර කතා, රටේ දේශපාලන තත්වය, පන්තියේ ලස්සනම කෙල්ල වගේ කී නොකී වැදගත් දේවල් කතා බහට ලක් උනා.වෙනද මෙන් නොව නවීන් කොලුවා අමුතු දෙයක් කළේය.
"අඩෝ මට ඇති බන්" වෙනදට බත් ඇටයක් ඉතුරු නොකරන පොර අද බත් කෑවා ඇති කිව්වා. ඩෝලා නැති දුකට විය යුතුය. පසුව රුපියල් 100 බැගින් එකතු කරමින් සල්ලි ගෙවන්න ගියා.
"පුතා මෙතන 500 තියෙන්නේ ගාන 600 නි."
"බත් එකක් 100 නේද "
"දැන් 120 යි " බත් එකට වැට් එක එකතු වී ඇති බව තේරුන් ගත්තෙමි.
පසුව හෙමින් බස් ස්ටෑන්ඩ් එකට පියමන් කරා. බදුල්ල බණ්ඩාරවෙල බස් රථයකට ගොඩ උනා. දාල තිබ්බේ අජිත් මුතුකුමාරනගේ සින්දු. ඒවත් අහගෙන රුපියල් 25 ටිකෙට් එකක් අරගෙන ගමනට සුජානම් උනා.ගමන යන අතරතුර මගේ ආසනයට කෙළවෙන බවක් පෙනුනා.වයසක ආච්චි කෙනෙක් ආවා. ඇයගේ ඇටකටු වලට පමණක් සම ඇලවී තිබුණි ඒ තරම් වයසක ආච්චි කෙනෙකි.
ඇය දැක්ක ගමන් මම වහාම වහාම නැගිට මාගේ ආසනය ලබා දුන්නෙමි. ඇයගේ ඇස් වල ලියවෙලා තිබුන කතාන්දරය මට තේරුනේ නැති වුනත් එහි ලොකු දුක්බර කතාවක් ලියවී තිබුනා.
"කුබල්වෙල බහින අය බහින්න" කට හඩ ඇසුනි. ඒ පණිවිඩය අපිට විය. ඒ සැනින් අපි බස් රථයෙන් බැස ගත්තෙමි.
අසපුවට තව 4.5 km දුරකි. නාල වරෙන්කො පයින් යන්න. ඒ මදිවට අංශක 80 විතර කන්දක්.පව් කල ගොනෝ ඇදපන් හපුතල් යනවා.වාසනාවකි බණ්ඩාර සර් එතන හිටියා. අපි හිත හදා ගෙන බණ්ඩාර සර්ගේ යකඩ අශ්වයා ලගට ගියා. අපි හිතා ගත්තේ ඒ අශ්වයා උඩ නැගගෙන යන්න. අරුමයකි පුදුමයකි රියදුරු අසුන හැර අනිත් සියලු තැන්වල බඩු පුරවා තිබිණි.පොලොස්, රතු ලුණු,පොල් , වට්ටක්කා වගේ දේවල් වලින් වාහනය පුරවා තිබිණි.ඒ වාහනයට ඇතුළු වීමට නොහැකි බව වැටහිණි.
[ අසපුවට යන මාර්ගය ]
"කොල්ලොන්ට පයින් යන්න බෑ නේද මම තුන් රෝද වාහනයක් අරන් එන්නම්" සර් දෙවියෙක් වගේ එක තේරුන් ගෙන තුන් රෝද වාහනයක් ගෙන්න ගියා. විනාඩි ගණනක් ගියා එත් සර් ආවේ නැ. විනාඩි 15 විතර ගියා.
"කෝ බන් සර් නැනි " අපිට නහුපෙටම නැගලා තිබුණි. සර් ගේ වාහනය ඈතින් දිස්වුනි. එත් තුන් රෝද වාහනයක් දිස් උයේ නැ. අපි හිත
හදා ගත්තෙමු.
"කොල්ලනි තිබුනේ නැ"
අපේ වාසනාව නිසා ඩීසල් තුන් රෝද කටුවක් පාරේ අහම්බෙන් ගියා. එකට ඇත දමා අපේ 4 ක් නැග්ගා. තව එතන හිටපු සීයා කෙනෙක් එකටම දා ගත්තා.මාත් වාහනයේ රියදුරු ලගින් වාඩි උනා. දැන් වාහනයේ සිටින ගණන 7 කි.කෙසේ කන්ද තරණය කරාද යන්න මට තවමත් ගැටලුවකි. විනාඩි 20 කින් පමණ අසපුවට ලගා උනා. ආදරණීය සර් විසින්ම ගණන් හිලවි බේරලා රෝද තුනේ වාහනය පිටමන් කරා.
ඊට පස්සේ අපි වහාම සර්ගේ වාහනයේ තිබුන බඩු ඔක්කොම බිමට බෑවා.සර් අපිට සමු දුන්නා.
[ දානෙට ගෙනාපු දේවල් වලින් ටිකක් ]
"අයියා කොහෙද දානේ හදන්නේ "
"මල්ලි උඩ අතන" අත දිගු කර පෙන්වූවා.
වට්ටක්කා, රතු ලුණු වගේ දේවල් එතනට ගියේ උඩින්ය. එත් හල මිටි වලට කර ගැසීමට මම බිය උනි. ඒ අවදානමක් ගන්න බැරි නිසාය. එත් චාමර සහ අබයා ඒවාට කර ගසා ගෙනත් දැම්මා. දානේ හදන තැන සිල් ගන්න උන් දැක්කා නම් කවදාවත් දානේ කන්නේ නැත.ඒ තරම් පිරිසිදුය.අපිට පවරාගත් ඊලග රාජකාරිය අවට පිරිසිදු කිරීමය.
ඉතුරු ටික ලගදීම ලියන්නම්. දැන් මහන්සි බොල. hutch
signal මාත් එක්ක සෙල්ලම් කල නිසා මේ තරම් පමා උනා. මට මෙන්ම ඔබටත් ජය වේවා.
[වමේ සිට දකුණට පළවෙනියා ලහිරු, දෙවෙනියා ගරු කටයුතු සලිත,තුන් වෙනියා අබයා, පස්සේ චාමර, අන්තිමට නවීන් කොලුවා ]
සලිත.
2016-06-18
ප ව 11:11
Good job boys ...
ReplyDeletethank you ayya
Deleteඅඩුම තරමෙ පිං අතේ වැඩක් ගැන කතා කරද්දිවත් මේ %*&%$* වචන නොකිය ඉන්න ළමයි.... අනේ අනේ.
ReplyDeleteදායක සබාවේ කෙනෙක් ඇවිත් හැක හැක .
Deleteකොල්ලො ටිකක් සෙට් උනොත් %*&%$* වචන කියනව තැනක් නොතැනක් නැතුව.....හැක් හැක්..
Delete// ඇයගේ ඇටකටු වලට පමණක් සම ඇලවී තිබුණි //
ReplyDeleteමට මේ ටික කියවද්දිනම් හිනා ගියා සලී. බොලා පොඩි කාලෙ හිටපු විදිය මටක් වෙලා.
මතකයි හුලගටත් ගහගෙන යනවා වගේ හැක හැක .
Deleteහැක් හැක්....මරු වැඩ..
ReplyDelete