මම යන එන තැන්

Tuesday, January 5, 2021

හෙඩ් ලයිට්

 


හෙඩ් ලයිට් කියන්නේ ක්රිකට් ඇරුනම අපේ උන් ජාති කුල මල ආගම් බේදයක් නැතිව ආයෙත් එකතු වෙන තැනක්. පොදු සතුරෙක් ඉන්න හැම වෙලාවකම වගේ ලාංකිකයන් හරි එකමුතුයි. එහෙම එකෙක් නැති කොට ඉන්න උන් එකිනෙකා මරා ගන්නවා. මහා පාරේ යන හැම රියදුරු තැනකම පොදු සතුරා පොලිස් නිලදාරීන්. අන්න පොදු සතුරා ඉස්සරහා අපේ උන් කිසිම බේදයක් නැතිව එකතු වෙනවා. යාන්තමින් හුස්ම ගන්නා උන්ට දඩයක් වදිනවා කියන්නේ ඉතින් බඩුම තමයි. අන්න දුක දන්නා සියලු පොදු වැසියන් අනෙකාට උදව්වක් වශයෙන් මග තොටේදී හෙඩ් ලයිට් එකක් ගහන එක දැන් සාමානය දෙයක්.

 

ලංකාව ගත්තම මහ මග අනතුරු වැඩිම රටක්. දවසකට විශාල ප්රමාණයක ජීවිත නැති වෙන්නත් අත් පා අහිමි වෙන්නත් රිය අනතුරු හේතු වෙලා තියෙනවා.  සාමාන්යයෙන් ප්රදාන පාරක හන්දියක් හන්දියක් ගානේ පොලිස් නිලදාරීන් යොදවලා තියෙන්නෙත් ඔය හේතුව නිසා වෙන්න ඕනි. ඔය අහිමි වෙන ජීවිත වලින් වැඩි ප්රමාණයක් තරුණ ජීවිත. කියන්නේ රටේ අනාගතය. නිසා කොහොම හරි රිය අනතුරු වලක්වා ගන්න අපි ක්රියා කරන්න ඕනි. නැත්තන් නැති වෙන්නේ අපේ අනාගතය. පිලිබදව විවිද යෝජනාවන් ඉදිරිපත් වෙනවා. අද යෝජනා නැතිව වෙනම පැත්තක් ගැන කතා කරමු.

 

අපේ රටේ රියදුරන්ගේ කැටගරි කිහිපයක් ගන්න පුළුවන්. සෙට් එකක ඉවසීම අන්තිමයි. උන් මීටර් 100 න් 100 මොකෙක්ට හරි බැන බැන යන්නේ. වාහනකයට බැරි නම් පාරේ ඉන්න කෙල්ලෙක්ට හරි බැන බැන යන්නේ. ඔය එක කැටගරියක්. තව කැටගරියක් තමයි මිරිගුව පරදා කැටගරිය. උන් ඉන්නේ මේ ලෝකේ නෙවෙයි. උන්ට ඕනි එකටම යන්න. වැරදිලා හරි කවුරු හරි උන්ව ඉස්සර කරොත් උන්ගේ ඇට මස් නහර ඔක්කොම වැඩ කරන්නේ අනිත් එකාව අල්ල ගන්න. තවත් කැටගරියක් තමයි බීමත් කැටගරිය. උන්ගේමුත් සිදුවෙන්නේ හිතන්නවත් බැරි විනාශයක්. ඔය අතර බස් ලොරි රියදුරු කැටගරිය වෙනම එකක් . ඔන්න ඔය වගේ කිව්ව,නොකිව්ව බොහෝ රියදුරු වර්ග වලින් වෙන්නේ විනාශයක්.

 

ඔය විස්තර කරපු ඔක්කොම වගේ රියදුරන් පාරේ යන්නේ සැලකිල්ලෙන් නෙවෙයි. එත් එක පාරක් හෙඩ් ලයිට් වලින් සිග්නල් එකක් දුන්නොත් ඔය අවසිහියෙන් යන ඔක්කොම වගේ ප්රකුර්ති සිහියට එනවා. අඩුම විනාඩි දහයක්වත් සිහියෙන් ගමන් කරනවා. නිසා කවුරු කොහොම කිව්වත් පුද්ගලිකව හෙඩ් ලයිට් ගහනඑකට මන් කැමති. නිසා ඔබත් හෙඩ් ලයිට් ගහල තරුණ ජිවිත බේරා ගන්න.

 

කෙටියෙන් ලියව්වා. ආයෙත් ලියන්නම් ඔබට ජය.

සලිත

2020.01.06

පෙ 10 51

4 comments:

  1. ගත්තම අතට සුක්කානම රජ වෙනවා
    රාලහාමිලා ගාවදි කිච වෙනවා
    මොළයක් තියේ නම් කාරණ වැටහෙනවා
    අනුන් ගැනත් හිතමුකො -පිං අත් වෙනවා!

    ReplyDelete
    Replies
    1. අපි පාරේ යන්නේ අන්තිම බයෙන්

      Delete
  2. අඩේ... ඒක හොඳ අදහස.

    ReplyDelete
    Replies
    1. තරුණ ජීවිත රැක ගනිමු.

      Delete