මම යන එන තැන්

Tuesday, April 26, 2016

බෝබුරු ඇල්ල 3 [අවසාන කොටස]





විනාඩි 15 කින් විතර ගමන ඇරබුනා. බස් එක ඉබි ගමනේ යනකොට පැරණි අත්වැල් පාලමක් දැක්කා. එම අත්වැල් පාලම මගින් එකල වාසය කල අය විදපු දුක් පිලිබදව යමක් හිතා ගන්න පුළුවන්. අගනගරයේ ජනයාට ඇගේ තෙල් දිය කරගන්න  මංතීරු පාරවල් හැදුවට අපේ පැත්තේ ඉන්න අයට යන්න එන්න හරියට පාරක් නැති තැන් එමටයි. එත් බදු ගෙවන්නේ අපිත් ඇතුළු ඔක්කොම ජනතාව කවදා ඉතින් හරි හැටි සංවර්දනය බෙදී යයිද? බසයේ සල්ලි එකතු කරන මහත්මා අපි ලගට ආවා.

"අයියා බෝබුරු ඇල්ලට කියද?"

"48 " අපි රුපියල් 2 වාසිය නොබලා රුපියල් 50 ගානේ දුන්නා.

"අයියා ඊළගට බස් තියෙන්නේ කීයටද?"

" 1:30 මල්ලි" ඔහුගේ උත්තර සැබවින්ම කෙටි ඒවා විය. ඔහු යම්කිසි ගැටළු කිහිපයකට මුහුණ දෙමින් ඉන්නා අයකු විය යුතුය.

නැවතත් පොඩි මල්ලිට සේවයට වාර්තා කිරීමට තිබුන නිසා අපි එම බස් රථයම අල්ලා ගන්න හිතා ගත්තා.

පොඩි නිදිමත ගතියක් තිබ්බේ අපිට. ටික වෙලාවකින් බස් එක කඩයක් ලග නතර කරා. ටික වෙලාවක් ගියා බස් එක ඉස්සෙනවා වගේ දැනුනා. බොල හුලන් ගහන්න යන්නේ. අපගේ රතු කට්ට පැනල තිබ්බට වඩා තව ටිකක් එහාට පැන්නා. අපි දේශගුණය නිසාද කොහෙද එහෙම රතු කට්ට පැන්නත් තරහ එලියට පෙන්වන්නේ සීමිත පිරිසක්. අපගේ වටිනා කාලය . හෙමින් හෙමින් ආයෙත් බසය ගමන් ඇරබුවා.

"ගොඩක් දුරයිද සලිත තව?" ඔය ක්රමය පොඩි මල්ලිට ආවේනික එකක්. 

"හරියට අහපන් යකෝ" නවීන් ඇහුවා.

"ඔව් බන් තව දුරයි"

තව ටිකක් බස් එක ගියා. කියන්න ආසයි පැත්තේ පාරවල් ඔක්කොම කාපට්. පාරේ පැයකට වාහන 5 වත් යන්නේ නැ. එත් අපේ පාරේ වාහන විශාල ප්රමාණයක් යනවා. එත් කාපට් තියා කියන්න ඕනි නැ බොල. පැයක් විතර ගියාට පස්සේ ඔන්න අපි ගමනාන්තයට ලං උනා. බලාපොරොත්තු රහිතව තිබුන අපගේ මුහුණු බලාපොරොත්තු වලින් නැහැවී ගියා.කුඩා අඩි පාරකින් ගමන අරබුවා. ගමනේ ටික දුරක් යනකොට අපේ ලේ උරා බොන සතුන් ඉන්න බව අපිට වැටහුනා. සෙරෙප්පු දා ගෙන හිටපු උන් කකුල් වල සබන් ගා ගත්තා. මම සපත්තු දා ගෙන හිටපු නිසා අවුලක් උනේ නැ.

"ඔය සද්දේ ඇහෙන්නේ දැන් ලගයි නේද බන්"

"ඔව් බන් දැන් නම් ලගයි වගේ"

"පිස්සුද බන් තව දුරයි"

"අන්න බන් අම්මිරිස් බලපන් අයිතිකාරයා ඉන්නවද කියලා" අම්මිරිස් කුබුර අතරින් ගමන් මග  තිබුනා.

"අර ඉන්නේ බන්"

"මේ කලේ මේ වගේ වගාවක් දාල යන්නේ මොකාද බන් රකින්නේ නැතුව" කාලයේ අම්මිරිස් 1 kg ක් රුපියල් 1100 දක්වා මිලක පැවතුනා.

මේ අතර මග ගමනේදී ඩෝලා කොලුවා නිදන් ගැන අපුරු විස්තරයක් කරා. බහිරවයන් ගැන පොර කියපු කතාව අදටත් මට මතකයි.

මෙම දිය ඇල්ල අසිරිය විදින්න ආදරවන්තයන්ද පැමිණෙනවා. අපි යනකොටත් එහෙම දෙන්නෙක් අපිට ඉස්සරහින් ගියා. අපගේ කණ්ඩාමට ඇතිවූ හදිසි අවශ්යතාවක්  කරගන්න අපි සෙට් එකම පැත්තකට ගියා. ගිහින් ආපු පමාව විතරයි උන් දෙන්න ආයේ දැක්කේ නැ.

තරමක් විශාල ජල නල කිහිපයක් අප යන මාර්ගය ඉදිරිපිට තිබුනා. මම හිතන විදිහට ගමකට ඒවා මගින් ගමකට ජලය සපයනවා ඇති.

"අඩෝ බටේ උඩට නැගලා ෆොටෝ ගහමුකෝ"

"එක එකා නගිමු"

මුලින්ම බටයට නැග්ගේ මම. බටයට නැග්ගට ෆොටෝ වල  ඉන්න හැටි මට යහළුවන් කියා දුන්නා.එහෙම එදලා ගත්ත ෆොටෝ වලත් කිසි ගතියක් මට තිබුනේ නැ.එහෙම එහෙම ඔක්කොම වගේ ෆොටෝ ගත්තා. අවසාන වාරය මොකාට හිමි උනා. පොර බටයට නැග්ග ගමන් කැරකිලා නැටුමක් දාන්න ගියත් උගේ අප්රබිත මෙව්වා එක නිසා අපෙන් බලු වීමට ගිය උදාර අවස්ථාවක් පොර මග හරවා ගත්තා. කොච්චර ඉස්සරහට ගියත් පෙනුන දිය ඇල්ලක් තිබ්බේ නැ. එත් දිය ඇල්ල වැටෙන සද්දය ඇහුනා.

"සලිත දිය ඇල්ලක් තිබ්බේ නැත්තන් උබට මම"

"අම්මේ අර බලහන්"

"කොහොමද ඇල්ල වැදපන් මට දැන්"

"පට්ට පට පට යමන් දුවගෙන"

"මේ $^%&* හිටපන් ඔකේ ගල් ඔක්කොම ලිස්සනවා"

මෙය අදහා ගන්න බැරි දර්ශනයක්. සුන්දර බෝබුරු ඇල්ල අප ඉදිරියේ  කඩා වැටෙනවා. මම කොතරම් දිය ඇලි දැකලා තිබුනත් මෙහි විශේෂ දෙයක් දැක්කා. මම දැකපු දිය ඇලි අතරින් දිය ඇල්ල පාමුලට යන්න පුළුවන් එකම දිය ඇල්ල බෝබුරු ඇල්ල. පාමුල හැම විටම මිහිදුමෙන් වැසි යයි. අමුතුම අලංකාරයක් කියල වැඩක් නැ ගිහින් බලන්න ඕනි. අපේ උන් මේ සුන්දරත්වය විදිමින් හිටියා. ෆොටෝ එකක් දෙකක් ගන්න එක අපේ උන්ගේ සිරිතක්. එත් ෆොටෝ එකක්වත් ගන්න බැරි තරමට අවට පරිසරයේ ජල වාෂ්ප වලින් පිරිලා. කැමරාව කාචය වැසි යන තරමට ජල වාෂ්ප.

"කාල බොනවද නැත්තන්"

"ඔව් බන් අපි අදවත් පටන් ගමු නේද"කොල්ලෝ සෙට් වෙන විදිහෙන් මතත් තේරුනේ පොඩි මල්ලිව bite එකට සෙට් වෙන්න යනවා කියලා. පොඩි මල්ලි බෝතලක් දැක්කත් ගැහෙන එකෙක් බොල.

"පොඩි beer එකක්වත් ගහමු බන්"

"හැමදාම බොන්න නෙවෙයි බන්"පොඩි මල්ලිගේ මුණ උබල එතන ඉන්න තිබ්බේ. පොර බෑග් ඔබ ඔබ බලනවා බෝතල් තියනවද කියලා. කියල වැඩක් නැ. පොර ඔක්කොම දේවල් සිරාවට ගන්න පොරක් bite උනා හොදටම.

"කමු බන්"

අප කඩෙන් ගත්ත බත් එක උකුසු ප්රහාරයක් එල්ල වුනා වගේ හිත ගන්න බැරි උනා බත් එකට මොනාද උනේ කියලා.

ඔන්න මම අකමැති වැඩේට කොල්ලෝ ටික බැස්සා. මම ඔය ලිස්සන ගල් උඩින් යන්න තියෙන්නේ අමුතුම බයක්. එත් අරුන් ටිකට ගානක්වත් නැ. ඔහේ පැන පැන ගියා. උන්ගේ බල කිරීම මත අකමැත්තෙන් උනත් මටත් තරමක් දුර යන්න උනා. හදිසියේ හෝ දියපාරට වැටුනොත් ඉතින් බඩුම තමා.ගල් වලින් යනකොට මට යන්න බැරි උන තැනක් ආවා. අරුන් ටික   තැනත් පසුකරගෙන තවත් ඉස්සරහට ගියා. මගේ ඇති ජීවිත ආසාව නිසා මම වැඩේ අත් හැරියා.මම හිටපු තැනට වෙලා හිටියා.ඔන්න ඔහොම ෆොටෝ කාරිය අරගෙන ආයෙත් එන්න පිටත් උනා. එන්න මොහොතකට කලින් අපේ උන් fanta බොන්න සෙට් උනා. එතැනදී මොකා හොර කරපු බව තවම මතකයි. අතර තුර නවීන් කොලුවට සහ මොකා කොලුවට පැගිරි විසේ ඇති උනා. හැක හැක.
                                 
                                    [පැගිරි විසේ]




            
                                     [ගමනක නිමාව]

ඔන්න ඉතින් කතාව ඉවරයි. ජීවිතේ කවද හරි මතක් කරන්න ගොඩක් තිබුන කතාවක්. මේ කතාවේ එන චරිත ටිකට ආයෙත් සෙට් වෙන්න පුළුවන් වේවි කියල කියන්න අමාරුයි. කතාවේ එන මොකා වයබ විශ්වවිද්යාලයේ සිසුවෙක්. නවීන්,සලිත  campus යන්න ඉන්නේ. ඩෝලා MLT පැත්ත  හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පොඩි මල්ලිට campus පුළුවන්කම තිබුනත් පොර ආයෙත් පාරක් උසස් පෙළ කරන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ.

ලගදීම ආයෙත් අලුත් ලිපියකින් හමු වෙමු.

සලිත.
2016-04-26

6:11