ටිකක් විතර කාලයක් ලියන්න බැරිව හිටියේ. එත් ඉතින් අමතක කරන්නත් බැරි තරමට බ්ලොග් ලියන එක මගේ හිතට වැදිලා.ලියන්න කතා කිහිපයක් හිතට ගලා ගෙන එනවා. අවසානයේ මම තීරණය කරේ ගොඩක් දුර ඈතක සිදු උන පුංචි සිද්දියකට. සිද්දිය පොඩි උනත් කියන්න ගොඩක් දේවල් එකේ තියනවා.
මේ කතාව උනේ 2010 වසරේ හරියටම ලෝක ළමා දිනය දවසේ. කතා කියන්න කලින් ගොඩක් දේවල් කියාගෙන යන්න වෙනවා.ඒ කාලයේ
ළමා දිනය කියන්නේ අපිට මගුල් වගේ දවසක් තාමත් ළමයෙක් තමා බොල. පාසලේ ගුරුවරු අපිටත් මොනවා හරි දීල අපිව සතුටු කරන දවසක්. පෑනක් පැන්සලක් වගේ දෙයක් එදාට අනිවා අපේ ලගට එනවා. මම ඉගෙන ගත්ත පාසලේ ගුරු දෙමාපියෝ අපි ඉස්සරහ නැටුමෙන්ද, ගැයුමෙන්ද, රංගනයෙන්ද අපිව එදාට සතුටු කරා. අද අප සැම ඉන්න තැන් වලට අපිව ගෙන එන්න ඒ අය ලොකු කැපකිරීමක් කරා.
මගේ පාසල පිහිටලා තිබුනේ කන්දක එහෙම කිව්වොත් හරියටම හරි. අප ප්රදේශයේ වැඩිම ප්රදේශයක විසිරිලා තියෙන පාසල අපේ පාසල.පිට්ටනිය තිබුනේ කන්ද උඩම. එතැන් සිට පිලිවලට කන්ද පහලට ගොඩනැගිලි විසිරිලා තිබුනා. පහලම ගොඩනැගිල්ලේ ඉදන් ඉහලම පිහිටි ගොඩනැගිල්ලට ආසන්න වශයෙන් පඩිපෙල් 3000 විතර තියනවා. සමහර ගුරුවරු අප පාසල හැර යන්නේ ඔය හේතුව නිසා.පාසලේ ගුරුවරු ළමයි වෙන ඉස්කෝල වල වගේ ලොකු පරතරක් තියාගෙන හිටියේ නැ. දෙගොල්ලොම හොදම යාලුවෝ උනා. ඒ කාලයේ සැර ගුරුවරු කියල හිටියේ මොහාන් සර් විතරයි. ලොක්කත් පොඩ්ඩක් විතර සැරයි.
අපි ඔක්කොම කැමති තැන පිට්ටනිය . සහෝදර බැදීම්, ගැටුම් ඒ වගේ ඔක්කොම දේවල් වල ඇරබුම පිට්ටනිය. අපිට තිබුන ලොකුම ආසාව බෝල ගහන එක. එකත් අපි බෝල ගැහුවේ නිකන්ම නෙවෙයි . ඇත්තටම කියනවා නම් එතන හැමදාම තිබුනේ සුදුවක්. ඔව් බොල සුදුවක්. අපි බෝල ගැහුවේ සල්ලි වලට. IPL තරම් දියුණු නැතත් හොද මට්ටමක සුදුවක් එතන තිබුනා.දැන් ඉතින් අහන්නේ කොහොමද කියල නේද?
අහගන්නකෝ. ගොඩක් විට අපි පිට්ටනියට යනකොට අපේ සමවයසේ උන් පිට්ටනියේ ඉන්නවා. එක කණ්ඩායමක ගැන කතා කරගන්නවා. එක පිලකට 8 විතර වැටෙනවා. එත් ඕනි කෙනෙකුට ඔට්ටු අල්ලන්න පුළුවන්.ඔට්ටු අල්ලන ක්රමයක් තියනවා. එක කණ්ඩායම සල්ලි ඔක්කොම තියෙන්නේ කණ්ඩායමේ එක් අයෙක් ලග. මතක ශක්තිය හොද කෙනෙකුට සල්ලි එකතු කරන වැඩේ දෙනවා. දෙපැත්තම ගානට සෙට් උනාම රුපියල් 250, 300 විතර ගානක් එක පැත්තකට එකතු වෙනවා. දිනපු පැත්තට ඔක්කොම සල්ලි. අපි තරගයේ නිවැරදි බව වැඩිවීමට තරගය නිවැරදි තීරණ ලබා දීමට වැඩිහිටි අයියා කෙනුකුගේ සහය ගන්නවා. ඒවා පින් තකා කරන දේවල් නෙවෙයි. ඒවාට ඔවුන්ට ගෙවන්න ඕනි. එහෙම එකෙක් අල්ලා ගන්න බැරි උනොත් සර්ව සාධාරණ
කෙනෙක්ට වැඩේ දෙනවා. මටත් හම්බ උන අවස්ථා ගොඩක් තියනවා.
ඉතින් තරග තීරණ නිවැරදිවම ලබා දෙන්න ඕනි. නැත්තන් එතන ලොකු වලියක් ඇති වෙනවා.එහෙම ගහ ගත්තු අවස්ථා කිහිපයකුත් මතක් වෙනවා. සුන්දරය ඒවා. මතක් වෙන්නේ ලොකුම සිදුවීම බැට් වලින් ගහගත් අවස්ථාවන්ය. කොහොමත් දැනුත් බැට් පහරවල් 10 කට උනත් බය නැතුව මුහුණ දෙන්න පුළුවන් තත්වයක් තියනවා. ඊළගට එන අවස්ථාව මුදල් බෙදීම. එක හරිම අමාරු වැඩක්. සල්ලි එකතු කරපු කොල්ලට සල්ලි දුන්නේ නැති උනුත් ගිහින් සල්ලි ඉල්ලන්න ගත්තම ලොකු අමාරුවක වැටෙනවා. ගොඩක් වෙලාවට සල්ලි බෙදන කොල්ලගේ ලග තියෙන සල්ලි වලටත් කෙලවනවා. බෝල ගහපු හැටි ගැන
වෙනම පොස්ට් එකක් ලියන්නම්කො.
ඉතින් අපි ගොඩක් ආදරය කරේ බෝල ගහන්න. පන්තියෙන් කට්ටි පැනල බෝල ගහන්න තරම් අපිට වෙන පිස්සුවක් තිබුනේ නැ. ගවුම් වලට ලැදි උන් හැර අනිත් ඔක්කොම පන්ති වලින් කට්ටි පැනලා බෝල ගහන්න යනවා.
අපිට උපරිම නිදහසක් ලැබෙන්නේ ළමා දිනයට. එදාට ඉතින් අපි මොනවා කරත් දඩුවම් හම්බ වෙන්නේ නැ කියල දන්නා නිසා ඕනිම පිස්සුවක් කෙලින්න අපි සුජානමින් හිටියා. 11 වසරට යන්න ඔන්න මෙන්න අපි හිටියා. 11 වසර කටයුතු කරගෙන ගියේ මොහාන් සර්. ඒ නිසා 11 වසරට ගිහින් පිස්සු කෙලිනවා බොරු. ඒ නිසා අපි දවසෙම බෝල ගහන්න තීරණය කරා.
ඔන්න ඉතින් කොල්ලෝ ටික ඔක්කොම පිට්ටනියට ගියා. එදා පුදුමයක් 10 වසරේ පන්ති 4 ම කොල්ලෝ ඔක්කොම පිට්ටනියේ.පට්ට පට පට සෙට් එකම පිට්ටනියේ .
"අද කොහොමද බන් ගහන්නේ"
"සෙට් 4 ක් ගහමු"
"කොහොමද බෙදෙන්නේ "
"පන්තියකින් සෙට් එක ගැනේ දාමු"
"අද නම් එක &^%#$ එන්නේ නැ අපිට කෙලවන්න"
“ගානක් කතා කරගෙන වරෙන්”
ඔන්න ඉතින් අපිට කියල එක නායකයෙක් හිටියේ නැ. බෝල ගහන්න දක්ෂයෝ ටිකක් හිටියා. පසන් , ජෝන්ටි , ප්රියංකර වගේ සෙට් එකක් අපේ සෙට් එකට සෙට් උනා. අන්තිම ගාන රුපියල් 300 විතර උනා. මමත් 300 න් වැඩි කොටහකට දායක උනා. එතනත් උනේ වංචාව. දක්ෂ කොල්ලෝ මැරිලා අපි දහදිය පොදක් හෙලන්නේ නැති උන්ට සල්ලි හොයල දුන්නා.හැමදාම වගේ අපිත් එක්ක තරගයට සෙට් උනේ බකරෙලා සෙට් එක.
ඔන්න ඔහොම බෝල ගහමින් හිටියා. දැන් 11.30 විතර වෙලා එත් කොල්ලෝ කාලත් නැ. ඒ වගේම 10 වසරේ ඔක්කොම පිට්ටනියේ ඔක්කොම හොදටම හෙම්බත් වෙලා හිටියේ. පණක් තිබුනෙම නැ. ඔන්න එකෙක් මටත් උඩින් ගැහුවා කියහන්කෝ 6 ක්. දැන් ඉතින් බොලේ ගෙන්න තියෙන කම්මැලිකමට
"ලහිරු ගිහින් උබ ගෙනින්"
"මොන #$%@ බන් උබ පල"
"මොනා බන්" මගෙත් එක්ක එකටම හිටපු එකෙක් නිසා ඒ වගේ උදව්වක් පොර මට කරා.
බලාගෙන ඉන්නවා ඉන්නවා ලහිරු නැ. ඒ නිසා ඒ පැත්තට හොම්බ දාන්න මම හිතුවා.
"ලොක්ක එනවා දුවපියව්"
"එකෙක්වත් අහු වෙන්න එපා දුවපන්"
පැන ගන්න පාරවල් 3 ක් තිබ්බා. එකක් තිබුනේ වැඩිහිටි සහෝදරයන්ට විතරයි. ඒ පැත්තට කවදාවත් පොඩි එකෙක් රිංගන්නේ නැ.දැන් ඉතුරු පාරවල් දෙකයි.එක පාරකින් ලොක්කා ආවා. ඉතින් අපි ඔක්කොම අනිත් පාරෙන් පනින්න සෙට් උනා. අපි අතටම අහු උන බව තේරුන් ගන්න වෙලාවක් තිබ්බෙම නැ.
"දැන් දුවල වැඩක් නැ හිටපන් ඔක්කොම තොපිට අද වගේ දවසකවත් ඉන්න බෑ උබත් ඉන්නවද සලිත"
කට උත්තර නැ. අනිත්
පාරෙන් මොහාන් සර් ඇවිත් දැන් ඉතින් බඩුම තමා. මම මොහාන් සර් මුල ඉදන් අදුරන එකක්. සර් එක්ක මම ෆිට් උනේ පොඩි කලේ ඉදන්ම.
"දැන් ඔක්කොම පේලියක් හැදිලා කන් දෙක අල්ලා ගන්න අපි යමු පෙරහැරක්"
ඔන්න ඉතින් අපි පාසලටම විහිළුවක් වෙන්න යන්නේ. කස්ටියම පේලියක් හැදිලා පෙරහැර යන ගමන්. පාසලේ සෑම අංශයක්ම cover කරගෙන අපි ගමන
ගියා. නංගිලා අර අයියත් ඉන්නවා කියමින් කොල්ලොන්ව පෙන්නුවා. කොහොමද හිතට එන ගැම්ම. අපරාදේ කියන්න බැ මව නම් කාටවත් නංගිලට meter නැ. එත් ඉතින් .......
ඔය පෙරහැරින් බේරුන එකම එකා ලහිරු.
"කොහොමද උබ බේරුනේ බන්"
"ලොක්කා දැකල මම පැනගත්තා බන් සංගීත කාමරයට"
මම එදා බොලේ ගෙන්න ගිය නම් මම බේරෙන්න තිබුනා. කතාව ටිකක් විතර දිගට ගියා එත් කොටස් 2 න් නැතුව එකකින් දැම්මා.
සලිත
2016-05-15
ප.ව 3:03
//අපරාදේ කියන්න බැ මව නම් කාටවත් නංගිලට meter නැ //
ReplyDeleteදැන් මට කියන්නේ මේ කතාව පිළිගන්න කියලද?? හිහ්....
දැන්වත් බලන්නේ නැ ඉතින් එක විශ්වාස කරනවද
Deleteළමා දිනේවත් සෙල්ලම් කරන්න දුන්නෙ නැද්ද .... :)
ReplyDeleteළමා දිනය කියල නැ හැමදාම සෙල්ලම් කරා. එදා 11 පහු වෙනකන් හිටපු එක තමා අවුලට හිටියේ.
Deleteඔට්ටු දාන්ඩ පුග්......ඔහොම වෙලා මදි:P
ReplyDeleteනිකන්ම නිකන් දාඩිය දා ගෙන මක්කටද සෙල්ලම් කරන්නේ. උබලත් ගහල බලපන්කො සල්ලි වලට .
Deleteඅන්න ළහිරු වගේ වෙන්න හිතාගනින් කවදාහරි...
ReplyDeletebe like Lahiru haka haka
Deleteමරු වැඩේ....
ReplyDeletehaka haka
Delete