ටික දවසකට කලින් මට මගේ පරණ යාලුවෙක් හම්බ උනා. පොර මට මතක් කරලා දුන්නේ වටිනා කතාවක්. ඒ කතාව කොටන්න හිතුනා. මේ සිදුවීම උනේ හරියටම 7 වසරේදී. මට අද වගේ මතකයි.
6 වසරින් 7 වසරට එනකොට අපේ පන්ති බෙදලා දැම්මේ අපි ගැන හිතලා නොව පාසලේ ඉදිරිය තකා බව පැහැදිලිය.
ඔන්න ඉතින් අලුත් පන්තියක් අලුත් මුහුණු ටිකක්. 10, 11 වසර උන් අපේ පන්තිය වටේ කැරකෙන්න ගත්තේ මොකටද කියල තේරුන් ගන්න වැඩි දවසක් ගියේ නැ. ඔව් ඔව් අපේ පන්තියේ කැල්ලක් දෙකක් ඉන්න ඇති.මුල ඉදන්ම අදුරන අයට හිටියේ ගයාන්, ලහිරු විතරයි. වසර 16 පුරා අපේ මිතුදම තවමත් පවතී. උන් දෙන්නත් එක්ක පුස්තකාලේ පොත් කියවපු හැටි, ටොෆි කොළ එකතු කරපු හැටි, කැරම් ගහපු හැටි, clip ගහපු හැටි මේ ලියන මොහොතේත් මතකට එන්නේ සොදුරු මතකයන් ලෙසය.
7 වසරේ පන්ති බාර හිටියේ කවුද කියල මට හරියට meter නැ. එත් සිංහල උගන්වපු ගුරුවරියගේ නම මතක නැතත් මුණ නම් දැමුත් මැවිලා පේනවා. පන්තියට ගිය අලුත අපි පන්තියේ පුටු වලට පවා බය උනා. කිසි දිනක අපි පාඩම හරියට අහගෙන ඉන්නේ නැ.
"ඔය ළමය නැගිටින්න" මෙවැනි සද්දයක් ඇසුනි .
"ඔයාට ඇහෙන්නේ නැද්ද නැගිටින්න"
"මොකටද බන් කතා කරන්නේ" මම ඇහුවේ ගයාන් ගෙන්
"ඔය බිම බලන් ඉන්න හොරට කතා කරන්නේ" දැන් මට meter මට කතා කරලා තියෙන්නේ. වස ලැජ්ජාවේ බැ ඉතින් පුරුෂ ශක්තිය කකුල් වලට අරගෙන මම හිට ගත්තා. කෙල්ලන් අත කටේ තියාගෙන හිනා වෙනවා. ඒ අතරේ පිස්සු කොල්ලෙක් clip එකකිනුත් ගැහුවා.
"පුතාගේ නම මොකද්ද"
"මම සලිත"
"අද පාඩමේ තියෙන පැල් කවිය කියන්න බලන්න" හිටගෙනද කවි කියන්නේ.මෙච්චර කාලෙකට තාලයට අත්පොඩ් වත් ගහන්න බැරි මට කවි කියන්නලු.කවිය කිව්වේ නැත්තන් ලැබෙන අමානුෂික ලැජ්ජාව වහ ගන්න මට හිතුනා.එත් එහා පන්තියේ ළමුන් පවා සද්දේ ඇහිලා පන්තිය අතහැරලා දුවයිද කියන බයත් මට තිබ්බා. වගකීමක් ගන්න බෑනි මොන හරි උනොත්.
"ලස්සන හිම වතේ මා වී පැසෙන්නේ
................................................"
ඔන්න කවිය කිව්වා. පන්තියම නිහඩයි, නිසන්සලයි, ලස්සනයි, අගෙයි. ගුරුවරියත් නිහඩයි.ලග හිටපු ගයාන් ලහිරු පවා අමුතු මුහුණක්.
"පුතා ලස්සන කට හඩක් නේද ඔයාට තියෙන්නේ. ලබන පාර සාහිත්‍ය තරග වලටත් ඔයා හොදයි.
..........................." තව ඉතින් කියන්න ඕනි ගොඩක් දේවල් කිව්වා. දැන් ඉතින් හිනා උන කෙල්ලන්ට හොද නෝන්ඩියක් කාටද ඉතින් සතුටු.
එත් ඉතින් කරුමේ කියන එක හිටිය යාලුවෝ දෙන්න
"ලහිරු දැක්කද මූ ලස්සන හිමවතේ" මට ලියන ගමනුත් ගයාන්ගේ දත් 22 විතර එලියට දාගෙන මුහුණ නමා ගෙන හිනා වෙන හැටි මට මැවිලා පේනවා. ලහිරු නම් කවදාවත් එහෙම දේවල් කිව්වේ නැති තරම්. එත් ඉතින් කින්ඩියට හිනා වෙන්න නම් පොරත් රුසියා.
ඒ දවස් වල කාලය ගෙවිලා ගියේ clip සහ කැරම් වලින්. අපි කැරම් ගහපු හැටිත් කියන්න ඕනි.
ඉත්තන් උනේ රුපියලේ සහ දෙකේ කාසි , ඩිස්ක් එක උනේ පහේ කාසියක්. කැරම් board එක උනේ මේසය. අපිට තිබුන මේස වල වම සහ දකුණු කොනේ දනින් තැනට හිල් දෙපැත්තට 3 බැගින් 6 ක් තිබ්බා.වලවල් උනේ
මේසයේ තිබුණු හිල්. clip තරග නම් බොහෝ විට දවසක් දෙකක් තිබ්බා.
දැන් ඉතින් අපි පන්තියට ඇවිත් මාස 10 වෙන්න යන්නේ. ඔහොම ඉන්න දවසක
"සලිත අපි මොනාද කරන්නේ ගුරු දිනය දාට" ගවුමක් අපි ඉන්න තැනට ඇවිත් කතා කරා. ගවුමේ නම පවනි. හිසකෙස් ඒ සමයේ ඇය කොටට කපා තිබ්බා. අරුන් දෙන්නට ඉතින් මේවා magic.
පවනි කියන්නේ ටිකක් හොද කෑල්ලක්. එයාගේ නැන්දා පාසලේ නැටුම් අංශය බාරව හිටියා. 11 වසරේ උන් පවනි ගේ පස්සෙන් ආවා වගේ සිගිති මතකයක් මට තියනවා.
"අපි මොන කරන්නද අර අයියලට සල්ලි දුන්නම ඉවරයි
නේද"
"නැ අපි එදාට සින්දුවක් කියමු ඔයාට ලස්සනට සින්දු කියන්නත් පුළුවන් නේද අර මාධව එහෙමත් එන්නම් කිව්වා"
කෙල්ලන්ට තිබු ආතල් ඒවාය. ගුරු දිනය දවසට උන් කියන්නේ මෙහෙම " අනේ සර් අපි සර්ට මෙච්චර කල් බඩා කිව්වා ආයේ නම් එහෙම කියන්නේ නැ අනේ සර් අපිට සමා වෙන්න" ගුරුවරු ලගට ගිහින් කදුළු සලනවා.
අපිට තිබුනේ ඊට හාත්පසින් වෙනස් අරමුණු. උදෙන්ම ගුරුවරු ටිකට බුලත් දීල වැදලා බෝල ගහන්න පිට්ටනියට පැන ගන්නේ ගන්නේ කොහොමද කියන එක, තව ගුරුවරුන්ට දෙන්න හිත ගෙන ගෙනාපු biscult වගේ ඒවා ඉවර කරන්නේ කොහොමද කියන එක. මම කලින් ලියපු පොස්ට් එකක අපි බෝල ගහපු ආකාරය ලියලා තියනවා.
පවනිගේ ඉල්ලීමට නිකන්ම අතහැරලා දාන්න බැරි නිසා මමත් අන්තිමේදී වැඩේට කැමති උනා. දැන් ඉතින් කියන්න යන සින්දුව කොළ වල ලියල හොදට පුහුණු උනා. දැන් ඉතින් අවසාන පුහුණුවීම් වලට කාලය හරි.
"අපි උඩට යමුද main hall එකට එහෙම ගිහින් music එක්ක එක පාරක් කියමු" අදහස පවනිගේය. සමහර උන් යන්න අදිමදි කරා, එත් ඉතින් මොනා කරන්නද අපිත් ගියා. එදා දවස හොදම දවසක් කොල්ලෝ ඔක්කොම බෝල ගහන්න යන දවස. එදා මොනවත් උගන්වන්නේ නැ.
main hall එකට ගියා. එතන කණ්ඩායම් 40 විතර පුහුණුවට ඇවිත්. ඉන්දික සර් සර්පිනාව ගහනවා. කස්සටිය බරටම වැඩ. main hall එක ලගම පිට්ටනියත් තිබ්බා.එතන අපේ ඉවසීම පුරුදු කරන තැනක් උනා.
ගොඩක් වෙලාවක් ගියත් එක පාරක්වත් music එක්ක පුරුදු වෙන්න බැරි උනා. interval එකත් ඉවර වෙලා එත් අපි හිටපු තැනමයි. කොල්ලෝ පිට්ටනියේ සෙල්ලම් කරනවා මගේ ළමා හිතට මේවා වාවන්නේ නැ. 11 30 වෙනකන් පුහුණු උනේ නැ. මගේ ඉවසීමේ සීමාව පැනල ගියා.
"වැඩක් නැ බන් ඉදල මම යනවා උබල එනවනම් වරෙන් සින්දු නම් කියන්න කතා කරන්න එපා"
මම එහෙමම කියලා පන්තියට ගිහින් බත් එක කියල ගියා. එත් බත් තිබ්බෙත් නැ . මගේ යාලුවන්ගේ වැඩ ඒවා.
එදා ඉදන් මම සින්දු කියන්න වැඩිපුර කැමති නැ. යම් දෙයක් ළමා කාලයේ එපා උනොත් එපා වෙනවමයි කියල මට දැන් හිතෙනවා. මම තාමත් සින්දු කියන්න කැමති නැ. පවනි අවුරුදු 2 කට විතර කලින් මට එක පාරක් හම්බ උනා දැන් නම් මොනවා කරනවද දන්නේ නැ. එදා සින්දු කියන්න ගිය කොල්ලෝ සෙට් එකට දැන් බෑන්ඩ් එකකුත් තියනවා. ඒ කාලයේ අපිට තිබුනේ බෝල ගහන පිස්සුවක් විතරයි.
ලගදීම තවත් කතාවකින් හමු වෙමු. ඔබට ජය වේවා.
සලිත
2016-05-29
පෙ.ව 11 36
මරු මතක. එදා සිංදුව කිව්වනම් පවනිත් එක්ක 'යුග ගීයකුත්' කියන්න තිබුණා
ReplyDeleteපවනි දැන් යුග ගීයක් කියන ගමන් මගේ හිතේ හැක හැක
Deleteපවනි හම්බුනොත් සිංදුවක් කියන්ඩ ට්‍රයි එකක් දිපන්...:D
ReplyDeleteබලමුකෝ ආයේ හම්බ උනොත් හැක හැක
Deleteසුද්දා කිව්වේ ට්‍රයි ඇන්ඩ් ට්‍රයි...
ReplyDeleteඋත්සහ කරලා බලන්නම්කෝ
Deleteසලිත කාලෙකින් නේද ලිව්වෙ? පවනි කමක් නෑ දැන්, කැම්පස් ගියාම කොක්කක් දාගන්න බැරියැ.
ReplyDeleteපවනිට love කරේ නැ බොල. ටිකක් විතර කම්මැලිකමක් ගහල තිබ්බේ. කැම්පස් ගිහින්ම කොක්කක් ගැහුවොත් තමයි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපේ සංගීත කාඉරේ මතක් උනා. අපි සර්ට ආදරේට කිව්වේ සරිගම කන්නා කියලා.
ReplyDelete