මම යන එන තැන්

Friday, October 19, 2018

කැම්පස් එකේ උන් 4



බෝඩිමේ කතාවෙන් පස්සේ ආයෙත් සුපුරුදු කතාවට එන්න හිතුනා. කාලය කියන්නේ අමුතු දෙයක්. කාලයක් එක්ක වෙනස් වීම් ගොඩක් වෙනවා. සමහරවෙලාවට කාලයක් එක්ක උන සමහර දේවල් අමතක වෙනවා. එහෙම අමතක වෙන්න කලින් ලියල තිබුනොත් පස්සේ කාලෙක කියවල හරි මතක් කරගන්න පුළුවන් වේවි කියන  බලාපොරොත්තුව නිසා   මේ වගේ ලියන්න හිතුවා. කතාවෙන් කතාව කියන්න ඕනි කතාව අමතක වෙනවා. මුල් කොටස් මග හැරුණු අය ඉන්නවා නම් පහලින් ගිහින් බලන්න .


ඊළගට ඉන්නේ ශලිත. පොරගේ ගෙවල් තිබ්බේ මිනුවන්ගොඩ. ටිකක් විතර උස මහත  කොල්ලෙක්. පොරට කෙල්ලන්ගේ ඇල්ම බැල්ම හොදට තිබුනා. කොච්චර උස මහත  උනත් හෙන හුරතල් පෙනුමක් පොරට තිබුනා.කට්ටිය පොරට ගයනු සයන්නා  කියලත් කිව්වා. ගයනු සයන්නා කියන නම පොරට ලබා දෙන්න මමත් උදව් උනා කිව්වොත් නිවැරදි. යටගිය දවසක එකම නම තියෙන කට්ටියට පොඩ්ඩක් හිටගන්න කියලා පණිවිඩයක් ලැබුනා. එසැනින් මම අසුනෙන් නැගිට්ටා. එක්ක අසරණ ශලිත කොලුවාද අසුනෙන් නැගිට්ටා. අයියේ මම ගයනු සයන්න කිව්වා. එදා ඉදන් පොර ගයනු සයන්නා උනා. ක්රීඩාවට ඉතා දැඩි ලැදි බවක් පොරට තිබුනා. cricket, badminton කියන්නේ පොර ආසම ක්රීඩා වලින් දෙකක්. ගිටාර් එකක් තියෙන තැනක පොර ඉන්න එක සාමානය දෙයක්. උගේ  ආගම ක්රිස්තියානි. දන්නා  තරමින් පොර පල්ලියේ තරුණ කටයුතු සම්බන්ද සභාපති. එම තනතුර රැක ගන්න පොර ලොකු කැපවීමක් කරා.

 නත්තලට උන්ගේ ගෙදර ගියපු ගමන අමතක කරන්නම බැහැ. නත්තල පහු වෙලා දවසකින් දෙකකින් අපිට උන්ගේ ගෙදර එන්න ආරාධනා ලැබුනා. දවල් වරුවේ සරාගේ ගෙදර ගියපු කොල්ලෝ රෑට ශලිත ලගේ ගෙදර ගියා.මට සරාගේ ගෙදර යන එක මිස් උනා. උන්ගේ ගෙදර ගිය ගමන් මැච් එකක් ගහන්න යමන් සුපිරි පිට්ටනියක් තියෙනවා කියලා පොර අපිව අංශක 40 විතර ආනතියක් තියෙන පොල් වත්තකට එක්කගෙන ගියා. කොහොමින් කොහොම හරි සෙල්ලම් කරා. හවස් වරුවේ සෙල්ලම ඇති කියලා හිතුනු වෙලාවක අපි ආයෙත් ශාලිතලගේ ගෙදරට ගියා. යහමින් නා ගන්න ළිදක් තිබුනා. නා කියා ගන්න වැඩ ඔක්කොම කරලා කන බොන තැනට ආවා. පුතාල ඔයාල අපේ නත්තලේ අමුත්තන්. අද දවසේ ඔයාලට තමයි මුල් තැන. ශාලිතගේ තාත්ත කිව්වා අද වගේ මතකයි. ඉතින් අපේ වැඩ කටයුතු ආරම්බ උනේ බීමෙන්. බොන පිරිස වැඩි නිසා බොන්නේ නැති අසරණ කොල්ලෝ කිහිප දෙනෙකුට අරුන් බොනකන් බලන්න සිද්ද උනා. වයින් වර්ග අරව මෙව්වා එතන නැති දෙයක් තිබුනේ නැහැ. බොන උන්ට බීපන් කියලා අපි ගේන ගේන බයිට් ටික ඉවර කරා.  සියලුම දේවල් ඉතාම හොදින් අඩුපාඩුවක් නැතිව තිබුනා. කොල්ලෝ ඔක්කොටම බීල ඉවර වෙනකොට ආයේ කාල බඩ පුරවා ගන්න කියලා බඩේ ඉඩක් තිබුනේ නැහැ. කන්න තියෙන කෑම දැක්කම අපාරදේ බයිට් කෑවේ කියන අදහස මට වගේම මගේ මිතුරු සෙට් එකටම ආවා. ඔය අතරේ සභා සුපුනගේ අලුත්ම දුරකනය බිද දැම්මා. සුපුනා ෆෝන් එක ගැන මාස ගණනක් දුක් උනා. එක සුපුනගේ හැටි. සුපුනා ගැනත් ඉස්සරහදි වැඩි විස්තර ලියන්නම්. සභා අපිත් එක්ක ආපු එකම ගමන උනේ ශලිතලගේ ගෙදර ගමන. පොරට තිබුණු කාර්යබහුලත්වය නිසාම  ගොඩක් දේවල් මග හැරුනා. එත් එදා දවසේ සභා එක්ක සරා එකට ගස් බැන්දා. කැම්පස් එක ඇතුලේ සභා ගස් දින එක සුදුසු නොවන දෙයක්. නිසා දෙන්න ඕනි  ඔක්කොම එදා පොරට දුන්නා. ශාලිතලාගේ  ගෙදර අයියා, තාත්තා, පවුලේ උදවිය ඉතාම සුහද අයුරින් අපිට සැලකුවා. අන්තිමේදී ගෙදරින් එනකොට උන්ගේ තාත්තා කියපු දේ තවමත් අපේ හිතේ තියෙනවා. පුතාල යේ ගිහින් එන්නකෝ. මේ සැරෙත් 27 වෙනකන් අපි බලාගෙන ඉන්නවා.

අපි ගිය හැම  ගමනකට වගේ පොරත් එකතු උනා. පසුකාලීනව අපිට කුප්පි දාල සප්  එකකුත් දුන්නා. ශලිතට දන්නා තරමින් කෙල්ලෙක් එනකොට හිටියෙත් නැහැ. දැනුත් නැතිව ඇති. එත් කැම්පස් එකේ කට කතා බොහොමයක් තියෙනවා සනාත කරගන්නකන් ඒවා ප්රසිද්ද කරන්න බැහැ.

ඊළගට ඉන්නේ බොන්ජු. ආදරේට බොන්ජු කිව්වට නම ලහිරු. ඉන්නේ පොල්ගහවෙල. සහෝදර සහෝදරියන් මතක නැහැ. කැම්පස් එකට එනකොට යම් තරමක  මහතට හිටපු  බොන්ජු දැන් නම් ටිකක් විතර කෙට්ටු උස පොරක්. කැන්ටිමේ කෑම වල අවුලක් නිසා පොර කෙට්ටු වෙන්න ඇති. වයසින් මුහුකුරා ගිය එකෙකු ලෙස පෙනුනත් පොර එසේ  නොවෙයි. දුම් සුවදට උදෙන්ම අවදි වෙන පොරට එලාම් ඕනි වෙන්නේ නැහැ. බීඩි සුවදක් වගේ සුවදකට පොර ඇදෙන්නේ කාන්දම් වලට යකඩ ඇදෙනවාට වඩා ටිකක් අඩු  වේගයෙන්. කැම්පස් එකේ නිල නොවන සංගමයක කාරක සභික දුරයක් පොරට තිබුනා. පොරට තිබුණු ලොකුම ලෙඩක් තමයි ඉක්මන් කේන්තිය. ඕනෑම අවස්ථාවක නගුලක් පහත් කිරීමට උපන් හැකියාවක් පොරට තිබුනා. නිතර නිතර පාට් ටයිම් වැඩ වලට පොර ගියා. චොකලට් ෆින්ගර්ස් වලට දැඩි ඇල්මක් දක්වන බොන්ජු වරක් ඒවා නිසා කොල්ලන් එක්ක අවුලක් දා ගත්තා. කම්මැලිකම උපරිමයෙන් තියෙන පොරට සමහරවෙලාවට එළබි සිහිය නැ.  පසුකාලීනව අපේ ශබ්ධ කෝෂයට නෑනේ නෑනේ කියන වචනය එකතු කිරීම සම්බන්දයෙන් පොරට අපේ ප්රණාමය . අත්වැලේ ගිහින් දුන්න ආතල් ගොඩක් තිබුනත් මට යන්න බැරි උන නිසා ඒවා මිස් උනා.

කැම්පස් එනකොටම කැම්පස් එකේම කෙල්ලෙක් එක්ක හිතවක් කමක් හදා ගෙන ආපු බොන්ජු තවමත් ආදරය සුන්දර අයුරින් විදිනවා. බොන්ජු මාත් එක්ක පොරගේ කෙල්ල බදුල්ලට එක්කන් ගිය හැටි මතකයට එනවා. බණ්ඩාරවෙල ගමනට කෙල්ලෝ හතරක් එකතු උනා. කෙල්ලෝ ටික නතර වෙලා හිටියේ බදුල්ලේ. මුල් දවසේ ගමන වසන් වෙන විට ටිකක් රෑ උනා. ඉතින් කෙල්ලෝ ටික බදුල්ලට ගිහින් දාල එන වගකීම මටත් බොන්ජුටත් ලැබුනා. බොන්ජුට බදුල්ලේ යන්න සිද්ද උනා කිව්වොත් නිවැරදි. රාජකාරිය ඉටු  කරපු මමත් බොන්ජුත් කොත්තුවක් කාල ගෙදර ගියා. කොත්තුව කන ගමන් පොරගේ පෙර ජීවිතය ගැන මාත් එක්ක කිව්වා. ඒවා ගැන දැන් නම් හරි මතකයක් නැහැ  බොන්ජුටත්  පොරගේ කෙල්ලටත් උන්ගේ කූඩුව ලස්සනට හදා ගන්න හැකි වේවා යනුවෙන් හදවතින්ම මා  පතනවා. 

ඊළගට ඉන්නේ ආසිරි නොහොත් පොයිසිරි. පොරගේ ගෙවල් කුරුණෑගල ඇල්ලේ. තාත්තගේ පුරා විද්යා කැනීම් වල ප්රතිපලයක් වශයෙන් රිටිගල කන්දේ බහිරව රුපයක් වෙලා හිටපු ආසිරි නැවතත් මේ ලෝකයට ආවා. එත් පොරගේ ගතිගුණ වෙනස් වෙලා තිබුනේ නැහැ. පාසල් යන සමයේ ඉදන් කුණු ගෙදරට අරන් යන ගුණයක් පොරට තිබුනාලු. හොස්ටල් එකේ කැරම් හන්දිය පොර ගෙනාපු කුණු වලින් පිරිලා තිබුනා. එත් කුණු  වල විශේෂත්වයක් තිබුනා. පොර එකතු කරේම වයර් කෑලි, සිර්කිට් කෑලි වගේ විදුලිය සම්බන්ද වෙන කුණු. නර්තනයට විශේෂී හැකියාවක් තිබුණු පොර උත්සව අවස්ථා කිහිපයකම දක්ෂතා පෙන්නුවා. පොරත් එක්ක බඩු ගන්න කඩයකට ගියාම පැය ගානක් යනවා.  අබිරුපන රංගන වලින් සමස්තලන්කා ජයග්රහණ පොරට තිබුනා. එත් සුපුනාගේ දක්ෂතා  එක්ක පොර ලගින්වත් තියන්න බැහැ. සමහරවිට සුපුනට අවස්ථාවක් නැති වෙන්න ඇති. නැති නම් පොරට හොද හැකියාවක් තිබුනා. කියමින් හිටපු කතාවත් අමතක උනා.

ආසිරි කියන්නේ කවදාවත් තරහ ගන්න පොරක් නෙවෙයි. පොරගේ කාමරේ කල්බ් එකක් වගේ. නිතරම සින්දු දාල තිබුනා. ලොකු බෆල් ගෙනත් හයි කරලා කොල්ලොන්ට අපේ ෆ්ලෝර් එකටම සින්දු ගෙනාවේ පොර. පසුකාලීනව වෙනත් අයත් එහෙම බෆල් ගෙනාවට බෆල් මුලින්ම ගෙනාවේ ආසිරි. පොරට ලොකු ලෙඩක් තිබුනා. කොයි වෙලෙත් කලිසම ඇතුලට ඇත දා ගෙන ඉන්න එක උගේ පුරුද්දක්. රහස්  සංගමය  රැස් වෙන වෙලාවට අඩුම මුදලක් වියදම් කරලා වැඩිම ප්රමණයක් හලා ගන්නවා කියන එක  පොරට තිබුණු චෝදනාවක්. එත් නැටුම්  තෙල් ගත්ත අවස්ථා වල පොර ඇත්තම කතා කරනවා.  ලොකු පොෂ් ගතියක් පෙන්වන්න පොර කැමැත්තෙන් හිටියා කිව්වොත් නිවැරදි.  සමනලයා කියන්නේ පොරගේ ආසම සතෙක්. පොරට නෝන්ඩියක් දෙන්න මේ තරම් කාලෙකට කාටවත් පුළුවන් උනේ නැහැ.මෑතකදී උන අනතුරකින් උගේ අහවල් ප්රදේශය බේරිලා තිබුනේ අනු නවයෙන්.  පොරගේ කෙල්ලන් ගැන විස්තරයක් නම් දන්නේ නැ.

අදට ලියල ඉවරයි. ඉදිරියේදී යෙදෙන වැඩ කටයුතු එක්ක  කොහොම ලියන්න පුළුවන් වෙයිද දන්නේ නැ. එත් පුළුවන් ඉක්මනට ලියන්නම් එහෙම ලියනකන් ඔබලත් මටත් ජය වේවා.

සලිත
2018.10.20
පෙ 12 45

8 comments:

  1. අපේ කැම්පස් එකේ සෙට් එකම මතක් වුණා ආයෙත්... ඉතිරියත් ඉක්මනටම ලියන්න. සුභ පැතුම්!

    ReplyDelete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete