මම යන එන තැන්

Thursday, February 21, 2019

හොර කොස්




හොර කොස්. මේකත් කැම්පස් කතාවක්. කැම්පස්  එකේ ගත්ත ආතල් එකක්. අන්තිම විභාගය ලන්වෙද්දීම වෙන උන් පාඩම් කරන්න ගත්තත් අපේ උන් ආතල් ගන්න පටන් ගත්තා. කැම්පස් ජීවිතේ කොල්ලෝ  වැඩිම වාර ගණනක් පැණි බීම බිව්වෙත් විභාගේ කාලෙමයි. ස්ට්රෙස්ස් එක යවා ගන්න වෙන්න ඕනි. කැම්පස් එකේ කොස් කඩනවා කියන්නෙත් ලොකු වැරද්දක්. එක පාරක් කොස් කඩලා කොල්ලෝ අහගෙනත් තිබ්බා. " කවදාහරි ඉංජිනේරුවෝ වෙන්න නේද ඉන්නේ කොස් කැඩුවම හරිද? " මෙවැනි සුන්දර වදන් අපිට උන්ට අහන්න උනෙත් කොස් කඩන්න ගිහින්. මේ කතාව සිද්ද උනේ අවසන් වසරේ බිභාගේ කාලෙමයි. විභාගය අතරතුර අපිට සති අන්තයත් එක්ක නිවාඩුවක් හම්බ උනා.

"අද රොටි හදමුද"

"බෑ බන් "  කලින් වතාවක රොටි හදලා ගැන මතක තිබුණු එකෙක් එක හෙලාම විරුද්ද උනා.

"එහෙනම් කොස් හදමුද" මේ රත්තරන් අදහස ආවේ ආසිරිගෙන්.

"එහෙනම් තුනට වැඩේ පටන් ගමු" එහෙම කතිකා කර ගත්තු අපි හරියට තුනට සෙට් උනා. කොස් ගහ තිබ්බේ සිවිල් එක ලග. සුපුරුදු පරිදි හේමන්තයා හිටියේ ෂෝර්ට් එක ඇදගෙන. සාමාන්යයෙන් වැඩ කරන දවස් වල දවල් වරුවේ අපි ෂෝර්ට් ඇන්දේ නැහැ. එත් ඉතින් පොරට ඒවා අදාළ නෑ. "මේ දවස් වල බිභාගේ උබට  ඕනි නම් ඇදපන් " කවුරු කොහොම කිව්වත් පොරගේ උත්තරේ ඕක. ඉතින් කතිකා කර ගත්තු විදිහට ගහ ලගට සෙට් උනත් ගස් යන්න සෝමේ හිටියේ නෑ. "සෝමෙට  කෝල් එකක් ගනින් " ඔහොම ඔහොම කතා නැහැ යද්දී එක පාරම අත්තා ගහට නැග්ගා.  " අත්තා අතනින් පලයන්" "මේ අරහෙන් ලේසි බන්"  තොපි කට වහන් හිටපන්කෝ hu#$#@% මන් නගිනකන් කියල පොරට කියන්න හිතෙන්න ඇති. කඩියා වගේ නැග්ගට  පොරට මගට ගියාම හති. කොහොමින් කොහොම හරි කොස් පොලොස් ගොඩක් පොර බිම දැම්මා. ගස් නගින වැඩේ ඉවර උන ගමන්ම සෝමේ එතනට ආවා


                                          අත්තා කොස් ගහේ ඉන්න හැටි.

කොස් ඔක්කොම කඩලා කොස් ටික හොස්ටල් එක යටට අරගෙන ගියා. කැන්ටීන් එකෙන් ඕනි පිහි, භාජන වගේ ඒවත් කොල්ලෝ හොස්ටල් එක යටට අරගෙන ආවා. 
ගල් තුනක් හොයාගෙන ලිපකුත් කට්ටිය හැදුවා. කට්ටිය ඉතින් කොස් කපන්න පටන් ගත්තා. කොස් කපන්න සෙට් උනේ ජනිඳු එක්ක තරිඳු අයියා. තරිඳු අයියා  ජොබ් එකට යන්න කැම්පස් එකේ නතර වෙලා හිටියේ. ඉතින් නිසා එයාට අපේ වැඩ වලට සෙට් වෙන්න පුළුවන් උනා. "දැන් මට මෙහෙම සෙට් වෙන්න පුළුවන් උනාට අපේ අනිත් උන්ට එහෙම සෙට් වෙන්න බෑ බන්. ඇතුලේ ඉන්නකොට කරන දෙයක් තමයි බන්" කොස් කපන ගමන් අයියා එහෙමත් කිව්වා. තරිඳු අයියට, නයා අයියට, පුස් අයියට, බීන් අයියට  අපේ වැඩ වලට සෙට් වෙන්න පුළුවන් උනා. කැම්පස්  ඉද්දි  තරිඳු අයියගෙන් දතක් ගලවලා බනිස් එහෙමත් කෑවා. එක දවසක් මරිසි අයියත් බනිස් අරන් දුන්නා. පුස් අයියා, නයා අයියා, බීන් අයියා එහෙමත් කොල්ලොන්ට සලකලා ඇති. තරිඳු අයියා අපිත් එක්ක ගොඩක් ගමන් වලටත්  සෙට් උනා . තරිඳු අයියා ගැන වෙනම ලියන්න උනත් මතකයන් තියෙනවා.  

තරිඳු අයියයි, ජනිදුයි කපලා දුන්න කොස් වල මදුලු අයින් කරේ අපි. අපේ කරපු ගොඩක් වැඩ වල ලොකු බරකට කර ගැහුවේ ජනිදුයි  හේමන්තයි. අනිත් ඔක්කොම වගේ සයිඩ් එකෙන් හෙල්ප් එක දුන්නේ. හේමන්තයා නම් බැන බැන වැඩ කරා ජනිදු නම් කවදාවත් වචනයක්වත් කියලා නැහැ.


                         වැඩ බලන අපිත් එක්ක වැඩ කරන තරිඳු අයියා සහ ජනිදු.


ගත්තු හොදම ෆොටෝ එකක්. වමේ සිට දකුණට. තරිඳු අයියා,  ලියන මම, ආසිරි, කසුන්, බොන්ජු, ජනිඳු, උදිත, අත්තා, හේමන්ත, චාරුක, පටා, රෙකා, සුපුන්

ටික වෙලාවකින් එතනට ආපු සෝමේ ලුණු මිරිසට ඕනි කරන අඩුම කුඩම ගෙන්න සල්ලි එකතු කරන්න කිව්වා. වාසනාවට වගේ තිබ්බේ  මගේ  පර්ස් එක විතරයි. ඉතින්  පර්ස් එකෙන් මොනරෙක් එලියට පියබලා ගියා. උබට අපි පස්සේ අනිවා දෙනවා කිව්වට පස්සේ  ගොඩක් තැනක්  යු බන් කිව්වා. අඩුම කුඩුම ගේනකන් ලිප පත්තු කරලා කොස් ටික තැම්බෙන්න තිබ්බා. ඔය කාලය ගෙවා ගන්න පටා කතාවක් දෙකක් කිව්වා. වෙලාවට වගේ එදා රෙපා ආවේ ටිකක් පරක්කු වෙලා. නිසා වැඩේ හොදට ගියා.



                                     
                                           තාවකාලිකව හදා ගත්තු ලිප



                                    ලුණු මිරිසට කාපා ගත්තු ලුණු සහ අම් මිරිස්.

ඔහොම වැඩේ යනකන් මමයි, චාරුකයි, කසුනයි කැන්ද කොළ හොයන්න කැම්පස් එක වටේ ගියා. කැන්ද කොළ හම්බ උනේ කෙල්ලොන්ගේ හොස්ටල් එක ලගින්. නිසා රුවන්ති එක්ක හිමයා ත් කොස් වැඩේට ආවා.


                                                   අපි හදපු කොස්

මෙහෙම  කොස් කන ගමන්  කට්ටිය උදිත  ගෙනාපු පොල් රසැති පැණි බීම වලටත් වග කිව්වා.

තවත් අලුත් කතාවකින් නැවත හමු  වෙමු. එතෙක් ඔබට මෙන්ම මටත් ජය.

පසු සටහන

කැම්පස් එකේ උන් ගැන මතකයන්  එමටයි. කැම්පස් එකේ උන්  කියලා ලියපු පොස්ට් එක මින් ඉදිරියට නැවතත් ලියනවා. පොඩි වෙනසකටත් එක්ක මෙවැනි පොස්ට් එකක් දාන්න හිතුනා. ෆොටෝ ගත්තේ උදිතගෙන්.

සලිත
2019.2.21
8 30  

5 comments: