මම යන එන තැන්

Monday, February 11, 2019

කැම්පස් එකේ උන් 9


කලින් කොටස් කියවන්න බැරි උන පහලින් රිංගන්න

කැම්පස් එකේ උන් 1

කැම්පස් එකේ උන් 8



කැම්පස් එකේ වැඩ ටික ඉවර කරලා දැන් ඉතින් ට්රේනින් යන්න කට්ටියම ගෙවල් වල ඉදන් බලාගෙන ඉන්න කාලේ. සමහර දැන්ම ඉදන් පුහුණු වෙන්න පටන්  අරන්. ආයේ ඉතින් කවද කොහොම කෙසේ ඔක්කොම හම්බ වෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. කාලේ එකතු කර ගත්ත සොදුරු මතක ඔස්සේ අදත් මොන හරි කොටන්න කියන බැලුවේ. හෙට්ටියට පින් සිද්ද වෙන්න මට router එකක් හම්බ උන නිසා අයෙත් මට ලියන්න පුළුවන්.

ඔන්න ඉත්න් අද ඉන්නේ  අමුතුම එකෙක්. උගේ නම සුපුන් ගෙවල් කලවානේ. කොල්ලෝ ආදරේට පොරට කිව්වේ ස්පුන්. ජුන්නෝ ආදරේට කිව්වේ සුදු තට්ටයා. අම්මා තාත්තා දෙන්නම ගොවි තැන කරන්නේ. අයියල දෙන්නෙක් හිටියා. කොතනින් පටන් ගන්නද මන්ද. ගෙදර කාර් 3ක් තියාගෙන මහපොළ ගත්ත එකා සුපුන්.පොරත් එක්ක මහපොළ ගැන කතා කරන්න ගියාම උගේ කටෙන් පිටවෙන  වචන ශබ්දය   දෙමලු  පඩි ගත්තම එතන තියෙන ශබ්දයට වඩා ටිකක් අඩුයි. උගේ කෑ ගැහිල්ල වගේම උගේ ඇඩිල්ලත් එක වගේමයි. හැම උපන්දිනයකට වගේම පොර, පොදු සාදකය උනෙත් පොරගේ කට නිසා. " මේ මචන් පාර්ට් ටයිම් එකක් තියෙනවා. සුපුනගේ කතාව අහගෙන ලග හිටපන්". කොල්ලෝ ඔහොම කියන  තරම් පොරගේ ඇඩිල්ල සුපිරි. අහවල් කාලයේ අයියලත් එක්ක පොරගේ කතාව පවා කියලා පොර ඇඩිල්ල දැම්මලු. උගේ කතාව එක පාරක්   එකෙක් ඇහුවොත්  ආයේ පාරක් උගෙන් කතාව අහන්න ගියේ හරිම කලාතුරකින්. තරම් කතාව රසවත්. උගේ වාහනේ හැප්පුන කතාව පොර කැම්පස් එකේ කියපු වාර ගණන 50 අඩු නැතුව ඇති. ගොඩක්  අයට කතාව   පොරටත් වඩා හොදට කියන්න පුළුවන්.

 උගේ කකුලේ තුවාලයක් එක්ක ෆොනේ එකේ ඉරක් හැම දාම වගේ තිබුනා. ටිකක් තඩි උනාට පොරට හොද ශක්තියක් තිබුනා. අපි බිත්තර රොටි දෙකක් කනකොට පොර බිත්තර 4 යි පරාට එකකුත් කනවා. නිසාම වෙන්න ඇති පොරට හොද ශක්තියක් තිබුනේ. දවසක් පොර අල්ලපු වත්තෙන් කුරුබ්බා පවා කැඩුවා.පොරට මනා රංගන හැකියාවක් පිහිටලා තිබුනා. උගේ රංගන හැකියාවන් උපයෝගී කරගෙන කිහිපවතාවක් පොරට ආපු කරදර  වලින් පොර බේරුනා. පළමු වසරේදී නොයෙකුත් ලෙඩ රෝග වලින් පීඩා විදපු පොරට දෙවැනි වසරේදී නම් කිසිම ලෙඩක් හැදුනේ නැහැ. මුල් කාලයේ හැමදාම වගේ ක්රිකට් ගහන්න පොර ආවත් පසු කාලීනව කජු කැලේ වදින්න යන්න උන නිසා පොර ක්රිකට් ගහන එක නතර කරා.  වැඩිම දුරකට 6 එකක් ගහපු වාර්තාවත් පොර සතුයි. වැඩක් කරන්න ගියාම  පොරට  තිබ්බේ පුදුම හදිස්සියක්. හදිස්සිය නිසා කෙලවා ගත් අවස්ථාත් තිබ්බා.උගේ ඔලුවේ බෙහෙත් තෙල් ගාපු හැටිත් ඉබේම වගේ මතකෙට එනවා. පොරගේ කොන්ඩේ යන්න ගත්තා. ලෝකේ තියෙන ඔක්කොම ප්රතිකාර පොර එකට ගත්තා. උගේ ඔලුවේ තෙල් ගාන්න සෙට් උනේ මට හරි ජනිඳුට හරි. දැන් නම් පොරගේ කොන්ඩේ යන වැඩේ නතර වෙලා.  කැම්පස් එකේ හිටපු නාබර කොල්ලොන්ගෙන් එකෙක් තමයි පොර. පොර අපිත් එක්ක ගියපු හැම ගමනකටම වගේ ආවා.කලවානේ ගමනේදී පොර අපිට අපේ සල්ලි වලින්  තැබිලිත් අරන් දුන්නා. කලවානේ ගමනට පහුවද පොර නටන තෙල් වලින්  එක ඇහැක් පුච්චා ගත්තා. උගේ වාසනාවකට වගේ ඇහැට ලොකු අවුලක් වෙලා තිබුනේ නැහැ. ශාලිතලා  ගෙදර ගිහින් උගේ ෆොනේ එක කුඩු කර ගත්තා.

උගේ ආදරණිය කාමර සගය තමයි අත්තා. අත්තා එක්ක පොර ඉතාම සුහදව ජීවත් උනා . අත්තාගෙන් වෙන් වෙන්න පොර රහසේ උත්සහ කරත් කාලයක් යද්දී එක ප්රසිද්ද රහසක් වෙලා තව ටිකෙන් පොරට උන්හිටි තැන්  පවා නැති වෙනවා. උගේ අයියල දෙන්නට පොර පන වගේ ආදරය කරා. අයියල දෙන්නම ඩොකලා නිසා පොරට හොදට සල්ලි තිබුනා. උගේ අයියලට ලෙඩ හැදුනම පොරත් නිකන්ම ලෙඩ වෙනවා. බණ්ඩාරවෙල ගමන යන්න ඔන්න මෙන්න තියෙද්දී පොරට ඩෙංගු හැදුනා. මාසයක් විතර ගෙදරත් හිටියා.පොරට ලංකාවේ මැප් එක කට  පාඩම්. බස් යන වෙලාවලුත් කට පාඩම්. නිසා කොල්ලෝ ගොඩක් ලොකු ප්රයෝජනයක් පොරගෙන් ගත්තා. අන්තිම කාලේ වෙනකොට පොරට  ඉන්දියාවේ පාරවල් ගැන පවා දල අදහසක් තිබුනා. කැම්පස් එකක බයික් එකක් පරිස්සමින්  තියා ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. සුපුනටත් බයික් එකක් තිබුනා.ඔය බයික් එකේ එක පාරක් හරි ගියපු නැති එකෙක් නැති තරම්. බයික් එකේ තෙල් නැති උනාම බයික් එක පැදපු හැම එකාගේ වගේම ගුණ ගායනා කරන එක පොරගේ ගතියක්. බයික් එකේ බෝර දන්නා ගිය ගාන පිලිවද හොද අදහසක් පවා පොර කොල්ලන්ට ලබා දුන්නා.උගේ බයික් එකේ මමත් අරහේ මෙහෙ මගේ වැඩ වලට ගිහින් ඇති. ඒවාට උදව් කරාට උබට තුති. දැන් සුපුනා ඉතා ආදරණිය ආදර කතාවක හිමිකම් කියනවා. උගේ කෙල්ල IT එකේ. කෙල්ල වෙනුවෙන් පොර විශාල කැපකිරීම් කරනවා. ඔන්න උබල දෙන්නටම මගෙන් සුබ පැතුම්.


ඊළගට ඉන්නේ සාකිර්.උන්ගේ ගෙවල් අමපාරේ නින්ද ඌර්. මුස්ලිම් එකෙට හිටියේ පොර විතරයි. නිසාම පොර ටිකක් තනි වෙලා වගේ හිටියේ.  පොරත් එක්ක වැඩිපුරම හිටපු එකෙක් නිසාම මටත් සහජීවන කාරය කියලා  නමකුත් හැදුන.කොහොමනමුත් මන් පොර ගැන  ටික ලියන්නම්. උන්ගේ අම්මා රැකියාවක් කරන්නේ නැහැ  උන්ගේ තාත්ත අරාබියේ ඉන්න ජලනල කාර්මිකයෙක්.උගේ බලාපොරොත්තුවත් අරාබියටම  රිංගලා හොද පඩියක් අරන් ජීවත් වෙන්න. පොරට නංගිලා දෙන්නෙක් ඉන්නවා. නංගිලා දෙන්නත්  කැම්පස් ඉන්නේ. දෙන්නම නැගෙනහිර විශ්ව විද්යාලයේ ඉගෙන ගන්නේ.අහවල් කාලයේ පොර නිසා ලොකු ලොකු පරිප්පු කන්න  උනේ අපිට. පොරව මරලා  .... එක වෙනුවෙන්  හිරේ උනත් යන්න සුදානමින් හිටපු ආදරණිය අයිය කෙනෙකුත් හිටියා.උගේ රැවුලත් අපිට දුන්නේ පුදුම වදයක්. හැබැයි පොරට වැඩ පුළුවන් .කුප්පි වලට එන්නෙත් නැතුව පොර කොහොමහරි විභාග ටික එහෙම ගොඩ දා ගත්තා.අපි ගියපු ගමන් වලින් නුවර එළියේ  ගමනට විතරක් පොර සහබාගි උනා. පොරගෙන් කාටවත් කරදරයක් තිබුනේ නැහැ .සිංහල කතා  කරන්න බැරි  උනත් පොර හැම වෙලාවක වගේම අපිත් එක්ක හොදින් හිටියා. පොරත් එක්ක සුපුනා සහයෝගයෙන්  පැක්ටිකල්  කරා. පොරට හොදට ක්රිකට් ගහන්නත් බැඩ්මින්ටන් ගහන්නත් පුළුවන්.පොරට කෙල්ලෙක් ඉන්නවද නැද්ද හිටියද නැද්ද කියලවත් මම නම් දන්නේ නැහැ . මේ ලියපු එක කවදාවත් පොර කියවන එකකුත් නැහැ  දකින එකකුත් නැහැ. එත් පකීර් උබට ජය.

මේ ලියන උත්තමයා  ගැනත් මිතුරෙක්  ලිව්වා එක දාන්න කියලත් ඉල්ලුවා.

අනේ මංදා මේකා ගැන නම් ලියන්නත් බෑ වගේ. ඒත් ඉතින් මූ මැරීගෙන අපි ඔක්කොම ගැන ලියනවනේ 'අපි තොපි' කියල මොකක්ද මගුලේ blog එකක. අපි ඉතින් උගෙ මහ ලොකු blog එක කියවන්නත් ඕන උගෙ line බලන්නත් ඕන ඊට පස්සේ. මොනා උනත් පව් අසරණයා ගැනත් කවුරු හරි ලියන්න එපැයි. මූ ලියන විදියටම පටන් ගන්නම්කෝ...

මුගෙ නම නම් සලිත. ගයනු සයන්න නෙමේ නිකන් සයන්න. කාඩ් එක නම් කැටේ කොහෙද. තව එකලස් කියලත් කියනව මුගෙ assemble body එක නිසා. ඒත් අපි අතර නම් ප්රසිද්ධ .......... no 1. කියල තමයි. හිස්තැන පිරෙව්වේ නෑ උගෙ පොඩ්ඩක් හරි ඉතිරි වෙලා තියන චරිතෙත් කෙල වෙලා යයි කියලා. ගම බණ්ඩාරවෙල. අර බොන්නවත් වතුර නැත්තේ.. ආන්න පැත්තේ.. උට ඉන්නේ අයියයි මල්ලියි. දෙන්නා නම් මූ වගේ නෙවෙයි වැදගත්. අම්මා teacher කෙනෙක්. තාත්තා ගොවිතැන් කරන්නේ. එයාලත් හරිම හොදයි. අපිටත් හරි ආදරෙයි. මුගෙ මූලික විස්තර ටික.

දැන් කියන්නම්කෝ මුගෙ කැරැට්ටුව. මු ලස්සනට blog ලීවට වචන ගලපගෙන, කතා කරනකොට නම් ඉතින් නගුල කරේ.. හරිම professional විදියට තමයි ඉතින් කතාව පටන් ගන්නේ. ඒත් ඉතින් කතාව ඉවර කරන්නේ හෙනම ගොන් කතාවකින්. සමහර වෙලාවට ඉවර කරන්න කලින්ම අපේ උන් ටික එකතු වෙලා පොර shut down කරල දානව. එපා වෙනවනෙ ගොන් කතා අහන එකත්. මල ගෙදරක ගියත් කොල්ලෙක්ගේ ගෙදරක ගියත් පොර වැඩිපුර ඉන්නේ කොල්ලො එක්ක නම් නෙමේ. වයසක uncle කෙනෙක් කොහෙන් හරි අල්ලගෙන පොර ටෝක් එකක් දාගෙන ඉන්නව ඉතින්.

මුගෙ ආදරේ ගැනත් මෙහෙමම කියල දාන්නම්. මාතෘකාවේදී නම් පොර ගොඩක් ඉස්සරහ අපිට වඩා. ඇය මෙඩ්ඩියක් රජරට කැම්පස් එකේ. මෙහේ එන්න කලින් ඉදලම තිබුනු ප්රේම වෘත්තාන්තයක් ඒක. වාත කාලෙත් මූ හොරාට පෙම් කෙලින්න අනුරාධපුරයේ ගියා. එහෙම ගිහින් සින්නොන්ට අහුවුනු අවස්ථා ත් තිබුනා ඉතින්. කොච්චර ආදරේද කියනවනම් photo එකක් පවා රාමු කරල මේසේ උඩ තියනව. photo එකට ආදරේ තරම සිවිල් ගිහාන් වඩා නම් අපිට පෙන්නුවා මු එක දවසක්. දෙන්නා මල් කඩන්නේ time එක බෙදාගෙන. රෑ 9 call එක එනකොටම මූ අතුරුදහන් වෙනව මොන වැඩක හිටියත්. මෙහේ අපි කරපු අසන 2017, අසනි-2018, show දෙකම බලන්නත් ඇය ආවා. දන්න විදියට නම් ගෙදරිනුත් ආශිර්වාදය තියනව. අපි ඉතින් බයිට් එකට කතා කීවට කහටක් නෑ හොදේ. වෙඩිමට කියපන් ඇවිත් ආතල් එකක් දීල යන්නම්.
ඒක කොහොම උනත් මූ ජුන්නන්ව හදන කාලේ සක්රීයව දායක උනු එකෙක්. වැඩිම ජුන්නෝ ගනනකට කාඩ් දැමූ වාර්තාවට හිමිකම් කියන්නේ මූ තමයි. වෙනුවෙන් ජුන්නොත් මුට ගෞරව නාමයක් දුන්නා. මං ඒකත් කියන්නෙ නෑ. ඒක කීවොත් ගෞරවය තරමට වැඩි වෙනව. අනිත් සීන් එක තමයි ගෙදර අඩුවෙන්ම යන පොර තමයි මූ. ගෙදර යන්නත් පැය හතක් වත් යනවනෙ ඉතින්. කොහොම හරි පොර exam ඉවර වෙලත් කැම්පස් ජීවිතේ විදින්න තමයි කතාව. මූ මැරිලත් අවතාරයක් වෙලා කැම්පස් එකේ ඉදීවි.
තවත් මුගේ වැදගත් සීන් එකක් තමයි සහජීවනය. අම්මෝ ඉතින් ඒක ගැන නම් කතා කරල වැඩක් නෑ. සමාජ සාදාරනය තමයි මුගෙ අංක එක. ක්රීඩාවට ලැදි මූ සෙල්ලම් කරන්න ගියත් සහජීවනය පෙන්නනව. හිටපු ගමන් අපි සේරගෙන්ම ලුනු ඇඹුල් ඇතුව අහගන්නව පොර සහජීවනය නාමයෙන්.
මොනා උනත් අපිට කුප්පි එහෙමත් දාල ගොඩ යන්න උදව් කලා මූ. (තරිඳු අයියා ඉදිරියේ පොඩ්ඩක් කොර උනාට) කොල්ලෙක්ට කෙල්ලෙක්ට කරදරයක් උනාමත් උදව් කරන එල බොක්කක්. උනාට දැන්නම් ඇති බං. උඹ ගැන මීට වඩා නම් ලියන්න බෑ.. මේක ලීවෙත් උඹ ගැනත් කවුරු හරි ලියන්න ඕන නිසා.

----------සම්පත්--------------

බොහොම තුති සම්පත් මන් ගැනත් ලිව්වට.

අද පොස්ට් එක ටිකක් දිග වැඩි උනා. ඉතිරි අය ගැනත් හැකි ඉක්මනින්  ලියන්නම්කො. එතෙක් උබටත් මටත් ජය.

සලිත
2018.11.02
1 40

7 comments:

  1. අර අන්තිමට ලියල තියෙන එක සම්බන්ධ එකා නම් අන්ඩරයෙන් වගේ

    ReplyDelete
    Replies
    1. ලොකු එකෙක් නෙවෙයි. පොඩි එකෙක්.

      Delete
  2. ඉස්සර කජුකැලේ තිබ්බ ගතිය දැන් නම් හීන වෙලා අලුත් බිල්ඩින් ගොඩත් එක්ක.
    අදත් L එක ලඟින් එද්දි පරණ මතකය අලුත් වුණා

    ReplyDelete
    Replies
    1. හෝමාගම දියගමට එනකොට තිබුනු ඔක්කෝම මතකයන් අයින් කරන්න පුලුවන්කමක් නහ.L එක වගෙම දියගමත් අමතක කරන්න අමාරුයි.

      Delete
  3. කොහොමත් ඉතින් ඔක්කොම ගස් කපලා ඉස්සරහට තවත් ගොඩනගිලි හදයි.

    ReplyDelete
  4. කැටේ... මරු කාඩ් එක...

    ReplyDelete
    Replies
    1. කාඩ් එක අයිති පොරත් පට්ට

      Delete