මම යන එන තැන්

Thursday, May 14, 2020

කැම්පස් එකේ උන් අන්තිම කොටස




මිස් උන අය මුල ඉදන් කියවන්න පහලින් රිංගන්න.

කැම්පස් එකේ උන් 1


කාලෙකින් ආයේ ලියන්න හිතුනා. කැම්පස් කතා මාලාවේ අවසන් කතාව මේක වෙන්න ඕනි. වැඩි කතා බහක් නැතිවම අද කතාවට යමු. අද ඉතිරි පසිඳු. පසිඳු කිව්වට පොරගේ ප්රසිද්ද නම අත්තා. උන්ගේ ගෙවල් වලස්මුල්ලේ. වීරකැටිය කියලත් කිව්වා.   කොහොමරි ඔය දෙකෙන් එකක තමයි උන්ගේ ගෙවල්. ගෙදර විස්තර නම් හරි හැටි මතක නැහැ. Induction motor ගැන උපරිම දැනුමක් සහිත කෙනෙක් හැටියට අත්තා කා අතරත් ප්රසිද්ද උනා. දැනුම නිසා ප්රසිද්ද උන හිටියේ කිහිපදෙනයි. අතරින් පොර ඉදිරියෙන් හිටියා.  උගේ දැනුමට අබියෝගයක් වෙන හැම අවස්ථාවකම වගේ පොර වෙනුවෙන් කතා කරා. දවසක්  අනුරාධපුරේ පින්කමකට යනකොට   van එකේ ඉදන් හේමන්ත අබියෝග කරලා  ගුටි කරන්නත් ගියා. පොර මෝටර් එතීම ඇතුළු සියලු එතීම් කටයුතු වල දක්ෂයෙක්. බණ්ඩාරවෙලදී සින්නො පෙන්නුවෙත් පොර තමයි. පොර පටාගෙන් @#$% බේරා ගත්තේ පුදුම අමාරුවෙන් එදා බේරුනේ නැත්තන් තවම පිච්චුන තැන් වලට පොර බෙහෙත් කරනවා. රෑ ඉදන් උදේ වෙනකන් දුක් විදලා උදෙත් 10 30 වෙනකන් වගේ දවසක් උගේ බඩේ හිටපු කිබුලව අයින් කරන්න අපි දුක් වින්දා.

පොර හැමදාම වගේ කොන්ඩේ කොටටම කපලා හිටියේ. සමහරවිට උගේ කාමර සගයට තිබුණු ආදරය නිසා වෙන්න ඇති පොර හැමදාම කොන්ඩේ විදිහට කපල හිටියේ.පොර කොච්චර රූමට ආදරේ කරත් පොරට රුමගෙන් ලොකු සැකිල්ලක් නම් ලැබුනේ නැහැ. ගොඩක් වෙලාවට පොර කාර්යබහුල නිසා වෙන එකෙක් තමයි උගේ කෑම එක අරගෙන එන්නේ. අත්තා වෙනස්ම චරිතයක්. වෙලාවකට පොර නිකන් පරිනත වැඩි ගතියක් පෙන්නුවා. උපන්දිනයකට පොරව අනුබව කරත් කිසිම ගානක් නැතිව කාමරේට වෙලා හිටියා. එත් රෙපාගේ උපන්දිනය දවසේ නම් පොර  කේක් කෑවා නෙවෙයි කේක් නෑවා. කොස් පාටියේදී කොස් ගස් නැග්ගෙත් පොර තමයි.කොහොමත් පොර කන්න බොන්න ගියාම   ඉක්මනින්ම උගේ කොටස වෙන් කරගෙන හංගා ගන්නා ගතියක් පොරට තිබුනා. පොර ඉදල හිටලා බෝල පාරක් එහෙම ගහන්නත් ආවා.   පොර අපි ගියපු ට්රිප් එකකට වගේමත් ආවා.කාලයක් ඇග පන්තිත් පොර ගියා.  දන්නා තරමින් පොරට කෙල්ලෙකුත් හිටියා.

ඊළගට ඉන්නේ එරංග. උන්ගේ ගෙවල් ගම්පහ පල්ලෙවෙල.උන්ගේ   දෙමාපියන්  දෙන්නම ගුරුවරු . පොරට අයියා කෙනෙක් හිටියා. පොර  අපේ සබා. පොරට තිබුණු කාර්යබහුලත්වයත් එක්ක අපිත් එක්ක වැඩිපුර ආතල් ගන්න වෙලාවක් තිබුනේ නැහැ.   ශාලිතලා ගෙදර ඉදන්  සුපුනගේ ෆෝන් එක කඩපු එක පොර කරපු ලොකුම වරදක්. උගේ එක ගස් බැදීම සිද්ද උනෙත් ශාලිතලා ගෙදර ඉදන්මයි. අහවල් නාට්යයේදී පිනා චරිතයට පන පෙව්වේත් පොර තමයි. අහවල්  මීටින් වලදී දෙනගමයා කියල නම් හදාගත්තෙත් පොර තමයි. පොරට පැවරිලා තිබුණු වැඩ රාජකාරී එක්ක ඇත්තෙන්ම අපිත් එක්ක ඉන්න වෙලාවක් තිබුනෙම නැහැ. පොරට එනකොට නම් කෙල්ලෙක් හිටියේ නැහැ එත් කැම්පස් ඉන්න කාලේ පිටින් කෙල්ලෙක් පොරට සෙට් උනා.

කැම්පස් එක කියන්නේ මතක ගොන්නක්. ඇත්තෙන්ම ජීවිතේට අමතක කරන්න බැරි අත්දැකීමක්.ආයෙත් කවදාවත් ගන්නත් බැරි වෙන අත්දැකීමක්. අත්දැකීම් මතකයන් ඔස්සේ චරිත මහා ගොඩක් හම්බ උනා. චරිත අතුරින් චරිත කිහිපයක් ගැන මෙහෙම ලිව්වා. නොලියපු චරිතත් ගොඩක් තියෙනවා. නොලියපු මතකත් ගොඩක් තියෙනවා. ගත්ත දේවල් මෙහෙමයි කියල පැහැදිලි කරන්නත් බැහැ. හොදම දේ අත් දැකීම ගන්න එක.

මේ කතාව අවුරුද්දක් විතර ඇදුනා. තිබුණු කාර්යබහුලත්වය, කම්මැලිකම වගේ හේතු කරාන නිසා මෙච්චර කාලයක් ගියා.ඔය කියපු හැම කතාවකම වගේ අපේ තරිඳු අය්යත් හිටියා. එයාව මතක් කරේ නැති නම් මන් මතකයන් වලට බොරුවක් කරා වෙනවා. කොහොමහරි මේක ඉවර කර ගන්න පුළුවන් උන එකත් ලොකු දෙයක්.මේ ටික ලියා ගන්න වචනයකින් හරි උදව් කරපු ඔක්කොටම බොහොම තුති. මෙච්චර කල් බ්ලොග් එක අරන් ගිය පැත්තෙන් වෙනත් පැත්තකට අරන් යන්න හිතන් ඉන්නේ. ලංකාවේ හැංගිලා තියෙන ලස්සන තැන් ගැන ලියන්න ඉන්නේ. එහෙනම් ආයෙත් දවසක හම්බ වෙමු. එතෙක් ඔබටත් මටත් ජය.

සලිත.
2020-05-15
10 00

6 comments:

  1. ❤️❤️❤️❤️❤️👌👌👌👌

    ReplyDelete
  2. +++++++++++++++ මුල ඉදලම බලන්න ඕනි.අදයි මෙහාට ගොඩ වුනේ. ලස්සනයි ලියවිල්ල.ජය

    ReplyDelete